දෙහිවල,කඩවත මාර්ගයේ පැරකුම් මාවත අසලදී රියදුරා විසින් අපරික්ෂාකාරීව ධාවනය කල මෝටර් රථයක් මාර්ගයේ වම්පස ඇති බැම්මමතින් ගමන් කිරීමේදී එහි රෝදයක හුලං යෑමත් සමග රියදුරා නොනවත්වා ධාවනය කරන අතරතුර, පිටුපසින් පැමිනි යතුරුපැදියේ සිටි පුද්ගලයකු විසින් එය මෝටර් රථ රියදුරාට පහදා දීමට යෑමේදී, මෝටර් රථ රියදුරා එය වැරදි ලෙස තේරුම් ගෙන යතුරුපැදිකරුව(59) හප්පා ඝාතනය කිරීමේ අවාසනාවන්ත සිදුවීමන් අද(21) උදෑසන වාර්තා වනවා.
මෝටර් රථ රියදුරා විසින් යතුරුපැදිකරුව දෙපාරක් මෙසේ හප්පා ඇති අතර තුන්වන වර නැවත එසේ කිරීමට යෑමේදී මාර්ගයේ පෙරලීගොස් තිබූ බව වාර්තා වනවා. ඇසින් දුටු පිරිස හා ඒ අවට සිටි පිරිස පවසන්නේ මෝටර් රථ රියදුරා යම්කිසි මත්ද්රව්යක් පාවිච්චිකර සිටින්නට ඇති බවයි.
ඔවුන් යතුරුපැදිකරුව වහා රෝහලකට යොමු කරත් ඔහු අවාසනාවන්ත ලෙස මෙලෙව හැරගොස් තිබූ බව වාර්තා වනවා.