මට තියෙන ප්‍රශ්නෙ ඇයි බන් එහෙම උණේ? ඒක ඇත්තට ම වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි නෙ. ඇයි එහෙම උණේ?
වෙන්න පුලුවන් බන්. ඔය පෘෂ්ට 4ම සමපාත වෙන්ව. එතකොට ඔය පෘෂ්ට වල ගැන තීන්ත ටිකවත් දාන්න බැරි පරිමාවක් එන්නේ. පෘෂ්ට වර්ගපලය වෙනසක් වෙන්නේ නෑ . උබ ඕක ප්‍රයෝගිකව හදන්න යන එකෙයි අවුල්.
------ Post added on Jun 1, 2021 at 11:02 AM
පොඩි ප්‍රායෝගික උත්තරයක් මතක් උනා
@timetraveler1921 අපිට කවදාවත් වර්ගපලයක් තීන්ත ගාන්න බැහැ.. ගාන්න පුලුවන් පරිමාවක් විතරයි...(තීන්ත තට්ටුවට ගනකමක් තියෙනවා).. එතකොට දැන් උබ ඔය භාජනේ හදලා උබට ප්‍රශ්නේ ඕකට තීන්ත පුරවද්දි මුලු වර්ගපලේම ගෑවෙනවා කියන එකනේ.. ඒකට හේතුව අනන්තෙට යන්න යන්න ගෑවෙන ගනකම අඩුවෙන එක... අනන්තයේදී ඕකෙ තීන්ත ගැවෙන ගනකම 0.00000000...... ගානක්.. ඒ කියන්නේ දල වශයෙන් 0 ම තමා... ඒකයි පුරවන්න පුලුවන් පරිමාවක් තියෙන්නේ... හැබැයි අනන්තයේදී වර්ගපලේ තීන්ත ගෑවිලා නැතිම වගේ... dilann කිව්වා වගේ ඕක ප්‍රායෝගිකව හදන්න බැහැ ඒකයි අවුල....
හරියට උබේ බැංකු එකවුන්ට් එකේ සල්ලි තියෙනවා99.98765432...... වගේ,,, ඕක දෙන්න බැරි නිසා බැංකුවෙන් උබට 100ක් දෙනව.. ඒත් උබේ ඇත්ත ගාන ඕක.. එතකොට ඔය උබට වැඩියෙන් හම්බුන ටික තව කාගෙන් හරි කැපෙනවා...
100/3 කියන්නෙත් ඕකමයි... 33.3333...... බෙදන්න බැරි නිසා කාටහරි 33.34ක් හම්බෙනවා