කැලණි පාලමේ ඇණ කතාව බොරු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කැලණි පාලමේ ඇණ ගැලවීමක් සිදුවී නැතැයි ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19)පැවසීය.

    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය.

    කැලණි පාලමේ ඇණ ගැලවූයේ යැයි කියන කතාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක්. පාලමේ ඇඳි වල
    බට සොරකම් කරල තියෙනවා. වැසි ජලය ප්‍රවාහනය කරන පී.වී.සී බට හොරකම් කරල තියෙනවා. නව කැළණි පාලමේ සන්නිවේදන ගොඩනැගිල්ලේ තොරතුරු පද්ධතියේ ආරක්ෂාවට යොදවා තිබූ වායු සමීකරණ යන්ත්‍රවල බාහිර සවිකර තිබූ කොටස් සොරකම් කරල තියෙනවා. පාලමේ දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් ටික සොරකම් කරල තියනවා.

    ජී.අයි බට සොරකම් කිරීමෙන් ලක්ෂ 40 ක පාඩුවක් සිද්ධ වෙලා. වායු සමීකරණ යන්ත්‍ර කොටස් සොරකම් කිරීමෙන් මිලියන 0.5 ක පාඩුවක් සිද්ධ වෙලා. දර්ශනීය ආලෝක රටා මවන විදුලි පහන් සොරකම් කිරීමෙන් ලක්ෂ 10 ක පාඩුවක් සිද්ද වෙලා තියෙනවා. මුළු අලාභය ලක්ෂ හැටයි. නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ. ඒ අණ ගලවන්න බෑ.ඇණ ගලවන වානම් විශේෂිත උපකරණ ඒ ඉංජිනේරු සමාගම විසින් ගේන්න ඕන. එහෙම නැත්නම් පාලම අනතුරට ලක් වෙනවා. මේක නිකං ඇණගන්න ප්‍රකාශයක්.


    https://elakiri.com/threads/සිංහලයිනි-නැගිටියව්-කැලණි-පාලම-බෙරගනිව්.2113180/
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇනයක් කෝටියක් කියල ගිණුම් තියලා තිබ්බොත් ඇන 28ක් ගලවලා තිබ්බොත් කෝටී 28ක්. ඔහොම වෙන්න බැරිද කෝටි 28ක් උනේ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මොනවද අයිසේ මේ කියන්නෙ. තොපේ පොන්න පාන්ඩුවටම ට්‍රැක්ද @2osama
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    ඇනයක් කෝටියක් කියල ගිණුම් තියලා තිබ්බොත් ඇන 28ක් ගලවලා තිබ්බොත් කෝටී 28ක්. ඔහොම වෙන්න බැරිද කෝටි 28ක් උනේ?
    Diamond walin hadapu Nut & Bolt da daala thibilia thiyenne? :baffled: :baffled:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇනයක් කෝටියක් කියල ගිණුම් තියලා තිබ්බොත් ඇන 28ක් ගලවලා තිබ්බොත් කෝටී 28ක්. ඔහොම වෙන්න බැරිද කෝටි 28ක් උනේ?
    මහින්දානන්ද මහත්තයා එහෙම ගිනුම් තියලා තමයි කෝටිපතියෙක් උනේ. කමක් නෑ එතුමා නාවලපිටිය සංවර්ධනය කරානෙ මාර විදිහට.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,953
    1
    60,995
    113
    Mother Earth
    මේ රට හදන්න බෑ
    රටේ උන් රටට ආදරයක් නෑ
    හොරකමට හරි නීතියක් ගේනකන් රට හැදෙන්නෙ නෑ. හොරකමක් අහු වුණොත් ප්‍රසිද්ධ කරන්න ඕන නම් ගම් සහිතව. පස්සෙ ඒ හොරකම වගේ දෙගුණයක් දඩ ගැසිය යුතුයි.
     
    • Like
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    හොරකමට හරි නීතියක් ගේනකන් රට හැදෙන්නෙ නෑ. හොරකමක් අහු වුණොත් ප්‍රසිද්ධ කරන්න ඕන නම් ගම් සහිතව. පස්සෙ ඒ හොරකම වගේ දෙගුණයක් දඩ ගැසිය යුතුයි.
    ඒත් මේ රට හදන්න බෑ ජාති ආලය නෑ . සීමිත සම්පත් ඇති දූපත් වල ලක්ශණයක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පට්ට හොර වෙස බන්දුල පාරක් දෙන්න හැදුවේ, වැඩේ හරි ගියේ නෑ.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,923
    113
    Colombo
    කැළණි පාලම චිත්‍රපටියේ ජවනිකා පෙලගැස්ම එන්න ඕන කියලා මම හිතන ඕඩර් එක
    1. කෝටි විසි අටක ඇණ ගලවන් ගිහිල්ලත් පාලම තාම කෙලින්නන් මුලින් හොයන්න ඕන කෝටි 28 ක වැඩිපුර ඇණ දැම්ම හොරා කවුද කියලා.
    2. කෝටි විසි අටක ඇණ ගලවන් ගියාට පස්සෙ ඊලඟට ඉමීඩියට් වාසිය එන එකා තමයි ඊලඟ හොරා.
    😁

    3. කෝටි විසි අටක ඇණ ගලවන් යනකන් බලන් හිටපු එකා තමා මෙතන්ට එන්නේ.
    4. කෝටි විසි අටයි කියලා ගාන බලපු එකා ගැනත් හොයන්න ඕන. ඌ ගැනත් මට සැකයි.
    5. කෝටි විසි අටක බඩු ගත්ක එවුන් ඉන්න එපැයි.. උන් ඊලඟට.
    6. කෝටි විසි අටක බඩු විකුණලා ගන්න සල්ලි වලට කුඩු අඩුමතරමේ කෝටි දෙකකවත් විකිනෙන්න එපැයි. ඇයි හත්වලාමේ කෝටි දෙකක කුඩු ගෙනාපු එකා ඊලඟට.
    7. කෝටි දෙකක රීටෙල් ප්‍රයිස් එකට කුඩු දෙන්නනන් මහා පරිමාණෙන් කුඩු ⁣එන්න එපැයි. ධුරාවලියේ උඩ ඉන්න කුඩු මුදලාලිලා ?
    8. වෙලාව තිබ්බොත් විතරක් කුඩ්ඩො ටික.
     
    • Love
    Reactions: Kalegana

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    CjwI7Sd.gif


    ඇණ ගලවලා කිව්වෙත් එයාල
    ඇණ ගලවනලා නැහැ කියන්නෙත් එයාලා
    එයාලා කියනවා අපි අහනවා...
     

    Similar threads