ඔන්න මල් දෙවැටෙන් අද කියලා දෙන්න යන්නේ උපදේශාත්මක කතාවක්. මේක ටිකක් විතර අමුතු කතාවක්. ඒත් කියවලාම බලන්නකෝ. සමහරු නම් මේ කතාව අහලත් ඇති.
ඔන්න එක පොඩි ළමයෙක් හිටියලු ගොඩක් කේන්ති යන. මේ ළමයාට කොච්චර අවවාද කළත් එයා ඒ කේන්තිය නැති කරගන්න උත්සහා කළේ නෑ. ඔන්න මේ ගැන කල්පනා කරපු ඒ ළමයාගේ තාත්තා මෙහෙම දෙයක් කළා.
මේ පියා ඒ ළමයාට ඇණ බාල්දියක් දීලා මෙහෙම අවවාදයක් දුන්නා. "ඔයාට කේන්ති යන හැම අවස්ථාවකම මිටියක් අරන් මේ වැටට ඇණයක් ගහන්න." ඔන්න ඕක තමයි අවවාදය.
ඔන්න මුල්ම දවසේ මේ ළමයා වැටට ඇණ 37 ක් ගහලා තිබුණා. ඔහොම යනකොට ඊළඟ සති දෙකේ ඔහු කේන්තිය ටිකක් පාලනය කරගෙන තිබූණා. ඔහොම් ටිකෙන් ටික ඔහු තමන්ගේ කේන්තිය පාලනය කරගත්තා. මෙහෙම කරනකොට ඔහුට තේරුණා වැටට ඇණ ගහනවට වඩා තමන්ගේ කේන්තිය පාලනය කරගන්න එක ලේසියි කියලා
ඔහොම කාලය ගත වෙනකොට ඔහුට තේරුණා ඔහුට තවදුරටත් ඉක්මනින් කේන්ති නොයන බව. මේ බව ඔහු තම පියාට සතුටින් කිව්වා. ඉතින් මේ තාත්තා ඔහුට තවත් අවවාදයක් දුන්නා. ඒ තමයි මේ ළමයා කේන්තිය පාලනය කරගන්න හැම දවසකටම එක ඇණය බැගින් ගලවන්න කියන එක.
ඔහොම ටික දවසක් යන්කොට ඔහුට පුලුවන් උනා මේ වැටේ ඔහු කේන්තියෙන් ගහපු හැම ඇණයක්ම ගලවලා දාන්න. මේ බව ඔහු තම පියාට සැල කළා. පියා ඒ ගැන ගොඩක් සතුටු උනා. ඒ සමගම මෙහෙම දයක් කිව්වා.
"පුතා මට ඔයා ගැන ආඩම්බරයි. ඒත් පුතා වැටේ තියෙන සිදුරු ටික බලන්න. මේ වැට කවදාවත් ආයෙත් තිබුණ තත්වෙට එන්නෙ නෑ. ඒ වගේ තමයි ඔයා කේන්තියෙන් මොකක් හරි දෙයක් කිව්වම අනිත් අයගේ හිත් වලත් මේ වගේ සිදුරු ඇති වෙනවා. ඔයාට පුලුවන් කාට හරි පිහියෙන් ඇණලා සමාව ඉල්ලන්න. ඒත් ඒ තුවාලේ පැල්ලම ජීවිත කාලෙටම තියෙනවා."
මෙන්න මේ වගේ අපි වචනෙන් කරන තුවාලයක් සමහර විට ශාරීරික තුවාලයකට වඩා වේදනා දෙන්න පුලුවන්. ඒ නිසා අපේ මල් දෙවැටේ යාලුවෝ හිතට ගන්න ඕන දෙයක් තමයි තමන්ගේ වචන භාවිතයේදී අන් අයගේ හිත නොරිදන් විදිහට වචන පාවිච්චි කළ යුතු බව.
කේන්තිය හා වැටට ගැසූ ඇණය
Mekath balanna machan.
http://maldevata.blogspot.com/2011/02/blog-post_07.html

good one bro..
+++
jeewithayata honda paadamak...
rep+5

ඔන්න පිටිසර ගමක හිටියාලු සිල්වත් මනුස්සයෙක් මිනිහා බොහොම දැහෙමෙන් ජිවත් උන මනුස්සයෙක් මෙ මනුස්සයාට හිටියාලු මෙලො සසරක් අහන්නෙ නැති ගොබ්බ පුතෙක්
මිනිහාගෙ වැඩෙම වැරදි වඩ කරන එකලු මිනිසුන්ට කරදර වැරදි වැඩ කරන එකමලුපොර ගෙ වැඩෙ තාත්තාත් හදන්න බැලුවාලු පොරව නමුත් මු හැදෙන්නෙම නැලුඑ ගමන් මෙයාගෙ තාත්තා මෙයාට අඩ ගහලා ගහක් ලගට එක්කන් ගිහින් කිවුවාලු උබ කරන වැරදි වැඩක් ගානෙ
මෙ ගහෙ ඇනයක් ගහන්න කියලා ඉතින් මෙ පුතාත් අසමජ්ජාති වැඩක් කරලා ඇවිත් ඇනයක් ගහනවලු ගහෙඔහොම ඉන්න කොට මෙ තාත්තා මැරුනාලු
ඔන්න එතකොට
පුතාට මතක් උනාලු තමන් කරපු වැඩ ගැන ඉට පස්සෙ ගිහින් බැලුවාලු අර ගහ දිහා මුලු ගහෙම
ඇනලු පස්සෙ මිනිහා හිතා ගත්තාලු මම කරන හොද වැඩක් ගානෙ ගහෙ ඇන ටික ගලවනවා කියලා පස්සෙ හොද වැඩක් කරනවා ඇනයක් ගලවනවා ඔහොම ගිහින් ගහෙ ඔක්කොම ඇන ටික
ගැලෙවුවාලු අන්තිමට කොහොම හරි ගහෙ ඇන ගහපු තැන් වල කැලල් ඉතුරු උනාලු
*ගත යුත්ත මෙ කතාවෙන්
මෙ වගෙ අපි කොයිතරම් වරදි වැඩක් කරලා එක හදා ගත්තත් එකෙ කැලල් ඉතුරු වෙනවා එ නිසා වැරදි වැඩ කිරිමෙන් වලකිමු
මෙ කතාව රජ කාලෙ කතාවක් මලි කතාවෙ ගියා මම අලුත් කරලා ලිවුවා![]()




තාත්තටයි පුතාටයි දෙන්නටම පිස්සු5+
thanks 
තැන්ක්ස් මචන්![]()

