කැල්කියුලස් මහාචාර්යතුමාගේ කතාව!

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කැල්කියුලස් මහාචාර්යතුමාගේ කතාව!

    ඉහල අහසද ගැඹුරු ජලයද ජයගත් සැබැ මහාචාර්ය කැල්කියුලස්!

    ටින් ටින් කතා මාලාවේ මහාචාර්ය කැල්කියුලස් ඔබ හොදින්ම හඳුනන චරිතයක් බව නිසැකයි. ටින්ටින් ගේ හොදම මිතුරෙක් වන කැල්කියුලස් විෂය ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමාණිකයෙකි. මදක් බිහිරි ය. නමුදු ඔහු අතින් එලිදුටු නව නිපැයුම් බොහෝය.මහචාර්ය කැල්කියුලස් චරිතයට පාදක වූ සත්‍ය පුද්ගලයකු සිටින්නට ඇතැයි ඔබට කවදා හෝ සිති ඇත්ද?

    ටින් ටින් කතා මාලාවට ප්‍රාණ වායුව ලබාදුන් හර්ජ් (ජෝර්ජ් රෙමි) වරක් නියුමා සේඩල් නම් ප්‍රංශ වාර්තාකරු සමග පැවැති සම්මුඛ සාකච්ඡාවේදි මෙසේ පවසා ඇත.

    කැල්කියුලස් කියන්නේ කුඩා කරන ලද පිකාර්ඩ්!.පිකාර්ඩ් සැහෙන්න උසයි.දිග බෙල්ලක් තියනවා.මම පිකාර්ඩ් ව කුඩා ප්‍රමාණයේ කැල්කියුලස් කලා.නැත්තම් මට වෙන්නේ කාටුන් එකේ රාමුව ලොකු කරන්න... පිකාර්ඩ්ව නෙත ගැටෙන්නේ බ්‍රසල්ස් වල විදියකදි. අධ්‍යාපන වැඩකට ඔහු ස්විස් ඉදන් ඇවිත් තිබුනේ. දුටු සැනින් ඔහුගේ රුව සිතේ ඇදුනා.

    හර්ජ් ගේ සිතේ ඇඳීගිය, පිකාර්ඩ් සොයා යමු!

    ඔගස්ට් පිකාර්ඩ් (ක්‍රි.ව 1884 - 1962)

    ස්විට්සර්ලන්තයේ උපත ලද පිකාර්ඩ්, භෞතික විද්‍යාඥයෙකු නවනිපැයුම්කරුවෙකු මෙන්ම ගවේෂකයෙකු ලෙසද ප්‍රකටය.කුඩා කල සිටම විද්‍යා විෂය පිලිබද තදබල ආසාවකින් පසුවු පිකාර්ඩ් ස්විස් තාක්ෂණ ආයතනයට ඇතුලත් වූ අතර පසුකාලිනව භෞතිකවිද්‍යා මහාචාර්යවරයෙකු බවට පත්විය.

    මහාචාර්ය පිකාර්ඩ් දායකත්වය දැක්වූ ඉහල අහසේ හා ගැඹුරු ජලයේ සිදුකරන ලද වර්තාගත පරික්ෂණ රැසකි. කාටුන් ලොව තුල මහාචාර්ය කැල්කියුලස් ද සද තරණය කිරිමට රොකට් යානාද රෙඩ් රැකම් ගේ නිධානය සොයා යන්නට මෝරෙකුගේ හැඩැති සබ්මැරින ද නිපදවූ බව ඔබට මතක ඇති.

    ඉහල අහස ගවේෂණයට නොනිමි කුතුහලයෙන් පෙළුණු පිකාර්ඩ්, බැලුමකට අමුණා ඉතා ඉහල උසකට යා හැකි ගෝලාකාර ඇලුමිනියම් කුටීරයක් සෑදිමට සැලසුම් කලේය. විද්‍යා අරමුදලේද ආධාරයෙන් තම ගොන්ඩෝලාව සාදාගැනිමට ඔහු සමත් විය.

    ක්‍රි.ව 1931 මැයි 27 දිනය තීරණාත්මකයි!

    ජර්මනියේ අවුග්ස්බර්ග් හීදි පිකාර්ඩ් හා පෝල් කිප්ෆර් හීලියම් බැලුමක් ඇමිණු ඇලුමිනියම් ගොන්ඩෝලාවට නැගුණේය. පොළවෙන් නික්මුණු බැලූනය කෙමෙන් කෙමෙන් ඉහලට නැගෙන්නට විය. පැය කිහිපයකින් ඔවුන් වාර්තාගත මීටර් 15,781 ක උස් සීමාවකට ලගාවිය. මෙම ගමනේදි ඉහල වායුගෝලය පිලිබදව විවිධ දත්ත හා කොස්මික් කිරණ වල බලපෑම ගණනයට හැකියාව ලැබිණ.

    විද්‍යාප්‍රබන්ධ අතික්‍රමණය කරන මෙම ගමන ගැන පසුකාලිනව පිකාර්ඩ් විසින් සටහන් තබා ඇත. බැලූනය ඉහලට යත්ම ඇලුමිනියම් කුටිරයේ විවිධ ස්ථාන කාන්දුවීම් පෙන්නුම්කර ඇති අතර ඒවා වැස්ලීන් හා කපු රෙදි මගින් වසාදමා ඇත. නිරික්ෂණ අවසන් කර නැවත පෘතුවියට පැමිණිමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. ඔක්සිජන් ප්‍රමාණයද කෙමෙන් අවසන් වෙමින් යන අවස්ථාවේදි ඔවුන් ව අහසේ නිදැල්ලේ පාවි ගොස් ඇත. සැදැ කාලය එලැබෙත්ම බැලූනයේ වායු සිසිල් වීමෙන් බැලුම ක්‍රමයෙන් හැකිලිමට පටන්ගැනිම නිසා ඔස්ට්‍රියාවේ අයිස්කදු පෙදෙසකට ගොඩබා ඇත.

    තමා වාර්තා නැවත නැවතත් අලුත් කරමින් ඉහල අහසට නැවත නැවතත් නැගුණු පිකාර්ඩ් තම උපරිමය ලෙස මීටර් 23000ක උසක් තරණය කර ඇත. සැතපුම් 10කට ඉහලින් පෘථිවිය දුටු පලමුවැන්නා වන්නේද, අපරිවර්තීගේලය නිරුපද්‍රිතව තරණය කල පලමුවැන්නා වන්නේද පිකාර්ඩ් ය.

    කාලයත් සමග අංශක 180ක හැරවුමක් සටහන් කරන පිකාර්ඩ් ගැඹුරු මුහුද ගවේෂණය කිරීමට තම ආශාවන් විකරණය කලේය. ඔහු විසින් ඉතා ගැඹුරු මුහුද ගවේෂණය කිරිමට සමත් අධික ජල පීඩනයට ඔරොත්තු දිය හැකි bathyscaphe යාත්‍රා සැලසුම් කලේය.

    ගැඹුරු මුහුදු ගවේෂණයේ වැදගත් සංධිස්ථානයක් ලෙස මිනිසා මරියානා ආගාධයේ චැලෙන්ජර් ඩීප් වෙත ලගාවිම සැලකිය හැක. සද ට පා තැබීමට නොදෙවෙනි මෙම ක්‍රියාන්තය සදහා සහභාගි වූයේ ඔගස්ට් පිකාර්ඩ් ගේ පුත්‍රයා වන ජැක් පිකාර්ඩ් බව ඔබ දන්නවාද?

    ඔගස්ට් පිකාර්ඩ් සැලසුම් කල Trieste යාත්‍රාව ආධාරයෙන් ඇමරිකානු නාවික හමුදා අධීක්ෂණයෙන් ක්‍රි.ව 1960 ජනවාරි 23 දින ජැක් පිකාර්ඩ් හා ඩොන් වොල්ෂ් මරියානා තරණයට මුලපීරිය. ක්‍රමයෙන් යාත්‍රාව සාගරය තුලට ගමන් කරත්ම ඔවුන් හමුවේ අවධානමද ඒ හා සමානවමව වැඩි වන්නට විය. විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකිරිමට ඔවුන්ට අවැසි නොවු අතර මිනිසාට මෙතරම් ගැඹුරකට යා හැකි බව පෙන්වීම පමණක් අවැසි විය. ජල පීඩනය හමුවේ යාත්‍රාවේ පිපිරුම් කඩතොලු ඇතිවූ බව පැවසේ. නමුදු නොසැලුණු ඔවුන් අවසානයේ අඩි 35800ක සාගර පත්ලට ලගාවීය.

    එතෙක් සාගර විද්‍යාඥයන් සිතා සිටියේ මෙතරම් ගැඹුරින් මත්සයන්ට ජිවත්විය නොහැකි බවයි. නමුදු පීකාර්ඩ් හා සගයා පෙර කිසිදා නොදුටු පැතැලි මාලුන් හා ඉස්සන් වර්ග සාගර පත්ලෙන් නිරික්ෂනය කලේය.මෙම නිරික්ෂණ විද්‍යා ලෝකයේ ගිනි ඇවිළූ පිදුරු මෙනි. මිනිත්තු 20ක් පමණ සාගර පත්ලේ රැදි සිටි ඔවුන් නැවතත් නිරුපද්‍රිතවට මතුපිටට ලගාවිය.

    ඉහල අහස මෙන්ම ගැඹුරු ජලයේද වාර්තා පිහිටුවිමට දායක වූ මහාචාර්ය ඔගස්ට් පිකාර්ඩ් ක්‍රි.ව 1962 මාර්තු 24 වැනි දින හෘදයාබාධයක් හේතුවෙන් සදහාටම දෙනෙත් පියාගත්තේය.

    - Roshin Fernando

    බ්ලොග් සටහන - https://bit.ly/2MGYiAJ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,135
    3,990
    113
    "Herge" කියන එක කියවන්නේ "එර්යේ" කියල. එර්ජේ, එර්යේ කියන දෙක මැද තමයි ජී(G) අකුරේ ශබ්දය.:)
     
    • Like
    Reactions: Dhanushka.N

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    17_6_big.jpg