කැල්කියුලේටරයක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    පාසල් වියේ සිට මිය යන තෙක්ම ගණිත කර්ම සදහා භාවිතා අප භාවිතා කරන කැල්කියුලේටරයේ ඇති MR, MC, M+, M- යන බොත්තම් හතර ඔබට මතකද? වසර ගණනාවක් පුරාවට ගණිත ගැටළු විසදීම සදහා කැල්කියුලේටරය භාවිතා කලත් ඔබ කී වරක් මෙම බොත්තම් හතර භාවිතා කර ඇතිද?ඔබේ පිලිතුර එක්වරක්වත් නෑ යන්න නම් එය පුදුමයට කරුණක් නොවේ.
    ඇත්ත වශයෙන්ම මේ අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන මොනවාද?
    සංකීර්ණ ගණිත සමීකරණ අඩු පියවර ගණනකින් සිදු කිරීම සදහා මෙම බොත්තම් හරත ඇති අතර ඒවායේ නම් සෑදී ඇත්තේ මෙසේයි.
    MR : Memory Recall (කැල්කියුලේටරයේ මතකයේ ඇති අගය ආපසු ලබා ගැනීමට)
    MC : Memory Clear(කැල්කියුලේටරයේ මතකය ශූන්‍ය කිරීමට)
    M+ : Memory Add (සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයට එකතු කිරීමට)
    M- : Memory Subtract(සුළු කිරීමකින් ලැබෙන පිලිතුර කැල්කියුලේටරයේ මතකයෙන් අඩු කිරීමට)
    උදාහරණයක් ලෙස පහත සමීකරණය සලකමු.
    1645848789779.png

    (123 x 3) + (55 - 24) + (10^2) - (7 x
    😎
    = ???
    විද්‍යාත්මක කැල්කියුලේටරයක් (Scientific Calculator) නොවන සාමාන්‍ය කැල්කියුලේටරයකින් මෙවැනි සුළු කිරීමක් සිදු කිරීමට නම් ඔබට පියවර ගණනාවක් අවශ්‍ය වන නමුත් MR, MC, M+, M- යන බොත්තම් භාවිතා කිරීමෙන් සාමාන්‍ය කැල්කියුලේටරයකින් පවා ඔබට මෙම සමීකරණය එක් පියවරකින් විසදීම සිදු කල හැකියි.
    ඒ සදහා ප්‍රථමයෙන් (123 x 3) යන සුළු කිරීම සිදු කර M+ බොත්තම එබිය යුතු අතර එවිට 123 x 3 යන සුළු කිරීමේ පිලිතුර වන 369 යන්න කැල්කියුලේටරයේ මතකයේ තැන්පත් වේ.
    ඉන්පසු (55 - 24) යන සුළු කිරීම සිදු කර යලිත් M+ බොත්තම එබිය යුතු අතර එවිට (55 - 24) යන සුළු කිරීමේ පිලිතුර වන 31 යන්න කැල්කියුලේටරයේ මතකයේ ඇති පලමුව සිදු කල සුළු කිරීමේ පිලිතුර වන 369 ට එකතු වේ.
    ඉන්පසු පෙර පරිදිම (10 ^ 2) යන සුළු කිරීම සිදු කර M+බොත්තම එබිය යුතු අතර එවිට 10^2 යන සුළු කිරීමේ පිලිතුර වන 100 යන්න කැල්කියුලේටරයේ මතකයට එකතු වේ.
    අවසාන වශයෙන් (7 x
    😎
    යන සුළු කිරීම සිදු කර M-බොත්තම එබිය යුතු අතර එවිට (7 x
    😎
    යන සුළු කිරීමේ පිලිතුර වන 56 කැල්කියුලේටරයේ මතකයේ ඇති අගයෙන් අඩු වේ.
    අවසානයේ කැල්කියුලේටරයේ මතකයේ ගබඩා වී ඇති අවසන් පිලිතුර ලබා ගැනීමට MR යන බොත්තම එබිය යුතු අතර එවිට මුළු සමීකරනයේ අවසන් පිලිතුර වන 444 යන්න කැල්කියුලේටරයේ තිරයේ සටහන් වේ.
    උපුටාගැනීමකි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    අපේ ගෙදර තිබ්බා දෙපැත්තට අරින්න පුලුවන් කැල් එකක්. පට්ට ලොකුයි. ඒකෙ පැත්‍තට අරින පියඑත් තියෙනව බට්න්. නිකන් එම්බෝස් කරලා වගේ. එව්වත් එබෙනව. කීස් 50ක් විතර තිබ්බ.

    මේ තියෙන්නෙ බඩු.


    ------ Post added on Feb 26, 2022 at 10:21 AM