කැස්බෑවාගේ කැපුණු ගාතයට ගාල්ලේ දී ප්‍රති

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කැස්බෑවාගේ කැපුණු ගාතයට ගාල්ලේ දී ප්‍රති

    ඉදිරිපස ගාතයක් වෙන්වන තරමට කැපී තිබූ බටු කැස්බෑවකු සුවපත් කිරීමට ගාල්ලේ මහමෝදර තරුණයෝ පිරිසක් කටයුතු කළහ.

    පසුගිය දිනක ගාල්ල නගරය ආසන්න වෙරළට පැමිණ සිටි මේ කැස්බෑවා ඇවිදිමට හෝ පිහිනීමට නොහැකිව සිටින බව දුටු තරුණයෝ ඒ බව වනජීවී දෙපාර්තමේන්තුවට දැන්වූහ. වනජීවී දෙපාර්තමේන්තුවේ හික්කඩුව වනෝද්‍යානයේ කාර්ය මණ්ඩලය ගාල්ලට පැමිණ කැසැබෑවා පරීක්ෂා කර මහමෝදර කැස්බෑ සුරැකීමේ සංවිධානයට එම කැස්බෑවා බාර කරන ලද්දේ ඔවුන් විසින් පවත්වාගෙන යන කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ ටැංකියක දමා කැස්බෑවා ආරක්ෂා කරන ලෙස දන්වමිනි.

    IMG_5585.jpg


    IMG_5588.jpg


    IMG_5635.jpg


    කැස්බෑවාගේ කැපී තිබූ ඉදිරිපස ගාත්‍රයේ රුධිර සංසරණය වන බවත් අපහසුවෙන් වුව ද කැස්බෑවා එය චලනය කිරීමට උත්සාහ ගන්නා බවත් දුටු තරුණයෝ ඒ බව ගාල්ල හියාරේ පිහිටි වනජීවී සංරක්ෂණ සංගමයට දැනුම් දුන්හ.

    ඒ අනුව පශු වෛද්‍ය අයෝමි දර්ශිකා මෙනවිය පැමිණ තුවාල පිරිසිදු කර මැහුම් යොදා කැසැබෑවාගේ ගාත්‍රය යළි සකස් කළාය. වෛද්‍යවරිය පවසා සිටියේ නයිලෝන් දැලක පැටලී මේ ගාත්‍රය කැපී යන්නට ඇති බවයි. ගාත්‍රයට කරනු ලැබූ ප්‍රතිකාර වලින් පසුව කැසැබෑවා තම ගාත්‍රය චලනය කළ ද එය තවමත් ඉදිමී පවතින බව තරුණයෝ කියති. මේ ප්‍රතිකාර සාර්ථක නොවන්නේ නම් ගාත්‍රය කපා ඉවත්කිරීමට සිදුවනු ඇතැයි ද ඇය පවසයි.

    මහමෝදර කැස්බෑවුන් සුරැකීමේ මධ්‍යස්ථානයේ සභාපති එච්.එල්.ඩී.ප්‍රසාද් නිලංග හා ධනුෂ්ක වෙරළවිතාන මහත්වරු තම මධ්‍යස්ථානයේ ටැංකියක කැස්බෑවා දමා කන්න දෙමින් රැකබලා ගනිති.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    කැස්බවගේ 5 වෙනි කකුල දැකල තියෙනවද වැරදිලාවත් google කරන්ට එහෙම එපා රෑට නින්දයන්නේ නැති වෙයි.:no:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ගේ කුරුල්ලාගේ තවත් ගූ පුවත්තුවක් :lol: