කැස්සට එළබටු තිබ්බටු

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    කැස්සට එළබටු තිබ්බටු

    Ela-batu.jpg


    Tibbatu.jpg

    එළබටු තිබ්බටු කැස්සට හුඟාක් හොඳයි

    කැස්ස ඇතිවීමට විවිධ හේතු බලපානවා.අභ්‍යන්
    තර හේතු ලෙස සඳහන් වන්නේ බෙල්ලේ අභ්‍යන්තර ඉදිමුමක් ඇතිවීම, අපත්‍ය ආහාර ද්‍රව්‍ය ගැනීම, රළු ආහාර ද්‍රව්‍ය ගැනීම, අධික ලෙස වෙහෙස වීම, මළ මුත්‍ර වේග දරා සිටීම, කිවිසුම් වේගය පහ නොකොට දරා සිටීම ආදියයි.

    කැස්ස ඇතිවීමට බලපාන බාහිර හේතු කිහිපයක් ද තිබෙනවා. දුම් වැදීම, දූවිලි වැදීම අසාත්මිකතාව රසායනික ද්‍රව්‍ය ශරීර ගතවීම හා රසායනික ද්‍රව්‍ය අඩංගු වාතය ආශ්වාස කිරීම ආදියයි.

    කැස්ස හිටපු ගමන් හැදෙන රෝගයක් නොවෙයි. කැස්ස හට ගැනීමට පෙර පූර්ව රෝග ලක්ෂණ ප්‍රකට කරනවා. පූර්ව රෝග ලක්ෂණ ලෙස උගුර කැසීම, මුඛය කැසීම, උගුර හිරවීමේ ගතිය, ආහාරපාන හිරවීම දක්වන්න පුළුවන්.

    පූර්ව රෝග ලක්ෂණයන්ට බෙහෙත් කිරීමෙන් කැස්සෙන් වැළකී සිටීමට හැකියි. ඒත් අපි කවුරුවත් කැස්සේ පූර්ව රෝග ලක්ෂණවලට බෙහෙත් කරන්නේ නැහැ. ඒ නිසා කැස්ස රෝගයක් ලෙස ඉක්මනින් වර්ධනය වෙනවා.

    කැස්සේ පූර්ව රෝග ලක්ෂණ සඳහා ඉඟුරු කොත්තමල්ලි තම්බා දීම, ඉඟුරු පෙති සීනි සමඟ විකා කෑම ඉතා ප්‍රතිඵල දායකයි.

    කැස්සේ ප්‍රභේද පහකි.

    සෙම පිට නොවන බොල් කැස්ස වියළි කැස්සකි. ඒ නිසා හඬ තාවකාලිකව අහිමි වී යාම, කටහඬ වෙනස් වීම සිදු වේ. ශරීරයේ වාත කෝප වීම හේතු කොට ගෙන ඇතිවන ඒ තත්ත්වයේදී මද රස්නයෙන් උණු වතුර පානය සූකිරි ටිකක් කෑම ගුණදායකය. ඉන් රෝගය මඳක් සමනය වේ.

    පපුව දැවිල්ල, උණ, කට තිත්ත වීම, සමඟ කහ පැහැයට සෙම පිටවීම අධික පිපාසය ඇතිවන්නේ ශරීරයේ පිත තත්ත්වය වර්ධනය වීම හේතු කොට බව වෛද්‍ය මතයයි. මෙය පිත්තජ කාසය ලෙස නම් කෙරේ.

    කෑම අරුචිය සමඟ හිසරදය, ඔළුව බර ගතිය, ඔක්කාරය, කටට කෙළ උනා ඒම, ශරීරයේ හිරිගඬු පිපීම, කැස්ස ඇතිවිට වේදනාව නොදැනෙන සුදු පැහැ ගන සෙම පිටවීම, සිරුරේ සෙම කෝප වීම හේතුවෙන් ඇතිවේ.

    ශරීරය අධික ලෙස වෙහෙසීම, බර ඉසිලීම, බොහෝ දුර පයින් ඇවිද යාම හේතු කොටගෙන කැස්ස ඇතිවේ. මෙහිදී මුල් කාලයේ සෙම රහිත වියළි කැස්ස ඇතිවුවද පසුව ලේ සමඟ සෙම පිටවීම සිදුවේ.

    ඒ රෝගී තත්ත්වයේදී පපුවේ වේදනාව, ඇඟිලි පුරුක් රිදීම, හතිය, මහන්සි ගතිය, ස්වරභේදය, කසින විට පරවියකු ගේ බඳු හඬක් ඇතිවීම රෝග ලක්ෂණයන්ය.

    දුකින් සිටීම, විසම ආහාර ගැනීම, හේතු කොටගෙන තුන් දොස් කිපි ශරීරයේ ධාතු (පෝෂ කොටස්) ක්ෂය වීමෙන් ද කැස්ස ඇති වේ. මෙහිදී ශරීරයේ සීතල ගතිය, පපුවේ වේදනාව උණ, ශරීරය කෙට්ටු වීම, කකුල් අතපය දුර්වල වීම දැකිය හැකිය.

    කැස්ස සඳහා විශේෂ ප්‍රතිකාර විධි වේ. එක් එක් රෝගියාගේ රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරයා ප්‍රතිකාර නියම කරනු ලබයි.

    වැල්මි, මුද්දරස්පලම්, සීනි, සූකිරි කලං 3 බැගින් ගෙන කුඩුකර තේ හැඳි 1 බැගින් ආඩතෝඩා කොළ තැම්බු වතුරෙන් බීම කැස්සට ගුණදායක වේ. කැස්සට සුළු ප්‍රතිකර්මයක් ලෙස ගම්මිරිස් කුඩු, ගිතෙල් හා මීපැණි, සීනි සමඟ කවලම් කර උගුරේ තබාගෙන සිටීම (ලේහ කිරීම) හොඳ ප්‍රතිකර්මයක් බව වෛද්‍යවරු දක්වති.

    කැස්ස ඇතිවිට ශීත කළ බීම හා ආහාරපාන ගැනීම ද එළකිරි, මීකිරි, ජෙලි, සෝස්, රසකාරක අඩංගු ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු වේ.

    පිපිඤ්ඤා, බණ්ඩක්කා, අන්නාසි, අඹ, අච්චාරු, අවේලාවේ දිය නෑම, ශීතල ජලය භාවිතය, නිදි වැරීම, කැස්සට තදබල ලෙස අහිතකරය. කැස්ස රෝගයක් ලෙස ආයුර්වේදයේ හැඳින්වුවද කැස්සට නිසි ප්‍රතිකාර නොකිරීම හේතුකොට ගෙන ක්ෂය රෝගය ඇදුම වැනි උපද්‍රව තත්ත්වයන් ඇතිවිය හැකිය. කැස්සට නිසි ලෙස බෙහෙත් කිරීමෙන් පෙනහලු රෝග වළක්වා ගත හැකිය.

    කැස්ස ළමයින්ට හටගත්තොත් ඉක්මන් ප්‍රතිකාර ලබාදිය යුතු වේ. කුඩා ළමයින් සඳහා කැස්සට පැණි වර්ග තිබේ. ඒවා භාවිතයෙන් කැස්ස වළක්වා ගැනීම දරුවන් ඇදුම සහ මහන්සිය වැනි තත්ත්වයන්ගෙන් බේරා ගැනීමට උපකාරී වනු ඇත.

    කැස්සට ඉතා ගුණදායක පැණියක් ලෙස ලැගුන් මීපැණි හැඳින්විය හැකිය. වැඩිහිටියන්ට මෙන්ම දරුවන්ට ද ගුණදායි ලැගුන් මීපැණි සදා ගැනීම ඉතා පහසුය. පවනේ වේළා ගත් නිකකොළ ග්ෑම් 100 ක් පත 8 එක (1) පතට සිඳ කසාය කොට ගෙන එයට සීනි ග්‍රෑම් 100 දමා හින්දවා ගන්න. එය සුරක්ෂිතව තබා ගනිමින් අවශ්‍ය වේලාවට තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක් භාවිත කළ හැකිය.

    කාටත් පුරුදු පාවට්ට පස් පංගුව දුම් ඇල්ලීම කැස්සට හොඳ ප්‍රතිකර්මයකි.

    කැස්සට එළබටු, තිබ්බටු, වැල් තිබ්බටු දලු උයා කෑම ඉක්මන් ප්‍රතිඵල දෙයි.

    කැස්ස රෝගයක් වුවත් ඇතැම් රෝගයන්ගේ රෝග ලක්ෂණයක් ලෙස කැස්ස වර්ධනය විය හැකිය. ක්ෂය රෝගය, සෙම්ප්‍රතිශ්‍යා
    ව, පිළිකා රෝග තත්ත්වය ආදියේදී කැස්ස රෝග ලක්ෂණයක් වේ.

    කෙසේ වුවත් කැස්ස නොසලකා සිටිය යුතු රෝගයක් නොවේ. කැස්ස සමඟ ශරීරයේ බර අඩුවීම, ආහාර අරුචිය, උණ, කැස්ස දිගුකල් පැවැතීම වෛද්‍යවරයකු හමුවිය යුතු අවස්ථාවකි.

    දිගුකාලීනව රස ඖෂධ අඩංගු බෙහෙත් වෛද්‍ය උපදෙස්වලින් තොරව භාවිත කිරීම වකුගඩු අක්මාව ආදි ශරීර ඉන්ද්‍රියයන්ට බරපතළ ලෙස හානිකර වේ.

    කැස්සට පැණි ගුණ දේයි. එහෙත් ඔබගේ ශරීර තත්ත්වය අනුව පළපුරුදු වෛද්‍යවරයකු හමුව බෙහෙත් ගැනීම ඊටත් වඩා ගුණදායක වේ. එසේ නොවු කල කැස්ස ඔබේ ශරීරය පීඩාවට පත්කරවා ජීවිතය උදුරා ගැනීමට ද සමත්ය.

    :ටෙක්ලා පද්මිණි කාරියවසම්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබ පට්ට පොස්ට් ගොඩක් දාලා තියනවා රේප් දෙන්නේ පුළුවන් උන ගමන් දෙනවා