කැසිනෝ නැති පැකර්ගේ හෝටලය දුරාචාරය පරදා ස
උපාය මාර්ගික සංවර්ධන පනත් කෙටුම්පත හා මහා පරිමාණ කැසිනෝ ව්‍යාපාර සමග බැඳුණු හෝටල් ව්‍යාපෘතිය ගෙන ඒමට ඉදිරිපත් කළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ඇති වූ විරෝධතාවයත් එම විරෝධතාවයන්ට ඇහුම්කන් දී රජය සූදු ඔට්ටු වලින් තොරව එම හෝටල් ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට ගන්නා ලද තීරණය දුරාචාරයට එරෙහිව සදාචාරය ලැබූ ජයග‍්‍රහණයක් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප‍්‍රකාශ කරති.
උන් වහන්සේ මේ අදහස් පල කලේ අද ජාතික හෙළ උරුමයේ පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්වුණු මාධ්‍ය හමුවකදීය,
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමි, අමාත්‍ය පාඨලී චම්පික රණවක, පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල, ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ යන අය සහභාගී විය.
සූදුවෙන් රටවල් සංවර්ධනය කළ නොහැකි බවද, ආර්ථිකය දියුණු කළ නොහැකි බවද ජන වරමින් ලැබුණු මහින්ද චින්තන ප‍්‍රතිපත්තියට එය සහමුලින් පටහැනි බවත්, මෙම හෝටල් ව්‍යාපෘතියට ආයෝජනය කරන සූදු ව්‍යාපාරකයින් අනාගතයේ මෙම හෝටල් වල කැසිනෝ හෝ සූදු ව්‍යාපාර පටන්ගත හොත් ඊට එරෙහිව ජාතික, සංස්කෘතික බලවේග පෙරටු කොට ගෙන දිවි හිමියෙන් සටන් වදින බවද රතන හිමියන් එහිදී ප‍්‍රකාශ කළේය.
මෙම හෝටල් ව්‍යාපෘතිය තුළින් සූදු ඔට්ටු ඉවත් කිරීමට හැකිවීම රට ලබාගත් ජයග‍්‍රහණයක් බව ප‍්‍රකාශ කළ රතන හිමියන් මහනායක හිමිවරුන්ගේ හඩට ඇහුම්කන් දී කැසිනෝවලට විරුද්ධව හඩනැගූ බලවේගයන්ට ඇහුම්කන් දී මෙම ගැසට් නිවේදනය නිවැරදි කිරීම සැනසිල්ලට කාරණයක් වුවද විජයවර්ධන මාවතේ ඉදිකරන හෝටල් ව්‍යාපෘති සම්බන්ධව විමසිල්ලෙන් සිටින බවද අවධාරණය කරන ලදි.
මෙහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම ගැසට් නිවේදනයේ පසුබිම පිළිබදවත්, ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ තමන් තටයුතු කළ ආකාරය පිළිබදවත් කරුණු පැහැදිලි කළ අතර, රටේ ආර්ථික උපාය මාර්ගයේ බරපතල ගැටළු තිබෙන බවත්, විනෝදාස්වාදය මුල් කරගත් ආර්ථිකයකට රට ගෙන යමින් තිබෙන බවත්, අනාගතයේදී බටහිරින් එල්ල වන ආර්ථික සම්බාධකවලදී එයට මුහුණ දීමට නම් තිරසාර ජාතික ආර්ථිකයක් යහ පාලනයේ අඩිතාලම මත ගොඩනැගිය යුතු බවත් ප‍්‍රකාශ කළ ඇමතිවරයා මෑතකාලීන සිදුවීම් දෙස බැලීමේදී ශී‍්‍ර ලංකාව මත්ද්‍රව්‍ය වල කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඇති බවත් ඊට එරෙහිව සියලූ දෙනා පක්‍ෂ භේදයෙන් තොරව නැගී සිටිය යුතු බවද වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.
කැසිනෝ නැති පැකර්ගේ හෝටලය දුරාචාරය පරදා සදාචාරය ලැබූ ජයක්

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම් – ජතික හෙළ උරුමය
Source: Lanka C News
මාධ්‍ය ලේකම් – ජතික හෙළ උරුමය
Source: Lanka C News

gov says its nothing to do with gov.