කැසිනෝ බද්ද කෝටි පනහයි!

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️කැසිනෝ බද්ද කෝටි පනහක් වෙයි⛔️*

    කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

    මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ පසුගිය අගෝස්තු පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස බදු ඉහළ දමා ඇති බවයි.

    ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බු වැඩි කිරීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කර ඇත.

    1. කැසිනෝ සඳහා මෙතෙක් නොතිබු ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයෙකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීම.

    2.වෙනත් ඔට්ටු සහ සූදු සඳහා අවම වශයෙන් පහත පරිදි බදු වැඩි කර තිබේ.

    * සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා,

    1. රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීම.

    2. පිරිවැටුම මත අය කෙරෙන 10% ක බද්ද අවම වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීම.

    * ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම.

    *සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000ක සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීම.

    මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.

    මීට අමතරව සුරා සහ දුම්කොළ බදු පහත පරිදි වේ.

    * මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අයවේ.

    *දුම්වැටියකින් 85%කට ආසන්න බද්දයක් අය වේ.

    *අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    පොකර් ගහලත් ඉවරයි
    7Kh69Pj.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    ඔය සේරම ගෙවලා ආයෙ ලාභෙනුත් 40% ගෙවනවට වඩා භොඳයි ඔව්වා දාගෙන ඉන්න උන් වෙන රටකට ගිහින් බූරු පොට් එකක් දාන එක.

    රංජිත් සියඹලාපිටිය කියන්නෙ නම් අපේ මිනිස්සු මේකෙන් බේරගන්න ඕන නිසාලු මෙහෙම වැඩි කලේ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඔය සේරම ගෙවලා ආයෙ ලාභෙනුත් 40% ගෙවනවට වඩා භොඳයි ඔව්වා දාගෙන ඉන්න උන් වෙන රටකට ගිහින් බූරු පොට් එකක් දාන එක.

    රංජිත් සියඹලාපිටිය කියන්නෙ නම් අපේ මිනිස්සු මේකෙන් බේරගන්න ඕන නිසාලු මෙහෙම වැඩි කලේ.
    ethuma kiyanawanam aththa wenna one. apita nopenena durak ethumanlata penawa.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,190
    113
    33
    ෆින්ලන්ඩ්
    DP ta tharaha yai...........
    ඌට රජ මගුල් ඇති. අලුතෙන් කවුරුත් එන්නේ නැහැ ෆීල්ඩ් එකට. තියෙන පොඩි ඒවත් වැහෙනවා. මු කවර දාක වත් බදු ගෙවන්නේ ත් නැහැ, ගේවලත් නැහැ.

    උගෙන් බදු අයකරන්න ගියාම පොර කියනවා garment, බැංකු, ෆැක්ටරි ඔක්කොම වහනවා මම. ඉතිං කටයි පුකයි වහං ඉන්න වෙනවා. ඕක පොරම කරපු දෙයක් වෙන්න ඕන.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඌට රජ මගුල් ඇති. අලුතෙන් කවුරුත් එන්නේ නැහැ ෆීල්ඩ් එකට. තියෙන පොඩි ඒවත් වැහෙනවා. මු කවර දාක වත් බදු ගෙවන්නේ ත් නැහැ, ගේවලත් නැහැ.

    උගෙන් බදු අයකරන්න ගියාම පොර කියනවා garment, බැංකු, ෆැක්ටරි ඔක්කොම වහනවා මම. ඉතිං කටයි පුකයි වහං ඉන්න වෙනවා. ඕක පොරම කරපු දෙයක් වෙන්න ඕන.
    අර කැසිනෝ වසන්ත කියන පොරට නම් කෙල වේවි ඒ කියන්නේ..
     
    • Like
    Reactions: NRTG