*
️කැසිනෝ බද්ද කෝටි පනහක් වෙයි
️*
කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සඳහන් කරන්නේ පසුගිය අගෝස්තු පළමුවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙලෙස බදු ඉහළ දමා ඇති බවයි.
ඊට අමතරව මේ දිනවල පහත සඳහන් ඔට්ටු සහ සූදු සඳහා ද බු වැඩි කිරීමේ අරමුණින් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කර ඇත.
1. කැසිනෝ සඳහා මෙතෙක් නොතිබු ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයෙකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීම.
2.වෙනත් ඔට්ටු සහ සූදු සඳහා අවම වශයෙන් පහත පරිදි බදු වැඩි කර තිබේ.
* සජීවි ඔට්ටු මධ්‍යස්ථාන සඳහා,
1. රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩිකිරීම.
2. පිරිවැටුම මත අය කෙරෙන 10% ක බද්ද අවම වශයෙන් 15%ක් දක්වා වැඩි කිරීම.
* ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කිරීම.
*සජීවි නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50,000ක සිට රුපියල් 75,000 දක්වා වැඩි කිරීම.
මේ සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.
මීට අමතරව සුරා සහ දුම්කොළ බදු පහත පරිදි වේ.
* මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් 75%ක බද්දක් අයවේ.
*දුම්වැටියකින් 85%කට ආසන්න බද්දයක් අය වේ.
*අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් 40%ක ආදායම් බද්දක් අය කෙරේ.