කැසිනෝ_වල_වෙන_දෙවල්

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    කැසිනෝ_වල_වෙන_දෙවල්

    kasino1.jpg

    සල්ලි කනෝ - උන් හැදෙනෝ
    පිල්ලි වෙනෝ - මේ කැසිනෝ

    නීතිය බලු වූ බිමේ මාසික ලාභය ලක්‍ෂ 7000 කි...



    අනෝරා වැසි ඇදහැලෙමින් තිබිණි. කොළඹ කුණු පාර දිගේ සෝදාගෙන යන්නේය. බලු බල්ලෙක්‌ නොමැති මඟතොටේ අඳුරු පට ඉරාගෙන අපේ වාහනය විදුලියක්‌ මෙන් ඉදිරියට ඇදෙයි. වෛර්ණ විදුලි බුබුළින් ආලෝකවත් වූ උස්‌ ගොඩනැඟිලි එකිනෙක පසු වේ. අප රැගත් වාහනය කොල්ලුපිටිය ප්‍රදේශයට සේන්දු විය. තවත් ටික දුරක්‌ ඉදිරියට ඇදුණු මෝටර් රථය විදුලි බුබුළින් ඒකාලෝකවත් වූ කිරි පැහැයෙන් දිස්‌න දෙන මන්දිරයක්‌ අසල නතර වූයේය.

    මොර සූරන වැස්‌සට තවමත් විරාමයක්‌ නැත. මොහොතකින් කුඩ දෙකක්‌ ඉහිලා ගත් තරුණයන් දෙදෙනෙක්‌ අපගේ මෝටර් රථය අසලට පැමිණියහ.

    'ගුඩ් ඊවිනින් සර්'

    සුදු ඇඳුමින් සැරසුණු දේහධාරී ඒ තරුණයන් දෙදෙනා ගෞරවාන්විතව අපව පිළිගනිමින් ඒ මන්දිරයේ පිවිසුම් දොරටුව අසලට රැගෙන ගියහ. තවත් එවැනිම පිළිගැනීමේ නිලධාරියකු අපට මන්දිරය තුළට ආරාධනා කරමින් විසල් දොර විවෘත කළේය. අපි රතු පළස මතින් මන්දිරය තුළට පිය නැගුවෙමු. පඩි පේළි තුනක්‌ පහළට බැස ගත් අප නතර වූයේ සුරලොවකය. පෙර කවමදාකවත් මෙවැනි ලොවක පියමන් නොකර අපි විශ්මයෙන් මෙන් ඒ ලොව දෙස විපරම් කළෙමු. සූදුව, සුරාව, ගණිකාව සියල්ලම සම්පූර්ණ 'මාර' ලොවකි. මේ අන් ලොවක්‌ නොව මිහිපිට ඇති කැසිනෝහලකි. දැන් අපි ඒ ලොවෙහි සිරිනරඹමු.


    casino.jpg


    සුරඟනන් බදු ලලනාවෝ අපහට මදහස පාති. සූදු කෙළියට පැමිණි ඇතැම්හු මේස වටා ඇති සැප අසුන්වලට බර දී කාඩ් සෙල්ලම් කරති. අඩනිරුවත් කාන්තාවෝ ඔවුන්ගේ ඇඟ දැවටෙමින් ශරීරය පිරි මදිති. සුදු කමිසවලින් සහ කලු කලිසම්වලින් හැඩ වූ තරුණයෝ සුරාවිත පිර වූ බඳුන් තැබූ බන්දේසි ඔසවාගෙන ඔබ මොබ යති. ටයි කෝට්‌වලින් හැඩ වූ තවත් පිරිස්‌ දෑත් පිටුපසට බැද සක්‌මන් ගමනේ යෙදී සිටිති. විදේශීය කාන්තාවන්ගෙන් මෙන්ම ගනුදෙනුකරුවන්ගෙන් සහ සේවයකන්ගෙන් ඒ ශාලාව පිරී ගොස්‌ය. අපි ඔවුන් අතරින් තව තවත් ඉදිරියට ඇවිද ගියෙමු.

    කැසිනෝ යනු ක්‍ෂණයකින් කෝටිපතියන් කරන, එලෙසින්ම හිඟන්නන් බවට පත් කරන 'මාර' සූදුවකි. මේ කැසිනෝ ගැහිල්ල අප රටට තරමක්‌ නුහුරු සෙල්ලමක්‌ වුවද බටහිර රටවල නම් ජනප්‍රිය ක්‍රීඩාවකි. කැසිනෝ ක්‍රීඩාව ලොවට බිහි කරන්නේ ද ලෝකයේ ලොක්‌කා යෑයි සිතාගෙන සිටින ඇමරිකා එක්‌සත් ජනපදයයි. එනම් එහි 'ලාස්‌ වේගාස්‌' නමැති ප්‍රාන්තයයි. ඒ ප්‍රාන්තවාසීන් බොහොමයක්‌ දෙනා විනෝදකාමීන්ය. සුරාව, සූදුව සේම ගැහැනියත් ඔවුහු විනෝද භාණ්‌ඩයක්‌ බවට පත් කරගෙන සිටියහ. ඒ සමග කාඩ් සෙල්ලමද ඒ ප්‍රාන්තය තුළ බහුලව සිදු කෙරිණි. පසුකාලීනව ඒ කාඩ් සෙල්ලම කැසිනෝ සෙල්ලම බවට පත් විය. මේ එක්‌දහස්‌ නවසිය හතළිස්‌ ගණන්වලට එහාට දිව යන කතාවකි. එලෙසින් ඇරුඹුණු කැසිනෝ කෙළිය දැන් බොහෝ රටවල ව්‍යාප්ත වී තිබේ.

    ලංකාවට කැසිනෝ හඳුන්වාදී ඇත්තේ අසූව දශකයේදීය. ඒ සිංගප්පුරු ජාතික ජෝසිම්ය. ඔහු ලංකාවට පැමිණ මෙරට ව්‍යාපාරිකයන් කිහිපදෙනකුව ද සම්බන්ධ කරගෙන කොළඹ කැසිනෝ ශාලාවක්‌ ආරම්භ කළේය. එවකට පැවති ආණ්‌ඩුවෙන් ඔහුට කිසිදු බලපෑමක්‌ නොවීය. වසර ගණනාවක්‌ කොළඹ පදිංචිව සිටි ජෝසිම් තම කැසිනෝ අණසක කොළොම්තොටේ පතුරවා හැරියේය. එහෙත් රජය සමඟ තිබුණු බැඳීම් බිඳී යැමත් සමග ඔහුව මෙරටින් පිටුවහල් කෙරිණි. ඔහු ගියේය. එහෙත් කැසිනෝ කෙළිය ඉතිරි විය. දැනට ලංකාව තුළ කැසිනෝහල් හතක්‌ විවෘතව තිබේ. බම්බලපිටිය සහ කොළඹ 'එක' ප්‍රදේශයේ පිහිටි කැසිනෝහල් හැරෙන්නට අනෙක්‌ කැසිනෝහල් පහම පිහිටා ඇත්තේ කොළඹ අධි ආරක්‍ෂිත කලාපයක්‌ වන කොල්ලුපිටිය ප්‍රදේශයේය. කැසිනෝහල් සඳහා ඇති ආරක්‍ෂාව ගැන තවත් කතා ඇවැසි නැත.

    ශාලාවේ එක්‌ ඉසව්වක විශාල කවුන්ටරයකි. එතුළින් ලෝකයේ ඕනෑම මුදල් වර්ගයක්‌ ක්‍ෂණයෙන් රුපියල් කර ගත හැකිය. ඒ අසලම ලොව අනේක රස මසවුළුවලින් පිරි 'මල් පැන්' දන්සලකි. දන්සලක්‌ යනු සුපසන් ෙච්තනාවෙන් කෑම වේලක්‌ දීමය. එහෙත් මේ මන්දිරය තුළ දන්සල් දෙන්නේ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට පමණි. මන්ද කැසිනෝහල් වෙත පැමිණෙන සියලුම ගනුදෙනුකරුවන්ට මෙන්ම ඒ තුළ සිරුරු ප්‍රසිද්ධියේ වෙන්දේසි කර සිටින වෙසඟනන්ට ද ලෝකයේ ඕනෑම රටක කෑම බීම වර්ග මෙන්ම මත්පැන් වර්ග ද නොමිලේම ලබා දෙනු ලැබේ.

    කතාව එසේ තිබියදී අපි එක්‌ තැනක නතර වීමු. එහෙත් දෙනෙත් තවමත් මන්දිරය පුරා දිව යන්නේය. තරමක්‌ විශාල වේදිකාවක්‌ මත අපේ දෙනෙත් නතර විය. ඒ වේදිකාව මත ශ්‍රී ලාංකීය සංස්‌කෘතිය කියා පාන නැටුම් සංදර්ශනයකි. නර්තන ශිල්පිනියන්ගේ නැටුම නම් හරිම අපූරුය. එහෙත් මෙවැනි සූදු පොළක අපේ සංස්‌කෘතිය වෙන්දේසියේ දැමීම නම් නොහොබිනා ක්‍රියාවකි. ශාලාවේ සිටි බොහෝ දෙනා ඒ නැටුම් සංදර්ශනය විඳිමින් සිටිනවා අපි දුටිමු. එහෙත් ඇතැම්හු මුළු සන්තකයම නැති භංගස්‌ථාන කර ගත්තා සේ අසුන්වල 'සුරුවවිත්තම්' ගසාගෙන අහස පොළව ගැටලන්නට මෙන් කල්පනා කරමින් සිටියහ. එසේ කල්පනා සාගරයේ පතුලේ බඩගාමින් සිටි පුද්ගලයකු දෙසට අපේ අවධානය මොහොතකට යොමු විය.

    ඔහු බස්‌ පනහක අයිතිකාරයෙකි. එහෙත් අද ඔහුගේ බස්‌ සියල්ල කැසිනෝ බහිරවයා ගිලගෙන හමාරය. දැන් ඔහුට අඩුම තරමින් ගමන් බිමන් යැමට පාපැදියක්‌වත් නොමැත. එහෙත් ඔහු මොනයම් ක්‍රමයකින් හෝ සූදු කෙළීමට මුදල් සොයගෙන කැසිනෝහල්වලට රිංගන්නේය. මේ මොහොතේදී ද ඔහු සිටින ස්‌වරූපයෙන් පසක්‌ වන්නේ පෙර පරිදිම නැවත වාරයක්‌ පරාජයම උරුම කරගෙන සිටින බවය.



    සූදු කෙළියට ගිය කිසිවකුට පරාජය මිස දිනුමක්‌ නැත. බුදු දහමේ මෙන්ම කිතු දහමේ සහ ඉස්‌ලාම් දහමෙහිද 'සූදුව සපුරා ප්‍රතික්‌ෂේප කර ඇත. එමෙන් ස්‌ත්‍රියට, සුරාවට, සූදුවට ලොල්වීම මිනිසකුගේ පරිහානියට ප්‍රධාන හේතුව බව ද සෑම දහමක්‌ම පෙන්වාදී ඇත. අපේ කාලයේදී එයට කදිම නිදර්ශනය 'මම ඉංග්‍රීසි උගන්වන්නම උපන්නෙකි' යෑයි පුරසාරම් දොඩවමින් කරළියට පැමිණි සක්‌විති සර්ය. මහජන මුදල් වංචා කර කැසිනෝහල්වල බාල් නැටූ 'සක්‌විති' නැත්තටම නැති වූයේය. අවසානයේ ඔහුගේ නවාතැන්පළ වූයේ වැලිකඩ සිරමැදිරියකි. සූදුවට ඇබ්බැහි වූ සක්‌විති විනාශ වූයේ එසේය. කැසිනෝ කෙළියට ගොස්‌ විනාශ වූවන් ගැන සමාජය දන්නේ අල්පමාත්‍රයක්‌ පමණි. රැඳෙන්නෘ කතාව පටන් ගත්තා පමණි. කැසිනෝ කෙළිය නිසා සක්‌විති මියෑදුනේ නැත. එහෙත් කැසිනෝ කෙළිය නිසා දැනටමත් අප සමාජයෙන් හත් අට දෙනකුට නොවැඩි පිරිසක්‌ සදහටම සමුගෙන ගොස්‌ හමාරය. ඒ අතර වැඩි පිරිසක්‌ මියෑදී ඇත්තේ කැසිනෝහල් තුළම හෘදයාබාද වැළඳීම නිසාය. මෑතකදී ද කොළඹ කොල්ලුපිටිය කැසිනෝහලකදී කැසිනෝ කෙළියේ යෙදී සිටියදීම හෘදයාබාධයක්‌ වැළදී සූදු අන්තුවකු මියෑදුනේය. තවත් කෙනෙක්‌ කැසිනෝහලකම වැසිකිළියක්‌ තුළ අවසන් හුස්‌ම පොද වාතලයට මුසු කළේය. ඒ සියලු දෙනාම විදේශිකයන්ය.

    එහෙත් මේ කතාව තරමක්‌ වෙනස්‌ය. ඒ අපේ එකෙක්‌ගේ කතාවකි. ඔහු කොල්ලුපිටිය ප්‍රදේශයට පැමිණ සිටියේ ඉඩමක්‌ මිලදී ගැනීමටය. බැංකුවකින් රුපියල් ලක්‍ෂ පනස්‌ පහකට ආසන්න මුදලක්‌ අතට ගත් ඔහු රාහු කාලය ගෙවී යන තුරු ආරක්‍ෂාව පතා කැසිනෝහලට ගොස්‌ ඇත. තොල කට ලේව කෑ කැසිනෝ බහිරවයා දත් විලිස්‌සා ඔහුව සාදරයෙන් පිළිගත්තේය. දැන් ඔහුව මෙහෙයවන්නේ කැසිනෝ බහිරවයාය. වරෙක ඔහුගේ සිත විදේශීය වෙසඟනන් පසු පස යන්නේය. නැවත කැසිනෝ ලෑලි මතට වැටෙන මොණර කොළ, යුරෝ, ඩිනාර්වලට පෙම් බඳින්නේය. ඔහුගේ සිත යකාගේ කම්මල වැනිය. කැසිනෝ මන්දිය පුරා ඔබ මොබ ඇවිදිමින් සිටි ඔහු නොදැනීම කැසිනෝ මේසයක්‌ මත සැප අසුනකට බර දුන්නේය. සියල්ල අවසානය. ඔහු පැරදිණි. කැසිනෝ බහිරවයා දිනුම්ය. 'මම මේ මොකක්‌ද කර ගත්තේ... දැන් කොහොමද ඉඩම මිලට ගන්නේ... ගෑනිට දරුවන්ට ගෙදර ගිහින් මොකක්‌ද කියන්නෙ...' ඔහුගේ හිස මත ප්‍රශ්න පත්තරයකි. කැසිනෝහලෙන් එළියට පැමිණි ඔහු හිස හැරුණු අතේ ඇවිද ගියේය. ඔහුගේ ගමනාන්තය වූයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයයි. මුහුදු වෙරළ අද්දර ගලක්‌ මත හිඳ ගත් ඔහු ප්‍රශ්න පත්තරයට විසඳුම් සොයන්නට විය. එහෙත් කිසිදු විසඳුමක්‌ නැත. යකඩ යකා මර හඬ දීගෙන ඈතින් ඇදෙනවා පෙනේ. ඔහු තීරණයක්‌ ගත්තේය. ඇති වී තිබෙන සිත්තැවුලට දිව ඔසුව මරණයයි. ඔහු දෙවරක්‌ නොසිතුවේය. ගෙල රේල් පීල්ල මතට තැබුවේය. දුම්රිය ළතෝනි තියාගෙන ඔහුගේ ගෙල මතින් දිව ගියේය. ඔහුගේ ජීවන කෙඳිරිය සදහටම නිහඬ විය. තම පවුලට ප්‍රශ්න වැලක්‌ ඉතුරු කර ඔහු ප්‍රශ්නවලින් පැන ගියේය.

    "කැසිනෝ ගහලා පැරදිලා මිනිහෙක්‌ කොච්චියට බෙල්ල තියලා"

    සිද්ධිය ලැව්ගින්නක්‌ සේ පැතිර ගියේය. එම ස්‌ථානයට පැමිණි ඔහුගේ බිරිඳ තම ස්‌වාමිපුරුෂයාට සිදු වූ වින්නැහිය ගැන සියල්ල අවබෝධ කරගෙන ඔහුට මරු කැන්ද වූ කැසිනෝහල අසලට ගොස්‌ පොළවේ හැපෙමින් දෙස්‌ දෙවොල් නගන්නට වූවාය. කැසිනෝහලේ නිලධාරීන් ක්‍ෂණයෙන් ක්‍රියාත්මක වී සොච්චම් මුදලක්‌ ඇයගේ අතට ගුලි කර ඇයව එතැනින් පලවා හැර ඇත. කතාව එසේය. කැසිනෝ කෙළිය ඒ පවුලම විනාශ කළා සේම, අප සමාජයටම කරන විනාශය සුළු පටු නැත.

    අපි නැවත කැසිනෝහල වෙතට ගමන් කරමු. දැන් අපිදු කැසිනෝ මේසයක්‌ වටා ඇති සැප අසුන්වලට බර දී සිටියෙමු. වේටර්වරු පැමිණ අපට අවශ්‍ය දේවල් විමසූහ. රාත්‍රිය වැඩිවියට පත් වෙමින් තිබිණි. එහෙත් වේලාවක්‌ දැනගැනීමට කැසිනෝහල් තුළ ඔරලෝසු නැත. හිරු එළියක්‌, සඳ එළියක්‌ යන්තමට හෝ ඒ විසල් මන්දිර තුළට කාන්දු නොවන්නේය. කැසිනෝහල්වලට රැයක්‌ දහවලක්‌ නැත. පැය විසිහතර පුරාම විවෘතව ඇති කැසිනෝහල් සැබැවින්ම වෙනම ලෝකයක්‌ යෑයි අපි කීවේ එහෙයිනි. ඒ අමුතු ලෝකය පිහිටා ඇත්තේ ද බිම් මට්‌ටමින් පහළය. කැසිනෝහල් එසේ තනා ඇත්තේ ද එයට ඇතුළු වන උන්ව නැතිභංගස්‌ථාන කිරීමේ අදහසින්මය. එහෙත් ඒ අමුතු ලෝකයට එන ගනුදෙනුකරුවන්ට, කෑම-බීම, නවාතැන් පහසුකම් සහ ලිංගික සංතර්පනය සඳහා විදේශීය රූබර ළඳුන් ද නොමිලේම ලබාදෙයි. එමෙන්ම ඕනෑම රටක සිටින ඔවුන්ගේ ස්‌ථිර ගනුදෙනුකරුවන්ට යැමට ඒමට ගුවන් ටිකට්‌ පත් පවා නොමිලේම ලබාදෙයි. ආගන්තුක සත්කාරවලින් නම් කැසිනෝහල්හි කිසිදු අඩුවක්‌ නැත. එහෙත් මේ සියලු සත්කාර ලැබීමට නම් නිසැකයෙන්ම කැසිනෝ සෙල්ලම් කළ යුතුමය. කැසිනෝ කෙළියේ නොයෙදේ නම් කැසිනෝහල්වල 'ආතල්' නැතිවා සේම, එහි රැඳීමට අවසර නැත. සූදුවේ නොයෑදෙන පුද්ගලයන් එළියට ඇද දැමීමට එහි සිටින 'තගර්ලා' පසුබට නොවන්නේය. කැසිනෝ කෙළිය වගතුග එසේ පෙළ ගැසෙද්දී, වේදිකාව මත තවත් ජරමරයකි. ඒ එදා දිනය පුරා කැසිනෝහල වෙත පැමිණි පුද්ගලයන්ගේ ටිකට්‌ පතේ අංකයට දිනුම් ඇදීමක්‌ කර ත්‍යාග පිරිනැමීමය. අපි ඒ දෙසට අවධානය යොමු කරමු. කථනය ඉංගී්‍රසියෙනි. පිළිවෙළට ජයග්‍රාහකයන් වේදිකාවට ආරාධනා කර මුදල් චෙක්‌පත් පිරිනමන්නේය. වේදිකාව අසලම බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයකි. ඒ මාසයකට වරක්‌ දිනුම් ඇදීමෙන් ගනුදෙනුකරුවන්ට ලබාදීමට නියමිතව ඇති පළමු ත්‍යාගයයි. ත්‍යාගයේ වටිනාකමින් කැසිනෝහල්වලට ලැබෙන ආදායම කොපමණදැයි දැන් තේරුම් යනවා ඇත. එහෙත් කැසිනෝහල්වල දිනකට ලැබෙන ආදායම අපි පසුව ගණනය කර පෙන්වන්නෙමු.

    "මල්ලි අන්න අතන ඩීල් එකක්‌ වෙනවා... මොකද වෙන්නෙ කියලා බලාගෙන ඉන්න..."

    අපගේ ගමන් සගයා ඉන්දියානු ගෑනු කෙනෙක්‌ සහ සිංහල තරුණයකු අතර කෙරෙන කතා බහක්‌ පෙන්වමින් එසේ කීවේය.අපගේ ගමන් සගයා ඉන්දියානු ගෑනු කෙනෙක්‌ සහ සිංහල තරුණයකු අතර කෙරෙන කතා බහක්‌ පෙන්වමින් එසේ කීවේය.

    අපි ඔවුන් අතරින් දැස්‌ ඉවතට නොගත්තෙමු. වේදිකාව මත තවමත් ත්‍යාග ප්‍රදානය උත්සවය පැවැත්වේ. ඒ ඉන්දියානු කාන්තාව තරුණයාට තවත් කාන්තාවක්‌ පෙන්නුවාය. ඇය තායිලන්ත ජාතික කාන්තාවකි. ඇය එම කැසිනෝහලේ ගණිකාවන් 'ඩීල්' කරන කාන්තාවය. එවැනි කාන්තාවන්ව කැසිනෝහල්හි හඳුන්වනු ලබන්නේ 'මාමා' යනුවෙනි. ලංකාවේ කැසිනෝහල්හි මුදලට විකිණෙන බොහෝ කාන්තාවන් විදේශිකයන්ය. එනම් ඉන්දියාව, තායිලන්ත, යුක්‌රේන්, චීන සහ රුසියන් යන රටවලින් පැමිණි කාන්තාවන්ය. මෙරට ජනප්‍රිය නිළියන්ව ද ගනුදෙනුකරුවන්ගේ ඉල්ලීම මත කැසිනෝහල් විසින් මුණගැස්‌වීම් නොකරනවාම නොවේ.

    කැසිනෝ කෙළියේ නොයෙදී තවදුරටත් ඒ කැසිනෝහලේ රැඳීම ඇඟට ගුණ නැත. එහෙයින් දැන් අපි ඒ කැසිනෝහලට සමුදී වෙරළබඩ මාවතේ මෑතකදී විවෘත කළ කැසිනෝහලකට යැමට පිටත් වෙමු.

    වාහන නොමැති මගෙහි ගමන වේගවත්ය. එහෙන් මෙහෙන් හැරෙව්වා පමණි. මෝටර් රථය වෙරළබඩ මාවතේ පිහිටි කැසිනෝහල අසලය. අප පෙර ගිය කැසිනෝහල සේ ආගන්තුක සත්කාරවලින් කිසිදු අඩුවක්‌ නැත. අපි ඒ කැසිනෝහල තුළට ද පිය නැගුවෙමු. 'ඔහෙ පලයංෘ කැසිනෝ කෙළිය ජයටම කෙරේ.' දේශීය ගනුදෙනුකරුවන් කිහිප දෙනකු හැරෙන්නට අනෙක්‌ සියලුම ගනුදෙනුකරුවන් විදේශිකයෝ වූහ. සියලු කැසිනෝහල්වල ඇත්තේ එකම තියරියකි. සියලුම 'ඩීල්' එපරිදිම සිදු වේ.
    එම කැසිනෝහලේදී අපිදු කැසිනෝ සෙල්ලම් කළෙමු. අපගේ කැසිනෝ මේසයේ චීන ජාතික කාන්තාවක්‌ සහ ඉන්දියන් ජාතිකයකු ද සෙල්ලම් කළහ. කැසිනෝහල් තුළ බකරා, රුලේට්‌ නම්වලින් හඳුන්වන කැසිනෝ සෙල්ලම් විස්‌සක්‌ පමණ තිබුණද, මේ මොහොතේ අපගේ කැසිනෝ මේසයේ කෙරෙන සෙල්ලම 'බකරා' සෙල්ලමයි. එය සිදුවන්නේ බූරුවා කුට්‌ටමේ කොළවලිනි.

    කාලය ගෙවී යනවා නොතේරිණි. ඩොලර් කොළ මොණර කොළ සේම පන්දාහේ කොළ මිටි පිටින් කැසිනෝ මේසයේ පුංචි ප්ලාස්‌ටික්‌ රවුම් කෑලිවලට මාරු වූයේය (ටෝකන්). හෝරාවකට අඩු කාලයක්‌ තුළ සිදු වූ කැසිනෝ කෙළියේදී ඉන්දියන් ජාතිකයා රුපියල් ලක්‍ෂ අටකට නොවැඩි ගණනක්‌ පරාද විය. චීන කාන්තාව ද එවැනිම මුදලක්‌ පරාජය විය. අප සෙල්ලම් කළ කැසිනෝ මේසය තුළ පමණක්‌ රුපියල් ලක්‍ෂ විස්‌සකට නොවැඩි ගණනක්‌ සූදුඅන්තුවෝ පරාජය වූහ. ඒ සියලුම මුදල් ජයග්‍රහණය කළේ කැසිනෝහලය. කැසිනෝ කෙළියේ ස්‌වරූපය එයයි. කැසිනෝ කෙළියේදී දිනූ කෙනෙක්‌ නැත. සැමදා ජයග්‍රහණය කැසිනෝහල් සතුය. කැසිනෝ යනු ලොව තුළ ක්‍රියාත්මක වන විශාලතම ජාවාරමකි. කැසිනෝ මැෂින් සියල්ල ක්‍රියාත්මක වන්නේ කැසිනෝහල්වලට වාසි වන ආකාරයටය. කැසිනෝ කෙළියේ නියෑලෙන අපේ 'හරක්‌' එය දන්නේද, නැද්ද කියා අපි නොදනිමු. සැබෑ යථාර්තය එයයි. එමෙන්ම මහා පරිමාණ ගණිකා ජාවාරම සිදු වන්නේද මේ කැසිනෝහල් තුළ බව අපි දෑසින්ම දුටුවෙමු. එක්‌ කැසිනෝහලකදී අපිදු 'මාමා' සමග ලිංගික ගනුදෙනුවක්‌ ගැන කතා බහ කළේය. තවත් කතා අවැසි නැත. දිනයේ ඕනෑම මොහොතක කිසිදු බාධාවකින් තොරව ලිංගික ගනුදෙනුවක්‌ සිදු කරගත හැකි එකම තැන කැසිනෝහල්ය. එහෙත් කැසිනෝහල් ආරම්භ කර දශක දෙකකට වැඩි කාලයක්‌ ගෙවී ගියද කිසිදු දිනක ඒ තුළ සිදුවන ගණිකා ජාවාරමට පොලිස්‌ දැල එලීs නැත. වෙනත් ගණිකා මඩම්වල සේම මේ මහා මන්දිර තුළ කෙරෙන මාංස වෙළෙඳාමට ද එලෙසින්ම පොලිස්‌ ඇස යොමු විය යුතුය. කාකි කෝට්‌කාරයන් කැසිනෝ කෝටිපතියන්ගේ ගොට්‌ටන් බවට පත් වී සිටියද නීතියට ලොකු පොඩි බේද තිබිය නොහැකිය. එහෙත් කැසිනෝහල්වලට නීතියක්‌ නැත. රටේ සුරාසැල් විවෘත කිරීමට මෙන්ම වැසීමට කාල වේලාවක්‌ තිබේ. පෝය දිනවලදී සම්පූර්ණයෙන්ම සුරාසැල් වසා දැමිය යුතුය. සුරාසැල් සඳහා නීතිය ක්‍රියාත්මක වන්නේ එසේය. එසේ නම් සුරාව, සූදුව සහ ලිංගික වෙළෙඳාම සියල්ල සිදු වන මේ මන්දිරවලට කිසිම නීතියක්‌ නැත. පෝය දිනයටත් කැසිනෝහල් විවෘතය. එහෙත් රටේ පොලිසිය නිහඬය. පුංචි ගණිකා තිප්පොළවල් වටලා ඒ තුළ මුදලට විකිණෙන ගණිකාවන් කුදලාගෙන යනවා සේම මේ මන්දිර තුළ ගණිකාවන් කුදලාගෙන යැමට ද පොලිසියට කොන්දක්‌ තිබිය යුතුය.
    රටේ නීතිය කැසිනෝහල්වලට සෙත් කවියක්‌ වෙද්දී, ලංකාවේ කැසිනෝ ව්‍යාපාරිකයන් ලැබෙන මාසික ආදායම ගැන මොහොතක්‌ විමසා බලමු. මෙරට කැසිනෝ ව්‍යාපාරය කරගෙන යන්නේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්‌ පමණි. ගඟ ගලන්නාක්‌ සේ ඔවුන් අතට ගලා එන්නේ සල්ලිය. මෙරට කැසිනෝහල්වල මාසික ආදායම රුපියල් ලක්‍ෂ හත්දහසට ආසන්න බව දන්නෝ දනිති. එහෙත් ඒ කැසිනෝහල්වලින් වාර්ෂිකව රජයට ලැබෙන බදු මුදල රුපියල් කෝටි දහයක්‌ පමණි. එය ගලන ගඟෙන් දිය දෝතක්‌ නොවන්නේද?

    කෙසේ හෝ ලෝකයේ කැසිනෝ සෙල්ලම් කරන මිනිසුන් වැඩියෙන්ම සිටින්නේ චීනයේය. එහෙත් චීනයේ කැසිනෝහල් ආරම්භ කිරීමට චීන රජය අවසර දී නැත. එසේම ඩුබායි නගරය මුළු ලෝකයේම ප්‍රසිද්ධ වෙළෙඳ නගරයක්‌ වුවද එහි කැසිනෝහල් නැත. අපේ රටට අල්ලපු රට ඉන්දියාවේ ද කැසිනෝහල් විවෘත කිරීමට ඉන්දීය රජය ඉඩ ලබා නොදේ. එම රටවල නායකයෝ කැසිනෝවේ ආදීනව හොඳින්ම දැන සිටිති. කැසිනෝව යනු ජාතියක්‌ වැනසිය හැකි ක්‍රීඩාවකි. එහෙත් ජාතියට හෙණ බිඳුන ද අපේ ලොක්‌කන්ගේ පසුම්බි මොණර කොළවලින් පිරී යන්නේ නම් ඕනෑම අටමගලයක්‌ දෝතින්ම භාර ගන්නේය. එහෙත් කැසිනෝ කෙළියෙන් රජයට ඇති ඵලක්‌ නැත. සල්ලි ගලන්නේ කැසිනෝ ව්‍යාපාරිකයන්ගේ දෝතටය. කැසිනෝවේ යථාර්ථය එසේය.

    සිදු විය යුත්තේ මෙයයි. කැසිනෝ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම මෙරටින් අතුගා දමනවාද? කැසිනෝව මෙරටට අවැසි නම් සිංගප්පූරු රජය විසින් එරට කැසිනෝ ව්‍යාපාරය කරගෙන යන්නාක්‌ සේ මෙරට කැසිනෝ ව්‍යාපාරයද (චාරයක්‌ සහිතව) රජයට පවරාගනිමින් කැසිනෝ සෙල්ලම් සංචාරකයන්ට පමණක්‌ සීමා කර පවත්වාගෙන යනවාද? කැසිනෝවට සල්ලි ගලන ආකාරයට එසේ කළහොත් මේ ආණ්‌ඩුව පැටලී සිටින ණය උගුලෙන් පවා ගොඩ ඒමට නොහැකියාවක්‌ නැත. තීරණය කළ යුත්තේ ආණ්‌ඩුවයි. අපි බලා සිටිමු.

    අපි මේ ටිකත් මෙසේ මතක්‌ කර සිටිමු. මාසිකව රුපියල් ලක්‍ෂ හත්දහසට ආසන්න ආදායමක්‌ ලබන කැසිනෝ ව්‍යාපාරිකයන් තව කාලයක්‌ ගත වෙද්දී මේ පුංචි රට මිලට ගැනීමට 'ඩීල් දැමීමට ඉඩ තිබේ. එමෙන්ම රජය ඔවුන්ගේ මුදල් මත නැටවීමට බැරි නැත. ආණ්‌ඩුව මීට වඩා මේ කැසිනෝ ව්‍යාපාරය ගැන විමසිලිමත් විය යුතුය. එමෙන්ම එවැනි මන්දිර තුළ කෙරෙන අකටයුතුකම් ගැන ද සොයාබැලිය යුතුය. නියපොත්තෙන් කැඩිය හැකි කාලයේ බැරිවුවහොත් පසුව පොරවද මදි විය හැකිය.......

    http://www.divaina.com/2013/03/31/feature08.html
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,908
    40,710
    113
    ලංකාවට අහිමි වූ ඒ අභීත සංවර්ධනයේ නියමුවා වන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කැපවෙමු.
    රටක් නෙවෙයි ඇහින්ද - නමක් වටින මහින්ද
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඉවසන්න මිත්‍රයා..
    තාම ඕව ලංකාවේ තියනවද මචං
    මම හිතුවෙ ආණ්ඩුබලය ගත්ත ගමන් ඕව ඔක්කොම කුඩු කොරල දාන්න ඇති කියල

    මේ කම්මුතුවාදී ආණ්ඩුව ලඟදීම ඕව නැති කරයි
    කුඩු
    එතනෝල්
    කැසිනෝ
    ටිකක් බෙහෙතකටවත් හොයාගන්න නැතිවෙයි


    sleeping.gif
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මත්තල ගොඩ ගන්න නම් කරන්න පුළුවන් ඒ හරියේ කැසිනෝ zone එකක් දාල foreigners only කරලා, අපි එන අයට පට්ට service එකක් දෙන්න එක.. මම අනිවා කියනවා අවුරුද්දක් යන්න කලින් දකුණු ආසියාවේ නොම්මර එක වෙනවා මත්තල කැසිනෝ zone එක. ලෝකේ ඕනේ තරම් පොරවල් private ජෙට් වලින් එයි සෙල්ලන් කරන්න. හැබැයි අනිවාර්යෙන් red light district එකක් තියෙන්න ඕනෙමයි. entertainment මූලික වෙච්ච නගරයක් බිහි වෙන්න ඕනේ හැබැයි local උන්ට යන්න බැරි වෙන්නත් ඕනේ. නැත්නම් ඕක කොරල හමාරයි.

    ඒ වගේම උඩ article එක ලියල තියෙන්නේ සෑහෙන්න exaggerations එක්ක. හිතා මතා නරක වැඩි කරලා.
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මත්තල ගොඩ ගන්න නම් කරන්න පුළුවන් ඒ හරියේ කැසිනෝ zone එකක් දාල foreigners only කරලා, අපි එන අයට පට්ට service එකක් දෙන්න එක.. මම අනිවා කියනවා අවුරුද්දක් යන්න කලින් දකුණු ආසියාවේ නොම්මර එක වෙනවා මත්තල කැසිනෝ zone එක. ලෝකේ ඕනේ තරම් පොරවල් private ජෙට් වලින් එයි සෙල්ලන් කරන්න. හැබැයි අනිවාර්යෙන් red light district එකක් තියෙන්න ඕනෙමයි. entertainment මූලික වෙච්ච නගරයක් බිහි වෙන්න ඕනේ හැබැයි local උන්ට යන්න බැරි වෙන්නත් ඕනේ. නැත්නම් ඕක කොරල හමාරයි.

    ඒ වගේම උඩ article එක ලියල තියෙන්නේ සෑහෙන්න exaggerations එක්ක. හිතා මතා නරක වැඩි කරලා.
    Agree