කැෆේ ගිහින් අතේ මාට්ටු
වර්ෂය 2007 අග භාගයය. මේ දවස් වල ඉන්ටර්නෙට් කැෆේ මේනියාව විශාල ලෙස රට පුරා අධි ධාවන වේගයකින් පැතිරෙමින් තිබුනේය. ඒ දවස් වල අපි හිටියේ 11 වසරේය. හා හා පුර කියා කැෆේ එකකට රිංගුවේ මේ කාලයේය. මාව මේ අටමගලයක් අස්සට ඇදගෙන යාමේ ගෞරවය හිමිවන්නේ 6 වසරේ ඉඳන් අපේ පන්තියේ සිටි X ටය. උගේ ගෙදරට අපේ ගෙදර ඉඳන් වැඩි දුරක් නැත. තනි හුවයි බල්ටි හතර පහක දුරය. එනම් මීරිගම පැත්තේය. උගේ චරිතයට හානි වන බැවින් නම නොකියමි. ගම්පහ යනු මන් රජා වැලි කැටයක් නෑර දන්නා නගර වලින් එකකි. මේ පාර කොහෙටද, වැටෙන්නේ කොහෙන්ද, හුවක් කිව්වම හුව වැදිලා පරාවර්තනය වෙන්නේ මොන බිල්ඩින්ග් වලින්ද, මේ කඩෙන් කාපුවාම බඩ යනවද, ආයේ ඕනේ ඒකක්ය.
ඒ සා.පෙට කලින් වාර විභාගේ දවසය. 8ට පටන් ගන්න පලවෙනි පෙපර් එක 10.30 වෙනකොට ඉවරය. වෑන් එක එන්නේ 2ටය. කරන්න දේකුත් නැත. X මාවත් ඇදගෙන සණස අලුත් බිල්ඩින්ග් එකේ කැෆේ එකකට බඩ ගෑවේය. එය මගේ පළමු කැෆේ සංචාරය විය. කලින් ඕවා ගානේ රිංගන්න ගියේ නැත්තේ මං රජා යනු ලැජ්ජා බයට හැදුනු කොල්ලෙක් නිසාවෙන්ය.
එදායින් පසු එදහිට ඕකට මමත් ගියේය. තනියෙන් නෙවේය. X සමගය.
සාපේ ඉවර වීමත් සමග ඌපෙ පන්ති පටන් ගත්තේය. වෙන කරන්න වැඩකුත් නැති එකේ නිකමට මෙන් ඒවාටද ගියෙමු. මතකේ හැටියට එදා දුෂ්‍යන්ත සර්ගේ හෝ රාජකරුණා සර්ගේ පන්තියක්ය. 2ට ක්ලාස් එක ඉවරය. X ට කැෆේ එකට යන්නට පුදුම හදිස්සියක් හටගැනුනි. එක්කෝ හින්දි නිළියන්ගේ පින්තුර බාන්න හෝ කඩ්ඩ සින්දු බාන්නටය. මමයි තව තුන්දෙනෙක් ඇදගෙන ඌ සණස බිල්ඩින්ග් එක ලඟට ආවේය. ඔරියන්ටල් එකේ ඉඳන් ගාට ගාට වතුර මල හන්දියට ආවෙමු. අපිත් ඌට බැන බැන හෙමින් හෙමින් පස්සේන ගියෙමු. යන අතර මගදී X ගේ අම්මගෙන් කෝල් එකක් ආවේය. ඇතැම් විට උගේ අම්මා මෙසේ අසන්නට ඇත.
පන්ති ඉවරද? ඉක්මනට එන්ඩ...
X ගේ පිලිතුරනම් අපිට ඇසුනි.
ආ... අම්මේ අපි මේ කැෆේ එකකට යනවා. එන්න චුට්ටක් පරක්කු වෙයි.
රජත් සමග පිටුපසින් පැමිණි උන් මූනට මූණ බල ගත්තේය. අනිත් උන්ට කෙසේ වෙතත් මං රජාට නං චූචු බරක් හැදුනේය. ඕවා අස්සේ රිංගල මට අහුවෙන්න එපා ඔන්න. මව්තුමියගේ රුද්‍ර කට හඩ මට සිහි විය. උඹ කකුල් දෙකටම කලිසම ඇන්ඳට තාම පොඩී හරිද. වයසේ තරමට වැඩ කරපන්.
මිනිහා ගිය වැඩේ කරගෙන එනකන් අපි සණස ඉස්සරහට වී අව්වේ කට්ට කමින් සිටියෙමු. පැය ගානක් ගත විය. මූ තාම නැත. බැරිම තැන කෝල් කරලා එලියට ගෙන්න ගත්තෙමු. අද නම් මගේ බබා අඩු වයසෙන්ම හම්බෙන බව මට කලින්ම සනාථ විය. එදා වෙලාවට පොන් එකත් මම ගෙදර දාලා ඇවිල්ලා තිබුනේය. 2ට පන්ති ඇරුනාම පොතේ හැටියට රජා 4 වෙනකොට ගෙදර ඉන්නට ඕනෙය. එහෙන් මෙහෙන් පරක්කු වෙවී ගෙදර යනකොට වෙලාව 7ටත් කිට්ටුය.
මිගමුව කුරුනෑගල ප්‍රධාන මාර්ගයෙන් පැත්තකට විහිදී ගිය ආනත බිම් තීරුව ඔස්සේ මම ගෙදෙට්ට ඇතුළු වීමේ දොරටුව සොයා ගෙන ගියෙමි. කිසිම හැල හොල්මනක් නැත. මහා කුණාටුවකට අර අදින කාන්තාරයක ඇති නිහඩ බව මට දැනුනි. තමන්ගේ හුස්ම, තමන්ට ඇහෙන තරම් කරුමයක්? හිත හදාගෙන හෙමිහිට දොර ඇරියෙමි. දෙපා පණ නැති විය. ඇස් උඩ ගියේය. අම්ම යක්ෂ වෙස් ගෙන දොර කෙලින්ම තිබු හාන්සි පුටුවේ හිදගෙනය. අහිංසක බලු කුක්කෙකුගේ වෙස් ගත මම හොරැහින් බලමින් බිම බලාගෙනම කාමරයට යන්නට හැරුනේය.
ඔහොම ඉන්නවා. අම්මාගේ වේගවත් හඩ අවදි උනේය.
ඉද්ද ගැහුවක් මෙන් රජා අඩියයි අඩියේ ටයිල් කැටයක් උඩ නිසොල්මනේය.
මොකද මෙච්චර පරක්කු? කොහෙද ගියේ?
බොරු කීමෙන් පලක් නැති බව මම දැනගෙන හිටියේය. අනිවා අපේ අම්ම X ගේ අම්මාට කෝල් කරන බව මම දැනගෙන හිටියේය.
අර අරු එක්ක පොඩි ගමනක් ගිය අප්පා. කොහෙද ඌටත් වෙන වැඩ නැනේ. හරි නැනේ ඉතින් පොඩ්ඩක් ගිහින් ආවා.
ආ..... කට්ටිය එක්ක ගිහින් කොපි බිව්වද?
හෑ? කොපි? මාව මඤ්ඤං උනේය.
මට X ගේ අම්ම කිව්වා කට්ටිය කෝපි බොන්න කැෆේ ගිහින් කියලා. පුතේ මේ... X එයාගේ අම්ම තැම්බුවට උඹට බෑ මාව තම්බන්න. මම එයාට කියල දුන්න කැෆේ එකේ ගිහින් කෝපි බොන හැටි. ඔය පත්තර වල එහෙම තියෙන්නේ.
X ටත් ගෙදර ගිහාම කෙළවෙන ලයින් එකට අපේ මව්තුමිය ගේම ඇද තිබුණි. අම්ම හෙමිහිට ලගට පැමිණ කනෙන් අල්ලාගත්තාය.
මට රජ සීයාගේ දඩුවම් ක්‍රම එකින් එක සිහියට නැගෙන්නට විය. ඒවා වැඩිපුර දුන්නේ ඉස්සර අපේ මහ ගෙදර බල්ලන්ට හා පුසන්ටය. උන් ගේ ඇතුලේ හෝ සීයාගේ ඇදුම් උඩ චූ හෝ කක්කා කර තිබුනොත් මේ දඩුවමට අනිවා ලක් වෙනවාමය. උගේ බෙල්ලෙන් අල්ල ගන්නා ඔහු ඌ කගහද්දී ඇදගෙන ගොස් චු ගොඩේ හෝ කක්කි ගොඩේ උගේ මූණ තදින් අතුල්ලන්නේය. තෝ ආයේ මෙතන මෙහෙම කරනවද? වයසක අයගේ භාෂාවත් හෙන ආතල්ය. තෝ ආයේ මෙතන *ජ්ජ කරනවද? ගූ දානවද? ඔය වෙලාවට බට්ටා රජත් කට ඇරගෙන හිනා වෙවී ඕක දිහා බලාගෙනය. බල්ලෙක් නං නැ..හි නැහි නැහි යනුවෙන්ද පූසෙකි නම් නැඤෑව්..... නැඤෑ....ව් යනුවෙන්ද පිළිතුර ලැබෙන්නේය. අනේ අතින් ආයේ කවදාවත් ඒකා ගේ ඇතුලේ උගේ ශරීර කෘත්‍ය මලත් කරන්නේ නම් නැත.
මේ හා සමාන දඩුවමක් ලැබෙන බව මටත් ඉවෙන් මෙන් තේරුනේය. ආයේ ඕව අස්සේ රිංගන්න යනවද? ඇහෙනවත් සමගම ක්‍රිස් ගේල්ගේ බැට් එක හා සමාන මව්තුමියගේ ශ්‍රී හස්තය මගේ බැක්වුඩ් පොයින්ට් කලාපය හරහා දැවැන්ත හයේ පහරකට ඇදී ගියේය. ලෝන්ග් ඕන් ලෝන්ග් ඕෆ් කලාප හරහා ඇදුනු හතරේ පහරවල් බෞන්ඩ්‍රි රෝප් එකේ වැඩි උඩ විසි වී කෙලින්ම බඩේ වැදුනි. විනිසුරුගේ හිසට මදක් ඉහලින් එල්ල කල ස්ට්‍රේට් හයේ පහර කෙලින්ම කනේය. පිටිය පුරා දුවමින් පන්දු රැකීමේ නිරත වූ මං රජාගේ සමේ රතු පැහැ පැල්ලම්ය. බැට් එකයි බොලේයි ඇගේ වැදිලා හරි අමාරුය.
ආයේ යනවද?
අනේ නැතෝඕඕඕඕඕඕ.......
වෙලාවට මෙන් ඔවරේ ඉවර වීම නිසා ස්ට්‍රැටෙජික් ටයිම් අවුට් එක ලැබුණි.
අපේ මව්තුමියගේ තදබල ප්‍රකාශ හේතුවෙන් ෂ් ගේ අම්මාද කුපිත වී ඌට හොඳවයින් දෙසා තිබුණි. පහුවෙනිදා ඉඳන් මූ වැඩිය මාත් එක්ක කතා කලේද නැත. මූනත් හරියට බැලුවේ නැද්ද මන්දාය. ඉස්කෝලේ උන් එක එක කතා හැදුවේය. අන්න අරුං දෙන්න තරහ වෙලා. මාස ගානක්ම යනකම්ම ඌව පවා දුන්නා වගේ හැගීමක් මගේ හිතේ තිබුනේය. කෙසේ හෝ කාලයත් සමග හිත අමනාප පහව ගිහින්ය. ඌ තාමත් මගේ බොක්කක්ය. කතාව මතක් උනේ මීරිගම ස්ටේෂන් එකේ කෝච්චියක් එනකන් හොර ගල් අහුල අහුල ඉද්දි ඌව සෙට් උන වේලාවේදීය.
එදායින් පස්සේ මම කවදාවත් කැෆේ එකක් ලගින්වත් ගියේ නැත. මේ වෙන තෙක් ගියේ නැත. ආ... ඊයේ පෙරේදා බෝඩිමට හැලපේ ගෙනියන්න බැරි වෙලා එසයිමන්ට් එකකට කරුණු වගයක් හොයන්න ගල්කිස්සේ එකකට ගියා. හැබැයි ඒකත් Communication එකක්. තිබ්බෙත් මැෂින් දෙකයි.
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
තව කියවන්න : http://harshana-bc.blogspot.com/

Last edited: