කෑමති විදිහට keyboard shortcuts - AutoHotKey

Niwantha Gavin Woods

Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    කෑමති විදිහට keyboard shortcuts - AutoHotKey

    ඔන්න එහෙනම් මම හා හා පුරා කියල ඔයාලට වෑදගත් වෙන පලවෙනි thread එක දාන්නයි යන්නෙ. තමන්ගෙ හිතේ හෑටියට keyboard shortcuts දාගන්න ආසද? එහෙනම් මෙන්න software එක

    මෙතනින් බාගන්න

    ahk_logo.png


    මේ software එකෙදි අපිට වෑඩ කරන්න තියෙන්නෙ GUI එකක් එක්ක නම් නෙමේ. ඔයාලට ඕන shortcuts වලට පොඩි පොඩි codes එහෙම නත්නම් scripts ලියන්න තමා තියෙන්නෙ. එත් එක හරිම සරලයි.

    මන් පොඩි උදාහරණයක් දෙන්නම්. අපි හිතමු winkey + ctrl + n එබුවාම notepad එක open කරන්න ඕනෙ කියල. ඒකට ලියන්න ඕනෙ එක පේලියක script එකක් විතරයි.

    Code:
     #^n::Run Notepad
    මේ software එකෙදි අපි # key එක use කරන්නෙ win key එක විදිහට. ^ key එක use කරන්නෙ ctrl key එක විදිහට. ! key එක use කරන්නෙ alt key එක විදිහට. (සෑ.යු. system programs නොවන ඒවා සදහා full path එක ලබා දිය යුතුයි. ) එතකොට ඔයාලට ඕනෙ shortcut එක winkey + ctrl + alt + n නම් ලියන්න තියෙන්නෙ
    Code:
     #^!n::Run Notepad
    දෑන් නම් ඔයාලට මේකෙ format එක තේරෙනව ඈති නේද? හෑම වෙලාවෙම :: ට වම් පත්තේ තියෙන්නෙ අපිට ඕනෙ shortcut එක. දකුණු පත්තෙ තියෙන්නෙ ඒ shortcut එක එබුවාම වෙන්න ඕනෙ දෙ මොකක්ද කියන එක.

    දෑන් මම කියන්නම් Run keyword එකෙන් කරන්න පුලුවන් වෑඩ ගෑන. Program එකක් open කරන්න විතරක් නෙමෙයි, තව ගොඩක් වෑඩ පුලුවන්. ඒ වගේම එක shortcut එකකින් වෑඩ ගොඩක් කරගන්නත් පුලුවන්.


    Code:
    #n:: 
    Run Notepad 
    Run C:\Address List.doc 
    Run C:\My Shortcut.lnk 
    Run www.google.com 
    Run mailto:[email protected]
    return
    මෙම script එකෙ පරිදි winkey + n එබු විට notepad එක run වීම, C:\Address List.doc, C:\My Shortcut.lnk run වීම, default web browser එකෙන් www.google.com open වීම හා default email application එකෙන් [email protected] address එකට email එකක් යවීමට open වීම යන සියල්ලම සිදුවේ.

    මම මේ software එක හදුන්වා දුන්නෙ hotkey (shortcuts) හදාගන්න පුලුවන් software එකක් කියලනෙ. ඒත් මේකෙන් කරන්න පුලුවන් එකම වෑඩෙ ඒක විතරක් නෙමෙයි.

    Mouse clicks automate කරගන්න
    Massage box පෙන්නලා user ගෙන් feedbacks ගන්න
    තමන්ගෙ keyboard එකේ නෑති volume up down, mute වගේ keys හදාගන්න
    Joystick එක mouse එක විදිහට use කරන්න...

    මේ වගේ මේකෙන් කරන්න පුලුවන් වෑඩ කියන්න ගියොත් මට type කරල එපා වෙයි. මේක install කලාම ඒ එක්කම ඔයාලට help file එකකුත් ලෑබෙයි. එක කියවල බලලා වෑඩ කරගන්න පුලුවන්. මාත් ඉගෙන ගත්තෙ එකෙන්. මම ඔයාලට පොඩි මගපෙන්වීමක් විතරයි කලේ.

    එහෙනම් හෑමෝටම ජය! repost නම් සොරි වෙන්න ඕනෙ. අනිත් අයටත් බලන්න bump එකක් වත් දාල යන්න. මටත් සෑලකුවට කමක් හොදේ. :P:P:P:P
     
    Last edited:

    Niwantha Gavin Woods

    Well-known member
  • Sep 19, 2008
    974
    65
    48
    Kotte
    thnQu mchn
    rep+
    එල එල ජය වේවා! rep+
    thanks macha...:yes::cool: +
    ela mchan rep+

    අඩෝ දැන් උබ ත්රෙඩ් දානවද ? :P:P එල එල මචෝ. ජය වේවා!!!
    රේප් 2+


    11.gif
    11.gif
    ඈයි අපි thread දෑම්මාම වෑරදිද? :P:P:P rep+

    ela.....rep+++
    thanks macho... rep+

    thanks macho...