කෑම වතුර ගෙනියන්න එපා.!!

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කෑම වතුර ගෙනියන්න එපා.!!

    අද ගියා ගොතටුව, වැල්ලම්පිටිය පැත්තේ රව්මක් ගහන්න. අපේ ඔපිස් එකෙන් පොඩි ආධාරයක් කරන්න හිටියේ. මොනවත් සල්ලි දීලා ගන්න කලින් ඒ පැති වලට මොනවද ඕනේ කියලා හොයලා බලන්න ගියේ.

    මුලින්ට ගියේ IDH හන්දියේ තිබ්බ පොලිසියට. එතනින් කිව්වේ කෑම නම් ඕනෑවටත් වඩා තියෙනවා කියලා. ලීටරයේ වතුර බෝතල් තව ටිකක් තිබ්බා නම් හොදයි කිව්වා.

    ඊළගට එතන හිටපු ලොක්කෙක් කිව්වා වැල්ලම්පිටිය පොලිසියට පොඩ්ඩක් ගිහින් බලන්න කියලා. ඊට පස්සේ ඒ පැත්තට යන්න යද්දී පාරේ අයිනේ තිබ්බ ගොතටුව ඉස්කෝලේ. එකට ගියා මොකද තත්වේ බලන්න.

    ඉස්කෝලේ ප්‍රින්සිපල් ව හම්බුනාම කිව්වෙත් කන්න නම් ඕන තරම් තියෙනවා කියලා. මිනිස්සු එපා කියද්දී කන්න ගේනවලු. ඉතින් විසික් කරන්න වෙනවා ලු.

    එතනින් ඉල්ලුවේ සබන්, ටුත්පෙස්ට් , පැනඩෝල්, වගේ ඒවා. එතන 700ක් ඉන්නවා. පව්ල් 60 ක් විතර ඉන්නවා කිව්වා.

    ඊට පස්සේ වැල්ලම්පිටිය පොලිසියට ගියා. සංසාරේ එපා වෙනවා පාරවල් වහලා එතන හිටපු එකෙක්ට කිව්වම යන්න දුන්නා.

    එතන පොලිසියේ ඉස්තානධිපතියා කතා කලේ. මිනිහා කිව්වේ වතුර , කන්න නම් ඕන තරම් තියෙනවා කියලා.

    එතනින් ඉල්ලුවේ ඇදුම්, යට ඇදුම්, සනීපාරක්ෂ දේවල්. කන්න ගේන ඒවා නම් ලොරි පිටින් විසික් කරනවලු. අපි යනකොටත් ලොරි දෙකක් වතුර බෝතල් ඇවිත් තිබ්බා.

    අපි ගොතටුව ඉස්කෝලේ දුන්නේ එක පවුලකට ඇතිවෙන්න සබන්, පැනඩෝල්, සිද්දාලේප, ටුත්පෙස්ට්.

    උබලත් මොනවා හරි දෙන්න යනවනම් මොනවත් ගන්න කලින් දෙන්න යන තැනකින් අහන්න මොනවද ඕනේ කියලා.ගොඩක් තැන් කියන්න කන්න ඕනෑවටත් වඩා කියලා.
     
    • Like
    Reactions: Sheenmax

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සබන්, ටුත්පෙස්ට් , පැනඩෝල්, වගේ ඒවා :yes::yes:


    ඇදුම්, යට ඇදුම්, සනීපාරක්ෂ දේවල් :yes::yes:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man eeye wathura bothal 20 dunna machan.ewath beda harinna athi :) thawa puluwan widihata help ekak denawa
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    man eeye wathura bothal 20 dunna machan.ewath beda harinna athi :) thawa puluwan widihata help ekak denawa


    අනිවා මචං.
    අදත් අපි යනවා ඒ පැත්තේ.
    පට්ට ට්‍රැෆික් බන් ඒ පැත්තේ.
    ගොඩක් මිනිස්සු වාහන අරගෙන එනවා ගo වතුර බලන්නයි ෆොටෝ ගහන්නයි
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    අනිවා මචං.
    අදත් අපි යනවා ඒ පැත්තේ.
    පට්ට ට්‍රැෆික් බන් ඒ පැත්තේ.
    ගොඩක් මිනිස්සු වාහන අරගෙන එනවා ගo වතුර බලන්නයි ෆොටෝ ගහන්නයි
    eeye kalani ganga uda kattiya cellphone walin photo gahanawa :P hariyata wathura dakala ne wage. dekak anala pannana oone.patta traffic paalama uda yanna be :growl::growl::growl:
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මොනවත් සල්ලි දීලා ගන්න කලින් ඒ පැති වලට මොනවද ඕනේ කියලා හොයලා බලන්න ගියේ.

    don gala monava hari gihin denavata vada hoyala balala dena eka vatinava bro
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේකනම් එච්චර හොද තෙර්ඩ් එකක් නෙමේ ඊයෙත් තිබ්බ අදත් තියෙන්ව හෙට නැති උනොත් ,
     

    shanakafromsl

    Member
    Jul 12, 2010
    187
    15
    0
    38
    hambanthota
    එතන පොලිසියේ ඉස්තානධිපතියා කතා කලේ. මිනිහා කිව්වේ වතුර , කන්න නම් ඕන තරම් තියෙනවා කියලා.

    Uba mehema kiyanne pora ube ata pallen helilada. Kriyawa uthum unata wedak ne. Chetanawa hoda netnm hora nale.