කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන&

signshop

Well-known member
  • May 30, 2011
    12,248
    9,059
    113
    Dubai
    කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන&

    කින්නියා රත්වෙයි-නාවිකයින් හා ගම්වැසියන් අතර උණුසුම් තත්ත්වයක්

    නීති විරෝධීව වැලි ගොඩ දමමින් සිටි පිරිසක් වැටලීමට ගිය නාවික හමුදා නිලධාරීන් හා කින්නියා පොලිස් වසමේ ගම්වාසීන් අතර නොසන්සුන් තත්ත්වයක් හට ගෙන ඇත.

    අද(29) උදෑසන කින්නියා ප්‍රදේශයේ සාවරු පාලම පිහිටි ප්‍රදේශයේ නීති විරෝධි වැලි ගොඩ දමන බවට ලද තොරතුරක් මත නාවික හමුදා නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් තිබිණි.

    එම අවස්ථාවේ දී නීති විරෝධි අයුරින් වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් නාවික හමුදා නිලධාරීන් දැක පළා යෑමට තැත් කර තිබේ.

    පළා ගිය පිරිසෙන් තිදෙනෙකු ගඟට පැන පීනා පළ යෑමට උත්සහ කිරීමේ දී අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    මේ හේතුවෙන් අවට සිටි පිරිස් සහ වැටලීම සඳහා පැමිණි නාවික හමුදා නිලධාරින් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇත.

    සිද්ධිය පාලනය කිරීම සඳහා කින්නියා පොලීසියේ නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ද කැඳවා මේ වන විට සිද්ධිය පාලනය කිරීමට කටයුතු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

    අතුරුදන් වු පුද්ගලයින් තිදෙනා සොයා නාවික හා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

    කෙසේ වෙතත් නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, අද දින උදෑසන කන්දකාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදි නාවික හමුදාවට ‍එරෙහිව වැලි ජාවාරම්කරුවන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව විසින් වැලි ජාවාරම් මැඩපැවත්විමේ මෙම මෙහෙයුම් සඳහා සංවිධානාත්මකව විරෝධය පළ කර තිබෙන බවයි.

    එහිදී වැලි ජාවාරමේ යෙදි සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි වැලි ජාවාරම්කරුවන් තිදෙනෙකු (03) ගඟට පැන පලා ගොස් ඇති බව ද ඔවුන්ද සඳහන් කරයි.

    මෙහිදී ප්‍රකෝපකාරි ලෙස සංවිධානය වූ ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසින් එකතුව එහි සිටි නාවික හමුදා භට පිරිස්වලට පහර දිමට සිදු කළ උත්සහයේදී පිරිස විසුරුවා තත්ත්වය පාලනය කර ගැනීමට නාවික හමුදාව විසින් අහසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කළ බව ද නාවික හමුදාව සඳහන් කරයි.

    තවදුරටත් ප්‍රකෝපකාරි ලෙස හැසිරුණු ජාවාරම්කරුවන් සහ ප්‍රදේශවාසින් විසින් නාවික හමුදා සහ විශේෂ කාර්ය බලකා නිලධාරින්ට දැඩි ලෙස පහර දී ඇති බව ද නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    header-new-logo-sinhala_2019.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දකුණේත් වැලි මන්කඩවලට ඇවිත් වැටලීම් කරන්නේ නාවික හමුදාවෙන්ද අයියේ.. දන්නේ නැති නිසා අහන්නේ..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    ඕකුන් වතුර යටින් පීනලා වෙන තැනකින් ගොඩවෙලා දැන් ගෙදරත් ගිහින් ඇති
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දකුණේත් වැලි මන්කඩවලට ඇවිත් වැටලීම් කරන්නේ නාවික හමුදාවෙන්ද අයියේ.. දන්නේ නැති නිසා අහන්නේ..

    Navy එකේ බල සීමාවෙ තිබුනොත් එනව .. අපේ ගෙවල් පැත්තෙ වැටලීම් වලට නම් ගොඩක් වෙලාවට Army එකේ කට්ටිය එනව බන්..
    :nerd:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    දකුණේත් වැලි මන්කඩවලට ඇවිත් වැටලීම් කරන්නේ නාවික හමුදාවෙන්ද අයියේ.. දන්නේ නැති නිසා අහන්නේ..

    Army, STF දෙකම එනවා. :yes: (අයියේ කිව්වට බොට 50 ත් පැනලා නේ? :lol:)

    අර තෙවරප්පෙරුම ඔහොම සීන් එකකට සිවිල් පිට ගිය STF නිලධාරීන් වගේකට බණින වීඩියෝ එකකුත් තිබ්බේ
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Army, STF දෙකම එනවා. :yes: (අයියේ කිව්වට බොට 50 ත් පැනලා නේ? :lol:)

    අර තෙවරප්පෙරුම ඔහොම සීන් එකකට සිවිල් පිට ගිය STF නිලධාරීන් වගේකට බණින වීඩියෝ එකකුත් තිබ්බේ
    පොඩි බිස්නස් එකක් පටන් ගත්තා. නැගලා යනවා අනේ වැඩේ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    Kinniya weli jawaaramkaruwan athadanguwata geneeme meheyumedi jawaaramkaruwan kala paharadeemakin naavika hamudawe 12kata thuwala; 4kata barapathalai - Hiru News
     
    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    මරක්කයෝ පුතේ.....බලාපියව් තොපිට වෙන වැඩේ.....සින්හල දෙමල දැන්වත් එකතු වෙයව්
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මරක්කයෝ පුතේ.....බලාපියව් තොපිට වෙන වැඩේ.....සින්හල දෙමල දැන්වත් එකතු වෙයව්

    STF ekata gahuwanam itin lagadeema bhuthya para hambeyi
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Navy eka bahapu nisane awula. Policiya obe oya wada handle karanna. Policiya ekka oya game walata awanam aniwa 5k wath elowa yawanawa. Ehema kalath policiyata kisi prashnayak wenne na. Navy eka athin ekek marunath news eka yanne sri lankan navy eken demala minissu maranawa kiyala anthimata UN human rights walath yai. Owata policiyata sinhala demala samanawa badawagana sinhala ekalage orders walata demala inspectir la bassala handle kalanam kisi awulak yanne na
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Navy eka bahapu nisane awula. Policiya obe oya wada handle karanna. Policiya ekka oya game walata awanam aniwa 5k wath elowa yawanawa. Ehema kalath policiyata kisi prashnayak wenne na. Navy eka athin ekek marunath news eka yanne sri lankan navy eken demala minissu maranawa kiyala anthimata UN human rights walath yai. Owata policiyata sinhala demala samanawa badawagana sinhala ekalage orders walata demala inspectir la bassala handle kalanam kisi awulak yanne na

    ඒ හින්දා තමා එස් ටී එෆ් බස්සන්නේ. උන්ට පොලිස් බලතලනේ තියෙන්නේ