කිඳුරියෝ ගැන දන්නවද?

crazy_lakshitha

Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    කිඳුරියෝ ගැන දන්නවද?

    "කිඳුරියෝ" මේ වචනය අපිට ඇහෙන කොටම මතකෙට එන්නේ බාගෙට නිරුවත් මාළුවෙකුගේ වගේ වරලක් තියෙන කාන්තාවක් නේ.මේ දිය කිඳුරියන් ගැන ලොකයේ ගොඩක් තැන් වලින් තොරතුරු වාර්තා වෙනවා.කැරිබියන් ‍ෆිල්ම්ස් සෙට් එක බලපු කෙනෙකුට නම් කියනකොටම කිදුරියෙක් මතක් වෙයි.ඒ වගේ මේ කිඳුරියෝ ගැන ගොඩක් ‍ෆිල්ම්සුත් ඇවිල්ලා තියෙනවා.මේ ඒ කිඳුරියෝ ගැන තොරතුරු ටිකක්......

    priest-mermaid-love-subplot-300x282.jpg


    the_cheesecake_mermaid_ii_by_little_orca-d47fa3w.jpg


    කෙසේ හෝ කිදුරන් පිලිබද ක්‍රිස්තු පූර්ව 5000 තරම් ඈත යුගයකට දිවෙන වාර්තාවන් පවතී.පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අනුව බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙහි කල කැනීම් වලින් ඔවුන් වන්දනාමාන කල ඔවෙන්නෙසී(*************)නම් දෙවියෙකු පිළිබද චිත්‍රයක් ගල් කැටයමකින් හමුවිය.මෙම දෙවියාගේ සිරුරේ ඉහළ කොටස මිනිසෙකුගේ සිරුරට සමානවන අතර පහළ කොටස මාලුවෙකුගේ වල්ගයට සමාන වේ.මෙම ගල් කැටයම දිව්‍යමය බලය පිලිබද පූජනීය සංකේතයක් ලෙස සැලකූ බව පෙනීයයි. සමහර තොරතුරු අනුව ඔවෙන්නොසී අරාබි ජනප්‍රවාදවල නිරන්තර හමුවන දෙවියෙකු වන අතර ඈත අතීතයේ සිට මෙම කිදුරු දෙවියන් වන්දනාවට පාත්‍රවී ඇත.පැරීසියේ ලොවුරේ කෞතුකාගරයේ තවදුරටත් අතීත ලෝකය ඕවෙන්නෙසී පුද පුජාවලට ලක්කල බවට සාක්ෂි පවතී.බයිබලයේ සඳහන් තොරතුරු අනුව 'ඩාගන් ' නම් දෙවියන් මාලු වල්ගයක් සහිත බවත් උසස් දිව්‍ය බලයක් සහිතවූ බව සදහන්ය.මහජලගැලීම සිදුවූ කාලයට පසුව ශතවර්ෂ ගණනාවකට පසුව කිදුරන්ට මෙම දිව්‍යමය බලය ආරෝපණය කරන ලදී.
    දියකිඳුරන් පැවතීම පිළිබද විශ්වාසය අභියෝගයකට ලක්වුවද,සාගර විශේෂඥයන් මෙම අදහස පිලිබද ධනාත්මකව සිතන්නේ කිඳුරන් සාගරයේ ගැඹුරු පත්ලෙහි ජීවත්වීමට ඇති ඉඩකඩත් සමගය.මෙහිදී ඔවුන් කිඳුරන් සාගර මතුපිටට පැමිණ සිටිනවා යන්න පිළිගැනීමට සුදානම් නොමැති උවත් මොවුන් ගැඹුරු සාගර පතුලෙහි යම් තැනක ජීවත් වීමේ හැකියාව බැහැරනොකරයි.නමුත් අනපේක්ෂිත ලෙස සාගර මතුපිටට පැමිණීමෙදී යම් යම් පුදගලයන්ට දර්ශනයවී නැවත නොපෙනී යාහැක.විද්‍යාත්මක පර්යේෂණවලට අනුව අවසන් නිගමනය පැහැදිලිය.එය නීර්ණය වන්නේ සාමාන්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් ඔබ්බට යමින් නොවේ.නමුත්මෙම මුහුදු සත්වයා වන දියකිඳුරා සජීවි සත්වයෙකු ලෙස සිටීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.මිනිසා ස්පර්ශ කර නැති ලෝකයේ බොහෝ ප්‍රදේශවල ආගන්තුක සතුන් සහ පැලෑටි විවිධාකාරව පුළුල්ව තිබීමට ඇති හැකියාව සමගින් සාගර පත්ල පිළිබඳ තවමත් කෙරී ඇති හැකියාව සමගින්ද මෙම මුහුදු සත්වයා ජීවත්ව සිටීමට වැඩි අවස්තාවක් පවතී.මානව විද්‍යඥයන් වුවද කිඳුරන් සමඟ එකතු වන්නේ මුල් යුගයේ මිනිසා වෙරලාසන්නව ජීවත්වීමට සංක්‍රමණය වී සාගර පතුලට කිමිදී නව විශේෂවල ආහර හා පැලෑටි සොයමින් ජීවත් වූ බව සැලකේ.ශතවර්ෂ ගණනක් ජීවත්වනවට මෙම ක්‍රියාව නිසා තම සිරුර අනුවර්තනය වී එහි කායික වෙනසක් සිදුවු බව සැලකේ.මෙහිදී මිනිසා මාළු මිනිසෙකු බවට ක්‍රමිකව රූපකාය වෙනස් වු බවට මානව විද්‍යාඥයන්ගේ අධ්‍යයනවලින් පෙනී යන්නේ ජීව විද්‍යත්මක පරිණමය ඔස්සේ සත්වයන්ගේ වෙනස්වීම සිදුවන නිසාය.කිඳුරන්ද මේ හා සමානව මුල් යුගයේ මිනිසුන් සාගර ජලයේ ජීවත්වීමට පරිණමය වීමක් සේ සැලකේ.

    mumified-real-mermaid-random-23800061-500-400.jpg
    fijimermaid.jpg


    මේ කිඳුරන් ඇසින්දු‍ටු අවස්තාද වාර්තා නොවෙනවාම නොවේ.මේ එවැනි අවස්තා කිහිපයක්.
    එංගලන්ත්යේ යෝක්ෂයර් ප්‍රාන්තයේ ඉංජිනේරුවෙක් වන පීටර් එඩ්වඩ්සන් තම සහයක කාර්ල් ලුඩ්සන් සමග සයුරේ යාත්‍රා කරමින් සිටියේ අවට දූපත්වල හුණුගල පිළිබඳ පර්යේෂණ කිරීමටය.එදින කදිම දිනයක් වූ අතර ඔවුන් දූපත්කට පෙනෙන මානයට සමීප වූ මොහොතේ පීටර් දුපත අසල ගල්පරයක වාඩිවී සිටින කිසියම් සත්වයෙකු දු‍ටුවේය. සමීපවන මොහොතේම ඔවුන් දු‍ටුවේ අඩනිරුවත් යුවතියකගේ උඩුකය සහිත රුවකි.ඔවුන් ක්ෂණිකව ඒ කිඳුරියක් ලෙස නිගමනය කල අතර ඇය වාඩිගෙන සිටි ගල්පරය අසලට ගිය අතර ඒ මොහොතේම ඇය ඔවුන් දෙස මොහොතක් බලා ක්ෂණිකව ගැඹුරු සාගර දියට පැන අතුරුදහන් වූවාය.මිනිත්තු කිහිපයක් ඇයගේ දුඹුරුවන් හිසකෙස් කළඹ සයුරු දියේ පාවෙමින් තිබු අතර ඇයගේ වරල සයුරෙන් මතුව පෙනින.ඇය නිල්වන් සයුරු දියේ කිමිදෙමින් සිටියාය.අනතුරුව ඇය අතුරුදහන් වූ නිසාම පීටර් මෙම ප්‍රදේශය පරික්ෂාවට ලක් කලේය. මෙම අපූරු දසුන ඔහුගේ මිතුරාද දැක තිබූ අතර එය 1933 දී ප්‍රාදේශීය පුවත්පත් එය වාර්තා කලේය.නමුත් පාඨකයින් එය විශ්වාසනීත්වයෙන් පිලි ගත්තේ නැත.පීටර් හෙලිකර ඇත්තේ තමන් දු‍ටුවේ මාලු කොරපොතු වලින් ආවරණය වූ සිරිරක් සහිත කාන්තාවකගේ මෘදුභාවයෙන් තොර තරමක විරූප මුහුණක් සහිත කිඳුරියක් බවයි.සත්වයාගේ හදිසි සන්ත්‍රාසය ඔවුන්ට ඉතිරි කර ගියේ පුදුමයකි.එය මිනිත්තු තුනක් ඇතුලත දු‍ටු කින්දුරියගේ ස්වභාවය හැඩරුව නිවැරදිව විස්තර කිරීම අසීරු වන්න සේම සම්පූර්ණ පින්තූරය ගොඩනඟා ගැනීමට අවස්තාවක්ද නොවේ.සාමාන්‍ය සිදුවීමකට වඩා ඔබ්බට යන අරුම පුදුමයක් නිසා මෙය වඩාත් තහවුරු වේ.කෙසේ වුවත් පීටර් පවසන්නේ සත්වයා ගල්පරය මත තම සිරුර දිගාකරමින් සිටියදී කලබලයට පත්ව වරලෙහි ආධාරයෙන් හිස ඉදිරියට යොමුකරගෙන ජලයට පැනගත් බවයි.එසේම කිඳුරියගේ මුහුණ ප‍ටු බවත් ඉදිරියට නෙරා ඇවිත් දෑස් රවුම් හැඩයකින් යුක්ත වුයේ මාළු දෑස් සිහියට නංවමිනේ.තවදුරටත් කිඳුරිගේ සිරුර පුරා අප්‍රසන්න විශාල ලප තිබු බව පීටර්ගේ සහයකයාද දැක තිබේ.
    ස්කොට්ලන්තයේ විලියම් මුර්නව් පාසැල් ගුරුවරයෙකු වන අතර ඔහුද වෙරලෙහි ගල්පරයක වැතිර සිටි කිදුරියක් දැක ඇත.ඔහුගේ පුද්ගලික තොරතුරු අනුව සෑම සැන්දැවකම සැන්ඩි සයිඩ් බොක්කෙහි ඔහු ඇවිද යන්නේ එහි වටපිටවේ සුන්දරත්වය සේම නොඉඳුල් වෙරල තීරය නිසාය.එලෙස ඇවිද යන එක සැදෑවක ඔහු බොක්කෙහි ඉහල කොටසට යාමට ඉඩ ලැබී තිබුනි.මුර්නව් හදිසියේ දු‍ටුවේ සයුරේ එයට ආසන්න ගල්තලාවක දුඹුරුවන් හිසකෙස් සහිත ප්‍රසන්න කාන්තාවක් වාඩ්වී සිටින අයුරුයි.ටයිම්ස් සගරාව කරන ලද සම්මුඛ සාක්ච්ඡාවකදී ඔහු තමන් දු‍ටු දසුනට අදාල සුවිශේෂි ඡායාරූපක්ද ලබාදී තිබුනි.ඔහු මෙම අවස්තාවෙදි මෙම දසුන තනිවම නැරඹුවා නොවේ .එහෙත් වෙරලේ සිටි සමහර පුද්ගලයන්ගේ අවධානය එදෙස යොමු නොවූවා විය හැක.එහි වෙරලෙහි සිටි පුද්ගලයන් කලබලයට පත්ව වතුරට පැන්නේ තමන්ට ජීවිතයේ ප්‍රථමවතාවට කිඳුරෙක් බලාගැනීමට තිබූ අවස්ථාව මගහරිමිනි. ටයිම්ස් සඟරාව පවසා සිටියේ මෙම කලාපයේ සයුර කිඳුරන්ට කදිම ස්ථානයක් සේ කිවහැක්කේ සයුර භයානක ලෙස ගැඹුරකින් යුතුසේම වෙරලට සමීපව අති විශාල ගල්පර ප්‍රමාණයක් තිබීමය.ප්‍රබල රල පහරවල් ඒවයෙහි නිරන්තරයෙන් ගැටෙන්නේය.යමෙකුට කිඳුරන් සැගවයන ඉසවුව දැන ගැනීමට නොහැකි වන්නේ ඒ නිසාවෙනි.

    nerina-2.jpg


    133212N0J92Z-G196.jpg



    රොබර්ට් .එස්. පෙස්කර් නම් එංගලන්ත ජාතිකයා කිඳුරියන් දු‍ටු තවත් පුද්ගලයෙකි.තමන් සයුරේ පිහිනමින් සිටින විට කෝර්න්වේල් මුහුදු වෙරලේ නොගැඹුරු මුහුදේදී 1825 දී මෙය සිදුවී තිබේ.ඔහු විස්තර කරන ආකරයට තමන් සයුරේ පිහිනමින් සිටින විට රබර් කුට්ටියක් වැනි සීතල යමක් තම පාදයේ ගැටෙනු ඔහුට දැනිනි.තැති ගැන්මට ලක්වු පෙස්කර් ආපසු හැරී බලද්දී දු‍ටුවේ සුන්දර යුවතියක් තමන් වැලඳ ගැනීමට මෙන් ලංවන ආකාරයයි.පැහැදිලිවම මිහිරි නලාහඩකින් නාදකරමින් සිටියද ඇගේ දෙතොල් වැසී ඇති ආකාරය ඔහුට දක්නට ලැබුනි.ගලා එන සංගීතරාවය මොහොතට වුවත් ඔහුගේ සිරුර ඇගේ අත්වලින් වෙලීයනුඔහුට දැනින.එහෙත් තවත් මොහොතකදිගල්පරයක් සමීපයට පැමිණි පසු ඔහු පුදුමයට පත්කරමින් ඇය ජලය අතර නොපෙනී ගියාය.පසුව ඇය සැගවී ගිය ස්ථානය හෝ ඉවතට ගිය ප්‍රදේශය සෙවීමට උත්සාහ කලත් ගල්පර කොරල්පර හැරෙන්නට කිසිත් නොවීය.
    කෙසේ නමුත් අපූර්ව සොයාගැනීමක් සදහා 1981දී දායක වී තිබුනේ සෞදි ධීවරයන් පිරිසකි.ධීවරයන් විශ්වාස කල නොහැකි ලෙස බලා සිටින්නේ මානව දෙපා සහිත අසාමාන්‍ය මාළුවෙක් දෙසය.එම මාළුවා වෙරලට පා වී තිබුනේය.භයානක අනතුරකි පසු දෙපා සුවකල නොහැකි ලෙස කැඩී තිබුනී.සෞදි අරාබියේ සාගර ජීවි විශේෂඥයන් මෙම මාළුවා ගැන විශේෂ අවධානය යොමු කලේ මාළුවගේ බද කොටස මාළුවකුගේ ස්වරූපයත් පහල වරල් කොටස මානව පාදයන්ගෙන් යුතුවීමත් නිසාය.ඔවුන්තම පරීක්ෂණ කටයුතු නිමාකලේ ජනප්‍රිය මතයක් වන කිඳුරියක් ලෙසිනි.වෙරලට ගසාගෙන පැමිනීමට පැය කිහිපයකට පෙර මාරාන්තික අනතුරක් නිසා මියගොස් ඇතිබවට කරුණු දක්වා තිබුනි.ජපන් හා සෞදි පුවත්පත්වල මෙම පුවත සිරස්තලයක් විය.කිඳුරු මාළුවගේ මෙම තොරතුරුවලින් අනාවරණය වූයේ ගැඹුරු මුහුදේදී නාවික නිලදාරින් ඇයව අල්ලා ගැනීමට මාළු කොකු භාවිතා කිරීම නිසා මෙලෙස පාද අහිමිව මිය යාමට සිදුවු බවයි.මෙයින් පැහැදිලිවම පෙනීයන්නේ කිඳුරිය පලා යෑමට තැත්කිරීමේදී බිලිකොකු නිසා කොන්දේ මාරන්තික තුවාලයක් වූ බවයි.සෞදි අරාබියේ මාධ්‍ය විවෘතවම සෞදි බලධාරීනට චෝදනා කලේ මෙම කිඳුරියගේ සිරුර ‍රැකගැනීමට සාගර ජීවී කෞතුකාගාරයක් නැතිවීම සම්බන්ධවයි.එය එසේ තිබුනා නම් ඉදිරි ගවේෂණ හා පරික්ෂණවලට කදිම අවස්ථාවක් වන බවයි.කෙසේ වුවත් මෙම පුදුමාකාර මිනිස් මාළුවා දැක ගැනීමට විශාල පිරිසක් පැමිනීම නිසා එය දිගුකලක්ම නරක්වෙවී තිබිණි.මේ නිසා වැදගත් පර්යේෂණ අවස්ථාවන් ගිලීහී ගියේය.නාවික බලධාරින් මෙම සත්වයා අල්ලාගැනීමට උත්සහාකලේ කොතැනදීද යන්න වාර්තා කර නොතිබුනි.මෙවන් බොහෝ අවස්ථාවන් වලදී බොහේ නාවිකයන් ඒ පිලිබද වාර්තා නොකරන නිසා බොහෝ අපුර්ව තොරතුරු අහිමි වී යයි.

    16670,xcitefun-mermaid.jpg


    නාවික්යෙකු වන හෙන්රි හඩ්සන් වරෙක දු‍ටුවේ ලස්සන යුවතියක් තම නෞකාව සමීපයෙන් පිහිනන ආකාරයයි.නෞකාවේ සිටි සියලුදෙනාටම මෙය අරුමයක් වූයේ හැන්දෑ යාමේ ගැඹුරු මුහුදේ ආධාරකවලින් තොරව කාන්තාවකට පිහිනීම නිසාය.නාවිකයන් හොදින් දැනසිටියේ අඳුර එක්වන මේ මොහොතේ අත්දැකීම් බහුල පිහිනුම් ශුරයෙකු වුවද ප්‍රචණ්ඩ සයුරට බහින්නේ නැති බවයි.එහිදී කාන්තාවක් මෙවැන්නට යොමු නොවෙන බව ඔවුන්ට සිහිවිය.ඔවුන් ක්ෂණිකව ඇය මුහුදු සත්වයෙකු බව වටහාගෙන දැලක් එලුවත් ඇය පි‍ටුපසට පැන ගැඹුරු ජලයෙහි කිමිදි ගියේ ඇයගේ මාලු වරල ප්‍රකට කරමිනි.මේ සිදුවීම සිදුවුනේ 1608දීය.

    True-Mermaid-bits-and-pieces-4196353-648-486.jpg


    කෙසේවුවත් දිය කිඳුරියන් සිටිනවා යන්න විශ්වාස කිරීම නොකිරීම තමන් සතු කාර්ය්‍යයක්.මගේ අදහස නම් සමහර විට ගැඹුරු මුහුදු පත්ලේ සමහරවිට දිය කිඳුරියෝ ඉන්නවා වෙන්න පුලුවන් කියන එකයි.ඔයාලගෙත් අදහස් දක්වලා යන්න.ඒ නැතත් බම්ප් කියලාවත් කොටලා යන්න.

    මේ කිඳුරියෝ ගැන වීඩියෝ ටිකකුත් තියෙනවා බලන්න :shocked:








     
    Last edited:

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    මම කට්ටා;13504139 said:
    එලස් කට්ටෝ:)

    ane manda...

    ඔව් ඒකතමා අනේ මන්දා:rofl:



    elaz rep +

    තෑන්ක්ස් කොල්ලෝ :)

    Maxa...!!!
    Bump

    තෑන්ක්ස් කොල්ලෝ :)


    තෑන්ක්ස් කොල්ලෝ :)

    :shocked:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    කිදුරෝ ගැන දාලා නැත්තේ ඇයි?

    අනේ මන්දා බන් කිඳුරෝ ගැන කියවෙන්නේ බෞද්ධ සාහිතයේ විතරයි. හැබැයි ඒ කිදුරෝ මුන්ට වඩා වෙනස් ඒ කිදුරන්ට මිනිස් ඇගකුයි කුරුලු දෙපායි තිබිලා තියෙනවා.අනිත් ගොඩාක් තැන්වල කියවෙන්නේ කිදුරියෝ ගැන විතරයි.මට තොරතුරු හම්බුනෙත් කිදුරියෝ ගැන විතරයි. :no:
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ

    .බයිබලයේ සඳහන් තොරතුරු අනුව 'ඩාගන් ' නම් දෙවියන් මාලු වල්ගයක් සහිත බවත් උසස් දිව්‍ය බලයක් සහිතවූ බව සදහන්ය.මහජලගැලීම සිදුවූ කාලයට පසුව ශතවර්ෂ ගණනාවකට පසුව කිදුරන්ට මෙම දිව්‍යමය බලය ආරෝපණය කරන ලදී.

    මචන් මෙන්න මෙහෙම කොටසක් බයිබලේ තියනවද??මම දන්නා තරමින් නම් නැහැ...:no::no:
     

    crazy_lakshitha

    Well-known member
  • Dec 2, 2011
    1,811
    497
    113
    එළකිරිලන්තේ.....
    එළකිරි_කොල්ලා;13504325 said:
    මචන් මෙන්න මෙහෙම කොටසක් බයිබලේ තියනවද??මම දන්නා තරමින් නම් නැහැ...:no::no:

    මමනම් බයිබලේ ගැන හරියට දන්නේ නෑ බන්.මම තොරතුරු ගත්ත පොතේ මෙහෙමයි තිබ්බේ.ඔය පරණ තෙස්තමේන්තුව ගගා ඒවා තියෙනවා නේ.ඒ වගේ කොහෙහරි තිබ්බ එකක් වෙන්න ඇති බන්.මම දන්නේ නෑ ඒ ගැන සොරි මචෝ :no: