කිම අපි නොමරා අම්මා විතරක් මැරුවේ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,227
    8,224
    113
    M-Town
    😭කිම අපි නොමරා අම්මා විතරක් මැරුවේ😭

    ඉටි රෙදි සෙවිලි කල දර ගේ අයිනකට වෙලා
    අම්මා අපිව බිහි කෙරුවා සතුටු වෙලා
    මහ වැහි වහින විට අම්මගෙ ලඟට වෙලා
    උනුහුම වින්දෙ අපි ඔක්කොම එකට වෙලා

    තුරුලට අරන් සීතලයක් නොදැනෙන්න
    උනුහුම දුන්නෙ සැනසීමෙන් නිදියන්න
    රස කිරි පෙව්වෙ පොඩි බඩවල් පිරවෙන්න
    අපි දැඟලුවේ අම්මගෙ තුරුලෙම ඉන්න

    ගෙනැවිත් දමා අද අපි පාලුම තැනක
    කුණු ගොඩක්ද මන්දා පාරේ කොනක
    වැහි පොද නිසා සීතල දැනෙනා විටෙක
    අනේ අපේ අම්මා ගියෙ කොයි ලොවක

    උහුලනු බැරිව දැනෙනා විට කුස ගින්න
    අම්මා හෙව්වෙ විගහින් ගොස් කිරි බොන්න
    දකිනා විටදි උරයක් ඇතුලේ ඉන්න
    අම්මේ ඉතින් දැන්වත් නුඹ නැගිටින්න

    කොච්චර කතා කෙරුවත් නෑ නැඟිටින්නේ
    අත් පා සතර දරදඬු කරගෙන ඉන්නේ
    කවුරුද අපිට ආදරයෙන් කිරි දෙන්නේ
    ඇයි අද අම්මෙ නුඹ ඔය හැටි නිදියන්නේ

    රුවලයි අපේ අම්මා ජීවන ඔරුවේ
    මොනවද අනේ අපෙ අම්මට කෙරුවේ
    පුර හඳ ඇයයි එලියක් නෑ තනි තරුවේ
    කිම අපි නොමරා අම්මා විතරක් මැරුවේ

    *මනෝජ් පුෂ්පකුමාර........

    FB_IMG_1659177615122.jpg


    menna balanawa nam film eka
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    සක්කිලි ම්නිස්සු,
    අපෙ ගෙදරත් බල්ලෙක් ඉන්නවා,අදත් ගියා යලුවෙක්ගෙ බල්ලව බලන්න,අපිට එත් මදි.
    ඔය වගෙ එකෙක් මට අහු උනොත් නම් අතපය කඩනවා,මෙවා දැක්කම දුකයි බන්.දාන්න එපා බන් මෙවා
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේවා කරන කැරියන්වනම් කෑලි කෑලි කපල මරන්න ඕනේ
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,227
    8,224
    113
    M-Town
    සක්කිලි ම්නිස්සු,
    අපෙ ගෙදරත් බල්ලෙක් ඉන්නවා,අදත් ගියා යලුවෙක්ගෙ බල්ලව බලන්න,අපිට එත් මදි.
    ඔය වගෙ එකෙක් මට අහු උනොත් නම් අතපය කඩනවා,මෙවා දැක්කම දුකයි බන්.දාන්න එපා බන් මෙවා
    menna balanawa nam film eka
     
    • Like
    Reactions: Jim_Moriarty

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මුන් deserve කරන්නෙ රාජපක්ස පාලනයක්ම තමයි