මේක ඇඩ් එකක් ඒ උනාට තියරි වලට වෙන වැඩේ මේක තමා.
සාම්ප්රදායික මාක්ස්වාදියාගෙන් පශ්චාත් මාක්ස්වාදියා වෙනස් වෙන්නේ කොහොම ද කියා සරලව...
* කාල් මාක්ස් මෙතන මෙහෙම බෝඩ් එකක් ගැහුවා..
"Crocodiles
Do Not Swim Here"
* මිනිහාගේ යාළුවා ඒංගල්ස් මේක වඩාත් පැහැදිලි කරලා කීවා "මෙතන කිඹුල්ලු ඉන්නවා.. උඹලා මෙතන නෑවොත් උන් ඇවිත් කන්න පුළුවන්.. වතුරට බහින්න එපා ඈත් වෙලා හිටපන් කියලා"
* මේවා අහපු ලෙනින් වගේ අය මෙතන නනා හිටපු අයගෙන් සමහරුත් ගොඩට ඇදලා ගත්තා.. ලෙනිනුයි ගෝලයොයි මාර ආදරෙයි බෝඩ් එක ගහපු මාක්ස්ටයි කියලා දුන්න ඒංගල්ස්ටයි..
* ටික දවසක් යද්දී පේන්න ගන්නවා මෙතන කිඹුල්ලු නැති බව.. ලෙනින්ව ගණන් නොගෙන ගඟේ නාපු අය, නාන්නේ නැතුව ගොඩ ඉන්න ලෙනින්ගේ ගෝලයන්ට හිනා වෙනවා..
* ලෙනින්ගේ ගෝලයෝත් උත්තර දෙනවා: බලන් හිටපල්ලකෝ කිඹුලා මතු වෙනකම් තොපි පාඩමක් ඉගෙන ගන්න..
* හැබැයි තවත් දවස් ගියත් මෙතන කිඹුල්ලු නැති බවක් පේන්නේ.. දැන් දැන් ගොඩ ඉන්න සමහරුන්ට සැකයි.. හැබැයි මෙයාලා බෝඩ් එක ගහපු මාක්ස්ට හරි ම ආදරෙයි.. බෝඩ් එක බොරු කියලා හිතුණත් මාක්ස් බොරු බෝඩ් එකක් ගැහුව කියන්න මොකක් ද වගේ..
* ඔන්න මේ කට්ටිය ආපහු පාරක් කල්පනාවේ ගිලිලා බෝඩ් එක දිහා බැලුවා.. මාක්ස්ට වරදින්න පුළුවන් ද?
එක පාර ලුකාච්ට අකුණක් වැදුණා වගේ මාර අදහසක් ආවා!
* ලුකාච් මෙහෙම කීවා: "මාක්ස් බෝඩ් එකේ ගහලා තියෙන්නේ කිඹුල්ලු මෙතන පීනන්නේ නෑ කියලා. මේ ඒංගල්ස් තමා ඒකට විකෘති අර්ථකථනයක් දීලා තියෙන්නේ.. මාක්ස් වැරදි නැහැ.. ඒංගල්ස් මාක්ස්වාදය විකෘති කරලා"
* දැන් ගෝලයෝ එකා දෙන්නා බෝඩ් එක බලාගෙන එක එක අලුත් අර්ථ හොයාගන්නවා..
* මාක්ස් බෝඩ් එක ගහපු දවස්වල කිඹුල්ලු ඉන්න ඇති.. දැන් උන් නැතුව ඇති කියලා සමහරු කීවා
* බෝඩ් එක විසංයෝජනය කරන්න ඕනේ.. මේක කවියක් "කිඹුල්ලුනේ, මෙතන පීනන්න එපා කියල" කවියක් මාක්ස් කියන්නේ.. නැතුව වතුරට බහින්න එපා කියලා නෑ..
* අන්තිමේ තව කෙනෙක් මෙහෙමත් කීවා.. මාක්ස් කිඹුල්ලුන්ට මෙතන පීනන්න එපා කියපු නිසා තමා කිඹුල්ලු මෙතනින් අයින්වෙලා ගියේ.. ඔයාලා මෙතන සැපට නනා ඉන්න ගමන් මාක්ස්ට හිනා වෙන්න ලැජ්ජා නැද්ද?
%%% මාක්ස්වාදය වගේ ම මාක්සියානු ආර්ථිකය පැත්තේ සාම්ප්රදායික හා නූතන අර්ථකථන වෙනස්කම් විස්තරාත්මකව කියවන්න
"මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්"
පොත් ප්රදර්ශනයේ "ග්රන්ථ" ප්රදර්ශන කුටියෙන් (K-03 කුටිය) මිල දී ගන්න..
https://www.facebook.com/share/N7bnqSMqotqTmg3o/?mibextid=oFDknk