කිඹුලා රැගෙන ගිය දැරියව මුදාගෙන රෝහල් ගත කිරීමේදී මියයයි
මීගලෑව ප‍්‍රදේශයේ ඇළක දිය නාමින් සිටි කුඩා දැරියක් කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් තිබෙනවා.
මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ උස්ගල, සියඹලංගමුව, ලීකොළ වැව ප‍්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුනහමාරක දැරියක්.
ඊයේ (15) පස්වරුවේ එම දැරිය සිය මව සමග මීගලෑව, යාය 03 ඇළේ දිය නාමින් සිටින අවස්ථාවේ මෙලෙස කිඹුළෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
ප‍්‍රදේශවාසීන් සහ මීගලෑව වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව දැරිය, කිඹුළාගේ ග‍්‍රහණයෙන් මුදාගෙන තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබුණා. රෝහල්ගත කිරීමේදී දැරිය මියගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.
නෙත්