අපි සමාජයේ ජිවත් වෙද්දී නිතරම වාගේ බාවිතා වෙනවා “එයාට කියන දෙයක් තේරෙන්නේ නැ”, කියන වචන ටික.යමෙකුට තවත් අයෙක් පවසන දෙයක් වටහා ගැනීමට අමාරු වන්නේ ඔහු හෝ ඇය එම කාරණය ගැන දන්නා ප්‍රමාණය හා සිතන ප්‍රමාණය අනුවයි. එය ජෝතිශයේදී බුදගෙන් සහ ගුරුගෙන් සොයා බලයි. අද අපි බුද ගැන සලකා බැලුවහොත් බුදගෙන් මොලයේ නියුරෝන ක්‍රියා කාරිත්වය ගැන සලකා බැලෙන නිසා මතක ශක්තිය නොහොත්, මොළයේ ගබඩා කිරීමත් නැවත එම කරුණු ආවර්ජනය කිරීමත් යමක් තේරුම් ගැනීම සඳහා වැදගත් වෙනවා. කෙනෙක් යමක් මොළයේ තැන්පත් කර ගන්නා දේට, ඒ තැන්පත් කරන ආකාරයට පෙර සංසාරයේ පුරුද්ද බලපාන බව කිව යුතුයි.යම් අයෙකුගේ බුද නිච නම් ඔහුගේ මොළය තුල කරුණු තැන්පත් කිරීමේ හැකියාවේ ගැටළු පවතින බව දැන ගත යුතුය. නමුත් මනුස්ස ආත්මයක් ලැබී ඇති නිසා කුඩා කාලයේදීම කේන්ද්‍රය මගින් මෙම ගැටලුව හදුනා ගත හොත් භවුතික අබ්යාස ක්‍රම මගින් මෙම තත්වය වෙනස් කර ගත හැකිවේ. ඒ බව බුදු දහමේද සදහන් වේ. බලවත් දිට්ට දම්ම වේදනීය කර්ම මගින් පෙර අකුසල් නොහොත් අකුසල තාවයන් වලක්වා ගත හැකි බව බුදුරජාණන් වහන්සේද පෙන්වා දී ඇත, බුදගෙන් පෙන්වා දෙන,යමක් තේරුම් ගැනීමේත්, මතක තබා ගැනීමේත්,හා වටහා ගැනීමේ අකුසල තාවයන් හදුනා ගත් විට එම අකුසල තාවයන්ගේ ස්වභාවය අනුව ප්‍රතිකාර කිරීම මගින් එම තත්ව දුරු කර ගත හැක.
පහත උදාහරණය බලමු
මෙය 2004 ඉපදුනු දැරිවියකගේ කේන්දරයක් වන අතර මේ වන විට ඇය සාමාන්‍ය පෙළ කඩ ඉම සදහා සුදානම් වෙමින් සිටී.මෙම කේන්දරයේ බුද මීන රාශියේ නිච වන අතර බුද නීච වී ඇත්තේ බුදගේම රේවතී නැකතේ දෙවැනී පාදයෙහිය.මෙම දැරිවියට දීර්ග කාලින මතකය සම්බන්ද ගැටලුවක් පැවති අතර එයට හේතු වී තිබුනේ මොළයේ හයිපෝතැලමස හි ක්‍රියා කාරිත්වයේ ගැටලුවකි.ඇයට යමක් පැවසූ විට,ඇය එය නැවත නැවත නැවත මෙනෙහි කොට මතක තබා ගැනීමට උත්සහ කරන නමුත් ටික කලකට පසුව එම කරුණ ගැන විමසු විට එය මෙනෙහි කිරීමට දීර්ග කාලයක් ගතවේ. මෙම හේතුව නිසාම ඇයව චෙස් ක්‍රීඩාවට යොමු කල අතර වෙනත් අබ්යාස කීපයක්ද දිනපතා කරන ලෙස උපදෙස් දුනි.වර්තමානය වන විට ඇයට යමක් මතකයට ගැනෙන විට ඇතිවන ආතතිය අවම මට්ටමකට පැමිණ ඇති නමුත් තවමත් තනියෙම යම් කිසි විෂයක් සම්බන්ද කරුණක් කියවා එය වටහා ගැනීමට තරම් මතකයට අවශ්‍ය කරන නියුරෝන ක්‍රියා කාරිත්වය නිවැරදි වී නොමැත. නමුත් සාමාන්‍ය පෙළ කඩඉමට එය එතරම් ගැටලුවක් නොවන නිසා එයට අවශ්‍ය ප්‍රතිකාර පසුවට කල් තබා ඇත.මේ ආකාරයෙන් ඕනෑම දරුවෙකු සදහා පවතින ගැටලු හදුනාගෙන නිරාකරණය කර ගැනීමට උදවූ කළහොත් බුද්දිමත් සමාජයක් බිහි කර ගැනිමට අපහසු නොවේ.