කියවලම බලන්න....

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    1186233_352460774884990_2145376202_n.jpg


    එක්තරා අඹු සැමි යුවලක් ජීවත් වුනා. මේ යුවල විවාහ පත්වී බොහෝ කලක් ගියද මේ යුවලට දරුවන් සිටියේ නැහැ... දරුවෙකු ලැබීමට ආසාවෙන් කල් ගෙව්වද ඒ සිහිනය ඉටු නොවන බව වටහා ගත් මේ යුවල තමන්ගේ පාළුව කාන්සිය මකා ගැනීමේ අරමුණින් සුරතල් බල්ලෙක්ව ඇති දැඩි කිරීමට පටන් ගත්තා.

    මේ බල්ලා මේ දෙපළගේ දැඩි ආදරය හා රැකවරණය ලබමින් ඉතා සුරතලෙන් කාලය ගත කළා. මෙසේ ටික කාලයක් ගත වීමෙන් පසු මේ කාන්තාවට දරු ගැබක් පිහිටියා. නියමිත කාලය ගෙවීමෙන් පසු මේ කාන්තාව පිරිමි දරුවෙකු බිහි කළා. තමන්ගේ සිහිනය ඉටු කරමින් පවුලට එක් වූ දරුවාට මේ යුවල ඉතා දැඩි ලෙස ආදරය කළා. නිතර ඔහු සුරතල් කරමින් කාලය ගත කළා.
    මෙතෙක් කාලයක් මේ යුවලගෙන් තමන් ලද ආදරය ටිකෙන් ටික අඩුවෙමින් යද්දී බල්ලා ඉතා කනස්සල්ලෙන් යුතුව මේ දරු සුරතල් දෙස බලා සිටියා. බල්ලා මෙසේ සිටින්නේ ඌ දරුවාට අකමැති නිසා විය හැකියි කියා මේ යුවල සිතුවා. දිනක් දරුවා තොටිල්ලේ නිදි කරවා මේ යුවලද නින්දට ගියා. උදේ අවදි වී පියා තම පුතු නිදනා තොටිල්ල වෙත යද්දී දුටු දසුනින් වික්ෂිප්ත වී ගියා. කටින් ලේ පෙරමින් බල්ලා තොටිල්ල අසල සිටියා. බිම දිගේ ලේ විසිරී තොටිල්ල වටේද ලේ තැවරී තිබුණා.

    මෙයින් දැඩි දුකකට මෙන්ම ආවේගයට පත් මේ පුද්ගලයා සිතුවේ බල්ලා තම පුතුව සපා කා ඇති බවයි. ඒ ආවේගන්ම තම කාමරයට දිව ගිය මේ පුද්ගලයා කාමරයේ වූ තුවක්කුව රැගෙන විත් වියරුවෙන් මෙන් බල්ලාට වෙඩි තැබුවා. බල්ලා මැරී වැටෙනවාත් සමඟ ඒ ශබ්දයට බිය වූ දරුවා හඬන්නට පටන් ගත්තා. කලබලයෙන් දරුවා වඩා ගත් මේ පුද්ගලයාට දරුවාගේ ඇඟේ එක සිරීම් ලකුණක්වත් දැක ගැනීමට ලැබුනේ නැහැ. ඒ වෙනුවට ඔහු දැක්කේ දරුවාගේ තොටිල්ල අසල බිම කැබලි වලට කැඩි ලේ ගොඩක සිටි විසකුරු සර්පයෙකි. සිදු වී ඇති දේ සැනින් ඔහුට වැටහී ගියා. තම පුතුගේ ජීවිතය බේරා දුන් බල්ලාව තමා විසින් මරණයට පත් කිරීම ගැන ඔහු දැඩි වේදනාවට පත් උනා. මට සමාවෙන්න යැයි කියමින් ඔහු බල්ලාව තුරුලට ගෙන ඇති තරම් හැඬුවා. පුංචි සන්දියේ සිට දරුවෙකු මෙන් ඇති දැඩි කළ ආදරණිය සුරතලා තමන්ගේ ඉවසීම නැති කමින් හා හදිසි කෝපය නිසාවෙන් තමන්ට අහිමි වී ගිය අයුරු ඔහුට දරා ගැනීමට නොහැකි උනා. නමුත් සිදු වූ දෙය වෙනස් කළ හැකිද...? දැඩි සංවේගයෙන් යුතුව ඔවුන් බල්ලාගේ අවසන් කටයුතු සිදු කළා.


    ඔබත් කිසිවිටෙක කිසිවක් විමසා නොබලා හදසි තීරණ වලට එළබෙන්න එපා.
    ඔබ අසනා දෙය ඔබ දකිනා දෙය හා එයින් ඔබ තේරුම් ගන්න දෙය නිවැරදි දේ නොවිය හැකියි...
    දෙයක් පිළිබඳව අවසන් නිගමයකට පැමිණීමට පෙර හොඳින් සොයා බලා සත්‍යය වටහා ගන්න...
    නැතහොත් ඔබට ඉතිරි වෙන්නේ සදාකාලික පසුතැවීමක් පමණකි...
     

    AXL Rosez

    Member
    Aug 17, 2013
    13
    1
    0
    මේ වගේ කතාවක් කලින් අහලා තියෙනවා. පරණ කතාවක්. මේක ගත්තේ කොහෙන්ද? පිලි ගන්න බැහැ.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,601
    113
    එක තැනක නෑ
    මේ වගේ කතාවක් කලින් අහලා තියෙනවා. පරණ කතාවක්. මේක ගත්තේ කොහෙන්ද? පිලි ගන්න බැහැ.

    කතාව ඇත්ත උනත් බොරු උනත්. ඒ ගැන නෙමෙයි මේ කතාවෙන් අපිට මොනවද ජිවිතයට ගන්න පුළුවන්.අන්න ඒ ගැන හිතන්ඩ සහෝ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කතාව ඇත්ත උනත් බොරු උනත්. ඒ ගැන නෙමෙයි මේ කතාවෙන් අපිට මොනවද ජිවිතයට ගන්න පුළුවන්.අන්න ඒ ගැන හිතන්ඩ සහෝ

    aniwa...
     

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ඔබත් කිසිවිටෙක කිසිවක් විමසා නොබලා හදසි තීරණ වලට එළබෙන්න එපා.
    ඔබ අසනා දෙය ඔබ දකිනා දෙය හා එයින් ඔබ තේරුම් ගන්න දෙය නිවැරදි දේ නොවිය හැකියි...
    දෙයක් පිළිබඳව අවසන් නිගමයකට පැමිණීමට පෙර හොඳින් සොයා බලා සත්‍යය වටහා ගන්න...
    නැතහොත් ඔබට ඉතිරි වෙන්නේ සදාකාලික පසුතැවීමක් පමණකි...
    Jeewitheta wedagath paniwidayak denawa... :)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    මේ වගේ කතාවක් කලින් අහලා තියෙනවා. පරණ කතාවක්. මේක ගත්තේ කොහෙන්ද? පිලි ගන්න බැහැ.
    කතාව සෑහෙන්න පරන එකක්.. 2-3 වසර වලදි කියවපු කතාවක්. ( චිත්‍ර එක්ක තිබුනු ) බල්ල වෙනුවට මුගටියෙක් ඉන්නෙ. ඒ අනුව හදපු එකක්... මොනා උනත් දෙන ආදරශය හොදයිනෙ..