කියවලා බලන්න

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    129723191_212059490358274_546519616642930706_n.jpg

    ලිංගිකත්වය යනු ආදරය නොවේ. ආදරය යනු ලිංගිකත්වයද නොවේ. ඔබට ලිංගිකව හැසිරෙන අයෙකු සමග ආදරෙන් නොබැඳී සිටීමට පුළුවන්. ඔබ ආදරය කරන කෙනෙකු හා ලිංගිකව එක් නොවී සිටීමටද පුළුවන්. ඔබට වෛර කරන පිරිමියෙකුට වුවද ඔබ හා ලිංගිකව එක්වීමේ හැකියාව ඇත. පිරිමියෙකු දීර්ඝකාලීනව ආකර්ශනය කරගැනීම සඳහා ලිංගිකත්වය උපයෝගී කරගැනීම සහමුලින්ම අසාර්ථක ක්‍රමයකි. ඔහු හා ලිංගිකව එක් වූ විට ඔහු ඔබට ආදරය කරාවි යැයි සිතීමද මුලාවකි. ඔබට සැබෑ ලෙසම ආදරය කරන කෙනෙක් කිසි දා ඔහු හා ලිංගිකව හැසිරෙන ලෙස ඔබට 'බලපෑම්' කරන්නේ හෝ එවන් කටයුතු බලහත්කාරයෙන් කිරීමක් නොකරයි. ඔහුගේ හිතේ ඔබ ගැන ආදරයක් හෝ සෙනෙහසක් නැත්නම් ඔබ ඔහු හා කී වරක් නිදාගත්තද ඔහුගේ හිත වෙනස්වන්නේද නැත. ඔබේ ආදරය ඔප්පු කිරීම සඳහා ලිංගිකව එක්වීම අවශ්‍ය බව කියයි නම් ඔහු ඔබව ශාරීරික අවශ්‍යතා සඳහා පමණක් පාවිච්චි කරන බව සිහියට නගාගන්න. ඔහු ඔබ හා එක්වූයේ ඔබ 'දක්ශ ගණිකාවක' මෙන් ඔහු හා එම කාරිය කරන නිසා නම්, ඔබට වඩා 'දක්ශ ගණිකාවක්' මුණගැසුන දිනෙක ඔහු ඔබව අතහරිනවා නිසැකය.
    තමාව ඔහුගේ ලිංගික වහළියක් බවට පත්කිරීම සැබැවින්ම මුග්ධ ක්‍රියාවකි. ආදරය කිසිදා ඔබව වහල් භාවයට හෝ ලැජ්ජාවට පත් නොකරයි. ඔබ ඔහුව මිළ දී ගැනීමට භාවිතා කලේ ලිංගිකත්වය යන මුදල් වර්ගය නම් ඔබේ සම්බන්ධය දෙස නැවත වරක් හැරී බැලීමට දැන් කාලය හරි ය. බුද්ධිමත්ව සිතා බලා තාවකාලික නොවන පදනමක් මත ඔබේ සබඳතාවය ගොඩනගාගැනීම නුවණට හුරුය.
    කෙසේ හෝ දඟ දමා ඔහු හා විවාහ වුවත් ඔහු ඔබ හා එක්වූ හේතුව ලිංගිකත්වය නම් එය ඔබේ විවාහයට වැළඳීමට නියමිත 'මාරාන්තික රෝගයකි'. විවාහය සඳහා ඔබට ගරු කරන, ආදරය කරන මෙන්ම ඔබ කෙරෙහි ශක්තිමත් මානසික සහ ආධ්‍යාත්මික බැඳීමක් ඇති අයෙක් තෝරාගන්න. හදිසියේ ඔබ රෝද පුටුවකට කොටු උනද එවන් මිනිසෙක් ඔබව අත් හැර නොදමාවි. මන්ද, ඔබේ ශරීරය රස බැලීමට වඩා බොහෝ දෑ ඔහු ඔබෙන් විඳින නිසාය.