කියුබාවට අත නොතබනු! - විමල්

topkollek

Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පසුගියදා (මැයි 16) ප්‍රකාශයට පත්කරන ලද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්තවාදයට අනුබල දෙන රාජ්‍ය ලැයිස්තුවට කියුබාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ විරෝධතා මතු කර තිබේ.


    පසුගිය කාලය තුළ ඉරාකය, ලිබියාව, දකුණු යේමනය සහ සිරියාව ඇතුළත් කිරීමෙන් එම ලැයිස්තුවට ඇතුළත් වන රාජ්‍යයන්ගේ ඉරණම හෙළි වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පෙන්වාදෙයි.


    මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් වෙත ලිපියක් යොමුකරමින් මන්ත්‍රීවරයා මෙම විරෝධය දැනුම්දී තිබේ.


    ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් අගයන රටවල් පමණක් නොව ලෝකයේ සියලූම ජාතීන් මෙම රටවලට අත්ව ඇති ඉරණම හෙළාදැකිය යුතු බවද ඔහු වැඩිදුරටත් පවසයි.


    “මෙය පරාජය කළ යුතු ප්‍රවණතාවක් වන අතර කියුබානු රාජ්‍යයට හිතවත් රටවල් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට විරෝධය පළකරන අතර අනෙක් සියලුමදෙනාද ඊට එක්විය යුතුය.


    “ශ්‍රී ලංකාව කියුබාවේ සාම්ප්‍රදායික මිතුරකු වූ රාජ්‍යයක් ලෙස සහ අපගේ දේශපාලන පක්ෂය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ “ත්‍රස්තවාදයේ රාජ්‍ය අනුග්‍රාහක ලැයිස්තුවට කියුබාව ඇතුළත් කිරීමට එරෙහිව සෙසු ජාතියේ සහය දක්වන කියුබාව සමග එක්වෙනවා,” මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    https://www.ceylonwire.lk/wimal-writes-a-letter-to-us-ambassador/
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    • Haha
    Reactions: topkollek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කියුබාව පට්ට බං මගේ යාලුවෙක් ලගදී ගිහින් ආව.
    විස්තර ඇහුවම තමයි තේරුනේ ඇයි ඇමරිකාව කියුබාවට මෙච්චර එදෙරිවදිකම් කරන්නේ ඇයි කියල
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කියුබාව පට්ට බං මගේ යාලුවෙක් ලගදී ගිහින් ආව.
    විස්තර ඇහුවම තමයි තේරුනේ ඇයි ඇමරිකාව කියුබාවට මෙච්චර එදෙරිවදිකම් කරන්නේ ඇයි කියල
    මොනවද ඉතින් විස්තර ?