කිරට හඬන දරුවා දැක මවට අනියම් පෙම එපා වෙයි
22 හැවිරිදි තරුණයකු සමග ඉකුත් මස 9 වැනිදා පැන ගිය 32 හැවිරිදි තිදරු මවක් ඊයේ (3 වැනිදා) උදේ දකුණු කළුතර පොලිසියට කැඳවු අවස්ථාවේ වසරක් වයසැති තම පළමු හිරේ දරුවා කිරි ඉල්ලා විලාප තබන විට එය දරාගත නොහැකිව පෙම්වතා අතහැර දරු තිදෙනා සහ සැමියා සමග ආපසු තම සුපුරුදු නිවසට ගිය අයුරු දක්නට ලැබුණි.
දරු තිදෙනා සමග ඉකුත් මස 9 වැනිදා දකුණු කළුතර පොලිසියට පැමිණ පියකු සුළු පැමිණිලි අංශයේ පොලිස් නිලධාරි (55301) මහතා ඉදිරියේ මෙසේ කීය.
"සර් අපි ගල්ලෑස්සහේනේ පදිංචි වී සිටිනවා. අද උදේ සිට බිරිඳ ගෙදර නැහැ ඇය අතුරුදන් වී සිටිනවා. ජංගම දුරකථනයට කතා කළත් පිළිතුරක් නැහැ.
පියාගේ ඇකයේ සිටි පුංචි පුතා පියාගේ කමිසයට යටින් අත දමා තන පඩුව අත ගාමින් කිරි ඉල්ලා අඬා වැළපෙන අයුරු දුටු පොලිස් නිලධාරීන්ගේද ඇසට කඳුළු උනන්නට විය.
අතුරුදන්වූ කාන්තාවගේ ජංගම දුරකථනය නිතරම කාර්ය බහුලව තිබීම නිසා උපක්රමශීලීව (553) පොලිස් නිලධාරි මහතා ඇය සමග පලාගිය පෙම්වතා අත්අඩංගුවට ගෙන තිදරු මව පිළිබඳ විමසීය.
"සර් ගහන්න එපා මම හෙට උදේ ඇයව පොලිසියට ගෙන එන්නම් ඔහු පොරොන්දු විය.
එම පොරොන්දුව ප්රකාරව ඇය පොලිසියට පැමිණි අතර ඇයගේ සැමියාද දරු තිදෙනාද පොලිසියට පැමිණියහ.
කුඩා දරුවා අඬා වැළපෙමින් මවගේ උණුසුම මැද කිරිබීමත් සමගම ඇයට දරු දුක ඉවසා දරා ගත නොහැකිව දරු තිදෙනා සමග ආපසු සුපුරුදු නිවෙස කරා ගියේ පෙම්වතා බලා සිටියදීය.