කිරිපිටි කිලෝවක් රු 200කින් ඉහළට ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,213
    47,043
    113
    ආනයනික කිරිපිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 200කින් ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් හා විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුව එළඹෙන සතියේදී ජීවන වියදම් කමිටුව විසින් ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

    සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හා කිරිපිටි ආනයනකරුවන් අතර සාකච්ඡාවක් ඊයේ (18) පවත්වා තිබේ.

    එහිදී ආනයකරුවන් විසින් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමීමට ඉල්ලීම් කර තිබුණි.

    සාකච්ඡාවේ දී දෙපාර්ශ්වය අතර එකඟත්වය ඇතිවී ඇත්තේ රුපියල් 200කින් කිරිපිටි කිලෝග්‍රෑමයක මිල වැඩි කිරීමටය.

    මේ පිළිබඳ අදහස් දැක්වු කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ, සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය මහතා,

    "මේකට ප්‍රධාන හේතුව වශයෙන් අපි ඉල්ලුවේ වර්තමානයේ පවතින රු. 945 මිල අපි හදලා තියෙන්නේ කිරිපිටි ටොන් එකක් ඩොලර් 2,800ක් ඒ කියන්නේ කිරිපිටි කිලෝවක් ඩොලර් 2.80කට තියෙද්දි අමෙරිකානු ඩොලරයක් ලංකාවේ රුපියල් 186කට තියෙද්දි. දැන් අමෙරිකානු ඩොලර් එකක් බැංකුවේ සටහන් වුණාට රු.203යි කියලා අපි ගන්නේ රු.238යි. එතකොට කිරිපිටි ටොන් එකක් 4,100ක් 4,200ක් වෙනවා. මේ වෙනස රුපියල් 350ක් වෙනවා. අපි රු.350ක් ඉල්ලුවහම සාකච්ඡාවට කිහිපයකට පසු රු.200කට දෙන්න කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ කැමැත්ත අනුව ඉදිරි සතියේදී ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි පැහැදිලිවම කිව්වා රු. 200 ගන්නේ රු.203ට ඩොලර් එක තිබුණොත්. මොකද අපිට ඒ ආකාරයට ගෙනියන්න බැහැ මේ ආයතන දවසින් දවස කඩා වැටෙනවා."

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව එළඹෙන සතියේ ජීවන් වියදම් කමිටුව විසින් ගනු ලබන බව විෂයභාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

    දැනට වෙළෙඳපොළේ කිරිපිටි කිලෝවක මිල රුපියල් 945ක් වන අතර මෙලෙස රුපියල් 200කින් මිල ඉහළ නැංවුවහොත් කිරිපිටි කිලෝවක මිල රුපියල් 1,145ක් දක්වා ඉහළ යනු ඇත.

    එමෙන්ම දැනට වෙළඳපොළේ පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 78කින් ඉහළ යන අතර ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 458ක් දක්වා ඉහළ යයි.

     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    NINTCHDBPICT000565859182.jpg


    next gf
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,751
    113
    ඔය මලජරාවේ මිල රු 500කින් විතර වැඩි කරන්න තියෙන්නේ
     
    • Dislike
    Reactions: Tharaka25

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1kg එකකින් රු 150 පාඩු කරන් අපිට කිරිපිටි පොවන බහුජාතික සමාගම්.මේ කොම්පැනි දන්සල් කරලද බන් නැත්නං ලාභ නොලබන පුණ්‍ය ආයතන විදියට රෙජිස්ටර් කරලද .වැදී බන කියන්නේ ඕවට තමයි
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    1kg එකකින් රු 150 පාඩු කරන් අපිට කිරිපිටි පොවන බහුජාතික සමාගම්.මේ කොම්පැනි දන්සල් කරලද බන් නැත්නං ලාභ නොලබන පුණ්‍ය ආයතන විදියට රෙජිස්ටර් කරලද .වැදී බන කියන්නේ ඕවට තමයි

    Ay gas cylinder ekakin 450k paduilu.
    Yako balagena giyama mun apata profit nathuwa badu dila thiyenne.
     
    • Like
    Reactions: wca

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @erozan මේ බොරු නේද බන්. උඹලෑ ආන්ඩුව මේ වගේ ජරා වැඩ කරන්නෙ නෑ නේද?
     

    Similar threads