"කිරිපිටි යනු වසයි?" -ඇමති බුද්දික පතිරණ

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "කිරිපිටි යනු වසයි?" -ඇමති බුද්දික පතිරණ

    ghjuted121512122.jpg








    ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ උරුතෙල් , ෆාම් ඔයිල් , ලැක්ටොස් මිශ්‍රකර ඇති බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බැවින් මේ සම්බන්ධයෙන් විදේශීය පර්යේෂණාගාරය පරීක්ෂාකර බැලීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු , සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා ඊයේ (05දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

    ලැක්ටොස් සහ ඌරු තෙල් , ලැක්ටෝස් සහ ෆාම් ඔයිල් කලවම් කර ලංකාවට එවන කුඩු වර්ග ,ලංකාවේ ජනතාව කිරිපිටි නමින් පානය කරන බවට පැමිණිලි ලැබී ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    ලංකාවේ වෙළෙදපොළේ ඇති කිරිපිටි සාම්පල පරීක්ෂාකර බැලීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් ලංකාවේ පර්යේෂණ ආයතනයට මුදල්ගෙවා භාරදුන්නද සති දෙකකට පසුව එම ආයතනය එය පරීක්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ බවද බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

    ලංකාවේ කිරිපිටි සමාගම් මෙම සමාගමට අල්ලස් ලබාදී ඇති බවට සැකයක් පවතින බවත් ඒ හෙතුවෙන් විදේශීය පර්යේෂණගාරයකින් මෙම පර්යේෂණ සිදුකරන බවද බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ කාරණය සත්‍ය කාරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවට පැවසීය. එමෙන්ම මෙම කාර්ය සම්බන්ධයෙන් විපක්ෂයේ සියළුම සහයෝගය ලබාදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසු අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් බුද්ධික පතිරණ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    සමහර කිරිපිටි සමාගම් කිරිපිටි නාමයෙන් ලංකාවට ගෙන්වන දේවල් වල තියෙන්නේ ඌරු තෙල් කියලා පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබිලා තිබෙනවා. ලැක්ටොස් සහ ෆාම්ඔයිල් කලවම්කරලා හදන කුඩු ජාතියක් කිරිපිටි නමින් ලංකාවට ගෙන්වනවා කියලා අපිට පැමිණිලි ලැබිලා තියෙනවා. නවසීලන්තයෙන්ම පමණයි කියලා ගෙන්වන සමහර කිරිපිටිවලත් මේ දේවල් අන්තර්ගතව තිබෙනවා කියලා වාර්තා වෙනවා. නවසීලන්තේ මේ මොහොතේ සිටින සියළු වස්සෝ වැස්සියන්ට කිරි එරුනත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණයේ කිරිපිටි නිෂ්පාදනය කරන්න බැහැ කියලා මේ ලැබී තිබෙන වාර්තා අනුව පෙනෙනවා.

    ලැක්ටොස් සහ ඌරු තෙල් , ලැක්ටෝස් සහ ෆාම් ඔයිල් කලවම් කර එවන කුඩු ලංකාවේ අපි කිරිපිටි නමින් බොනවා කියලා අපිට පැමිණිලි ලැබී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ සිදුකරපු පර්යේෂණ වාර්තාවක් ලැබී තිබෙනවා. ඒ වගේම පාරිභෝගික අධිකාරිය මුදල් ගෙවලා මේම කාරණය සම්බන්ධයෙන් පර්යේෂණ කරන්න පෞද්ගලික ආයතනයකට භාරදුන්නා. ඔවුන් කිරිපිටි සාම්පල් අරගෙන පරීක්ෂා කරන්න අපෙන් මුදල් භාරගත්තා. එහෙම අරගෙන සතිදෙකක් යනකොට පරීක්ෂා කරන්න බැහැ කිව්වා. මේ නිසා කිරිපිටි සමාගම් මෙම පරීක්ෂණ ආයතන වලට අල්ලසක් ලබාදීලා පරීක්ෂණ යටපත් කළාද කියලා අපිට සාධාරණ සැකයක් තිබෙනවා. මේ නිසා විදේශයෙන් මේ පිළිබඳ පරීක්ෂා කරන්න අපි කටයුතු කරනවා.


    http://www.colombotoday.com/කිරිපිට...Tq4XD9CRlnrNUlFCkU3LGNNDb3TtTAfUJI8rsli5wNvwc
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    අවංකවම අහන්නේ. උඹට එක ලිපියක්... එකම එක ලිපියක් තමන්ම හිතලා Research කරලා ලියන්න තරම් පරිකල්පන ශක්තියක් නැද්ද ?

    බයිට් එකට නෙමේ. ජෙනුයින් අහන්නේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අවංකවම අහන්නේ. උඹට එක ලිපියක්... එකම එක ලිපියක් තමන්ම හිතලා Research කරලා ලියන්න තරම් පරිකල්පන ශක්තියක් නැද්ද ?

    බයිට් එකට නෙමේ. ජෙනුයින් අහන්නේ.
    :lol::lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,627
    25,989
    113
    වේ ප්‍රොටීන් කේස් එකට ඇන්කර්,රත්ති මාට්ටු වුනාම,Newzealand Prime minister ඇවිත් ඩීල් එක දාලා ගියේ....සම්බන්දීකරන සහය ප්‍රබල නළු නාමල් රාජපුක්ශ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අවංකවම අහන්නේ. උඹට එක ලිපියක්... එකම එක ලිපියක් තමන්ම හිතලා Research කරලා ලියන්න තරම් පරිකල්පන ශක්තියක් නැද්ද ?

    බයිට් එකට නෙමේ. ජෙනුයින් අහන්නේ.

    මම මොකටද එච්චර දගලන්නේ ..ඔය ඕනතරම් මාද්ය තියෙන්නේ රටේ..උන් නිව්ස් හොයලා දෙනවනේ?:confused:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නවසීලන්තේ මේ මොහොතේ සිටින සියළු වස්සෝ වැස්සියන්ට කිරි එරුනත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණයේ කිරිපිටි නිෂ්පාදනය කරන්න බැහැ කියලා මේ ලැබී තිබෙන වාර්තා අනුව පෙනෙනවා
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නවසීලන්තේ මේ මොහොතේ සිටින සියළු වස්සෝ වැස්සියන්ට කිරි එරුනත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණයේ කිරිපිටි නිෂ්පාදනය කරන්න බැහැ කියලා මේ ලැබී තිබෙන වාර්තා අනුව පෙනෙනවා

    :confused:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අවංකවම අහන්නේ. උඹට එක ලිපියක්... එකම එක ලිපියක් තමන්ම හිතලා Research කරලා ලියන්න තරම් පරිකල්පන ශක්තියක් නැද්ද ?

    බයිට් එකට නෙමේ. ජෙනුයින් අහන්නේ.


    :rofl::rofl::rofl::rofl::rofl:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    නවසීලන්තේ මේ මොහොතේ සිටින සියළු වස්සෝ වැස්සියන්ට කිරි එරුනත් මේ ලංකාවට අවුරුද්දකට එන ප්‍රමාණයේ කිරිපිටි නිෂ්පාදනය කරන්න බැහැ කියලා මේ ලැබී තිබෙන වාර්තා අනුව පෙනෙනවා

    this is true , fonterra eka wada karana un dannawa seen eka eliyata denne na :rofl::rofl::rofl::rofl: , but ithin un karanne unge job ekane bung monawa karannada ? :rolleyes::rolleyes:
     

    Similar threads