කිරිපිටි!හෙන ගහනවා!!!

anuraw123

Member
Nov 25, 2014
633
36
0
kamk naha gas bassane:yes::yes::yes:

kamak naha light bill bassane:yes::yes::yes:

kamknaha meeta kalin nokerepu dewal chandeta issella chande ganne hitagene dunnane;);););)

kamak naha kamak naha me sare mahinde mamte gihin oke kiyanne...pit i mile adu keranne eyage prepathiyethi list ekete danna kiyela..:shocked::shocked::shocked::shocked::shocked::shocked:

naththam my3 te gihin kiyanne dine 100 n adukerewela denna kiyela...:lol::lol::lol::lol:

bassepuwa okkome naggepuwa naggaide bassaide kiyela chande passe balanne...:lol::lol::lol::lol::lol:
 
Last edited:
මෙතන "බුද්ධිමත්" කට්ටියක් මේකට නොයෙක් තර්ක දානව. "ගනං වැඩි කලේ කොම්පැනි මිස ආණ්ඩුව නෙමෙයි", "මිනිස්සු සල්ලි නැත්තං හොයං කන්ඩ දැනගන්ඩ ඕනේ" කිය කිය.
යමක වෙළඳපොල මිල වැඩිවෙන හේතු තමයි

1 සැපයුම හිඟ වීම
2 අමුද්‍රව්‍ය මිල ඉහල යාම
3 මුදලේ අගය අවප්‍රමාණ වීම
4 බදු

1 හා 2 හි අවදානම අඩුකිරීමට නිෂ්පාදනය දියුණු කිරීමේ ක්‍රමවේද ඕන රටක සංවර්ධන වැඩපිළිවෙලක තියෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදනය අඩාල වෙද්දි අධිවේග මාර්ග වගේ ඒවට සංවර්ධන වැය වෙන්කිරීම වගකීමක් ඇති රජයක් කරන්නෙ නෑ

3 සිදුවන්නේ රටක ආණ්ඩුව වියදම් අධික වී ඒවා පියවීමට ආදායම වැඩි කරනවා වෙනුවට මුදල් නෝට්ටු අච්චු ගසා ඒවායින් ණය ගෙවීමෙන් (එනම් උද්ධමනය)

4 මේක ගැන කියන්න දෙයක් නැහැනේ

----

"මිනිස්සු සල්ලි නැත්තං හොයං කන්ඩ දැනගන්ඩ ඕනේ"

මේක ඉතාම නිර්ලජ්ජී ඉහල පැලන්ති කතාවක්. එක්තරා රජෙකුත් කිව්වලු "උතුමාණෙනි මිනිසුන්ට කන්න පාන් නෑ" කිව්වම "එහෙනං උන්ට කේක් කන්ඩ කියාපං" කියල.

සමහරක් මේ supermarket එකෙනුත් අරං ගාන සැරයි කියනව. ඒත් කවුද මෙතන දැකල තියෙන්නෙ ගම් වල මිනිස්සු packet එක ගන්න බැරිව පොලිතින් බෑග් එකේ loose කිරිපිටි අරං යනව ළමයින්ට දෙන්න. මේව නොතේරි තියරි දාන කොළඹ "බුද්ධිමත්තු" සංවර්ධනේ කියන්නේ අධිවේග මාර්ග කියල හිතන එක පුදුමයක් නෙමෙයි.

සමාජ සුභසාධනය ඕන රජයක වගකීමෙන් කොටසක්. විශේෂයෙන්ම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක, පක්ෂ දෙකෙන් සමාජවාදී නැම්මක් ඇති පක්ෂය පාලනය කරන ආණ්ඩුවක! විශේෂයෙන්ම එවැනි සහන පොරොන්දු වී බලයට ආ පක්ෂයක!

එසේනම් මේ ආණ්ඩුව වහා ගෙදෙර යැවිය යුතුයි.