අනියම් ප්‍රේමය මරණයකින් අවසන් වෙයි
අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් නිසා ඊයේ (07) රාත්‍රියේ කාන්තාවක් පිහි ඇනුමකට ලක්වී තිබුණි.
ඒ කිරිබත්ගොඩ නගරයේදීය.
වයස අවුරුදු 29ක් වන මුන්දලම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ රාත්‍රීයේ කිරිබත්ගොඩ නගරයේදී එම කාන්තාවට පිහි ඇනුමක් සිදුකර තිබුණි.
පසුව අදාළ සැකකරු විසින් අසල තිබූ ගොඩනැගිල්ලක ඉහළ මහලට නැග ඒ හරහා තවත් ගොඩනැගිල්ලක වහලයක් මත ගමන් කරමින් සිටියදී අධි බලැති විදුලි රැහැනට එල්ලී ඇති බව පොලීසිය පැවසීය.
එහිදී විදුලි සැර වැදී ඇති සැකකරු බිමට ඇදවැටී තිබේ.
පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් සැකකාර තරුණයා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබූ බවය.
පිහි ඇනුමට ලක්වූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම අපරාධය සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.