කිලී මහාරාජා හොරකම් කරලා මාට්ටු..!

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    කිලී මහාරාජා හොරකම් කරලා මාට්ටු..!

    ඩේවිඩ් පේන්ටර්ගේ මිල කළ නොහැකි සිතුවම් තොගයක් කිලී මහාරාජා හොරකම් කරලා මාට්ටු..! මෛත්‍රී සිද්ධිය යට ගහන්න වලිකයි..!!

    David_Paynter.jpg


    (ලංකා ඊ නිව්ස් -2015.නොවැ.22, ප.ව‍. 11.30) ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට කලාකරුවන් බිහිකර ඇතිනම් ඒ අතලොස්සකි. ඩේවිඩ් පේන්ටර් (1900 -1975) එවන් එක් අග්‍රගන්‍ය ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පියෙකි. ඔහුගේ පියා බ්‍රිතාන්‍යයේ උපන් අයෙක් වන අතර මව ලංකාවේ දකුණේ උපන් කාන්තාවකි. ඔහු කෙතරම් ලෝක ප්‍රකට වී ද යත් ඉන්දියාවේ ප්‍රථම අගමැති වූ ජවහල්ලාල් නේරු තමන්ගේ නිල ආලේඛ්‍ය චිත්‍රය ඇඳීමට ආරාධනා කෙළේ ශ්‍රී ලංකාවේ ඩේවිඩ් පේන්ටර් ට ය. මහත්මා ගාන්ධි ද ඔහු ලවා තමන්ගේ ආලේඛ්‍ය චිත්‍රයක් අන්දවා ගත්තේය. ඉන්දියානු රාෂ්ටපති භවන්හි තවමත් එම චිත්‍ර විරාජමානව බබලන්නේ ය. ඔහු විසින් අඳින ලද එවන් මිල කළ නොහැකි වටිනා චිත්‍ර කිහිපයක් අතීතයේ හේවුඩ් නමින් හැඳින්වූ වත්මන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කොළඹ සෞන්දර්ය පීඨයේ දශක ගණනාවක් ආරක්ෂිතව බැබලි බැබලී තිබිණ. නමුත් අවාසනාවකට කටුගෙයි කඩු පවා සොරකම් කළ පසුගිය රාජපක්ෂ රෙජීම සමයේ ඩේවිඩ් පේන්ටර් විසින් අඳින ලද එම මිල කළ නොහැකි චිත්‍ර අතුරුදහන් වී තිබිණ. සොරාගත් කෙනෙක් සොයා ගත නොහැකි විය.



    පසුගියදා එම මිල කළ නොහැකි චිත්‍ර සිරස මාධ්‍ය ජාලයේ අයිතිකරු කිලී රාජා මහේන්ද්‍රන් හෙවත් කිලී මහාරාජාගේ නිවසේ සඟවා තිබී හසුවී ඇත. කිලී මහා රාජා මේ මහා ජාතික අපරාධයෙන් බේරා ගැනීමට මේ දිනවල ඔහුගේ අංක එකේ ගජයා වී සිටින පොලොන්නරුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා වලිකමින් සිටින බව දැන ගන්නට ඇත. මේ අපරාධය සම්බන්ධයෙන් සීඅයිඩියට සහ එෆ්සීඅයිඩියට පැමිණිලි ලැබී ඇති නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ මහා අපරාධය යට ගසා දැමීමට පොලිසියට බලපෑම් කරමින් සිටී.


    ශිෂ්ඨාචාර ලෝකයේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට වඩා බරපතල දඬුවම් දෙන්නේ ලෝක ප්‍රකට සිතුවම් හොරකම් කරන සහ උන්ව මෙහෙයවන මහාරාජාලා වැනි උන්ට ය.

    ---------------------------