මම කියුටිකිරා කියන වචනේ ඇහුවේ මීට දශක තුනකට ආසන්න කාලයක දී. ඒ ටෙලි නාට්‍යකින්. මට මතක විදිහට මේ වචනේ පාවිච්චි කරන චරිතේ කලේ මර්සි එදිරිසිංහ මහත්මිය. එයා කලේ මොලේ ඇප්සට් චරිතයක්. ඒ නාට්ටියේ යන විදිහට මම හිතාගෙන හිටියේ කියුටිකිරා කියන්නේ ලිප්ස්ටික් කියලා. කොහොම වුණත් දශක ගණනාවක් ගිහිල්ලා හරි, හරි වචනේ දැන ගත්ත එක ගැන සතුටුයි.