කිසිම`පිරිමියෙක්`මට`විශ්වාසයක්`නැහැ

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
කිසිම`පිරිමියෙක්`මට`විශ්වාසයක්`නැහැ

කිසිම පිරිමියෙක් මට විශ්වාසයක් නැහැ

උදයන්ති කුලතුංග


udaari.jpg


ඔබ මේ දිනවල කාර්ය බහුලද?
”ඇත්තෙන්ම ඔව්. මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ‘මිලා’ ටෙලි නාට්‍යයේත් සනත් අබේසේකර නිර්මාණය කරන ‘මහින්දාගමනය’ චිත්‍රපටයේත් ‘වහින්න මුතු වැස්සක්’, ‘අළුපාට හීන’ ටෙලිනාට්‍යවලත් මේ දිනවල දිගටම වැඩ. තවත් ටෙලිනාට්‍ය කීපයකටම ආරාධනා ලැබිල තියෙනව. ඒ නිසා මේ දිනවල ටිකක් කාර්ය බහුලයි.”

’වහින්න මුතු වැස්සක්’ හි ඔබ නිරූපණය කරන්නේ තරමක වෙනස් චරිතයක් නේද?

”ඔව්. ඒ ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ දඟකාර කෙළිලොල් තරුණියකගේ චරිතයක්. ඇයගේ දඟකාරකම් තුළ ඇතැම්විට හාස්‍යය ද තියෙනවා. ඒක හරිම සාර්ථක පිටපතක්. ඒ ටෙලිනාට්‍යයේ මම කරන්නෙ උප ප්‍රධාන චරිතයක් වුණත් බාල, මහලු, කා අතරත් ඒ චරිතය අතිශයින්ම ජනප්‍රිය වුණා. මටත් හරිම සතුටුයි ඒ ගැන.”

හාස්‍යය රංගනයට ඔබ වැඩිපුර කැමැත්තක් දක්වනවද?

”එහෙම නෑ. මට ලැබෙන ඕනෑම චරිතයක් හැකි උපරිම අයුරින් කරන්නයි මම උත්සාහ කරන්නේ. හැබැයි හාස්‍ය රංගනය මගෙ ඇඟේ තියෙනව කියල ගොඩක් දෙනෙක් කියනව. ඒත් හොඳ හාස්‍ය රංගනයක් ඉදිරිපත් කරන්න හොඳ පිටපතක් තියෙන්න ඕන. අපි ප්‍රේක්ෂකයින්ව බලෙන් හිනස්සවන්න ගියාම ඒගොල්ල හිනාවෙන්නෙ අපිට. අද හැමෝම කතාවෙන ජෝක් තමයි හැම චැනල් එකකම තියෙන්නෙ. හොඳ පිටපතක් තියෙනව නම් හාස්‍ය චරිතයක් කරන්න මම කැමැතියි.”

ගායනයට යොමුවෙන්න අදහසක් නැතිද?

”මගෙ විෂය රංගනය. මම හොඳීන්ම කරන්න දන්නෙ ඒක. ගායනය මට අමතර දෙයක්. ඒක වෙනමම හදාරන්න ඕන ශිල්පයක්. නමුත් යම් යම් රූපවාහිනී වැඩසටහන්වලදි පාටිවලදි ගීතයක් ගායනා කරන්න ආරාධනයක් ලැබුණොත් කියනව.


ඔබ රඟපාන්න කැමැති චරිතයක් තියෙනවද?
”ඉතිහාසය ගැන කියවෙන නිර්මාණයක රඟපාන්න මම කැමැතියි. දැන් මට ඒකට අවස්ථාවක් ලැබිල තියෙනව. ඒ ‘මහින්දාගමනය’ චිත්‍රපටයේ. මම ඉතාම කැමැත්තෙන් තමයි එම චිත්‍රපටයේ වැඩ කටයුතුවලට සහභාගිවෙන්නේ. පසුගිය කාලෙ විකාශය වුණු ‘රිදී ඉට්ටංකරය’ ටෙලි නාට්‍යයේ මම රඟපෑවෙ තරමක වෙනස් චරිතයක්. ඒක මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ තිබුණු සමාජ ක්‍රමය ගැන කියැවෙන ටෙලිනාට්‍යයක්. එහිදී භාෂාව පවා හදාරන්න සිදුවුණා. ඒ වගේ රංගනයකදි අපිටත් යමක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේ වෙනස් චරිත නිරූපණය කරන්න මම කැමැතියි.”

මොනවද පවුලේ තොරතුරු?

”අම්මයි අයියයි අක්කයි මමයි තමයි අපේ පවුල. මගෙ තාත්ත නැතිවුණේ මම පොඩි කාලෙදි. මං පවුලේ බාලයා. අපි පදිංචි වෙලා ඉන්නෙ ඇතුල්කෝට්ටේ. මම හලාවත විද්‍යා පීඨයෙන් නාට්‍ය සහ රංග කලාව හැදෑරුවා. පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිත කලා උපාධිය ලබාගත්තා. විද්‍යාපීඨයේ අවුරුදු 3ක් ඉගෙන ගන්නවිට එක අවුරුද්දක් පාසලක ඉගැන්නුවා. ඒ අතරෙදි තමයි මම රංගනයට ආවෙ. මට ගුරුවරියක ලෙස පළමු පත්වීම ලැබුණේ ඈත පළාතකට. දිගටම රංගන කටයුතුවල යෙෙදුණු නිසා ඒ පත්වීම මම භාරගත්තේ නෑ.

ඇත්තටම ඔබ දඟකාරද?

”දඟකාර චරිත නිරූපණය කළාට මම එච්චරම දඟකාර නෑ. මට හිතෙන්නෙ මම දඟකාර බවෙත් අහිංසක බවෙත් සංකලනයක් කියල”

ප්‍රේමය සහ ආදරය ගැන ඔබේ අදහස?

”කාලයෙන් කාලයට මිනිස්සු ඒ ප්‍රේමය සහ ආදරය ගැන හිතන විදිය වෙනස් වෙන බවයි මට හිතෙන්නෙ. වර්තමානයේ බොහෝදෙනෙක් ළඟ තියෙන්නෙ ආදරය නෙමෙයි; ආත්මාර්ථය. ආදරය පරිත්‍යාගයක්. නමුත් අද ප්‍රේමවන්තයො ආදරය කරන්නෙ වෙනත් අරමුණු හිතේ තියාගෙන. ඒ හදවත් අවංක නෑ.
මට හිතෙනව දැන් කාලෙ මිනිස්සු තව කෙනෙක් වෙනුවෙන් කැපවී ආදරය කරන්න කම්මැලියි; එහෙම නැත්නම් කැමැති නෑ කියල. හුඟක් දෙනෙක් ආත්මාර්ථකාමියි. ඒ නිසා “අනේ මම ඔයාට ගොඩක් ආදරෙයි” කියල කොයි විදියට කිව්වත් මම නම් ඒක විශ්වාස කරන්නේ නෑ. ගොඩක් පිරිමින්ට ආදරය දවස් පහෙන් අමතකයි. ඒ නිසා මට කිසි පිරිමියෙක් ගැන ප්‍රේමයක්, ආදරයක් ඇතිවෙන්නේ නෑ.

ඔබගේ විවාහය ළඟදී සිදුවේවිද?

”කවදාවත්ම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ තමයි මම ඉන්නේ. තනියම ඉන්න එක හරිම නිදහස් කියල මට හිතෙනව. මගෙ යාළුවො එක්ක හිනාවෙලා විනෝදයෙන් කාලය ගත කරනව. ඒ වගේම මගෙ පවුලේ අය මට හරිම ආදරෙයි. ඒ නිසා මට ප්‍රේමයේ අඩුවක් දැනෙන්නේ නෑ. මම අනාගතය ගැන වැඩිපුර හිතන්නේ නෑ. හිත පෑරුණාම “ඈත ගමකට වෙලා ළමයින්ට උගන්නගෙන හිටිය නම් හොඳයි” කියල හිතුන වෙලාවලුත් නොතිබුණා නෙමෙයි. ඒත් මම ජීවිතයට සරලව සාර්ථකව මුහුණ දෙනවා.”

කලා දිවියේ අනාගත බලාපොරොත්තු මොනවාද?

”මගෙ රංගන හැකියාව දියුණු කරගෙන ඉදිරියට යන්න තමයි මගෙ බලාපොරොත්තුව. හොඳ ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා. ඒත් ඒ මුදල් ඉපයීමේ අරමුණින් නෙමෙයි. කෙතරම් වියදමක් ගියත් හොඳ ශිල්පීන් යොදාගෙන මතක හිටින නිර්මාණයක් කරන්න මගෙ හිතේ අදහසක් තියෙනව. අපේ ඇතැම් නළු නිළියන් ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළත් ශිල්පීන්ට හරියට මුදල් ගෙවන්නේ නෑ. එහෙම වැඩ කරන්න මම කැමැති නෑ.”

ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සමඟ ඔබ සහයෝගයෙන් වැඩ කරනවාද?

”ප්‍රවීණයින්ට හැමවිටම ගරු කරනව. අපි හැදෙන්න ඕන ඔවුන් දිහා බලල. ඔවුන් මේ ක්‍ෂේත්‍රයේ දිගු කලක් රැඳිල ඉන්නෙ දක්ෂතාව නිසානෙ. ඔවුන්ගෙන් දැනගන්න බොහෝ දේවල් මට තියෙනව. ඒ නිසා ප්‍රවීණයින්ගෙන් විශාල සහයෝගයක් මට ලැබෙනවා.
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔව් ඒයාට විශ්වාස නැ
    අර උපන් අැදුෙමන් බත් තාපු සීන් ඒකත් ෙනට් ඒකට දාලා තිබ්බාෙන්
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    කිසිම පිරිමියෙක් මට විශ්වාසයක් නැහැ - උදයන්ති කුලතුංග

    okkoma un mekita gema deela ethi.:P
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඔව් ඒයාට විශ්වාස නැ
    අර උපන් අැදුෙමන් බත් තාපු සීන් ඒකත් ෙනට් ඒකට දාලා තිබ්බාෙන්

    kolot eka edalama epa wela aty !! :yes::yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඒයාට විශ්වාස නැ
    අර උපන් අැදුෙමන් බත් තාපු සීන් ඒකත් ෙනට් ඒකට දාලා තිබ්බාෙන්

    :eek::eek: mokadda ban ae seen eka ? :baffled::rolleyes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,902
    9,709
    113
    ඔව් ඒයාට විශ්වාස නැ
    අර උපන් අැදුෙමන් බත් තාපු සීන් ඒකත් ෙනට් ඒකට දාලා තිබ්බාෙන්

    mama eka baluwe nahane.link eka nadda?:(
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    එහෙනම් ඉතිං කසාදයක් කරගන්න දවසට ගෑනු කෙනෙක් එක්ක කර ගත්තනම් හොඳයි.