කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ....

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ....

    මේක සංගීතය ගැන දැනුමක් ඇති අයගේ විශේෂ අවදානය පිණිසයි .

    කිසියම් ගීතයකට chords යෙදියහැක්කේ එකම ආකාරයකට පමනද ?
    ඕනෑම ගීතයක scale එක හෝ melody වෙනස් නොකර වෙනස් chords
    යොදා එහි රසය මුල් ගීයට වඩා හොඳ තත්ත්වයයට පත්කළ හැකිද ?
    ගීතය chords කරන්නේ කිසියම් ගණිත ක්‍රමයකටද ?
    රාගධාරී සංගීතයේ chords බාවිතයේදී බටහිර සංගීතයේ එන cadences රීති අනුගමනය
    කරනවාද ?
    සරලවම ගීතයකට chords යොදන්නේ කෙසේද ?
    විශ්ව සංගීතයට කැමති දන්නා කෙනෙක් කියලදෙන්න ...ලොකු පිනක් වේවි එක .
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    නැත ,
    වෙනස් ආකාර වලින් යෙදිය හැක

    ඔව් , එහෙත් ගායනා කරන ගායකයාගේ ගායන හැකියාව සහ ගායන විලාසිතාව මත මෙහි සාර්ථක භාවය පදනම් වේ.

    මම සංගීතය විෂයක් වශයෙන් ඉහලට හදාරා නැති බැවින් මෙයට හරි ආකාරව පිළිතුරක් දීමට නොහැකි අතර මා දන්නා තරමින් කෝර්ඩ් යෙදීමට ගණිතමය ක්‍රමයක් නොමැත.

    මම සංගීතය විෂයක් වශයෙන් ඉහලට හදාරා නැති බැවින් මෙයට හරි ආකාරව පිළිතුරක් දීමට නොහැක
    සරලවම ගීතයකට chords යොදන්නේ කෙසේද ?

    කෝර්ඩ් යෙදීමේදී අදාළ මේජර් හෝ මයිනර් කෝර්ඩ් එකට related තවත් කෝර්ඩ් තියනවා සහෝදරයා. ප්‍රධාන වශයෙන් ගීතයක් වාදනය වෙන ප්‍රධාන කෝර්ඩ් එකට related අනෙකුත් කෝර්ඩ් කිහිපයක් අතර ගීතය විහිදෙනවා. එත් සමහර ගීත ගත්තම related නොවෙන කෝර්ඩ් වලට ඇදෙන ගීතත් තියෙනවා. ගීතය අතර මැද minor /major වෙනස් වෙන ගීතත් තියනවා. කෝර්ඩ් දැමිල්ල තමුන්ගේ ඇඟට වැටෙන්නේ විඥඥානිකවයි . ඒක කනත් එක්ක සම්භාන්ධයි. කෝර්ඩ් දැමිල්ල ඇඟට එන්නේ පළපුරුද්ද එක්ක. instrument එකක් play කරන්න පුරුදු වෙලා දිගට කෝර්ඩ් play කරනකොට කන ඒ සද්ද වලට තීව්ර වෙන්න පටන් ගන්නවා. කෝර්ඩ් පිලිබඳ දැනුම සහ කනෙහි ඇති ශබ්ද වලට ඇති තීවරතාවය එක්ක කෝර්ඩ් දාන්න ඉබේම පුරුදු වේවි ටික කාලයක් කෝර්ඩ් practice කරාම. එත් දවසින් දෙකෙන් මේක සිද්ද වෙන්නේ නැහැ.

    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Chords are set according to the chords family eg; G,Am,D,C.. this is just a tradition there aint no rules in an Art, its all about how u feel it. u can either go with the tradition or out of the box & do something different. Just follow some music of radical composers like Kasun K, ull see the difference.
    Simply take a song & try playing in different scales, chord families, rhythm patterns.. im sure ull feel a different taste. dats music. :D
     
    මට මේ ගැන පැහැදිලි කරදුන්නු රසවතා ඔබට බොහොම ස්තුතියි !
    ඔබගේ පිළිතුරේ පරිදි ඇතැම් ගීතවල chords නොසිතු පරිදි ප්‍රදාන chord එකෙන්
    විවිද පැතිවලට ගමන් කරයි .මෙයට කදිම උදාහරණය රෝහණ වීරසිංහයන් සංගීතවත් කල
    "මේ ප්‍රථම වසන්තයයි" ගීතයයි. එහි chords හා තනුව නොසිතු පරිදි අතිසුන්දර අනපේක්ෂිත
    නාද රටා වෙත අප සිත රැගෙනයි .විවිද අනපේක්ෂිත රැලි ඇති සැඩ සයුරක පළපුරුදු කපිතාන් වරයෙකු විසින්
    සිය නැව නිවැරදිව ,පදවා මගීන්ට ආශ්චර්යමත් බියකරු අද්දැකීමක් ලබාදෙමින් මගීන් සුරක්ෂිතව නැවු තොටට
    රැගෙන ගිය වීරෝදාර නාවිකයකුගේ බූමිකාවක් රෝහණ වීරසිං හයන්ගෙන් මට මෙහිදී ගෝචර විය . ඇත්තටම
    මෙවන් වීරෝදාර සියුම් සංගීත රටාවක් වෙනත් කිසිම ගීයක මා අසා නැත .සියලු සංගීත රසකාමින් මෙයට එක්වෙත්වා !
     
    Thanks Pal!You have revealed the miraculous nature of music .
     
    අපේ රටේ අපේ සිංහල සංගීතය රසවිඳින ඒ නිර්මාණ අගය කරන උදවිය ඉන්න එක ගැන අවන්කවම සන්තෝසයි. අපේ රටේ බිහිවෙච්ච දක්ෂ ගීත නිර්මාණ ශිල්පියෝ කරපු නිර්මාණ විස්මිතයි. ඒවා වාදනය කරනකොට ඇඟට දැනෙන සංවේදනය හරිම අපුරු හැගීමක්. ඒ අපුර්වත්වය විඳින්න රස සංවේදනය තියෙන්න ඕන.
    මම මේ පහල පොස්ට් කරන ගීතයේ එක තැනක F කෝර්ඩ් එකකුත් තව තැනක E කෝර්ඩ් එකකුත් යොදල තියනවා ගී පද මාලාව තීව්ර වෙන්න. අහල බලන්නකෝ.

    මේ ගීතයේ කොර්ඩ්ස් මෙතන තියනවා.

    http://www.chords-lanka.com/song_view.php?song_id=709