Music Band එකේ කතන්දරේ....

kabba123

Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    Music Band එකේ කතන්දරේ....

    කොහොමද කට්ටිය අදත් thread එකක් අරං ආව

    අද කතා කරන්න හදන්නෙ අපි හැමෝම විඳින්න කැමති සජීවීව සංගීතය සපයන සංගීත කණ්ඩායමක එක් එක් වාදන ශිල්පියාට පැවරිලා තියෙන රාජකාරිය මොකක්ද කියල පොඩ්ඩක් කතා කරන්න


    SkSvw60.jpg

    Office Function එකකදි,Wedding එකකදි නැත්නං Musical Event එකකදි සජීවීව වාදනය කරන සංගීත කණ්ඩායම් බොහොමයක් ඉන්නවනෙ.ලෝකෙ පුරාම මේ සංගීතය නොයෙක් සංගීත Genre වලින් තියෙනව.ලංකාවෙත් Acoustic,Electronic,Classical,Calypso මේ ආදී වශයෙන් සංගීත කණ්ඩායම් රාශියක් ඉන්නව.

    ඉතිං මෙහෙම සජීවීව වාදනයක් ඉදිරිපත් කරත්දි ඒ එක එක වාදකයාට අදාල Instrument එකෙන් වෙන කාර්‍යයක් තියෙනව,ඒ වාදනය ඉදිරිපත් කිරීමේදී ඒ ඒ ශිල්පියාට ඉටු කරන්න ඕනෙ duty එකක් තියෙනව..බලමු ඒ මොනවද කියල..

    ඩ්‍රම්ස් වාදන ශිල්පියා - Drummer


    v7hgyb7.jpg

    බොහොමයක් වෙලාවට සංගීත කණ්ඩායමක හැමෝගෙම අවධානය ඉක්මනින්ම දිනා ගන්න පුලුවන් කෙනා තමයි මෙයා..ඩ්‍රම්ස්,සිම්බල් ගොඩක් වට කරගෙන වේගෙන් එහෙට මෙහෙට වැඩ දාත්දි ඉතින් කාගෙත් ඇහැ යනව තමයි..ලංකාවෙ කණ්ඩායම් සංගීතයෙ බොහෝ වෙලාවට වාදනය කරන ඩ්‍රම්ස් වර්ග දෙකක් තියෙනව Acoustic drums හා Electronic drums.මේ ඩ්‍රම්ස් වර්ග ගැන දැන ගන්න කැමති නං මම කලින් Drums ලියපු thread එක පස්සෙ වෙලාවක කියවන්න.Drummer කෙනෙක්ගෙ මූලිකම duty එක තමයි මුලු ගීතයේම Tempo & Beat එක පවත්වා ගෙන යමින් ගීතයට අවශ්‍ය මූලික rhythm එක ලබා දීම.ගීතය වාදනය වෙන වේගය (Tempo) වගේම අනෙකුත් සියලුම වාදන ශිල්පීන් වාදනය කල යුතු rhythm එක දෙන්නෙ drummer තමයි.පේනවනේ හරිම වගකීමක් හා අවධානයක් ඇතුව වාදනය කල යුතු සංගීත භාණ්ඩයක්.සංගීත කණ්ඩායමක හදවත වගේ තමයි drums වාදන ශිල්පියා කියන්නෙ.ගීතයක ආරම්භයේ සිට අවසානය දක්වාම වාදනය වෙන Tempo එක වෙනස් නොවී ඒකාකාරීව තියා ගන්න පුලුවන් වෙන එක drummer කෙනෙක්ගෙ main duty එකක්.අනෙක් සියලුම වාදන භාණ්ඩ වාදනය වෙන්නෙ මෙයා දෙන Beat එක හා Tempo එක උඩ හින්ද ඉතා හොඳ අවධානයක් හා කල් මැනීමක් ඇතුව වාදනය කරන්නත් ඕනෙ.ඩ්‍රම්ස් ගහනව නං අත් දෙක වගේම කකුල් දෙකත් එකවර වාදනය සඳහා යොදවන්න ඕනෙ.විශේෂයෙන්ම drummer කෙනෙක් drum beat patterns/Drum rudiments/Fillings වගේ දේවල් අධ්‍යයනය කරල හොඳ සංගීත හැදෑරීමකින් වාදනයට ඉදිරිපත් වෙන්න ඕනෙ.Drummer කෙනෙක් වෙන්න කැමැත්තක් තියෙන කෙනෙක්ට මම නං යෝජනා කරන්නෙ හැකි තාක් දුරට Acoustic Drummer කෙනෙක් වෙන්න උත්සහ කරන්න කියල..මොකද දක්ශතා වැඩි දියුණු වෙන්නෙත්, මිහිරි හඬක් නිපදවෙන්නෙත් ජාත්‍යන්තර තලයේ පවා පිලිගැනීමක් ලැබෙන්නෙ බොහෝ වෙලාවට Acoustic drums වාදනයට තමයි අනෙක් සියලුම වෘත්තීන්ට වගේම ඩ්‍රම්ස් වාදන ශිල්පීන්ට වෘත්තීමය සුදුසුකම් සම්පූර්ණ කර ගන්න අවශ්‍ය පාඨමාල එහෙමත් තියෙනව..ඒව ගැන අන්තර්ජාලයෙන්ම කියවල දැන ගන්න පුලුවන්.

    බේස් ගිටාර් වාදන ශිල්පියා - Bassist


    Z3bbm9B.jpg

    ඩ්‍රම්ස් වාදන ශිල්පියා හැරුනම සජීවී සංගීත කණ්ඩායමකට ඉතාම වැදගත් Instrument එකක් තමයි Bass guitar එක..ඒ වගේම දක්ශ Bassist කෙනෙක් ඉන්න එක..මොකද මතයක් තියෙනව හොඳ Drummer කෙනෙකුයි Bassist කෙනෙකුයි ඉන්න තැන Band එකක් හැදෙනව කියල..බේස් ගිටාර් වාදන ශිල්පියාගෙ ප්‍රධාන කාර්‍යය තමයි ගීතයට අදාල Chords තනි ස්වර වශයෙන් කිසියම් pattern එකකට වාදනය කරන එක..මේක හුඟක් වෙලාවට Drummer දෙන Beat එකට ගැලපෙන විදියට තමයි දෙන්නෙ.Drummer දෙන Beat එකට ජීවය දෙන්නෙ බේස් වාදන ශිල්පියා කිව්වොත් හරි. Bass ගිටාරයේ විශේෂත්වය තමයි මේකෙන් එන්නෙ Low frequency එකට අදාල ගැඹුරු බර හඬක් වීම.හරියටම කියනව නං සංගීතයේ ගැඹුර මවන කෙනා තමයි Bassist .මේ ගැඹුරු Bass හඬ Drums එක්ක ගානට mix උනාම තමයි අපිටත් නියම Weight එකක් කනට දැනෙන්නෙ.බේස් ගිටාරය කියන්නෙ ගීතයක ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම එක දිගට වාදනය වන සංගීත භාණ්ඩයක්..බොහොමයක් වෙලාවට කණ්ඩායමක drummer ට ඉස්සරහින් දිග fret board එකක් තියෙන ගිටාර් එකක් පපුව හරියට වෙන්න දාගෙන ගාම්භීර විදියට ඉන්නෙ Bassist තමයි.බේස් වාදන ශිල්පියෙක්ට හොඳ Bass pattern collection එකක් තියෙන්න ඕනෙ..ඒ වගේම Advanced Chord patterns,Scales හා Notes පිලිබඳ හොඳ දැණුමක් තියෙන්න ඕනෙ.අනික් සියලුම ගිටාර් හා සසඳල බලත්දි බේස් එක බරින් හා දිගින් වැඩියි.ඒ වගේම තමයි බේස් ගිටාරයෙ strings ඉතා ඝණකමින් හා මහතින් වැඩියි.හොඳ බේස් වාදකයෙන් වෙන්න පුහුණු වෙන මුල් කාලෙ ඇඟිලි වල හම ගැලවිලා දිය පට්ට දාල පොඩි කැපකිරීමක් කරල කට්ටක් කාගෙන එන්න වෙනව.Slapping,Tapping,Bass runnings වගේ Advanced techniques ගැන ඉගෙන ගන්නත් ඕනෙ. ඔබට සංගීතය ගැන වැඩිය ප්‍රගුණ කල කණක් නැත්නං වෙනමම බේස් ගිටාරය වාදනය වෙනව අඳුර ගන්න අමාරුයි..ඒත් බේස් ගිටාරයක් පසුබිමෙන් නැතුව වාදනයක් යනව නං ඔබට එහි අඩුපාඩුව නං හොඳටම දැනෙයි.වෘත්තීය මට්ටමෙන් හෝ සංගීතමය අවශ්‍යතාවයක් මත Music කරන්න බලාපොරොත්තුවක් නැත්නං Bass ගිටාරය හැදෑරීමේ එතරම් ප්‍රයෝජනයක් නෑ..මොකද යාලුවො එක්ක විනෝද චාරිකාවක් ගිහින් Acoustic guitar/Box guitar එකක් ගහල සිංදුවක් කියනව වගේ Bass එකක් විතරක් ගහල සිංදුවක් කියන එක අපි කරන්නෙ නෑ..

    තාල වාදන ශිල්පියා - Percussionist

    MX9Ne20.jpg

    ඩ්‍රම්ස් වාදන ශිල්පියා දෙන Beat එක උඩ වැඩ දාල Percussion ගහන ශිල්පියෙකුත් ඉන්න එක ඉතාම වැදගත්.Acoustic band එකක නං Conga,Bongo,Tabla,Darbuka,Cajon,Wind Chimes,Dolak,Djembe,Timbales,Cow Bell,Cabasa වගේ ආම්පන්න කට්ටලයක් වට කර ගෙන Electronic band එකක නං Octapad එකක් තියාගෙන වාදනය කරන්නෙ මේ Percussionist තමයි.Drummer වාදනය කරන beat එකේ රසය වඩා හොඳින් වැඩි කරල තාල වාදන භාණ්ඩයක අඩුව පුරවන්නෙ මෙයා තමයි..හොඳ percussionist කෙනෙක් වෙන්න නං තබ්ලා,ඩොල්කි,උඩැක්කි ආදී පෙරදිග සංගීත භාණ්ඩ වගේම Conga,Bongo,Cajon,Djembe වගේ Western,Latin & African instruments වාදනය හා ඒවායෙ වාදන රටාවන් පිලිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනෙ.විශේෂයෙන්ම අද භාවිතා කරන percussion Instruments බොහොමයක් ඉපදිලා තියෙන්නෙ ඉන්දියාව හා අප්‍රිකානු රටවල් ආශ්‍රිතව නිසා ඒ ඒ සංගීත සම්ප්‍රදායන් ගැන තරමක අවබෝධයක් තියෙන්නත් ඕනෙ.

    රිදම් ගිටාර් වාදන ශිල්පියා - Rhythm Guitarist​


    EOxL2g3.jpg



    සංගීත කණ්ඩායමක ඉතාම වැදගත් කාර්‍යයක් කරන ශිල්පියෙක් වගේම සමහර වෙලාවට මෙහෙම Instrument එකක් වාදනය වෙනවද කියල ඇහෙන නෑහෙන ගානට වාදනය වන Instrument එකක්.සංගීත කණ්ඩායමක වාදනයට හා ගායනයට අත්‍යාවශ්‍ය වන Harmonic part එක දෙන්නෙ මෙයා තමයි..සරලව කියනව නං මුලු ගීතය පුරාවටම ගීතයට අදාල chords වාදනය කරල ගීතයේ පසුබිම අලංකාර කරන්නෙ මෙයා තමයි.බොහෝ වෙලාවට fret board එකේ ස්වර කීපයක් එකවර වාදනය කරල තමයි chords වාදනය කරන්නෙ.නිවැරදිව rhythm ගිටාරයක් මගින් කෝඩ්ස් වාදනය වෙනව කියන්නෙ ගායන ශිල්පියාට ගායනය කරන්නත් අනෙක් ශිල්පීන්ට වාදනය කරන්නත් මහත් පහසුවක්..වෘත්තීමය Rhythm Guitarist කෙනෙක් වෙන්න නං විශේෂයෙන්ම Major,Minor,7th,Suspended,Augmented,Diminished,Added ආදී Chords වර්ග පිලිබඳවත් Chord Patterns,Stroke patterns,Family chords,Relative Chords,Scales,Arpeggio,Transpose ගැනත් හොඳ අවබෝධයක් තියෙන්නත් ඕනෙ.සමහර සංගීත කණ්ඩායම් Semi Acoustic Guitar එකකිනුත් අනෙක් සංගීත කණ්ඩායම් Electric guitar එකක් ආධාරයෙනුත් රිදම් ගිටාරයේ හඬ උපදවා ගන්නව.විශේෂයෙන්ම කියන්න ඕනෙ Rhythm Guitar කියල වෙලඳපොලේ ගිටාර් විකුනන්න නෑ.ඕනෑම සාමාන්‍ය ගිටාරයකින් chords වාදනය කරල Rhythm guitar හඬ මතු කර ගන්න පුලුවන්.බොහෝ වෙලාවට රිදම් වාදන ශිල්පීන් Guitar effects processor එකක් නැත්නං Guitar pedal එකක් පාවිච්චි කරල එක් එක් ගීතයට ගැලපෙන tones වලින් chords වාදනය කරල ගීතය පුරවනව.ලංකාවෙ නං බොහොමයක් එලිමහන් ප්‍රසංග වල ඉන්න රිදම් ගිටාර් වාදකයා නිසියාකාරව කෝඩ්ස් වාදනය කරන එකට වඩා වේදිකාව උඩ දඟල දඟල ඉන්න වෙලාවලුත් දකින්න තියෙනව.සාමාන්‍යයෙන් සංගීත කණ්ඩායමක් පෙල ගැහෙත්දි හරි මැදින් ඉදිරියෙන් ඉන්නෙ Rhythm ගිටාර් වාදකයා තමයි.ඔබට විවේකයට විනෝදයට ගිටාරයක් වාදනය කරල ගීතයක් කියල රස විඳින්න ඕනෙ නං ඔබ ඉගෙන ගන්න ඕනෙත් මේ Rhythm Guitar වාදනය තමයි.Professional විදියට music කරන්න බලාපොරොත්තුවක් නැත්නං Major,Minor හා 7th (Dominant 7th) කෝඩ්ස් ගිටාරයෙන් වාදනය කරන්න ඉගෙන ගත්ත නං ලංකාවෙ නිර්මාණය උන බහුතරයක් සරල ගීත වාදනය කරන්න පුලුවන්.

    ලීඩ් ගිටාර් වාදන ශිල්පියා - Lead Guitarist

    RDe5pVN.jpg

    සංගීත කණ්ඩායමක ඉන්න ඉස්සරහට ඇවිල්ල වැඩ දාල සද්දෙට ගිටාර් එක ගහන්නෙ මෙයා තමයි..සමහර ගීත මැද්දෙ එන Guitar solo කොටස් එහෙම ලස්සන tones වලින් ගහන්නෙ Lead guitarist තමයි.Lead guitarist ගේ ප්‍රදානම duty එක තමයි ගීතයේ Melody එකට අදාල කොටස් වාදනය කරන එක.Interlude,Introduction,Counters,Bits,Main melody කොටස් තනි ස්වර වශයෙන් වාදනය කරන එක තමයි බොහෝ වෙලාවට මෙයා කරන්නෙ.ඔබට ඇහෙන සරල සිංදුවක ගිටාර් පාට් එක වාදනය කරන්නෙ Lead guitar වාදන ශිල්පියා තමයි.සමහර වෙලාවට Power chords වගේ දේවල් වාදනය කරල රිදම් ගිටාරයට ජවයක් දෙන්නත් වෙනව.Rhythm ගිටාරයට සාපේක්ශව ලීඩ් වාදනය තරමක් අසීරුයි.ගිටාරයේ Frets මත වේගයෙන් ඉහල පහල ඇඟිලි හසුරුවන්න වෙනව..ඒ වගේම තමයි Lead guitar වාදකයෙක් වෙන්න ඉහත Rhythm/Bass ගිටාර් වාදන ශිල්පීන් හැදෑරිය යුතු Chords,Scales,Harmonies ආදියට අමතරට Pull off,Hammer on,Legato,Vibrato,Alternative picking,Sweep picking වැනි ලීඩ් ගිටාරයට සුවිශේෂ techniques ඉගෙන ගන්න වෙනව.ඉතා හොඳ සංගීත කණක් තියෙන්නත් ඕනි.ස්වර් ප්‍රස්ථාර බලා වාදනය කිරීම වගේම ගීතයක් අසා අදාල කොටස් වාදනය කිරීමේ හැකියාව තියෙන්නත් ඕනි.Guitar tones හා Guitar pedal පිලිබඳ විශේෂ අවබෝධයකුත් ඕනි.කාලයක් අරගෙන ඉගෙන ගත්තොත් පිරිසක් ඉදිරියෙ ලස්සන Guitar solo එකක් එහෙම වැඩ දාල ගහල සතුටු කරවන්නත් පුලුවන්.සමහර සංගීත කණ්ඩායම් වල අති දක්ෂයො ඉන්නව රිදම් ගිටාරය හා ලීඩ් ගිටාරය යන දෙකම එකම ගිටාරය මගින් තනියෙන් වාදනය කරන.රිදම් ගිටාරයට අදාල කෝඩ්ස් වාදනය කරන අතර තුර ඉක්මනින් tones මාරු කරල lead guitar parts ගහල නැවත කෝඩ්ස් වාදනයට එන්න එයාල දක්ශයි.

    විදුලි ඕගන් වාදන ශිල්පියා - Keyboardist​

    FPGS0Cu.jpg

    දැකල තියෙනවනෙ සංගීත කණ්ඩායම් වල විදුලි ඕගන් ගොඩක් වට කරගෙන Laptop තියාගෙන වයර් ගොඩක් ගහගෙන ඉන්නව මෙයාල.Main Melody,Counters,bit parts හා Harmony වලට අදාල Piano,Saxophone,Strings,Brass,Violin,Trumpet,Flute ආදී සංගීත භාණ්ඩ වල හඬ විදුලි ඕගනය මගින් උපදවල කණට මිහිරි විදියට වාදනය කරන්නෙ මෙයාල තමයි.‍රිදම් හා බේස් වාදන ශිල්පීන්ට උපකාරී වෙන විදියට Chord backing එකක් දෙන එකත් මෙයා කරනව.හොඳ Keyboardist කෙනෙක් වෙන්න නං තරමක් දුරට හෝ Piano වාදනය හදාරල මූලික සිද්ධාන්ත වගේම දෙඅතේම ඇඟිලි එකවර ස්වර පුවරුව මත නිසි පරිදි හැසිරවීමට අවශ්‍ය Fingering techniques ඉගෙන ගෙන සිටීම ඉතාම වැදගත්.ඒ වගේම තමයි ඉහත ගිටාර් වාදන ශිල්පීන් වගේම සංගීතයට අදාල Notes,Intervals,Chords,Scales,Harmonies,Arpeggios ආදී කරුණු ගැන ගැඹුරින් දැන සිටීම ඉතාමත්ම අවශ්‍යයි.keyboard කියන්නෙ අනෙකුත් සංගීත භාණ්ඩ වල හඬ අනුකරනය කර වාදනය කරන Instrument එකක් නිසා ඒ අදාල සංගීත භාණ්ඩ වල නියම හඬ මතු කර ගන්න මුල් සංගීත භාණ්ඩයෙහි හඬෙහි ලක්ශණ වගේම Software හා Computer Programmes මගින් tones නිපදවා ගැනීම,Tone programming ගැනත් අවබෝධයක් ඕනි වෙනව.High tech workstation keyboards,Dubs-pad වගේ නවීන තාක්ෂනික මෙවලම් වලින් tones නිපදවා ගැනීම ගැන නිතර update වෙන්නත් වෙනව.සමහර විටෙක වමතින් Chords වාදනය කරන අතරතුර දකුණතින් Melody වාදනය කරන්න ඕනෙ කරන Hand independence එකත් දියුණු කර ගන්න වෙනව.

    ඉතිං ලංකාවෙ හා ලෝකයේ සජීවීව සංගීතය ඉදිරිපත් කරන කණ්ඩායම් සංගීතයේදි සුලබවම හමු වෙන වාදන ශිල්පීන්ගේ කාර්‍යභාරය තමයි අද කතා කලේ..මීට අමතරට අවශ්‍යතාවය මත Saxophone,Piano,Violin,Flute වැනි සංගීත භාණ්ඩ වෙනම වාදනය කරල ස්වභාවිකවම ඒවායෙ හඬ නිපදවා ගන්න සංගීත කණ්ඩායම් ඉන්නව.Orchestra එකක නං මීට හාත්පසින්ම වෙනස් විදියෙ ශිල්පීන් රාශියක් වාදනය කරනව.දෙයක් දැන ගත්ත නං හෝ නිවැරදි විය යුතු දෙයක් තියෙනව නං comment කරල කියන්න..වෙලාවක් තියෙනව මොකක් හරි Instrument එකක් ඉගෙන ගන්න.දිනෙක එය ඔබේ ජීවිතයට වටිනා කමක් එකතු කරාවි.

    (චායාරූප අන්තර්ජාලයෙනි)
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    +20
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    Last edited:

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity