කිසිවිටෙක ශීතකරනයෙහි නොතැබිය යුතු ආහාරය&

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    කිසිවිටෙක ශීතකරනයෙහි නොතැබිය යුතු ආහාරය&

    අවම උෂ්නත්වයක් යටතේ ආහාරයන් නැවුම්ව සහ සෞඛ්‍යය සම්පන්නව තබා ගැනීමට උපකාරී වෙන ගෘහ උපකරණයක් වශයෙන් ශීතකරණය හදුන්වන්න පුළුවන්. නමුත් ඇතැම් අහාරයන් ශීතකරණය තුල තැබීමෙන් එහි ගුනය වගේම රසයද වෙනස් වීමක් සිදු වෙනවා. කිසිදු සොයාබැලීමකින් තොරව අතට හසුවෙන සෑම දෙයක්ම ශීතකරණය තුල දැමීමට පුරුදු වී සිටින ඔබට අනතුරු ඇගවීමක් කිරීමටයි මෙහිදී අපි සුදානම් වෙන්නේ.

    අර්තාපල්
    ශීතකරණයේ වූ සීතල උෂ්ණත්වය හේතුවෙන් අර්තාපල් වල පිෂ්ටය ක්ෂණිකව සීනි බවට පත් වෙනවා. අර්තාපල් වල රසය වෙනස් නොවී නැවුම්ව වැඩි කාලයක් කල්තබා ගැනීමට නම් අදුරු සහ වියලි ස්ථානයක අර්තාපල් ගබඩා කිරීමට හොදින් මතක තබා ගන්න.

    තක්කාලි
    ශීතකරණය තුලදී තක්කාලි ගෙඩියේ ඇති සියලූම රසය අතුරුදහන් වෙන අතර ශීතකරණයේ ඇති සිසිල් වාතය හේතුවෙන් ඉදීමේ ක‍්‍රියාවලියද නතර වීමක් සිදු වෙනවා. හොදින් මතක තබාගන්න තක්කාලි වලට වැඩි රසයක් එකතු කරන ඉදීමේ ක‍්‍රියාවලිය තමයි මෙලෙස නතර වෙන්නේ. ශීත උෂ්ණත්වය හේතුවෙන් පලතුරු බිත්ති වල අභ්‍යන්තරයේ ඇති තුනී පටලයන් වල බිදවැටීමක් සිදු වීම නිසා ඒවා පිෂ්ටමය ස්වභාවයකට පත් වෙනවා. අන්න එම හේතුන් නිසා තමයි කිසිවිටෙක තක්කාලි ශීතකරණය තුල නොතැබිය යුතු වෙන්නේ.

    ලූනු
    ලූනු ශීතකරණය තුල තැබීමේදී එහි ඇති තෙතමනය හේතුවෙන් ලූනු ගෙඩිය වඩාත් මෘදු මොලොක් එකක් බවට පත් වෙන අතර ලූනු ගබඩා කලයුතු නිවරදී ස්ථානය නම් වියලි සහ සීත උෂ්ණත්වයක් ඇති ස්ථානයකයි. ලූනු සහ අර්තාපල් වෙන්වෙන්ව ගබඩා කිරීමට මතක තබා ගන්න මොකද ලූනු සහ අර්තාපල් එකලග තිබෙන විට ඒවා ඉක්මනින් නරක් වෙනවා.

    අලිගැටපේර
    අලිගැටපේර ඉදවා ගැනීමට ඔබට අවශ්‍ය නම් කිසිවිටෙක ඒවා ශීතකරණය තුල තබන්නට එපා. ඔබ මිලදී ගනු ලැබුවේ හොදින් ඉදී ඇති අලිගැටපේර ගෙඩියක් නම් එය ශීතකරණය තුල තැබුවාට වරදක් නැහැ.

    සුදුළුනු
    සුදුළුනු ශීතකරණය තුල තැබීමේදී අංකුර ලියලීමක් සිදු වෙන අතර එය මොලොක් සහ රබර් ස්වාභායකටද පත් වෙනවා එම නිසා සුදුළුනු ගබඩා කිරීමේදී වියලි සහ සිසිල් පරිසරයක ගබඩා කිරීමට මතක තබා ගන්න.

    මීපැනි
    ශීතකරණයක් තුල මීපැනි ගබඩා කිරීමට කිසිදු අවශ්‍ය තාවයක් ඇත්තේ නැහැ. මීපැනි අසුරනලද බදුන හොදින් වසා තබනවානම් කිසිදු ගැටළුවක් නැතුව බොහෝ කාලයක් කල් තබා ගන්නට පුළුවන්. ශීතකරයක් තුල මීපැනි තැබීමේදී මීපැනි කැටිගැසීමට ඉඩ තිබෙනවා.

    ඔලිව් තෙල්
    ඔලිව් තෙල් ගබඩා කලයුතු වෙන්නේ සිසිල් අදුරු ස්ථානයක මිස ශීතකරනයක නොවෙයි. ශීතකරණයේ තැබීමේදී ඔලිව් තෙල් මිදීමට සහ ඝන වීමකට ලක් වෙනවා. අවසානයේදී එය බටර් වැනි ස්වාභායකට පත්වෙනවා

    මහන්සි වී උපයාගත් මුදලින් ඔබ මිලදී ගනු ලබන ආහාරයන් නිවැරදි ලෙස අසුරන්නේ නොමැතිවීම නිසා ඒවා වල රසය සහ ගුනය පිරිහීම කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? අන්න එම හේතුව නිසාවෙන්ම තමයි නොදුටු ලෝකය අප මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කිරීමට තීරණය කරේ.

    නොදැනුවත් කම හේතුවෙන් සිදු වෙන අහාර නාස්තිය පිලිබදව ඔබගේ ආදරණීය මිතුරන් දැනුවත් කරන්න.

    පොල්කුඩු පිරිසිදු නොකලොත් පිලිකා +18:nerd:
    රෝග ගණනාවකට ගුණ තැඹිලි
    ඖෂධීය ශාක වැදගත්
     
    Last edited:

    rooster2013

    Member
    Jul 4, 2013
    26
    1
    0
    විටිනා කියන විස්තර ටිකක්. අදම අම්මට ගිහින් පෙනන්න ඔනි.... Thank You..Thank You ! :P
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    මේ ත්‍රෙඩ් සෙට් එකනම් වටිනවා මචන්........
    සුපිරි ආහ්...........