මචන් මම දවස ගානේ නාලා පිරිසිදුවට ඉන්නවා.. පර්ෆුයිම් යූස් කරනවා.. හැන්ඩි කොල්ලා.. ඒත් උට්ට මේ කිහිල්ලට දාඩිය දැම්මම ටිකක් ස්මෙලී බන්... මට මාර අවුල් බන් මේක.. මානසික වදයක්.. ටයිට් ශර්ට් එකක් අඳින්නත් නෑ, කිහිල්ල ගාව කහට පැල්ලම හිටිනවා... සුදු බැනියමත් එච්චරයි.. පණ යනකන් ඩියෝ යූස් කරනවා.. ඒකෙන් නම් ටිකක් කන්ට්රෝල්. ෆූල් ශේව් කරනවා සතියක් ගානේ..
ඒත් නෝමල් දාඩිය දාපු ගමන් පට්ට දාඩිය ගඳයි.. කිහිල්ල රත් උනාම තමා වෙන්නේ.. මොකද්ද බන් මේකට කරන්නේ? මට නම් උට්ට දැන් ඇති වෙලා තියෙන්නේ.. මේ කය කොච්චර ජරාවක්ද බලපන්..ශිට්..
එහෙම ලොකුවට තුනපහ ලූණු කන්නෙත් නෑ..වතුරත් බොනවා..
මම ඊලඟ අවුරුද්දේ බඳින්න ඉන්නේ.. මට බයයි බන් කෙල්ලට එපා වෙයිද දන්නේ නෑ.. මම අපිරිසිදුයි කියලා කෙල්ල හිතයිද? ඒකිට අවුල් වෙයිද බන්? පොඩ්ඩක් බැඳපු එවුන් වරෙල්ලකෝ.. උඹලගේ ගෑනුන්ට එහෙම දාඩිය ගඳවල් අවුලක් නැද්ද...? ඇඳ උඩ ජිගි ජිගි දානකොට දාඩිය දාලා ඉද්දි කෙල්ලට එපා උනොත් විනාසයි... උදවු කරපල්ලා කොල්ලනේ.. අහිංසක ජීවිතයක්...
