කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...
ඔන්න උපුටා ගන්නේ අන්තර්ජාලයෙන්...
--------------
#1
කුංකුණාවේ හාමුදුරුවො කියන්නෙ වස්කවි, සෙත්කවි පටබඳින්න හැකියාවක් තිබුණු බොහොම බුද්ධිමත් හාමුදුරු නමක්. හැබැයි මුක්කන් කටහඬක් තමයි තිබිල තියෙන්නෙ. ඒ වගේම කාටවත්ම බයෙන් හිටපු කෙනෙකුත් නෙවෙයි. උන් වහන්සෙ බය පක්ෂපාතකම් දක්වල තියෙන්නෙ වැලිවිට සංඝරාජ හාමුදුරුවන්ටත් තමුන්ගෙ ගුරු හාමුදුරුවො වෙච්චි වැරසර රඹුක්වැල්ලේ හාමුදුරුවන්ටත් විතරයි.
ඔය කියන දවස් වල සෙංකඩගල පල්ලෙවාහල ළඟින් වැටිල තිබුණු පාරෙන් කාටවත්ම යන්න දීල නැහැ. මොකද ඔය පල්ලෙවාහලේ තමයි රජ්ජුරුවන්ගේ බිසෝවරු ඉඳල තියෙන්නෙ. දස්කොන් අධිකාරම ප්‍රමිලා බිසවත් එක්ක ඇතිකරගත්තු හාදකම දැනගත්තු දවසෙ ඉඳන් රජ්ජුරුවෝ ඔය පාරට තහංචි දාල තියෙනවා. පණට ආදරේ තියෙන කිසිම කෙනෙක් ඔය පැත්ත පළාතෙන්වත් ඊට පස්සෙ ගිහින් නැහැ.
ඔය තහංචිය සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් නෙවෙයි හාමුදුරුවරුන්ටත් බලපාල තියෙනවා. ඒක නිසා දළදා මාළිගාවට යනකොටත් දුර පාරකින් වඩින්න තමයි මල්වතු විහාරේ හිටපු හාමුදුරුවරුන්ටත් සිද්ධ වෙලා තියෙන්නේ. මේ කාරණේ නිසා කුංකුණාවේ හාමුදුරුවෝ ටිකක් හිත නොහොඳින් තමයි ඉඳල තියෙන්නෙ. රජ්ජුරුවන්ට ඕනෙනම් පල්ලෙවාහල වෙන පැත්තකින් හදාගත්තුවාවෙ, හැබැයි භික්ෂූන්ට ඔය පාර තහංචි කරන එකට නම් මොනවම හරි කරන්න ඕනෙ කියල කුංකුණාවේ හාමුදුරුවෝ නිතරම මල්වතු විහාරෙ හිටපු අනිත් හාමුදුරුවරු එක්ක කියල තියෙනවා.
ඔන්න ඔහොම ටික දවසක් ගියාට පස්සෙ කුංකුණාවේ හාමුදුරුවෝ සිවුර එහෙම හොඳට පොරවගෙන විහාරෙන් එළියට බැස්සලු. පන්සලේ වැඩහිටපු අනිත් හාමුදුරුවරුන්ටත් තේරිලා තියෙනවා අදනම් කුංකුණාවේ හාමුදුරුවෝ තහංචි පාරෙන් වඩින්න තමයි හදන්නෙ කියලා. පොඩි හාමුදුරුවරු ටික කම්මුලේ අත තියාගෙන බලාගෙන ඉද්දී කුංකුණාවේ හාමුදුරුවෝ කිසි කලබලයක් නැතුව තහංචි පාර දිගේ වඩින්න ගත්තා. මේක දැකපු පල්ලෙවාහල මුරකාරයෝ ටික දුවගෙන ගිහින් 'දේවයන් වහන්ස හාමුදුරු නමක් තහංචි පාරෙ වඩිනවා' කියල රජ්ජුරුවන්ට කියාපි. රජ්ජුරුවොත් කිපිලා පුලුවන් ඉක්මනින්ම හාමුදුරුවෝ ළඟට යහපත් වුණා. රාජ ඌෂ්ණෙත් හිතට අරගත්තු රජ්ජුරුවෝ වීරයා වගේ හාමුදුරුවන්ගෙන් ඇහුවලු 'ඔබ වහන්සෙට කවුද අවසර දුන්නෙ මේ තහංචි පාරෙන් වඩින්න' කියලා. කුංකුණාවේ හාමුදුරුවොත් රජ්ජුරුවො දිහා බලලා 'ඇයි, අපිට මේ රටේ පාරක වඩින්න තහනම් ද..?' කියල අහන ගමන් ලඟ තියෙන කොස් ගහක් දිහා බලාගෙන මෙන්න මේ කවිය කිව්වලු.
මෙවැනි බසක් මින් පසුවත් නොකීයන්
මේ රට තුනුරුවන්ගේ යයි සිතීයන්
මේ කිරි ගසට මේ අවනඩු පෙනීයන්
මහ බඩ පැළෙන ලෙස හතරට පැළීයන්
කවිය කියල ඉවර වෙනවත් එක්කම ඒ තඩි කොස් ගහේ කඳ මහා සද්දෙන් හතරට පැළිල ගිහින් තියෙනවා. රජ්ජුරුවෝ මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නකොට කුංකුණාවේ හාමුදුරුවෝ කිව්වලු 'තවත් මෙතන හිටියොත් ඔය මහ බඩ පැලෙන්නෙත් ඔය විදිහටම තමයි...' කියල. හොඳටම බය වුණු රජ්ජුරුවෝ හාමුදුරුවන්ට වැඳල සමාවත් අරගෙන පාරට දාල තිබුණු තහංචියත් අයින් කළා කියල තමයි කියන්නේ.
-------------------------------------------------------------------
#2
බොහොම ඉස්සර කාලෙ ඔය සෙංකඩගල නුවර පැත්ත මහා මූකලානක් ලු. ඉතින් දවසක් ඔය පැත්තෙ හිටපු කොලු ගැටයෙක් කැත්තකුත් අරගෙන මහ කැලේට රිංගුවලු කූඩයක් වියන්න ඕනෙ කරන වේවැල් ටිකක් කපා ගන්න. හැබැයි වැඩි දුරක් යන්න කලින් මේ කොලුවට මුණ ගැහිල තියෙනව කුලප්පු වෙච්ච වල් අලියෙක්. ඔය කාලෙ ඉතින් කැලේට රිංගන ඕනැම මනුස්සයෙක් අලි මන්තරයක් දෙකක් කටපාඩම් කරගෙන තමයි ඉන්නෙ තමුන්ගෙ ආරක්ෂාවට. හැබැයි මේ කුලප්පු වෙච්ච අලිය ආපු වේගෙට කොලුවට අලි මන්තරත් අමතක වෙලා.
කොලුවත් ඉතින් අලි මන්තරේ මතක් කිරිල්ල පැත්තකට දාල කකුල් දෙකට වැඳ වැඳ දුවන්න පටන් ගත්තා. අලියත් කැලේ පෙරලගෙන කොල්ලගෙ පස්සෙන් පන්නනවා. ඔහොම දුවගෙන යනකොට කොල්ල දැක්ක තරමක ලොකු ගල් පර්වතයක්. අලියගෙන් බේරෙන්න ඔන්න ඔය ගල උඩටවත් නගින්න ඕනැ කියල හිතපු කොලුවා ගලට අත තිබ්බ විතරයි මෙන්න අර වල් අලිය ආපහු හැරිල දුවන්න පටන් ගත්තා.
අලිය ගියාට මොකද හිතේ බයටම කොල්ල ගල මුදුනටම නැගල පොඩ්ඩක් වාඩි වෙලා ගිමන් අරිනකොට මෙයා දකිනවා කොටියෙක් මුවෙක්ගෙ පස්සෙ පන්නගෙන එනවා. හැබැයි මේ මුවත් ගල ළඟට කිට්ටු කරනකොටම කොටියා ආපහු හැරිල මුවාට බයේ දුවන්න පටන් ගත්තා. කොල්ලට හරිම පුදුමයි. ඔය අතරෙදි නයෙක් පස්සෙ පන්නගෙන ආපු මුගටියෙකුත් ගල ළඟදි නයාට බය වෙලා ආපහු දුවන්න ගත්තා. ටික වෙලාවක් මේ සිද්ධ වෙච්ච පුදුම දේවල් ගැන කල්පනා කර කර හිටපු කොල්ලා වෙවැල කැපිල්ල පැත්තකට දාල ආපහු ගමට යන්න පිටත් වුණා. ඔහොම එනකොට මෙයාට හම්බ වුණා මේ ගල අසල ජීවත් වෙන තාපසයෙක්. කොල්ලත් ඉතින් සිද්ධ වුණු හැමදෙයක්ම මේ තාපසතුමාට කිව්වා. තාපසයත් කිව්වා "ඔව් ඔව් පැංචෝ මේ ගලේ ඔහොම බලයක් තියෙනවා... මේක ජය භූමියක්" කියලා.
ඔන්න ඔය දවස් වල තමයි ගම්පොල වික්‍රමබාහු රජ්ජුරුවෝ අලුත් නුවරක් හදන්න ජය භූමියක් හොය හොය ඉඳල තියෙන්නෙ. ඔය ආරංචිය කනට වැටුණු අර කොලුවා එයා දැකපු ජය භූමිය ගැන රජ්ජුරුවන්ට කියල තියෙනවා. ඉතින් රජ්ජුරුවො ඔය කියන තැනට ගිහිල්ල බලනකොට දැක්කලු එතන තිබුණු පොකුණක කිරි ඉබ්බෙකුත් ඉන්නවා. ඒකත් බොහොම සුබ ලකුණක් විදිහට තමයි ඒ කාලෙ සලකලා තියෙන්නේ. ඉතින් රජ්ජුරුවො අන්තිමේදි මේ ජය භූමියෙ අලුත් නුවර ගොඩනගල තියෙනවා.
මේ ගල ආශ්‍රිතව ජීවත් වුණු අර තාපසතුමාගෙ නම තමයි සෙංඛණ්ඩ කියල කියන්නෙ. ඉතින් එතුමට ගෞරවයක් පිණිස මේ නුවර සෙංඛණ්ඩගල නුවර විදිහට නම් කරලා පසුකාලීනව සෙංකඩගල නුවර බවට පරිවර්තනය වුණා කියල තමයි කියන්නෙ.
ඔන්න අද විශේෂ හේතුවක් හන්දම මම ත්‍රෙඩ් එකක් දාන්නයි හිතුවේ..
.ලඟදීම මගේ අනිත් එවුන් කෙලෙසන පවර් එක (රේප් හෙවත් රෙප් පවර් එක) 2කින්ම වැඩි වෙන්නයි හදන්නෙත්..
. හැමෝම අහලා ඇතිනේ කුංකුනාවේ හාමුදුරුවෝ ගැන..
.ඔන්න එතුමා ගැනයි තව තව ලස්සන කතා ටිකක් අද බෙදා ගන්නයි මම හදන්නේ ඔයාලත් එක්ක..
. කෙලෙසන පවර් එක වැඩි වෙන්න තව කල් තියෙන් හන්දා 9 කින් කට්ටිය කෙළෙසන්න තමයි හිතං ඉන්නේ ඕන්.
..
වයස් භේදයකින් තොරව ඕනේම කෙනෙකුට මේ කතා රස විඳින්න ඇහැකි මේ ජන කතා සුරංගනා කතා හැදුවේ කව්ද ඉස්සෙල්ලාම කිව්වේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ...ඒ හන්දා මෙව්වට අයිතිකරයෙකුත් නැහැ.(සමහරක් සුරංගනා කතා නම් හාන්ස් ක්‍රිස්ට්යන් ඇන්ඩර්සන්ට හා ග්‍රීම් සොයුරන්ට නම් අයිතියි) ..ඒත් මෙව්වා මහන්සියෙන් කොටලා කොටලා අන්තර්ජාලේ දාපු සොයුරු සොයුරියන්ට නම් මගේ ගෞරවය හිමි වෙන්නම ඔනේ..ඒ වගේම මමත් දන්න එව්වා ටික කොටන්නයි හිතං ඉන්නේ...
.ලඟදීම මගේ අනිත් එවුන් කෙලෙසන පවර් එක (රේප් හෙවත් රෙප් පවර් එක) 2කින්ම වැඩි වෙන්නයි හදන්නෙත්..
. හැමෝම අහලා ඇතිනේ කුංකුනාවේ හාමුදුරුවෝ ගැන..
.ඔන්න එතුමා ගැනයි තව තව ලස්සන කතා ටිකක් අද බෙදා ගන්නයි මම හදන්නේ ඔයාලත් එක්ක..
. කෙලෙසන පවර් එක වැඩි වෙන්න තව කල් තියෙන් හන්දා 9 කින් කට්ටිය කෙළෙසන්න තමයි හිතං ඉන්නේ ඕන්.
..වයස් භේදයකින් තොරව ඕනේම කෙනෙකුට මේ කතා රස විඳින්න ඇහැකි මේ ජන කතා සුරංගනා කතා හැදුවේ කව්ද ඉස්සෙල්ලාම කිව්වේ කවුද කියලා කවුරුත් දන්නේ නැහැ...ඒ හන්දා මෙව්වට අයිතිකරයෙකුත් නැහැ.(සමහරක් සුරංගනා කතා නම් හාන්ස් ක්‍රිස්ට්යන් ඇන්ඩර්සන්ට හා ග්‍රීම් සොයුරන්ට නම් අයිතියි) ..ඒත් මෙව්වා මහන්සියෙන් කොටලා කොටලා අන්තර්ජාලේ දාපු සොයුරු සොයුරියන්ට නම් මගේ ගෞරවය හිමි වෙන්නම ඔනේ..ඒ වගේම මමත් දන්න එව්වා ටික කොටන්නයි හිතං ඉන්නේ...

Last edited: