කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ඇත්ත සහෝ...මම අදහස් කරේ බහුතරයක් ගැන...මම හිතනව ඔය සහෝදරයට මේ වගේ කතා කියන්න අභාශය ලැබුනේ ඔයාගේ අම්මා නිසා කියලා.අම්මට මේ තියෙන් පුස්තකලෙන් උඔ මේ පොත් ඔක්කොම වගේ කියවලා ඇති ඔට්ටුයි..ඒකට දැන් ඉන්න අම්මලා කියවන්න එපැයි ළමයින්ට පුරුදු කරවන්න නේද..ටීවී එකට සීමා වෙලා අම්මලගේ දැනුම (මොන උපාධියක් ගත්තත්).. දැන් කාලේ එවුන්ගේ නෙවෙයි වැරැද්ද...දෙමව්පියන් මෙව්වට ළමයි හුරු කරන්නේ නැතිකම.....පොඩි කලේ ඉඳලා පොත්පත් කියවන්න ළමයින්ට පුරුදු කරවන්නේ නැතිකම...මට මතකයි මගේ අම්ම මට ඉස්සෙල්ලාම ගෙනත් දුන්න පොතේ නම පවා..පූසි හොඳ පූසි කියන පොත...කතාවත් මතකයි...ඒ කාලේ මට අකුරු කියවන්න බැහැනේ...අවුරුදු 3ක් විතර ඇති...නිතර නිතර ඒ කතාව අම්මට කියවන්න කියලා වද දුන්නා හරියට.....ඔහොම තමයි මම කතා වලට ආදරේ කරත්ත ගත්තේ....පස්සේ ගා‍ල්ලේ අයියා එහේ පුස්තකාලෙන් උස්සලා ගෙනත් දීපු ලස්සන වසිලිස්සා පොත....ඒ පොත තාම මගේ ළඟ ඇති.......දැන් අවුරුදු 25+++.....තව ග්‍රීම් කතා පොත්...හාන්ස් ක්‍රිස්ටයන් ඇන්ඩර්සන්.... තව අපේ ජන කතා ගොඩකුත්..විශේෂයෙන්ම පානම්පත්තුවේ ජනකතා.... මට දැන් හැදෙන පොඩිඑවුන්ට කියන්නේ තියෙන්නේ අර මහේෂ් ගේ කතාව තමයි... උඔලට කොයින්ද මෙව්ව කියලා තමා...:rofl::rofl:



    ඔබතුමා හරියටම හරි........!!!!

    අම්මා තමා පොත් කියවන්න පුරුදු කළේ...

    ඉස්සෙල්ලාම ලොකු අකුරු තියෙන (දැන් train එකේ එහෙම දිවි නැඟුම අයියලා 6ක් 100 ට විකුණන ඒවා) පොත් ගෙනත් දුන්නා.
    2 වසරෙදි තමා පළවෙනි නව කතා පොත ගෙනත් දුන්නෙ, "නෙල්ලි කැලේ වීරයෝ".
    එතනින් පටන් ගත්ත එක තාමත් නැවතිලා නෑ, නවතින්නෙත් නෑ.

    පුස්තකාලේ නම් දැම්මෙ මේ ළඟදි. ඒක කරන්න සිද්ධ උනේ දෙතුන් දෙනෙක් කියවන්න ඉල්ලන් ගිය පොත් ආපහු ගෙනත් දුන්නෙ නෑ, සමහර ඒවා නැති කරලා. ඉතින් අන්තිමට පොත් සේරම අංක කරලා විධිමත් ව ලේඛනගත කරලා තැන්පත් කරන්න සිද්ධ උනා.


    :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: laknath123

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දන්නවද ගයාන්, මේ හත්පෙති මල කියන පොත (රූපත් එක්ක ) පුංචි කාලේ මගේ ගාව තිබ්බා..ඒ කතාව කියවන හැම වාරයක් ගාණේ ඒ පොත මවෙ හරිම අපූරු ලෝකෙකට අරන් ගියා....



    :yes::yes::yes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේක නම් අපේ කතාවක් රැප් කරලා නූතන කතාවක් විදියට ලියලා තියෙන්නේ...කියවන්න බලන්න..අපේ රටට නම් 100%ක්ම ගැලපෙනවා...

    “අන්න මහ රජතුමා හෙළුවෙන්!!“ කිව්ව කතාව හැමෝම දන්නවනෙ.

    හැබැයි පොඩි වැරැද්දක් වෙලා තියෙනවා. කතාව එතනින් ඉවර වුණේ නැහැ. අපේ අවාසනාවට ‘හෙළුව‘ පෙන්නපු ගමන් හැමෝම ඒ දිහා බැලුව නිසා පොඩ්ඩට වෙච්ච ඇබැද්දිය කවුරුත් දැක්කෙ නැහැ.
    ඒ වුණත් කතාවෙ ඉතිරි හරිය පස්සෙ ආරංචි වුණා. ඒක පසුකාලීනව ප්‍රසිද්ධ වුණු නිසා ඒක නූතන ජන කතාවක් විදියටයි එන්නෙ. මෙන්න මේකයි කතාව.

    මහ උජාරුවෙන් සෙනඟ අතරින් සීතාම්බර පට ඇඳගෙන ගිය රජතුමා ‘හෙළුවෙන්‘ යන බව කිව්ව පොඩි එකා නිසා රජ්ජුරුවන්ටත් වඩා අමාරුවක වැටුණෙ ඇමැත්තො ටික. මෙච්චර දුර තමන් ආවෙ ඇඳුමක් නැතිව බව තමන්ට නොකිව්වෙ ඇයි කියල රජ්ජුරුවො ඇමති මණ්ඩලේට ගෝරනාඩු කළා. කිහිප දෙනෙක්ගෙම ඇමති තනතුරු එහෙමත් වෙනස් කළා දඬුවමක් හැටියට. භාණ්ඩාගාර භාර ඇමති, අශ්ව ඉස්තාල භාර ඇමති වුණා. විදේශ ඇමති, සංදේශ ඇමති වුණා. මඟුල් බෙර ඇමති, අණ බෙර ඇමති වුණා.

    රජ්ජුරුවන්ගෙ කේන්තිය නිවෙන්න කාලයක් ගත වෙන බව ඇමැත්තන්ට තේරුණා. හැම උදේකම රජ්ජුරුවො කවුරු හරි ඇමතියෙක්ව මාරු කළා. දවසක් බොහොම ගරු ගාම්භීරෙට හිටපු මහ ඇමතිගෙ වැඩ බලන්න රජ්ජුරුවන්ගෙ පුත් කුමාරයෙක් පත් කළා. කුමාරයට වයස අවුරුදු තුනයි! වැඩ භාර ගත්ත ගමන්ම කුමාරයා මහ ඇමතිගෙ ඔඩොක්කුවට පැනලා මුත්‍රා කළා.

    මේ සේරම අකරතැබ්බවලට මුල ‘හෙළුව‘ පෙන්නපු පොඩි එකා බව ඇමති මණ්ඩලේට වැටහුණා. සේරම දෙනා එකතු වෙලා පොඩ්ඩාව හොයාගෙන ගියා. මහා ඇමති මණ්ඩලයක් තමන් අභියසට එනව දැකලත් පොඩ්ඩ කලබල වුණේ නැහැ.

    “මම හෙළුව පෙන්නපු නිසා හැමෝම අමාරුවෙ වැටුණ නේද?“ පොඩ්ඩ ඇහුවා.

    තමන් කට අරින්නත් කලින් පොඩ්ඩා හේතුව කිව්ව එක ගැන ඇමතිවරුන්ට හරි පුදුමයි. ඒත් පුදුමය නොපෙන්නා මහ ඇමති කතා කළා.

    “ දරුවා... මේ දරුවා හරි ඥාණවන්තයි නෙ. කොහොමද එක පාරටම දැනගත්තෙ මහ රජතුමා හෙළුවෙන් කියල? අපි ඒක දැනගන්නයි ආවෙ“

    “අයියෝ ඒක සුළු දෙයක්. කෙනෙකුගේ ඇඳුමෙන් වැහිල තියෙන්න ඕන අවයව සේරම එළියෙ නම්, ඒකෙන් කියවෙන්නෙ ඒ තැනැත්තා හෙළුවෙන් කියල තමා, මම පාඨශාලාවට ගිය පළවෙනිම දවසෙනෙ ගුරුතුමා ඕක කියල දුන්නෙ!“

    ඇමති මණ්ඩලේම තම තම නැණ පමණින් කාරණේ තේරුම් ගත්තා. හැමදේටම මුල ගුරුතුමන්ලා බව සියල්ලෝම ඒකමතිකව තීරණය කළා. ගුරුතුමන්ලා දරුවන්ට මෙවැනි දේ කියා දෙන තරමටම තමන්ගෙ රාජකාරි අමාරු වෙන බව හැමෝටම පෙණුනා. හැමෝම ඇඟිල්ල දික් කළේ පාඨශාලා ඇමති දිහාට. ඒත් හිටපු කෙනා වෙනුවට රජතුමා කෝප වෙලා ඒ තනතුරට දාලා තිබුණෙ හිටපු ගව පට්ටි භාර ඇමතිවරයාවයි.

    “මේ සිද්ධිය වෙනකොට මම මේ තනතුරේ හිටියෙ නැහැ. ඒ නිසා මට වගකීමක් භාර ගන්නත් බැහැ. ඒත් ඉස්සරහට මේ දේ නොවෙන්න මම වැඩ කරන්නම්. මගේ ගව පට්ටි පාලන දැනුම මෙතෙන්දි හරිම වැදගත්!“
    බුද්ධිමත් විදිහට ඇමතිවරයා පැහැදිලි කළා.

    “අපේ ගව පට්ටි වල හරකුන්ගේ මස් අඩු වෙනකොට අපි අලුතෙන් තණකොල, පුන්නක්කු දෙනවා. ඒ වගේමයි උන් වැඩිල තෙල් පිරිල මස්වල ගුණය පහළ යද්දි අපි හරකුන්ගේ කෑම පාලනය කරනවා. ඒ වගේම ගැලපෙන මස් වර්ග ආසන්න රාජධානිවලින් ගෙන්වනවා. මෙතෙන්දිත් කරන්න ඕන ඒක. මේ ගුරුවරු පමණට වඩා ළමයින්ට දැනුම දෙනවා. ඒක පාලනය කරන්න ඕන...“

    පාඨශාලා ඇමති සිය තීරණ ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. කෙළින්ම ගුරුවරුන්ට උගන්වන ප්‍රමාණය අඩු කරන්න කියන්න බැරි නිසා ඒ සඳහා විවිධ උපක්‍රම යෙදුවා. ඇතැම් පාඨශාලා වසා දැමුවා. ගුරුවරුන් දුර්මුඛ කරන්න ඔවුන්ගේ දීමනා අඩු කළා. දුනු විදින්න දක්ෂ ගුරුවරු වෙණ වයන්න උගන්නන්න යෙදුවා. වෙණ වයන අය කෘෂි කර්මාන්තෙ, වාරි කර්මාන්තෙ ඉගැන්නුවා. ඒත් එක්කම පාඨමාලාවල හෙළුව පිළිබඳ ලියැවුණු පතපොත අයින් කළා. ඉතිහාසයේ දවසක රජතුමා හෙළුවෙන් ගිය කතාව දැනගන්න නිසා ඉතිහාසය උගන්නන එකත් නතර කරලම දැම්මා.

    කාලය මෙහෙම ගත වුණා. අඩු දීමනා නිසා වේදනාවට පත් ඇතැම් ගුරුතුමන්ලා පාඨමාලා හැරදමා ගිහින් වාණිජ කටයුතු, ගොවිතැන් කටයුතු ආදිය තෝරාගත්තා. තවත් අය කලකිරීමෙන් වෙනත් දේස දේශාන්තරවලට ගියා. ඒත් එක් දක්ෂ ගුරු පිරිසක් මේ තත්වය වෙනස් කරන්න තීරණය කරලා ඒ ගැන සාකච්ඡා කළා.

    “උඹලාගේ දරුවන්ට හොඳ ඥාණයක් ලැබෙන්නේ නැහැ. පාඨමාලා පිරිහෙනවා. හොර තක්කඩි අකුරු උගන්නන්න එනවා. ඉතිහාසය අයින් කරලා. පාඨශාලා දිරාපත් වෙන්න ඇරලා“

    ඔවුන් ගම් බිම් කරා යමින් රටවැසියන් දැනුවත් කළා. බුද්ධිමත් රටවැසියා කලබල වුණා. අනුවණ පිරිස් ගුරුවරුන්ට උසුළු විසුළු කළා. කොහොමින් හරි සිද්ධ වෙමින් පවතින දෙය රජතුමාටත් ආරංචි වුණා.

    “කුමක්ද මේ සිදුවන්නේ... වහාම කරුණු සොයා බලා මට දැනුම් දෙනු!“ රජු ඇමති මණ්ඩලයට නියෝග කළා.

    තමන් සැලසුම් කළ මොහොත පැමිණ ඇති බව ඇමති මණ්ඩලය වටහාගත්තා. පසුදා උදේම ඔවුන් සියල්ලෝම සීතාම්බර පටවලින් සැරසී රාජ සභාවට ගියා

    “රජතුමනි, අතීතයේ දිනක අප ඇඳ සිටින මෙම වටිනා සළුවෙන් සැරසී ඔබතුමා ජනතාව අභියසට යද්දී මෝඩ කොලුවෙක් ඔබට අවමන් කළා. මෝඩයින් වූ රටවැසියාත් ඒ කොලුවාගේ වචන පිළිගෙන ඔබට සිනාසුණා. එහෙත් ඒ වරද අපි නිවැරදි කළා. දැන් යළිත් මේ සළුව අඳින්නට කාලයයි!“

    මෝඩයාට නොපෙනෙන සළුව වහා හැඳගත් රජු ජනතාව අභියසට ගියේ ඇමති මණ්ඩලයත් සමගයි.

    “මොකක්ද මේ කලබගෑණිය?“

    හෙළුව යන්න නොදන්නා අලුත්ම කුඩා දරුවන් පැරණි වචනය කීවේ නැහැ. තේරුණු ගුරුවරුන් ඒ බව පෙන්නන්න හැදුවත් ඉතිහාසයක් නූගන්නන නිසා රටවැසියාගෙන් වැඩි දෙනෙකුටත් එය අමතකව ගොසින් තිබුණා.

    “හෙළුව?? ඒ මොකක්ද?“

    රජතුමා හෙළුවෙන් බව පෙන්නන්න හැදූ ගුරුතුමන්ලාගෙන් අනුවණ පිරිස් ඇහුවා.

    “ප්‍රීතියි... ඇමතිවරුනි...ප්‍රීතියි!!“

    ජනතාව නිසි තැනට ගෙන ඒමේ ඇමතිවරුන්ගේ ක්‍රියා පිළිවෙත රජතුමාගේ පැසසුමට ලක් වුණා. රජු ඇතුළු ඇමති මණ්ඩලයම සීතාම්බර පට ඇඳගෙන යන්න ගියා. තවමත් ඔවුන් නිර්භයව ඒ ඇඳුම ලාගෙන ඉන්නවා. ගුරුතුමන්ලා සුසුම් හෙළනවා.




    ෂා............. මේක බබාලන්තෙට නියමෙටම ගැලපෙනවා........!!!!!

    :P:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බොහොම ඉස්සර රජ කාලේ රජකුට පුත්තු තුන් දෙනෙක් හිටිය. රජ්ජුරුවො කිව්වා, තමන් මහළු වෙන්ට කලින් මුණුපුරන් දකින්නට ආසයි. ඉක්මණට විවාහ වෙන්නයි කියලා.
    සරණ පාවා ගත යුතු තරුණිය හොයා ගන්නෙ මෙහෙමයි. එක එක්කෙනා, එක එක ඊයක් බැගින් අරගෙන එළිමහන් පිට්ටනියකට ගිහිල්ලා විදිනවා. ඊය වැටෙන්නෙ කොතනද, එතන තමා ඔවුන්ගේ හිමිකාරිය ඉන්නේ.

    ඉතින් තුන් දෙනාම ඔය විදිහට කලා. ලොකු පුතාගේ ඊය සිටු ගෙදරකටත්, මද්දුම පුතාගේ ඊය ලොකු වෙළෙන්දෙකුගේ ගෙදරකටත් වැටුණා.
    බාල පුතා ඉවාන්. ඉවාන් විද්ද ඊය ගිහිල්ල වැටිලා තිබුණෙ මඩ ගොඩකට. මඩ ගොඩේ හිටපු ගෙම්බි‍යක් ඒ ඊය ඇහිද ගත්තා.
    ඉවාන් කුමාරයා ඈට කතා කළා.
    "ගෙම්ඹියේ, ගෙම්ඹියේ ඊය මට දෙන්න"
    "මාව සරණ පාව ගනින් !" ගෙම්ඹිය කීවා.
    "එහෙම කොහොමද, ගෙම්ඹියක්ව මම සරණ පාව ගන්නේ කොහොමද?"
    "මාව ගනින්. ඒ තමා නුඹගෙ ඉරණම"

    ඉවාන් කුමරයා කණගාටුවෙන් නමුත් ගෙම්බිව අරගෙන මාලිගාවට ආවා. කසාදත් බැන්දා.
    දැන් ඔන්න පිය රජතුමා තමන්ගේ ලේලිලාගේ දක්සකම් මනින කාලය.

    රජු කිව්වා, බිරියන් තුන් දෙනාගෙන් මහන්න දක්ස කවුද කියලා දැන ගන්න, කමිසයක් බැගින් මස්සවලා ගෙනල්ලා දෙන්න කියල.
    පුතුන් තුන් දෙනා හිස නමා ආචාර කරලා ගියා.
    ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා.
    ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන ඇවිත් අහනවා මොකද කියල.
    ඉවාන් කුමාරයා විස්තරේ කියනවා.
    "ඉවාන් කුමාරයා, නුඹ කණගාටු වෙන්ට එපා, ගිහින් නිදා ගනින්. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා" ගෙම්බිය පිළිතුරු දුන්නා.

    ඉවාන් කුමාරයා නිදා ගන්ට ගියා. ගෙම්බිය එළිපත්තට ගිහිල්ල ගෙඹි හම වීසි කරලා ලස්සන වසීලිස්සා උණා. එතරම් ලස්සන කෙනෙකු ගැන කියලා ඉවර කරන්නට බැහැ.
    නුවණති වසීලිස්සා අත්පුඩි ගහලා මෙහෙම කිව්ව:
    "අම්මලා නැන්දලා, එක්කසු වෙයල්ල ලැහැස්ති වෙයල්ල! මගේ තාත්තා ළග තියන කමිසය වගේ ලස්සන කමිසයක් හෙට උදේ වෙන කොට මහල දියල්ල !"
    ඉවාන් කුමාරය උදේ නැගිටිනකොට ලස්සන කමිසයක් මේසෙ උඩ තියනවා. ගෙම්බිය ගෙබිම දිගේ පැන පැන යනවා.

    ඔන්න ඉතින් පුත්තු තුන් දෙනා තමන්ගේ බිරින්දෑවරු මහපු කමිස පිය රජ තුමාට පිළිගැන්නුවා.
    "මේ කමිසය වැඩ කරන කොට අදිනව" - ඒ ලොකු පුතා ගෙනා එක
    "නාන්ට යනකොට අදින්නට මේ කමිසය හොදා" - ඒ මද්දුම පුතා ගෙනා කමිසෙ
    "මෙන්න මේ තමා කමිසය. උත්සවයට අදින්න හොදයි" - ඉවාන් ගෙනා කමිසෙ උඩින්ම තේරුණා.

    අයියලා දෙන්නට ගෙම්බිය ගැන සැක හිතුනා. රජ්ජුරුවො ඊලගට පැවරුවෙ, රසම පාන් හදන් එන්න.
    අයියල දෙන්න ඔත්තු බලන්න ආච්චි කෙනෙක් යැව්ව.
    ඔන්න ඉවාන් ආයිමත් හිස බදා ගෙන කල්පනා කරනවා. ගෙම්බිය යළිත් වගකීම බාර ගත්තා.
    අයියලා දෙන්න ඔත්තු කාරියක් එවූ බවත් ගෙම්බියට දැනුණ. ඈ ඔත්තු කාරියට පේන්න, පිටි අනලා ලිපේ ගිනි අගුරු තියන තැන වළක් හාරලා,
    අනපු පිටි ගුලිය එය ඇතුලට දැම්ම. ඔත්තු කාරි කියපු විස්තරේ අහලා අයියලාගේ බිරියන් දෙන්නත් මේකම කලා.

    රෑ උනාම ආයිත් ගෙම්බි නුවණති වසිලිස්සා උනා. මොලොක් පාන් ගෙඩියක් හැදෙව්වා.
    ඉවාන් කුමාරයා පිය රජු ලගට අරන් ගියේ සීනි වලින් ලස්සන මල් වැඩ දාපු පාන් ගෙඩියක්.
    අයියල අරන් ආවෙ ලිපේ අගුරු වලට කර වෙච්ච කළු පාට පාන්. රජු ඒවා වැඩකාරයින්ගේ කෑමට යවලා, ඉවාන් ගෙනා පාන් ගෙඩිය අගේ කලා.

    හෙට උදේට තමන්ගේ බිරියන් එක්ක පෙනී හිටින්න ඕනෙයි කියලා රජතුමා පුතුන්ට අණ කලා.
    ඉවාන් කුමාරයා හිස බදා ගෙන කල්පනා කරනවා. කොහොමද ගෙම්බියක් මිනිස්සුන්ට පෙන්නන්නේ?
    ගෙම්බිය කිව්වා;
    "නුඹ කණගාටු වෙන්න එපා, ඉවාන් කුමරයා, නුඹ සාදයට පලයන්. මම නුඹේ පිටුපසින් එන්නම්.
    ලොකු හඩකුයි, ශබ්දයකුයි ඇහෙන්නට පුලුවන්. ඒකට බය වෙන්ට එපා. නුඹ මෙහෙම කියපන්. 'ඒ මගේ ගෙම්බිය රියකින් එනවා'"

    ඉවාන් කුමාරයා උත්සවයට තනියම ගියා. අයියල බිරින්දෑවරු එක්ක ආව. ඒගොල්ලො ඉවාන් ට ගෙම්බි ගැන කියල හිනා උනා.
    ටික වෙලාවකින් මාලිගාවම හෙලවෙන තරමේ ලොකු හඩක් ඇහුණා. ඉවාන් ගෙම්බිය කියන්න කිව්ව වගේම කිව්වා.
    මෙන්න, සුදු පාට අශ්වයො හය දෙනෙක් ඇදගෙන ආපු රත්තරන් පාට රියකින් වසීලිස්සා බිමට බහිනවා. ඈ හරිම හරිම හරිම ලස්සන්යි.
    ඇවිත් ඉවාන් කුමාරයා ලගින් වාඩි උනා.
    රාත්‍රි සාදයේ ආහාර සඳහා සකසා තිබූ පිළිස්සු හංස මස් වලින් ස්වල්පයක් කෑ වසිලීසා ඉන් කටු කිහිපයක් ගෙන තමන්ගේ හැට්ට අත අස්සේ සඟවා ගත්තා. ඊළඟට වයින් එයිනුත් ස්වල්පයක් පමණක් පානය කල ඈ ඉතිරි වයින් සියල්ල හැට්ටයේ අනෙක් අතට වක්කරගත්තා. මේ බව දැක්ක අනෙක් කුමාරව‍රුන් ගේ බිරින්දෑ වරු වසීලීසා කළ දේම කරන්ට පටන් ගත්තා. ඔන්න ආහාර ගැනීමෙන් පසු සියල්ලෝම නටන්ට පටන් ගත්තා. ඉවාන් කුමාරයාගේ අතින් අල්ලා ගෙන නටන අතරේ වසිලීසා එයාගෙ එක් අතක් ගසා දැමුවා. ඒ එක්කම ලස්සනම ලස්සන පොකුණක් මතු වුණා. ඊලඟට එයාගෙ අනෙක් අතත් ගැසුවා. එතකොට පොකුණේ පීනන සුදුම සුදු හංසයෝ කීපදෙනෙක් මැවුණා. උත්සවයට පැමිණි සිටි සියල්ලෝත් පිය රජතුමාත් බොහෝම ප්‍රීතියට පත්වුණා නුවණක්කාර වසිලීසාගෙ හැකියාව න් දැකලා. මේක බලාගෙන හිටපු වැඩිමහල් කුමාරවරුන්ගේ බිරින්දෑවරුත් ඒ විදියටම තමන් ගේ අත් ගසා දැමුවා. පොකුණක් සහ හංසයින් මැවෙනවා වෙනුවට නටමින් සිටින බිම මත වයින් සහ මස් කටු සියල්ල විසිරී ගියා.

    මේ තරම් ලස්සන නුවණක්කාර බිරිඳක් තමාට ලැබුණු එක ගැන ඉවාන් කුමාරයා හුඟක් සතුටු වුණා. හැමෝම සාදයේ ඉන්න අතරේ කුමාරයා දුවලා ගියා එයාගෙ ගෙදරට. ගිහින් ගලවලා දමලා තිබුනු ගෙඹි හම හොයාගෙන ඒ ක ගින්දරට විසී කලා පිච්චෙන්න. එතකොට ඇය හැම දාම ලස්සනට ඉඳීවි කියල ඉවාන් කුමාරයා හිතුවා. සාදය නිමා වෙලා ගෙදර ආපු වසිලීසා එයාගෙ ගෙඹි හැව සොයන්ට පටන් ගත්තා. ඒ ක ඉවාන් කුමාරයා ගින්නට විසී කල බව දැන ගත්තු වසීලීසා දුකෙන් මෙහෙම කිවුවා.

    "අනේ ඉවාන් කුමාරයා, නුඹ මොනවා කලාද! තව දවස් තුනක් ඉවසා හිටියා නම්, මම සදහටම නුඹේ බිරිද වීමට ඉඩ තිබුණා.
    දැන් ඉතින් නුඹට ආයුබෝවන්. මාව නුඹට ඕනෙ නම් නුඹ රටවල් තිස් නවයක් පහු කරගෙන හතලිස් වෙනි රටට එන්ට ඕනෙ.
    නොමැරෙන කසේයි රාක්සයා ළග මාව හොයපන් "

    නුවණැති වසිලීස්සා අළු පාට කොකෙකු වෙලා ජනේලයෙන් එළියට පියාඹා ගියා.
    ඉවාන් කුමාරය අඩලා, අඩලා වසිලීස්සා හොයන්ට පිටත් උනා.
    ඔහොම බොහොම දුරක් ගියාට පස්සෙ ඉවාන් කුමාරයට මහළු සීයා කෙනෙක් මුණ ගැහුණා. ඉවාන් කුමාරයා තමන්ගේ කතාව සීයට කිව්ව.
    "අනේ ඉවාන් කුමාරය, නුඹ ගෙඹි හම පුච්ච දැම්මේ මොකටද? ඒ හම එයාට ඇන්දෙව්වේ නුඹ නොවෙයි, ගලවන්නට නුඹට අයිතියක් නැහැ.
    නුවණැති වසීලිස්සා එයාගේ තාත්තාට වඩා කපටියි. නුවණක්කාරයි, ඒ නිසා තාත්තා තරහා වෙලා, අවුරුදු තුනක් තිස්සේ ගෙඹි හමක් අදින්නටත් ගෙම්බියක් වෙලා ඉන්නටත් ඇයට නියම කළා.
    දැන් ඉතින් මේ නූල් බෝලේ අරගෙන වීසිකරලා ඒක යන දිහාවට නුඹත් බයනැතුව පලයන්." සීයා මෙහෙම කියලා ඉවාන් කුමාරයාට නූල් බෝලයක් දුන්න.

    මහළු සීයාට ඉවාන් කුමාරය ස්තුති කරලා නූල් බෝලය වීසි කරලා යන්ට ගියා. නූල් බෝලය පෙරලි පෙරලී යනවා.
    ඉවාන් කුමාරය ඒ පස්සෙ යනව. මෙහෙම යනකොට ඉවාන් කුමරයාට කිහිප වතාවකදී සතුන් කිහිප දෙනෙකු මුණ ගැසුනා.
    ඔහු උන්ව මරන්නට ලෑස්ති උනාම, ඔවුන් අභය දානය ඉල්ලූ නිසා ඉවාන් කුමාරයා උන් මැරුවේ නෑ.
    පසුව උදවු වෙනවයි මේ සත්තු කියා හිටියා.

    ඔහොම ගිහිල්ල ගිහිල්ල ගිහිල්ල ඔහුගේ නූල් බෝලය කැලෑවකට ආව. එතන බබායිගා යකින්නගේ ගේ. බබායිගා යකින්නගෙන් ඉවාන් කුමාරයා, කිසිදා නොමැරෙන කසේයි රාක්සයාගේ විස්තර අහ ගත්තා.
    "මම දන්නව, දන්නව. නුඹේ බිරිද දැන් නොමැරෙන කසේයි රාක්සයා ළග ඉන්නවා. නුඹට ඒ රාක්සයා පරද්දන්ට බැහැ. ඔහුගෙ පණ තියෙන්නෙ ඉදිකටු තුඩක.
    ඒ ඉදිකටු තුඩ තියෙන්නෙ බිත්තරයක, බිත්තරය තියෙන්නෙ තාරාවකුගේ බඩේ, තාරාවා ඉන්නේ හාවෙකුගේ බඩ ඇතුලේ, ඒ හාවා ඉන්නේ ගල් පෙට්ටගමක් ඇතුළේ,
    ඒ ගල් පෙට්ටගම බොහොම උස ඕක් ගහක් උඩ තියනවා. නොමැරෙන කසේයි රාක්සයා ඕක් ගහ එයාගෙ ඇහැක් වගේ ආරක්සා කරනවා "

    කොහොම හරි, අර උදවු කරන්නන් කියපු සත්තුන්ගේ උදවුවෙන් ඉවාන් කුමාරයට, ඉදිකටු තුඩ තියන බිත්තරය හම්බ උනා.
    ඉවාන් කුමාරය බිත්තරය බිදලා අරගෙන ඉදිකටු තුඩ කැඩුවා. කසේයි මළා.

    ඉවාන් කුමාරයා කසේයි යක්සයාගේ කිරි ගරුඬ මාළිගාවට ගියා. නුවණැති වසීලිස්සා දුවගෙන ඇවිල්ලා ඉවාන් කුමාරයාව සිප ගත්තා.
    ඉවාන් කුමාරයා නුවණැති වසිලීස්සා සමඟ ගෙදර ඇවිල්ල බොහෝ කලක් සැපෙන් හා සතුටින් ජීවත් උණා.




    :D:D:D:D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔබතුමා හරියටම හරි........!!!!

    අම්මා තමා පොත් කියවන්න පුරුදු කළේ...

    ඉස්සෙල්ලාම ලොකු අකුරු තියෙන (දැන් train එකේ එහෙම දිවි නැඟුම අයියලා 6ක් 100 ට විකුණන ඒවා) පොත් ගෙනත් දුන්නා.
    2 වසරෙදි තමා පළවෙනි නව කතා පොත ගෙනත් දුන්නෙ, "නෙල්ලි කැලේ වීරයෝ".
    එතනින් පටන් ගත්ත එක තාමත් නැවතිලා නෑ, නවතින්නෙත් නෑ.

    පුස්තකාලේ නම් දැම්මෙ මේ ළඟදි. ඒක කරන්න සිද්ධ උනේ දෙතුන් දෙනෙක් කියවන්න ඉල්ලන් ගිය පොත් ආපහු ගෙනත් දුන්නෙ නෑ, සමහර ඒවා නැති කරලා. ඉතින් අන්තිමට පොත් සේරම අංක කරලා විධිමත් ව ලේඛනගත කරලා තැන්පත් කරන්න සිද්ධ උනා.


    :rolleyes::rolleyes:

    මම ගාවත් පොත් ගොඩක් තිබ්බා සහෝ...තාත්තා උපන් දිනේට මොන මොන එක්කා හරි පොතකුත් ගෙනත් දුන්නා....ඒ කෙත් මගේ ගාව පොත් ගොඩක් තිබිලා..දවසක් ඉස්කෝලෙක පුස්තකාලයක් හදන්න ඉල්ලලා දුන්නා...දැන් මම රැකියාවක කරනවා...දන්නවද මම අහළ පහළ පොඩි එකෙක්ගේ උපන් දිනේකට දෙන්නෙම් පොත්...ඒත උන් කියවන්නේ නැහැ කියපා දන්නවා..උන්ට කියවන්න වෙලාවක් නැහැ..පන්ති පන්ති පන්ති...:dull:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම ගාවත් පොත් ගොඩක් තිබ්බා සහෝ...තාත්තා උපන් දිනේට මොන මොන එක්කා හරි පොතකුත් ගෙනත් දුන්නා....ඒ කෙත් මගේ ගාව පොත් ගොඩක් තිබිලා..දවසක් ඉස්කෝලෙක පුස්තකාලයක් හදන්න ඉල්ලලා දුන්නා...දැන් මම රැකියාවක කරනවා...දන්නවද මම අහළ පහළ පොඩි එකෙක්ගේ උපන් දිනේකට දෙන්නෙම් පොත්...ඒත උන් කියවන්නේ නැහැ කියපා දන්නවා..උන්ට කියවන්න වෙලාවක් නැහැ..පන්ති පන්ති පන්ති...:dull:


    දැන් ඉතින් 2 වසරේ ඉඳන්ම ශිෂ්‍යත්ව පන්තිනෙ. ළමයින්ට කිසිම නිදහසක් නෑ. අන්තිමට ළමයා කියන තරම් ලකුණු ගන්නෙත් නෑ. හැබැයි ඔය පොත් ටිකක් කියෙව්වා නම් ළමයට ඊට වඩා මොළයක් එනවා. ඒවා ඉතින් අම්මලට තේරුම් යන්නෙ නෑනේ.
    පොත් වගේද ශිෂ්‍යත්වෙ........??? ඕවා කියවලා කාටද හරි ගියේ.....??
    ඕවා තමා අම්මලා අහන්නෙ.......

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    දැන් ඉතින් 2 වසරේ ඉඳන්ම ශිෂ්‍යත්ව පන්තිනෙ. ළමයින්ට කිසිම නිදහසක් නෑ. අන්තිමට ළමයා කියන තරම් ලකුණු ගන්නෙත් නෑ. හැබැයි ඔය පොත් ටිකක් කියෙව්වා නම් ළමයට ඊට වඩා මොළයක් එනවා. ඒවා ඉතින් අම්මලට තේරුම් යන්නෙ නෑනේ.
    පොත් වගේද ශිෂ්‍යත්වෙ........??? ඕවා කියවලා කාටද හරි ගියේ.....??
    ඕවා තමා අම්මලා අහන්නෙ.......


    හ්ම දැන් ඉන්න ළමයි උගත් නම් තමයි...ඒත් බුද්ධිමත් ද ..සමාජාවබෝධය තියෙද...?:dull:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හ්ම දැන් ඉන්න ළමයි උගත් නම් තමයි...ඒත් බුද්ධිමත් ද ..සමාජාවබෝධය තියෙද...?:dull:


    දැන් හදන්නෙ ගිරව් පන්තියක් මිසක්, කල්පනා කරලා දෙයක් කරන්න පුළුවන් ළමයි පිරිසක් නෙමෙයිනෙ.
    රොබෝලා වගේ කියන දේ විතරයි කරන්නෙ, එතනින් එහාට එයාලට හිතන්නත් බෑ, හිතන්න දෙන්නෙත් නෑ මම හිතන්නෙ.


    :dull::dull:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    ආපහු පොඩි කාලෙට ගියා වගෙ දැනෙනව මචන්. එ කාලෙ අපි මෙව කියවලා කොච්චර සිද්දි හිතින් මවාගත්තද.රුසියන් පරිවර්තන පොත් එ දවස්වල හරි ජනප්‍රියයි. තව පොතක් තිබුනා 'රස කතා' කියලා.
     

    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    නියමයි මචන්...පරණ කථා ආයෙත් මතක් වෙනවා....