කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දවසක් රාහුල හාමුදුරුවො තමන්ගෙ ලොකු හාමුදුරුවොත් එක්ක වාදෙකට පැටලුනාලු. වාදෙ තමයි, "වඩා වටින්නෙ ජම්මෙද එහෙමත් නැත්තන් පුරුද්ද ද" කියන එක. රාහුල හාමුදුරුවො වාද කරන්නෙ, "පුරුද්දට වඩා ජම්මෙ වටිනවා" කියලලු. දෙන්නගෙම කෙස් පැලෙන තර්ක වලට පස්සෙ ලොකු හාමුදුරුවො හිතුවලු තමන්ගෙ කතාව ඔප්පු කරලම පෙන්නන්න.

    ලොකු හාමුදුරුවො බොහොම ආදරයෙන් ඇතිකරන බලලෙක් ඉන්නවලු පංසලේ. උන්නාන්සෙ කරේ ඔය බළලව අරගෙන උන්වහන්සෙ බණ පොත් කියවනකොට, පහන අල්ලගෙන ඉන්න විදිහට පුරුදු කරපු එක. බළලව හොදට පුරුදු කරයින් පස්සෙ,තමන්ගෙ කතාව හරි කියල දායකයන්ට පේන්නත් එක්ක ලොකු හාමුදුරුවො හැන්දෑ ජාමෙ බණක් සංවිධානෙ කරාලු. දැන් ලොකු හාමුදුරුවො බණ කියන කොට, බළලා පාන අල්ලගෙන. දායකයොන්ටත් තේරෙන්න ගත්තලු ලොකු හාමුදුරුවො කියපු කතාව, ඒ කියන්නෙ "ජම්මෙට වඩා පුරුද්ද වටිනවා"කියන එක හරි කියලා. එතකොටම රාහුල හාමුදුරුවො කොහෙන්දෝ අල්ලගෙන ආපු මීයෙක් බළලට පේන විදිහට ධර්ම ශාලාවෙ කෙලවරකට අතෑරියලු.
    මීය දැක්ක ගමන්, අතේ තිබුන පානත් පෙරලගෙන බළලා මීය පස්සෙ එළවන්න ගත්තලු. "පුරුද්දට වඩා ජම්මෙ වටිනවා" කියල රාහුල හාමුදුරුවො ඔප්පු කරේ එහෙමලු.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ රාහුල හාමුදුරුවොන්ගෙ මන්තර ගුරුකම්වල හපන්කම් ගැන කියවෙන තවත් කතාවක්. "කරුවල අදුන" කියල අදුනක් උන්නාන්සෙගාව තිබුනලු. මේ අදුනෙ ඇගේ ගා ගත්තම අහසින් යන්න පුලුවන්ලු. දවසක් හාමුදුරුවො හම්බවෙන්න ආපු බමුණෙක් මේ අදුන ඉල්ලුවලු. ඒත් හාමුදුරුවො අදුන දීල නෑ. පස්සෙ බමුණා, "හාමුදුරුවොගාව එහෙම අදුනක් නෑ" කියල, හාමුදුරුවන්ගෙ හැකියාව අවතක්සේරු කරල කතා කරන්න පටන් ගත්තලු.
    ඒක නිසා බමුණට පේන්නත් එක්ක හාමුදුරුවො අදුන හදන්න ගත්තලු. දැන් ගස්වල කොල,පොතු,මල්,ගෙඩි වගේම එක එක බෙහෙත් ජාති කවලම් කරලා, බෙහෙත් ගලක උරච්චි කර කර අදුන හදනවලු. ගලේ උරච්චි කරන්න කලින්, බෙහෙත් ගලට යටින් රත්තරන් කෑල්ලක් තියෙනවලු. අදුනෙ නියම පදම එනකොට, ගල හරහා ඒ රත්තරන් කෑල්ල පේන්න ගන්නවලු.

    ටික වෙලාවක් අදුන අඹරද්දි, හාමුදුරුවො වෙන වැඩකට ආවාසගෙට වැඩියලු.ඔය අතරෙ අදුනෙ නියම පදම ඇවිල්ලා, රත්තරන් කෑල්ල පේන්න ගත්තලු. හාමුදුරුවොත් ලග පාතක පේන්න නැති නිසා, ඉක්මනට අදුන එකතු කරගත්ත බමුණා ආපහු ගන්න, අදුනත් ගාගෙන අහසට නැගුනලු. ටික වෙලාවකින් හාමුදුරුවො ආපහු වඩිනකොට, අදුනත් අරගෙන බමුණා අහසින් යනවලු. කිසිම කලබලයක් නැතිව පංසලේ ඇබිත්තයට කතා කරපු උන්නාන්සෙ; "දුවලා ගිහින් අදුන අඹරපු බෙහෙත් ගල, කකුස්සිවලට දාපන්" කියලා කිව්වලු. ඇබිත්තයා බෙහෙත් ගල වැසිකිලිවලේ දැම්මා විතරයි බමුණා ආපහු පොලොවට වැ‍ටුනලු.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තොටගමුවෙ හාමුදුරුවො නැකැත් සාත්තරෙත් බොහොම පරතෙරට ගියපු කෙනෙක්. උන්නාන්සෙගෙ, ගුරු හාමුදුරුවොත් ඒ වගේමලු. දෙන්නම දක්ශයො නිසා, දෙන්නා නිතරම වැඩ කරේ තරගයටලු.
    .
    :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    මීය දැක්ක ගමන්, අතේ තිබුන පානත් පෙරලගෙන බළලා මීය පස්සෙ එළවන්න ගත්තලු. "පුරුද්දට වඩා ජම්මෙ වටිනවා" කියල රාහුල හාමුදුරුවො ඔප්පු කරේ එහෙමලු.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    අදුනත් අරගෙන බමුණා අහසින් යනවලු. කිසිම කලබලයක් නැතිව පංසලේ ඇබිත්තයට කතා කරපු උන්නාන්සෙ; "දුවලා ගිහින් අදුන අඹරපු බෙහෙත් ගල, කකුස්සිවලට දාපන්" කියලා කිව්වලු. ඇබිත්තයා බෙහෙත් ගල වැසිකිලිවලේ දැම්මා විතරයි බමුණා ආපහු පොලොවට වැ‍ටුනලු.
    :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේ සිද්දිය වුනේ බොහෝම ඉස්සර කාලේ පිටිසර පන්සලක. ඉස්සර ගමේ පන්සලේ හිටියේ භික්ෂූන් වහන්සේලා දෙනමක් හෝ තුන්නමක් ..ඒ කියන්නේ ලොකුහාමුදුරුවොයි, පොඩිහාමුදුරුවොයි.,.තව ඇබිත්තියෙකුත් හිටියා. දන්නවානේ ඇබිත්තියා ? මිනිහා තමයි පන්සලේ සේවකයා .බොහෝම වෙලාවට පන්සලේ බෝමලුව අමදින වැඩේ ඉදන් දානශාලාවේ වැඩ කටයුතු දක්වා ඒකී මෙකී නොකී සියලු කටයුතු සිද්දවුනේ ඇබිත්තියා අතින් .හුගක් වෙලාවට ඇබිත්තියා හැටියට කටයුතු කලේ පැවිදි ජීවිතයට ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කොලුගැටයෙක් ..එහෙමත් නැත්නම් ටිකක් විතර මෝඩපහේ කාත්කවුරුත් නැති අසරනයෙක් .


    මේ අපේ කතාවෙත් ඉන්නවා ඇබිත්තියෙක් ..එයාත් ටිකක විතර මෝඩපහේ පෙනුමක් තියෙන කොලුවෙක් ..නිකන් හිතමුකෝ මේ කැරැක්ටර් එක රගපාන්නේ සරත් කොතලාවල කියලා. දැන් එයාව දන්නෙ නැති අය මට අම්බානකට බනිනවා ඇති නේ. අපේ අබිත්තියා හැමදාම පාන්දරම අවදිවෙලා දවසේ වැඩ කටයුතු කරන්න පුරුදුවෙලා හිටියා ..කුකුලා හඩලන වෙලාවට තමයි මෙයා නැගිටින්නෙ. දවසක් හරි අබග්ගයක් වුනේ නැතෑ. කලින් දවසේ මහරෑ ලොකු සවාරියක් ගහලා ආපු කුකුළෙක් පරක්කුවෙලා නිදාගන්න ලෑස්තිවෙලා පහුවදා පාන්දරට අඩලන්න පරක්කු වෙයි කියලා හිතලද කොහෙද නිදාගන්න කලින් මහරෑ ජාමෙ ඇඩලුවෙ නැතෑ.

    කුක්කු කූඌඌඋක් .....කුක්කුකූඌඌඌඌඌක්ක්ක් ....

    මේ යක්ශ කුකුළගෙ හඩලන සද්දෙට පන්සලේ සැපට නිදාගෙන හිටිය අපේ අහින්සක ඇබිත්තියා ඇහැරුනා ..වටපිට බැලුවා. තාම කලුවරයි .ඒත් කුකුලට වරදින්න විදිහක් නෑනෙ ,පාන්කළුවර වෙන්න ඇති කියලා හිතපු අපේ මනුස්සයා දඩි බිඩි ගාල දවසේ වැඩටික පටන්ගත්තා .කලුවරේම මුලු පන්සල් වත්තම අතුගෑවා .දානෙ භාජාන සේදුවා. දානෙ ශාලාවත් අතුපතු ගාලා පිරිසිදු කරා .මේ වැඩටික කරන්න පැය දෙක තුනක් යනවනේ ,වැඩටික ඉවරයි .එත් තාම ඉර පෑයුවෙ නෑ ...දැන් අපේ වීරයා පන්සලේ ඉස්තෝප්පුවට වෙලා මදුරුවො තල තලා බලන් ඉන්නවා ඉර පායනකම් .ඉන්නවා ඉන්නවා තාම නෑ. අන්තිමේට මේ අහින්සක ඇබිත්තියට බය හිතුනා ඉරට මොකක් හරි කරදරයක් වෙලා ඉරපායන්නෙ නැතුවවත්ද කියලා .අපෙ ඉස්සර මිනිස්සු දුකට සතුටට විතරක් නෙමෙයි තරහක් බයක් හිතුනත් කවියක්නෙ කියන්නෙ ,ඉතින් අපේ මනුස්පයත් මෙන්න මෙහෙම කවියක් කීවයි කියමුකෝ.

    සූරිය සුනෙර වට දෙවරක් ගියාදෝ
    කාරිය කරන රථ ඇණ ඉගුලුනාදො
    වීරිය කරන රාහුට අසු වුනාදෝ
    සූරිය තවම පායන්නට පමාදෝ


    ඇබිත්තියා බයෙනුයි දුකෙනුයි මහරෑජාමේ මහහයියෙන් කියපු මේ කවිය පන්සලේ ලොකු හමුදුරුවන්ටත් ඇහුනා .නැගිටලා බලපු ලොකු හාමුදුරුවන්ට තෙරුනා අහින්සකයා නැට්ට පාගගෙන කියලා .ලොකුහාමුදුරුවෝ අබිත්තියාට සිද්දවෙලා තියෙන දේ පැහැදිලි කරලා දුන්නෙත් .

    සූරිය සුනෙර වට දෙවරක් ගියෙත් නැත
    කාරිය කරන රථ ඇණ ඉගුලුනෙත් නැත
    වීරිය කරන රාහුට අසු වුනෙත් නැත
    සූරිය මෙලෝ පායාන්නට පස් පැයක් ඇත


    ලොකුහාමුදුරුවන්ගේ කවිය ඇහුනට පස්සෙයි ඇබිත්තියාට වැඩේ තේරුනේ .ඉර පායන්න පස් පැයක් තියෙනවයි කිව්වම වෙලාව කීයට විතර වෙන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නෙ .මිනිහා ඊට පස්සෙ මොනා කරාද කියලා නම් අපි දන්නෙ නෑ ..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපි‍්‍රකාවේ එකමත් එක රටක රජෙක් හිටියා. ඒ රජ්ජුරුවන්ට පී‍්‍රතිය හැර අනික් හැම දෙයක් ම තිබුණා. ඇඳුම් පැලඳුම්, යාන වාහන, කෑම බීම් ඇතිපදම් තිබුණා. ලෝකයේ ම රූපයෙන් අග තැන්පත් රජ බිසවක් හිටියා. රාජකුමාරිකාවන්, දසදැස්සන් මහ පිරිවරක් සිටියා. සැපසම්පත්වලින් අඩුවක් තිබුණේ නෑ. ඒත් මේ කොයිතරම් සැප සම්පත් තිබුණත් රජ්ජුරුවන්ට සිතේ සතුටක් තිබුණේ නෑ. ඒ නිසා ඒ රජ්ජුරුවෝ හැම තිස්සෙ ම හිටියෙ හිතේ දුකෙන්. දිවා රෑ නොඉවසිල්ලෙන්; නොසතුටෙන්. රජ්ජුරුවො ඒ ගැන හැම තිස්සේ ම කල්පනා කළා.



    ”මට හැම දෙයක් ම තියෙනවා. ඒත් පී‍්‍රතිය නෑ. මට පී‍්‍රතිය ගෙනත් දියල්ලා! මට පී‍්‍රතිය ඕනෑ.” දවසක් රජ්ජුරුවෝ කෑගහල කිව්වා.

    ”දේවයන් වහන්ස, අර අහස දිහා බලන්න. හඳ පායලා! තරු පායලා! කොච්චර ලස්සන ද? ඒවා බලා පී‍්‍රති වෙන්න!” පුරෝහිත රජතුමාට කීවා.

    ”බෑ! බෑ! බෑ!” රජතුමා කෝපයෙන් කෑ ගැහුවා. ”හඳ දකින කොට, තරු දකින කොට, මට තරහ යනවා. ඒවා මට ලබා ගන්න බැරි නිසා.”

    ”දේවයන් වහන්ස, ඔබ වහන්සෙට මිහිරි සංගීතයෙන් පී‍්‍රති වෙන්න පුළුවන්. අපි හැමදාම ඔබවහන්සේ නින්දට යනතුරු සංගීතය සපයන්න ද?” රාජකීය සංගීතඥයා ඇසුවා.

    ”එපා! එපා! එපා!” රජතුමා කෝපයෙන් පිපුරුවා. ”ඒ මොන අමන වැඩක් ද? උදේ නැඟිට්ට වෙලාවෙ ඉඳන් නිදා ගන්නකන් සංගීතය අහන එක කරන්න පුළුවන් වැඩක් ද?”

    එතැන සිටි හැමෝම රජ්ජුරුවන්ට කතා කරන්න බය වුණා. ඔය සිද්ධිය ඈත ඉඳල බලාගෙන හිටි පුංචි සේවකයෙක් රජ්ජුරුවන්ගේ දුක තවත් බලන් ඉන්න බැරිව ළඟට ඇවිත් රජුට හිස නමා ආචාර කළා.

    ”සමාවී වදාරන්න, දේවයන් වහන්ස, ඔබ වහන්සෙ අවසර දෙනවා නම් මට පුළුවන් ඔබ වහන්සෙට පී‍්‍රතිය ලබා ගන්න විදියක් කියන්න.” සේවකයා කිව්වා.

    ”ඒ කුමක් ද?” රජතුමා ඇහුවා.

    ”බොහොම ලේසි විදියක්. ඔබ වහන්සේ කොහොම හරි සොයා ගන්න පී‍්‍රතියෙන් ඉන්න මනුස්සයෙක්. ඒ මනුස්සයාගෙ කමිසෙ ඉල්ලා ගෙන ඔබවහන්සේ ඇඳ ගන්න. ඒ පී‍්‍රතිමත් මනුස්සයගෙ ඇෙඟන් කමිසයට පී‍්‍රතිය කා වැදිල තියෙනව! ඒ කමිසෙන් ඔබ වහන්සෙගෙ ඇඟට පී‍්‍රතිය උරා ගනීවි. එතකොට ඔබ වහන්සෙට පී‍්‍රතිමත් වෙන්න පුළුවන්.”

    ”කදිම අදහසක්!” රජතුමා ඒ අදහස පිළිගත්තා.

    රජතුමා පී‍්‍රතියෙන් සිටින මිනිසකු සොයා රාජ පුරුෂයන් රට පුරා ම යැව්වා. රාජ පුරුෂයන් ගම් නියම්ගම් සිසාරා පී‍්‍රතිමත් මිනිසකු සෙව්වත් හමු වුණේ නෑ.

    කාලයක් ගත වුණා. ඒ අතර ඈත ගමක පී‍්‍රතිමත් මිනිසකු සිටින බව රාජ පුරුෂයකුට ආරංචි වුණා. රාජ පුරුෂයා ඔහු සොයා ගියා. ගිහින් මෙහෙම ඇහුවා: ”ඔබ ජීවත්වන්නේ පී‍්‍රතියෙන් යැයි කියන්නේ ඇත්තක් ද?”

    ”මේ මොනව අහනවද? මම තමයි මුළු ලෝකෙ ම ඉන්න පී‍්‍රතිමත් ම මනුස්සයා” ඔහු ගත් කටට ම උත්තර දුන්නා.

    රාජ පුරුෂයා රජතුමා ඔහු කැඳවන බව කියා ඔහු ව රජ මාලිගයට කැඳවා ගෙන ගියා. කැඳවා ගෙන ගිහින් තමන් ලෝකයේ ම ඉන්නා පී‍්‍රතිමත් ම මිනිසා කැඳවා ගෙන ආ බව රජ්ජුරුවන්ට දැන්වුවා. රජතුමා වහාම තමන් ඇඳ සිටි කමිසය ගලවා විසි කළා. ඒ සමඟ ම ඒ පී‍්‍රතිමත් ම මිනිසා වහාම තමන් වෙතට කැඳවා ගෙන එන ලෙස රජතුමා නියෝග කළා. අවසර ලත් වහා ම රාජ පුරුෂයා ඒ පී‍්‍රතිමත් ම මිනිසා රජතුමා වෙත කැඳවා ගෙන ආවා.

    මුහුණෙන් පී‍්‍රතිය උතුරා ගිය මිනිසකු තමා ඉදිරියට එනු රජුට පෙනුණා. ඒත් ඔහු කමිසයක් ඇඳ සිටියේ නෑ.
    ”ඇයි මනුස්සයො කමිසෙ නැතුව ආවෙ ?”

    ”රජ්ජුරුවන් වහන්ස, මට කමිසයක් නැහැ. මට කවදාවත් කමිසයක් තිබුණෙත් නැහැ. මම කමිසයක්වත් නැති මනුස්සයෙක්.”

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එල එල දිගටම දාපන් අනිත් අය කතා කියවල පොස්ට් දායි
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එල එල දිගටම දාපන් අනිත් අය කතා කියවල පොස්ට් දායි

    ෂුවර් එකට ‍උඔට කම්මැලිකමේ කරන්න දෙයක් නැතිව ඉන්නේ නේද.:frown:.මාව අන්දලා මං ලව්වා කතා ටිකක් පොස්ට් කර ගන්න....:angry:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ෂුවර් එකට ‍උඔට කම්මැලිකමේ කරන්න දෙයක් නැතිව ඉන්නේ නේද.:frown:.මාව අන්දලා මං ලව්වා කතා ටිකක් පොස්ට් කර ගන්න....:angry:
    කම්මැලිකම්ක් තිබුනා මෙ කතා ටික කියෙවුවාට පස්සෙ එක මග හැරුනා සිරාවටම සමහරක් අය හිතයි මෙවා මොඩ කතා කියලා එත් ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියෙනවා ඔවාගෙ
    උපහාසය /හා මොඩකමෙන් වෙන විපාක සමාජයෙ තත්වය ඔය ඔක්කොම මෙවාගෙන් පිලිබුබු වෙනවා:cool:;) තැන්ක්ස් මචන්
    1.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කම්මැලිකම්ක් තිබුනා මෙ කතා ටික කියෙවුවාට පස්සෙ එක මග හැරුනා සිරාවටම සමහරක් අය හිතයි මෙවා මොඩ කතා කියලා එත් ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියෙනවා ඔවාගෙ
    උපහාසය /හා මොඩකමෙන් වෙන විපාක සමාජයෙ තත්වය ඔය ඔක්කොම මෙවාගෙන් පිලිබුබු වෙනවා:cool:;) තැන්ක්ස් මචන්
    1.gif

    ජනකතා සාහිත්‍යක් මේ ලෝකෙට පහල වුනේ හේතු 2 ක් ඇතිවා සහෝ..එකක්..රසාස්වාදයට..උඔ කිව්වා වගේ කම්මැලිකම් යන්නත් එක්ක හොඳයි..අනික ජීවිතයට යමක් ගන්න :yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ජනකතා සාහිත්‍යක් මේ ලෝකෙට පහල වුනේ හේතු 2 ක් ඇතිවා සහෝ..එකක්..රසාස්වාදයට..උඔ කිව්වා වගේ කම්මැලිකම් යන්නත් එක්ක හොඳයි..අනික ජීවිතයට යමක් ගන්න :yes:
    :yes::yes::yes::yes:
    අනික මෙවාට කිසි අයිතිකාරයෙක් නැහැ මගෙ කියලා බදා ගන්න කෙනෙක් නැහැ මෙ කතා වලට
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙව්වා කියවන එවුන් දැන් කාලේ නෑ බොල..... ඇම්ඩන් කතාවක් දැම්මා නම් හරි කෙල්ලෙක් සම්බන්ද දෙයක් දැම්මා නම් හරි ;)
    :yes: එක හරි නැත්නම් කුනුහරපයක් රෙකොඩ් කරලා දාප්න් ඔන්න අහන උන් නම් ඉන්නවා ඇති තරම් රෙකොඩ් කරන එකාමයි නොන්ඩි වෙන්නෙ:rofl:

    එත් ජිවිතයට ගන්න දෙයක් දැම්මාම කිසි කෙනෙක් වටිනාම තෙරුම් ගන්නෙ නැහැ :Pඅනික අපි පන දාගෙන සමහරක් උන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරනවා එත් උන් පොස්ට් එකක්වත් දාන්නෙ නැහැ ගොඩාක් වෙලාවට යුතුකමක් විදියටවත්
    2.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකමත් එක කාලෙක හිටිය අප්‍රිකානු තාත්තා කෙනෙකුයි පුතාල තුන් දෙනෙකුයි ගැන. ඉතින් මේ අයට හිටිය ඉතාම වටිනා වාසනාවන්ත එළ හරකෙකුත්. මේ හතර දෙනා හිටියෙ අප්‍රිකාවෙ. තාත්තා හරිම ආඩම්බරයි මේ එළදෙන ගැන. ඒ මොකද දන්නවද? ඒ එළදෙන හැම අවුරුද්දකම හොඳ වහු පැටියෙක් ඔහුට දෙන හින්ද. දවසක් මේ තාත්තා කියනවා ලොකු පුතාට "පුතේ මේ එළදෙනව හොඳට වතුර, කෑම තියෙන තැනකට ගෙනියන්න" කියල. පුතාල , දුවල දන්නවනෙ අප්‍රිකාවෙ හැම තැනම වතුර නෑ. හරිම හිඟයි වතුර. ඉතින් මේ පුතා එළදෙනව අරගෙන ගියා වතුර තියෙන තැනක් සොයාගෙන. ඇවිදගෙන යනකොට ඒ පුතාට ඔන්න හම්බ උනා හොඳට වැඩුන තණ තියෙන තැනක්. ඒ අසලම තිබුන වතුර වලකුත් තිබුන නිසා එයාට හරි සතුටුයි. පුතා මේ වැස්සිව එතන දිගෙලි කරල ඇතිවෙන කල් කැම කන්න ඇරිය. ඊට පස්සෙ හොඳට වතුරත් බොන්න දුන්න. දැන් ඉතින් ගෙදර යන්න වෙලාව හරි. ඉතින් දෙන්න එක්ක ගෙදර ගියා.



    තාත්තා බොහොම සතුටින් ඇහුව මේ එළදෙනගෙන් කොහොමද? හොඳට කෑම බීම ලැබුනද ? කියල. එතකොට මේ එළදෙන කියනවා මෙන්න මෙහෙම. " ම්….. ……………අනේ, ඔබේ නපුරු පුතා මාව ගෙනිහින් කැලෑවකට දැම්ම. එතන වතුර වත් තණකොළ වත් තිබුනෙ නෑ. එයා හොඳටම නිදාගත්තා." කියල.

    ඉතින් මේ තාත්තාට හරියට තරහා ගියා මේ පුතා එක්ක. පුතාට කතා කරලා පුතාට ගෙදරින් යන්න කිව්වා. දැන් පුතාට කරන්න දෙයක් නෑ. ගෙදරින් යන්න ගියා. ඔහොම යනකොට පුතාට හම්බ උනා ගොවිපලක්. ඒකෙ හිටියා ඉතාම කරුණාවන්ත ගොවි මහතෙක්. ඔහු මේ පුතාගෙ කතාව අහලා පුතාට ඉඩ දුන්නා ගොවිපළේ නවතින්න. ඉතින් පුතා එහේ නැවතිලා හොඳින් හැම වැඩක්ම ඉගෙන ගත්තා. කවදාහරි තාත්තා ළගට ගිහින් හොඳින් ගොවිතැන් කරන්න කියලා පුතාට ගොවි මහතා අවවාද කලා.
    මේ අතර තාත්තා දෙවෙනි පුතාටත් කියනවා අර විදිහටම එළදෙනව අරන් ගිහින් කෑම දෙන්න කියල. ඉතින් මේ දෙවෙනි පුතාත් මේ එළදෙනව අරගෙන යනවා වතුර හා තණකොළ තියෙන තැනක් සොයාගෙන. එයත් එයාගෙ අයියා වගේම එළදෙනව ගෙනිහින් වතුර තියෙන තැනකින් එළදෙනව නාවලා කන්න දීල ගැට ගහල එයත් ටිකක් හාන්සි වෙනවා. තාත්තා මෙ දෙන්නා ඉන්න තැනට ඇවිත් අහනවා " කොහොමද? එළදෙනට අද කෑම වතුර එහෙම ලැබුනාද?" කියල.




    එතකොටත් මේ එළදෙන කියනවා "මේ බලන්න, මාව ගැට ගහල මෙ පුතා මට වතුරවත් කන්නවත් දෙන්නෙ නැතිව හොඳටම නිදි නේ" කියල. දැන් ඉතින් තාත්තාට හොඳටෝම කේන්තියි. එයා මොකද කරන්නෙ දිග කෝටුවක් කඩාගෙන පුතාට හොඳටම ගැහුවා. ගහල එයාවත් ගෙදරින් පන්නනවා. ඒ පුතාත් ඇවිදගෙන ඇවිදගෙන යත්දි එයා යන්නෙ කම්මල් කාරයෙක් ළඟටයි. ඒ කම්මල් කාරයා එයාට හොඳට ආයුධ හදන හැටිත් දඬයම් කරන හැටිත් කියල දෙනවා දීල කියනවා "පුතේ ඔයා කවදාහරි ඔයාගෙ තාත්තට කියල දෙන්න අර මෝඩ, දුශ්ට එළදෙන නැතුවට මෙ වැඩ එයාට හොඳින් කරගන්න පුළුවන්" කියල.

    ඔය අතරේ තාත්තා තුන්වෙනි පුතාටත් කියනවා "පුතේ, ඔයාත් මේ එළදෙනට කන්න ටිකක් හොයල දෙන්න, හැබැයි හොඳට මතක තියාගන්න අයියල දෙන්නා වාගෙ එහෙම නොකරන්න. ඔයාවත් පිටමන් කරන්න උනොත් මගෙ පපුව පැලේවි "කියල . ඉතින් මේ පුතාත් ඔන්න අයියලා විදිහටම හොඳට තණකොළ තියෙන තැනකට ගෙනිහින් මේ එළදෙනට කන්න දුන්නා. ඊට පස්සෙ නාවලා ගහක ගැට ගැහුවා විතරයි තාත්තා එතනට ආවා. වෙනදා වාගෙම තාත්තා ඒ එළදෙනගෙන් ඇහුවා හොඳින් කෑම කෑවාද? කියලා. මේ විදිහට ඇහුවාම පෙර කිව්වා වගේම එළදෙන කියනවා " අනේ මේ පුතාත් අර නැහැදිච්ච අයියලා වාගෙමයි. මාව පොඩ්ඩක්වත් තණකොළ නැති තැනකට ගෙනත් බැඳලා තිබ්බා මාව මැරෙන්න, කන්නවත් වතුර වත් දුන්නේ නෑ" කියලා. දැන් කරන්න දෙයක් නෑ, තාත්තා දිග කෝටුවක් කඩාගෙන මේ පුතාවත් පන්නනවා ගෙදරින් යන්න කියල.




    අනේ! මේ පුතාත් ඇවිදගෙන යත්දි ඔන්න හොඳට ඉගෙන ගත්ත මහත්තයෙක් ළඟට එනවා. ඒ මහත්තයා පුතාට බොහොම ආදරෙන් අකුරු කියන්න , ලියන්න උගන්වනවා. ඔය අතරේ තාත්තා විතරයි දැන් මේ එළදෙනට කන්න දෙන්න ඉන්නේ. ඉතින් එයා ළමයින් වගේම හොඳට වතුර හා තණකොළ තියෙන තැනකට ගෙනිහින් එළදෙනට කන්න දෙනවා. ඊට පස්සෙ අහනවා " එළදෙන, ඔබගේ බඩ පිරුනද? හොඳට වතුර බිව්වද?" කියල. එතකොට අර එළදෙන කියනවා " ඔබත් අර ඔබගේ මෝඩ කොල්ලො වගේමයි, මට කන්න දුන්නෙත් නෑ, බොන්න දුන්නෙත් නෑ. මාව බඩඟින්නේ තිබ්බ" කියල කිව්වා. ඔන්න දුවේ පුතේ එතකොට තමයි වැටහුනේ මේ එළදෙන හැමදාම බොරු කියපු බව.

    “හා! උඹ හැමදාම මාව රැවැට්ටුවා, මම මගෙ අහිංසක ළමයින් වත් එළවා ගත්තා. ඉඳින් මම උඹට හොඳ වැඩක් කරන්න” කියල කෙවිටෙන් ගහල ගහල මේ එළදෙනව කැලෑවෙ අතරමං කරල බොහොම දුකෙන් ගෙදර ආව. ඉතින්, ඊට පස්සෙ මේ තාත්තා ගම් දනව් පසුකරගෙන ගිහින් මේ පුතාල තුන් දෙනාවම හෙව්වා. ඒත් හම්බ උනේ නෑ. කාලයකට පස්සෙ ගෙදර ආවෙ බොහොම මහළු වෙලා. දැන් අතපය හයිය නෑ වැඩපල කරගන්න. පුතාල ගැන හිතමින් දුක් වෙනවා.

    දවසක් ඉරිදා පොළ දවසක, තාත්තා පොළට යනවා බඩු ගන්න. බොහොම දුර්වලව හිටිය මේ තාත්තව කලන්තෙ දාල වැටෙනවා. ඒ සද්දෙට හැමෝම එකතුවෙනවා. මේ අය අතරෙ ගොවිපලේ පලදාව විකුනන්න ආව ලොකු පුතාත්, ආයුධ විකුනන්න ආව දෙවෙනි පුතාත්, මහත්තයා එක්ක බඩු ගන්න ආව තුන්වෙනි පුතාත් එතනට එකතුවෙනවා.




    ඒ වෙලාවෙ, ඒ ඉන්නෙ අපේම තාත්තා බව පුතාල තුන් දෙනාම හඳුනා ගන්නවා. ඒ අය සහොදරයො බවත් දැනගන්නවා. තාත්තාට සිහිය ආවම හරිම සතුටුයි. මේ තාත්තා පුතාල තුන්දෙනාගෙන්ම සමාව ඉල්ලනවා. "පුතාලා මගේ ඇස් දෙක ඇරුනා. මම, මගේ වැරැද්ද හඳුනා ගෙන බොහෝ කල්, මට මගේ එළදෙනට වඩා ඔයාල තුන් දෙනාම වටිනවා දරුවනේ " කියල පුතාලව සෙනෙහසින් සිප ගන්නවා. ඉතින් එදා ඉඳලා හැමෝම ගොවිතැන් කරගෙන සතුටින්, ආදරෙන් ඒ අයගෙ තාත්තාව බලා ගන්නවා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :yes: එක හරි නැත්නම් කුනුහරපයක් රෙකොඩ් කරලා දාප්න් ඔන්න අහන උන් නම් ඉන්නවා ඇති තරම් රෙකොඩ් කරන එකාමයි නොන්ඩි වෙන්නෙ:rofl:

    එත් ජිවිතයට ගන්න දෙයක් දැම්මාම කිසි කෙනෙක් වටිනාම තෙරුම් ගන්නෙ නැහැ :Pඅනික අපි පන දාගෙන සමහරක් උන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරනවා එත් උන් පොස්ට් එකක්වත් දාන්නෙ නැහැ ගොඩාක් වෙලාවට යුතුකමක් විදියටවත්
    2.gif

    :yes:
    ඒක නම් මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා බං... ඒකට අපිට කරන්න දෙයක් නැහැ..මේකේ පෝස්ට් දාන දෙතුන් දෙනා වෙනුවෙන් හරි මම කතා ටිකක් දානවා....:yes:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මරිල්කා ගෙදර හිටියෙ නෑ. ඇගේ අම්මාත් තාත්තාත් ඈව හැමතැනම සෙව්වා. 'ඔහ්! අපේ දූ කොහෙද?" ඇගේ තාත්තා වැලපුනා. "අපි කොහොම ජීවත් වෙන්නද මරිල්කා නැතුව?" මේ හොඳ මිනිස්සු හඬනවා ඇසුනු කොකා උගේ පිහා‍ටු ඇද ගලවාදමන්නට පටන් ගත්තා. "මරිල්කා දකින්න නෑ.ඇගේ අම්මා අඬනවා,ඇගේ තාත්තත් අඬනවා, ඉතින් මටනම් බෑ තවත් පියාඹන්න " එහෙම කියපු කොකා ඉකිබිදින්න පටන් ගත්තා. කොකා ගේ පිහා‍ටු පාවෙනු දු‍ටු චෙරි ගස කොකොගෙන් සිද්ද වෙන්නෙ මොකක්ද කියා ඇසුවා.කොකාගේ පිළිතුර ඇසූ චෙරි ගස ශෝකයෙන් වෙව්ලන්න ගත්තා. එහි සෑම පොහොට්‍ටුවක්ම බිම වැටී ඈතට ගසාගන ගියා. " අනේ! මරිල්කා දකින්න නැති නිසා තවත්නම් චෙරි හටගන්න මට ඕනෙ නෑ" චෙරි ගස හඬාවැ‍ටුනා. චෙරි පොහොට්‍ටු ගසාගන යනු දු‍ටු ගංගාව ඒ ගැන ගසෙන් විමසුවා. "ඕ....ඕ....ඕ" චෙරිගස වැලපුනා. "මරිල්කා දකින්ට නෑ.ඇගේ අම්මත් අඬනවා, තාත්තත් අඬනවා, කොකා පිහා‍ටු ගලවා දමල, මා මගේ සියලුම පොහොට්‍ටු සොලවා බිම දැමුවා. '' ඔහ්!" ගංගාව කෙඳිරිලි හඬ නැඟුවා. "අපි දැන් මොකද කරන්නෙ ?" ගංගාව එහි ජලය ඉතිරී පොළවට කිදා බසින තුරු දිය ‍රැලි නඟන්නත් සුසුම්ලන්නත් පටන් ගත්තා. ඉක්මනින්ම එය කුඩා දිය පාරක් බවට පත්වුනා. පාත්ත්යින් බලා ගන්නා තරුණිය මැග්ඩා ඇගේ කළගෙඩිය පුරවා ගන්නටත් ඇගේ පාත්තයින්ට ගංගාවේ පීනන්නට ඉඩ හරින්නටත් ගංගාවට පැමිණියා. ඈට දක්නට ලැබුනේ කුඩා දිය පාරයි.බොහොම පුදුමයට පත්වූ ඈ අතින් කළය බිමට අත හැරුනා. එය කුඩා කැබළි වලට බිඳීගියා. "ඔහ් ! ගංගාව , ඔබට මොකක්ද මේ සිද්දවුනේ ? " ඔක්කෝම පාත්ත්යෝ ඈ වටා එක් වන අතර තුර ඈ විමසුවා. "ඕ....ඕ...ඕ" ගංගාව හඬන්නටවුනා. " මෙරිල්කා දකින්න නෑ. මට තවත් ගංගාවක් වෙන්න ඕනේ නෑ"එහෙම කියපු ගංගාව තවදුරටත් ගොර ගොර ශබ්ද නඟමින් හා කුඩා ‍රැළි නන්වමින් තව තවත් කුඩාවුනා. "අනේ!!!අනේ!!!" මැග්ඩා වැලපුනා. ඈ බිඳුනු කළයේ කැබැළිති මැද හිඳගන්නා අතර ඇගේ පාත්තයින් පීනීමට වෙනත් තැනක් සොයා ඇදුනා.

    ජනෙක් නම් තරුණ එඬේරා මැග්ඩා බැලීමට ආවා. ඔහු ඈ වෙනුවෙන් ගීතයක් ඔහුගේ බටනලාවෙන් වැයුවා. පාත්තයන් බලන්නී ඔහුට සිදුවූදේ කී විට එක් වරම ඔහු වාදනය නැවතුවා. "කොතරම් දරුණු පුවතක්ද" ඔහු හඬා වැ‍ටුනා."අපි මරිල්කා නැතුව මොනා කරන්නද?" එවිටම වාගේ එක් බැටළු පැටවකු පැමිණියා. " ස්වාමියනි කරුණාකළ මැනව" බැටළු පැටවා කීවා. " වාදනය නවත්වන්න එපා,ඔබ වයනවිට තණ පත් මිහිරි රසයි. "මා ඉන්නේ අසතුටින්"ජනෙක් කිව්වා.."මෙරිල්කා දකින්ට නෑ.ඇගේ අම්මත් අඬනවා, තාත්තත් අඬනවා, කොකා පිහා‍ටු ගලවා දමල, චෙරි ගස සියලුම පොහොට්‍ටු සොලවා බිම දමලා,ගංගාව කුඩා දියපාරක් බවට පත්වෙලා,මැග්ඩා ගේ කළය බිඳිලා,පාත්තයින් ඈතට ගොසින්." බැටළු පැටවා හිස වැනුවා." මරිල්කා දකින්න නැත්තේ නෑ" බැටළු පැටවා එහෙම කිව්වා."ඈ එළු පැටවා තණ බිමට ‍රැගෙන ගිහින් අනෙක් සෑම උදෑසනකදීම වගේම. බලන්න... අන්න ඈ එනවා.."
    සෑම දෙනාම මරිල්කා දු‍ටුවා,ඇගේ අම්මත් තාත්තාත් සතුටින් සිනාසුනා,කොකාට අළුත් පිහා‍ටු ලැබුනා,චෙරි ගස නැවුම් පොහොට්‍ටු වලින් පිරීගියා,දිය පාර නැවතත් ගංගාවක් වුනා, මැග්ඩා වතුර ගෙනයන්න අළුත් කළයක් ‍රැගෙන ආවා. පාත්තයින් නැවත බකල් ගමනින් ඇවිද ආවා. ජනෙක් ප්‍රීතිමත් තාලයක් වාදනය කරන අතරේ බැටළු පැටවුන් වෙන කවරදාකවත් නැති තරම් රසට දැනුනු තණ බුදින්නට වුනා.
     
    • Like
    Reactions: lilman

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    පරණ කතා අයේ කියවන්න ලැබුණම තියෙන සතුට.......

    :D:D


    ඉස්සර කියවන්නෙම පංචතන්ත්‍රය, ලස්සන වසිලිස්සා, ඊසොප්ගෙ කතා ටික..........