කුංකුණාවේ හාමුදුරුවෝ සහ තවත් කතා...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න ඉතින්, ඒ කාලෙ හිටියලු මුටූපා කියල සිංහයෙකුයි, කලූලු කියල හාවෙකුයි. කලූලු කියන හාවා අනෙක් සතුන් අතර උපායශීලී කෙනෙක් ලෙස හිවලා හා වඳුරා වගේම ප්‍රසිද්ධ වී සිටියා. කොච්චර ප්‍රසිද්ධ වෙලා හිටියද කීවොත් සිංහ රජතුමා පවා දැනහිටියා මේ කලූලු හාවගේ දක්ෂකම්. ඒ වගේම කොටිහාමිත් දැනගෙන හිටිය මේ හාවගේ දක්ෂකම්.


    ඈත එපිට කාලෙක මේ මුටූපා සිංහ රජතුමාට මේ කලූලු කියන හාවාව මුණගැසුනා. ඉතින් සිංහයෙකුට හාවෙක් හම්බ උනාම නිකම් ඉන්නවද? නේද. නෑ! , එයාට හාවව මරාගෙන කන්නම තමයි හිත. ඉතින්, හාවව කට ලඟට ගන්න කොට හාවා අහනවා මුටූපා සිංහයාගෙන් "අනේ රජතුමනි, ඇයි ඔබතුමා කට අරිනකොට වතුර වගේ කෙල වැක්කෙරෙන්නෙ? " කියල.
    එතකොට සිංහයා අහනවා "ඇයි හාවෝ, නුඹ, මස් කෑල්ලක් නෙමෙයිද?" කියල.
    හාවා කියනවා " අනේ, රජතුමනි, මගේ නම් මස් ගොඩක් නෑ. කටු ටිකක් තමයි ඔබ තුමාට දෙන්න වෙන්නෙ. " කියල. දැන් ඔන්න හාව බොහොම දුක හිතෙන මුහුණක් හදාගෙන ඉන්නෙ. හාවා දිහා බැළුවහම සිංහයාටත් ඇත්ත නේද? මේ හාවා කියන්නෙ කියල හිතුන. ඒත් එක්කම හාවා මෙහෙමත් කියනවා. " මාව කෑවොත් රජ තුමනි ඔබට බඩගින්නේම තමයි ඉන්න වෙන්නෙ, ඒ නිසා අපි දෙන්නම හොඳට මස් තියෙන ලොකු මහත සතෙක්ව හොයාගෙන යමු" කියල .


    "හ්හා! හ්හා! හ්හා!, හොහ් හෝ!, හොහ් හෝ!, හොහ් හෝ!" කියල මහ හයියෙන් හිනා උනා.
    හිනා වෙලා අහනව " ආ.........උඹ! උඹ! , උඹට පුලුවන්ද මාත් එක්ක දඩයම් කරන්න . " කියල. ඒතකොට හාවා කියනවා “ අපි යමු මිනිස්සු ඉන්න ගමකට එහේ ගිහින් ලොකු සතෙක් හම්බ උනේ නැතිනම් රජතුමනි නුඹට පුලුවන් එතකොට මාව මරාගෙන කන්න" කියල.
    ඉතින් ඔන්න දෙන්නම යනවා ගම්මානයක් සොයාගෙන. ඇවිදගෙන යනකොට ආව ගමක් ළගට, එතනදී හොඳට වැඩුන ගොන් නාම්බෙක් හම්බ උනා සිංහයාට. ඒ සතාව දඩයම් කරන අතරේ හාවත් හෙව්වා එයාට හරියන දඩයමක්. ඒත්, හාවට බිම පෙරළි, පෙරළි ඉන්න බූරුවෙක් ඇරෙන්න කිසිම කෙනෙක් දකින්න ලැබුනෙ නැහැ. දැන් මොකද? කරන්නෙ. සිංහයා ලැබුන දඩයමත් අරගෙන ඔන්න යනව ගෙදර යන්න. හාවත් දැන් සිංහයා එක්කම යනවා. ටිකක් ඉරිසියාවකුත් ආව , ඇයි? දන්නව නේද? එයාට මොනවත් දඩයම් කරගන්න ලැබුනෙ නැහැනෙ, ඒකයි.
    එක පාරටම හාවා කියනවා සිංහ රජතුමාට " අනේ, රජතුමනි! ඔබතුමා කොච්චර අවාසනාවන්තද?" කියල. ඒ පාර රජතුමා මහත් විස්මයෙන් අහනවා හාවා ගෙන් " ඒ මොකද?” කියල.
    " අනේ, මේ අසරන ගොනා , හරිම කෙසඟයි, මුගෙ හැටි! කිසිම පෝශණයක් නෑ. මූව, කෑවට වඩා හොඳයි මාව මරාගෙන කෑව නම්" කියල. හාවා ආයෙත් කියනව “ඕනෙම කෙනෙක් දන්නවා රජතුමනි, ලොකු මහත සතෙක්ට ඇන්නම හරි, බිම ගැහුවම හරි දුම් පිටවෙනවා" කියල.
    සිංහයා දැනගෙන හිටියෙ නෑ ඒ ගැන. ඒ උනාට ඒ බවක් හාවට පෙන්නුවේ නෑ. සිංහයා ලොකු කෝටුවක් අරගෙන ගොනාගෙ පැත්තකට ඇන්න ඒත් දුම් නම් ආවෙනෑ. ඊළගට පිටිපස්සෙන් ඇන්න කටින් මතුවෙනකල්. ඒත් දුම් ආවේ නෑ. ඉතින් සිංහයා හාවාට කිව්වා "මේ නම් හොඳ මහත සතෙක් " කියල, හාවට ගොරවලා සිංහයා ගොනාවත් අරන් යන්න ගියා. කලූලු හාවා, ලැජ්ජාවෙන් හිස නමා බලා ගෙන හිටියා , මුටූපා සිංහයා ආඩම්බරෙන් යන දිහා.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    පරණ කතා අයේ කියවන්න ලැබුණම තියෙන සතුට.......

    :D:D


    ඉස්සර කියවන්නෙම පංචතන්ත්‍රය, ලස්සන වසිලිස්සා, ඊසොප්ගෙ කතා ටික..........


    මතකද මේ පින්තූර ටික :P
    P05-03-13_09.49.jpg


    P05-03-13_09.44.jpg


    P05-03-13_09.45.jpg


    P05-03-13_09.46.jpg


    P05-03-13_10.10.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉස්සර කාලෙ ඒ කිව්වෙ ඉස්සරම ඉස්සර කාලේ හඳ තරු තිබුණෙ නෑ. ඉර විතරයි අහසෙ හිටියෙ. ‍ තනියම නෙවෙයි, එයාගෙ ගින්දර භටයොත් එක්ක. ඒගොල්ලන්ගෙ අහස් මාළිගාව ළඟ තිබුණා රත්තරන් පාට කුරුල්ලො ඉන්න උද්‍යානයක්. ඒ ‍කුරුල්ලො ගෙනත් දෙන පළතුරු තමයි ඉර යි එයාගෙ යාළුවොයි කෑවෙ. ඉර හැමදාම උදේට ගින්දර භටයොත් අරගෙන අහස් මාළිගාවෙ මිදුලට ඇවිත් සෙල්ලම් කරනවා. එහෙ මෙහෙ දුවනවා.. එතකොට තමයි ලෝකෙට එළිය වැටෙන්නෙ. ගින්දර භටයො ඉර පස්සෙ දුවද්දි හරියට ඊතල වගේ. මෙහෙම හවස් වෙනකම් සෙල්ලම් කරලා මූණවල් රතුම රතු පාට කරගෙන තමන්ගෙ විමානෙට ගිහින් නිදා ගන්නවා.

    හඳ හිටියෙ පොළවෙ තිබුණ මායා කන්ද කියන මහ විසාල කඳු පන්තිය පාමුල. මායා කන්ද කිව්වට ඒකෙ මායාකාරයො හිටියෙ නෑ. හඳ පදිංචි වෙලා හිටියෙ එයාගෙ හොඳම යාළුවා හා හාමිත් එක්ක සූකිරිවලින් හදපු ගෙදරක. එයාලගෙ ගෙදර ළඟින් මී පැණි ගංගාවක් ගලාගෙන ගියා. හා හාමියි හඳ යි ලස්සන වුණේ ගෙදර හදන කිරි කාලා ඒ ග‍ඟෙන් මී පැණි බීලා. හඳ බොහොම සන්සුන්. ඒ හැටි කළබලයක් නෑ. හවස් වෙනකොට එයා හා හාමිත් එක්ක මායා කන්ද මුදුනට නගිනවා. ඒ නගින ගමන් ලස්සන මල් පිපිලා තිබුණොත් එයාලා එක්ක කතා කරනවා. මෙහෙම ගිහින් ගිහින් මහ රෑ වෙද්දි තමා ඒගොල්ලො කන්ද මුදුනට යන්නෙ. අන්න ඒ වෙලාවට තමයි අහසෙ ඉඳලා සුරංගනාවියො පොළවට එන්නෙ.

    සුරංගනාවියො බොහොම වැඩ අධික උදවිය. ඒගොල්ලො තමයි මල් වලට පාට දෙන්නෙ. පුංචි දරුවන්ට නින්දෙන් හීන පෙන්නන්නෙත් ඒ අය ම තමයි. හීන පෙන්නන එක සමගියෙන් කළත් මල්වලට පාට දෙනකොට නම් ටිකක් කලබලයි. එක්කෙනෙකුට රෝස මලකට රතු පාට දෙන්න ඕ‍නෙ වෙනකොට තව කෙනෙකුට ඒකට කහ පාට දෙන්න ඕනෙ වෙනවා. මේකට වාද කරද්දි ඒ ගොල්ලන්ගෙ සළුවල තියෙන මුතු ඇට සර සර ගාලා මල් පෙති උඩට වැටෙනවා. උදේට මල් පෙති උඩ පිනි වැටිලා කියන්නෙ එහෙම වැටෙන මුතු ඇටවලට තමයි.



    මේ සුරංගනාවියො හඳයි හා හාමි යි එක්ක බොහොම යාළුයි. එයාලා එකතුවෙලා පාන්දර වෙනකම් හිනාවෙන සෙල්ලම කරනවා. නැත්නම් සින්දු කියනවා. සතුටින් ඉන්න කොට හ‍ඳෙන් රැස් විහිදෙනවා. ඒ රැස් බොහොම සෞම්‍ය යි. ඉතින් උදේ වෙන්න කලින් සුරංගනාවියො අහසේ තියෙන ඒගොල්ලන්ගෙ විමානෙට යනවා. යන ගමන් එයාලට ගිනි භටයො එක්ක සෙල්ලමට යන ඉර මුණ ගැහෙනවා. දෙගොල්ලො ආයුබෝවන් කියලා ඔළුව නමලා ආචාර කරලා තම තමන්ගේ වැඩවලට යනවා.

    හඳ යි හා හාමි යි මායා කන්ද පාමුළ ගෙදරට ගිහින් කිරි කාලා මී පැණි බීලා නිදාගන්නවා. සමහර දාට හඳ වැඩිපුර මී පැනී බීලා වහලෙන් සූකිරිත් කඩාගෙන කාලා මත්වෙලා කම්මැලියෙක් වගේ දවසක් ම එක දිගට නිදියනවා. එදාට රැස් විහිදෙන්නෙ නැති නිසා මුළු රෑම කළුවර වෙනවා. හා හාමිට කම්මැලියි හඳ නිදා ගත්තම. එතකොට හා හාමි කරන්නෙ කකුලෙන් ඇදලා ඇදලා පහුවදාට හරි හඳ ඇහැරවගන්න එක. ඒ වගේ දවසට හඳ කන්ද නගින්නෙ නිදිමතේ. ඉතිං එදාට හඳ එළියත් අඩුයි. ඒ වුනාට හැමදාම එහෙම වෙන්නෙ නෑ. ඉඳහිට තමයි හඳ නිදිමතයෙක් වෙන්නෙ. ඔහොම තමයි කාලය ගතවෙලා ගියේ දවසක් එකපාරට ම හැමදේම වෙනස් වෙනකම්.

    එක දවසක් පාන්දර ලෝකෙට එළිය බෙදලා කන්ද දිගේ සෙල්ලමට රෝල් වෙවී ඇවිත් හඳ යි හා හාමි යි හොඳට ම නිදාගෙන හිටියා. ඔන්න එතකොට ආවා මහා කුණාටුවක්. ඒ කුණාටුවට ගස්වැල් බයවෙලා කෙඳිරි ගෑවා. මී පැණි ගඟ ගල් වුණා. හඳ ට අයිති සූකිරි ගෙදර බිත්ති දෙදරුවා. හා හාමි උඩ ගිහින් බිම වැටිලා කකුල් තුවාල කර ගත්තා. හඳ කළබල වෙලා එළියට පැනලා බැලුවා. ඔන්න බලද්දි ගේ ළඟ උසට උසේ හිටගෙන ඉන්නවා වස නපුරු පාට මිනිහෙක්. මිනිහෙක් කිව්වට ඇස් රතුම රතුයි. නියපොතු දිගයි. නියපොතු රැවුලෙ පැටලිලා. අතේ ගිනි ගන්න හිස් කබලක්.

    "නුඹ කවුද? නුඹ මොකද මගේ නින්ද කැඩුවෙ?"

    හඳ බයවෙලා ඇහුවා.

    "මම? අපොයි! නුඹ මාව දන්නෙ නැතිද? මම තමයි මේ කන්ද අයිති මායාකාරයා. මම අවුරුදු ලක්ෂයක් නිදාගෙන ඉඳලා අදයි ඇහැරුණේ."
    "නුඹට මොනවද ඕනෙ?" හඳ ඇහුවා.

    "හහ් හහ් හා..." මායාකාරයා හිනාවෙනකොට පොළව දෙදරුවා.

    "මට හරි බඩගිනියි. මම මේ පොළවෙ මිනිස්සු ඔක්කොම කාලා දාන්නයි යන්නෙ. අවුරුදු ලක්ෂයක් මම හිටියෙ බඩගින්නෙ. මටයි මේ කන්ද අයිති. වහාම පිටවෙයං. නැත්නම් මම නුඹවත් කාලා දානවා."

    "නුඹට අයිතියක් නෑ මිනිස්සුන්ව කන්න." හඳ බය සඟවගෙන නිර්භීත වෙලා කිව්වා.

    "හහ්! නුඹ මොනව කරන්නද මට? බලාපන් මම නුඹට කරන දේ" මායාකාරයා ගෙරෙව්වා.

    හඳ යි මායාකාරය යි මෙහෙම වාද විවාද කරන අතරෙ හා හාමි බැරි බැරි ගානෙ කන්ද නැග ගත්තා. දවල් වෙලාව නිසා සුරංගනාවියො නෑ කන්ද මුදුනෙ. හා හාමි අහසටයි පොළවටයි ඇහෙන්න කෑ ගැහුවා. මේ සද්දෙ ඇහුණු ඉරට අයිති ගිනි භටයො සුරංගනාවියන්ට පණිවුඩය කිව්වා. සුරංගනාවියො සුරංගනා විමානෙන් එළියට ඇවිත් පියාඹලා හා හාමි ළඟට ආවා. හා හාමි බොහොම කළබලෙන් මායාකාරයා ගැන කිව්වා. මොකද හා හාමිට යි හඳට යි ඉන්න හොඳම යාළුවො තමයි සුරංගනාවියො. ඒගොල්ලො වාද නොකර කල්පනා කරල නුවණැති තීරණයක් ගත්තා.

    "අපි මේක ඉරට කියමු.. එයා තමයි දවල් කාලෙට ඉන්න බලවත් ම කෙනා"

    ඉතිං සුරංගනාවියො හති දාන්නෙ නැතිව ගිහින් ඉරට මේ විස්තරය කියලා උදව් ඉල්ලුවා. ඒගොල්ලො හති දැම්මෙ නෑ.. මොකද ඒගොල්ලො සුරංගනාවියොනෙ. ඉර ඉතිං සෙල්ලමට කැමති යි. ඒ වගේම බොහොම කරුණාවන්තයි. ඉර කැමති වුණා මායා කන්ද පාමුලට ඇවිත් හඳ යි මිනිස්සුන්ව යි බේර ගන්න.



    ඊට පස්සෙ වුණ දේවල් හරියට සුරංගනා කතාවක් වගේ. ඉර එයාගෙ ගිනි භටයො එක්ක ඇවිත් ගිනි අවුළුවලා මායාකාරයව පන්නලා දාලා පොළවෙ උදවියව බේර ගත්තා. මායාකාරයට ආයෙත් කන්ද ඇතුළට ගිහින් නිදා ගන්න බැරි වෙන්න මායා කන්ද ඇතුළින් ගිනි ගන්න කන්දක් කළා. මිනිස්සු ඊට පස්සෙ ඒකට ගිනි කන්ද කියල නම දැම්මා. ඒකෙන් වුණේ මිනිස්සු බේරුණාට හඳට එයාගෙ මී පැණි ගඟ ළඟ සූකිරි ගෙදර නැති වුණ එකයි. ඉරට බොහොම කණගාටු යි. ඉර කල්පනාකරලා නළලට තට්ටු කරගෙන බැරෑරුම් විදිහට මෙහෙම කිව්වා.
    "හඳ, නුඹ වරෙන් මගේ විමානෙට... ඒක බොහොම විසාලයි. නුඹට ඉඩ ඇති. ඇරත් අපි දෙන්නම කරන්නෙ ලෝකෙට එළිය දෙන එකනෙ. "

    හඳ මුලින් අකමැති වෙලා පස්සෙ කැමති වුණා. හැබැයි ඒ හා හාමිටත් හඳ එක්ක ඉන්න දෙන පොරොන්දුව පිට. ඔන්න ඔහොමයි හඳ අහසට ගියේ.

    එදායින් පස්සේ ඉක්මණින් පොළවෙ වැඩ ඉවර කරපු සුරංගනාවියෝ ආයෙත් අහසට නැගලා හඳයි හා හාමියි එක්ක සෙල්ලම් කරනවා. ඒ වුණාට ඒගොල්ලො තාමත් "ලස්සනම අත්තටු තියෙන්නෙ කාටද" වගේ දේවල්වලට වාද වෙනවා. එතකොට එයාලගෙ සළු වලින් වැටෙන මුතු කැට අහස පුරා විසිරෙනවා. ඒවට කියන්නෙ තරු කියලා. ඉරයි හඳයි නම් බොහොම සමගියෙන් තමයි අහස් විමානේ ඉන්නෙ. එදා තුවාල වුණ නිසා අහසට ගියාට පස්සෙ

    අහස තියෙන්නෙ උඩ නිසා හා හාමි නම් ඉන්නෙ ම හඳ තුරුළට වෙලා. මොකද එයා එදා මායාකාරයා ආපු දවසේ ‘උඩ ගිහින් බිම වැටිලා’ බය වුණානෙ. නමුත් හඳ රැස් නම් දැන් ඉස්සරටත් වඩා සෞම්‍යයි. හඳ ඉන්නෙ සතුටින්. ඒ වුණාට හිටපු ගමන් සුරංගනාවන්ගෙන් මී පැණි ඉල්ලන් බීලා නිදිමතයෙක් වෙනවා. මිනිස්සු එදාට කියන්නෙ අමාවක රෑ කියලා.

    මේව ගැන මිනිස්සු ගොඩක් කවි කතන්දර ලිව්වා. අදටත් ඒවා පොත්වල ලියලා රත්තරන් පාට පීත්ත පටිවලින් බැඳලා ඒ රටේ පරිස්සමට තියෙනවා. ඒ සිද්ධිය පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සු තමන්ගෙ ළමයින්ට, ළමයින්ගෙ ළමයින්ට කියල දෙනවා.
     
    • Like
    Reactions: Honest-killer

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes:
    ඒක නම් මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා බං... ඒකට අපිට කරන්න දෙයක් නැහැ..මේකේ පෝස්ට් දාන දෙතුන් දෙනා වෙනුවෙන් හරි මම කතා ටිකක් දානවා....:yes:
    :cool::yes:
    11.gif

    ඔන්න කටින් මතුවෙනකල්. ඒත් දුම් ආවේ නෑ. ඉතින් සිංහයා හාවාට කිව්වා "මේ නම් හොඳ මහත සතෙක් " කියල, හාවට ගොරවලා සිංහයා ගොනාවත් අරන් යන්න ගියා. කලූලු හාවා, ලැජ්ජාවෙන් හිස නමා බලා ගෙන හිටියා , මුටූපා සිංහයා ආඩම්බරෙන් යන දිහා.
    :rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    අදට ඇති...ත්‍රෙඩ් එක උඩම තියා ගන්න ගොඩක් මහන්සි වෙච්ච මෙන්න මගෙන් ගයියාට අද අන්තිම කතාව


    ---------
    පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ශේන්යා. දවසක් අම්මා ඇය පාන් වළලූ ගේන්න කඩේට යැව්වා. ශේන්යා ගත්තා පාන් වළලූ හතක්. සුවඳ පාන් වළලූ දෙකක් තාත්තාට, පොපි ඇට දාපු දෙකක් අම්මාට, සීනි දමාපු දෙකක් තමාට, රෝස පාට පුංචි එකක් පාව්ලින් මල්ලීට.

    ඉතින් ශේන්යා පාන් වළලූ එල්ලාගෙන ගෙදර යනවා. ඈ යන්නේ වට පිට බලමින්. පාර දෙපැත්තේ තිඛෙන දැන්වීම් කියවමින්. මේ අතරතුරේ එක් නාඳුනන බල්ලෙක් ඇය පස්සෙන් එන්න පටන් ගත්තා. ඌ ඔක්කොම පාන් වළලූ එකින් එක කෑවා. ශේන්යාගේ අතට සැහැල්ලූවක් දැනුණා. ආපසු හැරිලා බැලින්නම් පමාවෙලා වැඩියි. බල්ලා අන්තිම රෝස පාට පාන් වළල්ලත් අරගෙන කනවා.

    ''අය්යෝ.... මෙහෙම නපුරු බල්ලෙක්....'' ශේන්යා කෑ ගහල ඌව අල්ලන්න දිව්වා. ඈ දිව්වා.... දිව්වා.... බල්ලා අල්ලාගන්න බැරි වුණා. ශේන්යා බය වෙලා අඬන්න ලෑස්ති වුණා. එක පාරටම කොහෙන්දෝ ආච්චි කෙනෙක් ආවා.
    ''ළමයෝ.... ළමයෝ මොකද උඹ අඬන්නේ?''
    ශේන්යා ආච්චිට ඔක්කොම විස්තර කිව්වා. ආච්චිට ශේන්යා ගැන දුක හිතුණා. ආච්චි ශේන්යා තමන්ගේ මල් වත්තට එක්කගෙන ගිහිල්ලා මෙහෙම කිව්වා.
    ''කමක් නෑ... අඬන්න එපා... මම උඹට පිහිට වෙන්නම්’...මගේ මල් වත්තේ මලක් පිපිලා තියෙනවා. ඒ මලට කියන්නෙ 'හත්පෙති මල' කියලා. ඒ මලට උඹට ඕන ඔක්කොම කරන්න පුළුවන්. උඹ පාරේ යනකොට වටපිට බැලූවා වුණත් හොඳ ළමයෙක් බව මම දන්නවා. මම උඹට හත්පෙති මල තෑගි කරන්නම්. ඒක ඔක්කොම කර දෙනවා''

    ඉතින් මෙහෙම කියලා ආච්චි මල් පාත්තියකින් ලස්සන මලක් කඩලා ශේන්යාට දුන්නා. ඒ මලේ කහ, රතු, තද නිල්, කොළ, තැඹිලි, ලා නිල් පෙති හතක් තිබුණා.

    ''මේ මල සාමාන්‍ය එකක් නොවෙයි'' ආච්චි කීවා. ''උඹට ඕනෑ දෙයක් කර දෙනවා. මල් පෙත්තක් කඩලා විසි කරලා මෙහෙම කියන එක විතරයි...
    මල් පෙත්තේ මල් පෙත්තේ
    උතුරු දෙසට දකුණු දෙසට
    බටහිරටත් නැගෙනහිරටත්
    ඉගිල ඉගිල මෙහැම දෙසට
    කැරකිලා ඇවිත් බිමට
    මා කියන දේ කරදෙන් මට

    ඉතින් මෙහෙම කියලා මේ මේ දේ මට කරදෙන්න කියන්න. එතකොට හරියටම කර දෙනවා''
    ශේන්යා බොහෝම විනීත විදියට ස්තූති කරලා ගේට්ටුවෙන් එළියට ගියාට පසුවයි මතක් වුණේ ගෙදරට යන්න පාර දන්නේ නැති බව. මල් වත්තත් ආච්චිත් පේන්න නැහැ. ශේන්යා හනික කහ පාට මල් පෙත්ත කඩලා එය විසි කරලා ආච්චි කී කවිය ගායනා කර කීවා.
    ''පාන් වළලූත් එක්ක මා ගෙදර ඉන්න ඕනෑ''
    ඇයට මෙය කියලා ඉවර කරන්න ලැබුණේ නැහැ. ඒ මොහොතේම ඇය පාන් වළලූත් එක්ක ගෙදර. ශේන්යා පාන් වළලූ අම්මට දීලා මෙහෙම හිතනවා.
    ''මේක හරිම පුදුම මලක්. හොඳම ලස්සන මල් පෝච්චියේ මේ මල තියෙන්න ඕනෑ'' ඈ රාක්කය උඩම තට්ටුවේ තියෙන මල් පෝච්චිය ගන්න පුටුවක් උඩට නැඟුණා. ජනේලය ලඟින් කාක්කො රංචුවක් ඉගිලගෙන යනවා. කාක්කො හත්දෙනෙක්ද අටදෙනෙක්ද කියලා හරියටම දැනගන්න ශේන්යාට ඕනෑ කළා. ඈ ඇඟිල්ලක් දික් කරලා ගනින්න පටන් ගත්තා. දඩාස්... මල් පෝච්චිය බිමට වැටුණා.
    ''උඹ ආයෙමත් මොකක්ද බින්දා නේද?'' අම්මා කුස්සියේ ඉඳලා කෑ ගැහුවා.
    ''නෑ.... නෑ.... අම්මා මුකුත් බින්දේ නෑ''
    ශේන්යා හනික රතු මල් පෙත්ත කඩලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කර ''අම්මගේ මල් පෝච්චිය තිබුණ විදියට හැදෙන්න ඕනෑ'' කීවා. එතකොටම කැඩුණු බිඳුණු කෑලි ඔක්කොම එකට එකතු වෙලා මල් පෝච්චිය තිබුණු විදියටම හැදුණා.

    ශේන්යා මිදුලට ආවා. මිදුලේ පිරිමි ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා.
    ''අනේ මාවත් ඔය ගොල්ලන්ගේ සෙල්ලමට ගන්න''
    ''අපි උතුරේ කෙළවරේ සෙල්ලම් කරනවා... අපි ඒ සෙල්ලමට ගෑනු ළමයින්ව ගන්නෙ නෑ''
    ''මට ඔය ගොල්ලො නැතුව.... මම යනවා උතුරු කෙළවරට''
    ශේන්යා ගේට්ටුවට මුවා වෙලා හත්පෙති මල අරගෙන තද නිල් පාට පෙත්ත කඩලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා. ''දැන් මාව උතුරු කෙළවරට ගෙනියන්න ඕනෑ'' එකපාරටම හුළං හැමුවා. ඉර නොපෙනී ගියා. භයානක විදියට අඳුරු වුණා. ඇගේ පා යට පොළව බඹරයක් වගේ කරකැවුණා. උතුරු කෙළවරේ ඇයට ලොකු තනිකමක් දැනුණා.
    ''අය්යෝ.... අම්මා.... සීතලයි'' ශේන්යා කෑ ගහන්න පටන් ගත්තා. කඳුළු මිදිලා අයිස් වගේ නහයෙන් එල්ලූණා.

    අයිස් කඳුවලින් සුදු වලස්සු හත්දෙනෙක් ශේන්යා ළඬට එනවා.
    ඔක්කොම එක වගේ භයානකයි. ශේන්යා හොඳටම බය වෙලා හත් පෙති මලේ කොළ පාට පෙත්ත කඩලා විසි කරලා පුළුවන් හයියෙන් ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා.
    ''ආයෙමත් මා අපේ මිදුලට ගෙනියන්න ඕනෑ'' කියන කොටම ඈ මිදුලේ. පිරිමි ළමයි ඇය දිහා බලලා හිනා වෙනවා.

    ශේන්යාට තරහා ගියා. ඈ පිරිමි ළමයින් සමග සෙල්ලම් නොකරන්න තීරණය කරලා වෙන මිදුලකට ගියා. ගෑණු ළමයින් එක්ක සෙල්ලම් කරන්න.
    ගිහින් බැලින්නම් ගෑණු ළමයින් ගාව තියෙනවා නොයෙක් නොයෙක් ජාතියේ සෙල්ලම් බඩු. එක්කෙනෙක් ළඟ පුංචි කරත්තයක්, තව කෙනෙක් ළඟ රෝද තුනේ බයිසිකලයක්, තව කෙනෙක් ළඟ තොප්පියකුයි සපත්තුයි අන්දපු කතා කරන ලොකු බෝනික්කෙක්, ශේන්යාට කණගාටු හිතුණා.
    ''හොඳයි ඔයගොල්ලන්ට මම පෙන්වන්නම් කාටද සෙල්ලම් බඩු තියෙන්නේ කියලා'' හත්පෙති මලේ තැඹිලි පාට මල් පෙත්ත කඩලා ඈ කවිය කිව්වා.
    ''මේ ලෝකෙ තිඛෙන ඔක්කොම සෙල්ලම් බඩු මට ලැඛෙන්න ඕනෑ''
    ඒ මොහොතේ ම හැම පැත්තෙන් ම ශේන්යා ළඟට සෙල්ලම් බඩු ගලා එන්න පටන් ගත්තා. හැම පාරකින් ම බෝනික්කො, බෝල, බයිසිකල්, සෙල්ලම් කාර්, ට්‍රැක්ටර් පෙරළීගෙන එනවා. බැලූම් කෝටි ගණනක් අහසේ පියඹනවා. පැරෂුට්වලින් බෝනික්කො බසිනවා. රුසියානු සෙල්ලම් බඩුවලින් පස්සේ අමෙරිකානු සෙල්ලම් බඩු එන්න පටන් ගත්තා. දැන් මුළු නගරය ම සෙල්ලම් බඩුවලින් පිරිලා. ශේන්යා පඩි පෙළේ... සෙල්ලම් බඩු ඈ පස්සෙන්.... ශේන්යා සඳළුතලේ.... සෙල්ලම් බඩු ඈ පස්සෙන් එනවා. බැරිම තැන ඈ වහළයට නැගලා හනික දම් පාට මල් පෙත්ත කඩලා විසි කරලා ''මල් පෙත්තේ... මල් පෙත්තේ...'' කවිය ගායනා කළා.
    ''සෙල්ලම් බඩු හනික ආපසු සාප්පුවලට යන්න ඕනෑ''

    එතකොට සෙල්ලම් බඩු ඔක්කොම අතුරුදහන් වුණා. ශේන්යා මල දිහා බැලූවා ම තව තියෙන්නේ එකම එක මල් පෙත්තයි.
    ''වෙච්ච දේ... පෙති හයක්ම නාස්ති වුණා කිසිම පලක් නැතිව. කමක් නෑ. ඉස්සරහට කල්පනාකාරි වෙනවා''
    ඉතින් ශේන්යා වීදියට බැහැලා කල්පනා කර කර යනවා.

    ශේන්යා දැක්කා ගේට්ටුව ළඟ හොඳ ලස්සන පිරිමි ළමයෙක් වාඩි වෙලා ඉන්නවා. ඔහුට තිබුණා නිල් පාට ප්‍රීතිමත් ශාන්ත විශාල ඇස්. ශෙAන්යාට හිතුණා ඔහුව දැන අඳුනගන්න. කිසිම බයක් සැකත් නැතිව ඔහු ළඟටම ගියා.
    ''ඔයාගෙ නම මොකක්ද?''
    ''වීත්යා.. ඔයාගේ නම?''
    ''මගේ නම ශේන්යා..වීත්යා එනවද මා එක්ක සෙල්ලම් කරන්න?''
    ''මට බැහැ. මම කොර වෙලා''
    ශේන්යා දැක්කා ඔහුගේ පාදයේ තිබුණ ලොකු සපත්තුව.
    ''මට හරි දුකයි'' ශේන්යා කිව්වා. ''මම ඔයාට හරි කැමතියි. මට ඔයා එක්ක බොහොම කැමැත්තෙන් සෙල්ලම් කරන්න තිබුණානේ?''
    ''මමත් ඔයාට හුඟාක් කැමතියි. මමත් ඔයා එක්ක සෙල්ලම් කරන්න බොහොම කැමතියි. නමුත් කණගාටුයි. ඒක කරන්න මට බැහැ. මට කරන්න කිසිම දෙයක් නැහැ. මගේ මුළු ජීවිතේම මෙහෙමයි''
    ''හානේ වීත්යා ඔයා මොනවද මේ කියන්නේ''
    ශේන්යා තම සාක්කුවෙන් පුදුම හත්පෙති මල අරගත්තා.
    බොහොම පරිස්සමින් මලේ අවසාන නිල් පාට පෙත්ත කඩලා මල් පෙත්ත තමාගේ ඉදිරියෙන් තියලා ඇඟිලි වලින් විසි කරලා හීන් හඬින් ප්‍රීතියෙන් මෙහෙම කියන්න ගත්තා.

    ''මල් පෙත්තේ මල් පෙත්තේ
    උතුරු දෙසට දකුණු දෙසට
    බටහිරටත් නැගෙනහිරටත්
    ඉගිල ඉගිල මෙහැම දෙසට
    කැරකිලා ඇවිත් බිමට
    මා කියන දේ කරදෙන්
    මට වීත්යා සනීප කරන්න ඕනෑ''

    එතකොට ම වීත්යා බංකුවෙන් නැගිටලා ශේන්යා සමග සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහු කොපමණ හොඳට දිව්වාද කියතොත් ශේන්යාට ඔහු අල්ලා ගන්නත් බැරුව ගියා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    අදට ඇති...ත්‍රෙඩ් එක උඩම තියා ගන්න ගොඩක් මහන්සි වෙච්ච මෙන්න මගෙන් ගයියාට අද අන්තිම කතාව


    ---------
    පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ශේන්යා. දවසක් අම්මා ඇය පාන් වළලූ ගේන්න කඩේට යැව්වා. ශේන්යා ගත්තා පාන් වළලූ හතක්. සුවඳ පාන් වළලූ දෙකක් තාත්තාට, පොපි ඇට දාපු දෙකක් අම්මාට, සීනි දමාපු දෙකක් තමාට, රෝස පාට පුංචි එකක් පාව්ලින් මල්ලීට.
    ela ela fatta hetah karamu wade digatama :cool: rep heta dennam jaya wewaa
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පට්ට කතා ටික අයියේ:cool:දිගටම අප්ඩේට් කරන්න:)
    රෙප් දෙන්න බෑ:dull:.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පට්ට කතා ටික අයියේ:cool:දිගටම අප්ඩේට් කරන්න:)
    රෙප් දෙන්න බෑ:dull:.


     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    “අනේ කරුණාකරලා දුවට කියන්න, රත්තරං බඩු අම්මාගෙන් අශ්වයා දුන්නේ තාත්තයි කියලා.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මෙව්වා කියවන එවුන් දැන් කාලේ නෑ බොල..... ඇම්ඩන් කතාවක් දැම්මා නම් හරි කෙල්ලෙක් සම්බන්ද දෙයක් දැම්මා නම් හරි ;)
    :yes: Rep 6+