කුකුල්සායම්_පතිවත
දිවයිනේ යන තානායම් පල්ලගේ සටහනේ ගිය සතියේ කතාව කිවුවම පුදුම හිතුනේ
ලංකවේ මඟුල් වල තාමත් මේවා හොයනවද කියලා.
බලහන් කොල්ල වැටිලා තියෙන අසරණ තත්වේ
තානායම් පල්ලාගේ සටහන
"...සායම් කිරිල්ලී... කොහේ ගියාදෝ..."
"...දහ අට කාමරේ මනමාල මහත්තයා අහනවා සර්ව හමුවෙන්න පුළුවනිද කියලා..."
වේටර් ජයන්තගේ කටහඩ සැර බාලය. වේලාව රාත්රී හත පසුවී තිබේ. තානායමට පැමිණි බාහිර අමුත්තන්ගෙන්ද, තානායමේ කාමරවල නවාතැන්ගෙන සිටිනා අමුත්තන්ගෙන්ද පිරී පවතින තානායම් ආලින්දය මේ මොහොතේ පවතින්නේ සන්සුන්ව නොවේ.
"... එන්න කියන්න..."
ඊළග විනාඩි කීපයේදී මගේ කාර්යාල කාමරය ඉදිරියේ සිටගන්නේ මධුසමය සදහා තානායමට පැමිණි අංක දහ අට කාමරයේ ලැගුම් ගත් යුවළ අතර සිටි මනාලයාය.
"...එස්කියුස්මී බොස්... මට ඔබතුමාව හමුවෙන්න ඕනෑ අතිශය පෞද්ගලික කාරණාවකට..."
මනාලයා ගේ දෑස තරමක් අඩවන්ය. ඇගලා සිටිනා සැහැල්ලූ ටීෂර්ටයෙන් නික්මෙන්නේ හදවත කිති කැවෙනා ඉමිහිරි කොලොන් සුවදක් වුවද, ඔහුගේ මුවින් නික්මෙන්නේ ආසන්නයේ තොලගෑ මධුවිතක (සු)ගන්ධයය.
"...පෞද්ගලික ? ඇත්තටම... තානායම කියන සමස්තයම පුද්ගලිකයි නේ... ඒනිසා අවුලක් නෑ... මෙහෙමම කියන්න... මොකද්ද කාරණේ..."
මා සැහැල්ලු රිද්මයක් මවා ගනිමින් කියා සිටියා. එහෙත් මනාලයාගේ මුහුණේ ඇඳුනු සීරියස් බව මගේ ස්වරයෙන් බිදක් වත් සලිත වූයේ නැත.
"..ඒක හරියටම හරි බොස්... ඒත් මට කියන්න තියෙන දේ ඒ පුද්ගලිකත්වය ඇතුළෙත් අතිශය පුද්ගලික එකක්..."
වයස විසි අටක තිහක පමණ පෙනුමැති මනාලයා ගේ මුහුණෙහි ගැබ් වී තිබෙන්නේ සැබැවින්ම වේදනාවේ කනස්සල්ලද? ඔහු පවසන්නට යන්නේ කුමක්ද?
"...හරි.. ඉස්සර වෙලාම අපි ඉදගනිමු..."
මා මනාල තරුණයාට මගේ කාර්යාල කුටියේ අසුන් පැනෙව්වා. මා ඉදිරියේ අසුන් ගත් ඔහුගේ මුවින් තවමත් විහිදෙන්නේ කිසියම් සැගවුණු කනස්සල්ලක පටලැවිලි මුහුණුවරය.
මගේ කාර්යාල මේසයට ඉහළින් ස්ථාන ගතවූ ටෙලිවිෂන් යන්ත්රයේ මේ මොහොතේ දිගහැරෙන්නේ රාත්රී ප්රවෘත්ති විකාශයට පෙර දිස් වන සුපුරුදු වෙළෝද දැන්වීමකි.
මනාල තරුණයා එදෙස බලා සිටින්නේ කිසියම් වේදනාබර හැඟීමකින්ද?
ඊයේ වනතුරු තනිකඩයකුව සිටියදී ඔහු දුටු එම වෙළෝද දැන්වීම අද ඔහු දකින්නේ පරාජිතයකු ලෙස වත්ද?
ඒ අනුව ඔහු අද පටන් විවාහකයකු බවට පත්වූ ඇසිල්ලේම ඔහු මෙතෙක් නොතෙපලු මොකක්දෝ අවුලක පැටලැවී සිටිනා බවක් පෙනෙනා අතර, මේ මොහොතේ ඔහුට එම වෙළෙඳ දැන්වීම පෙනෙන්නේත් තම සුන්දර කොලු වයසේ ඊයේ වන තුරු දුටු සොදුරු මතකයක් ලෙසද?
"...ටී.වී. එක කරදරයි වගේ නේ?.... ඕෆ් කරමු....."
"..නෑ...නෑ...එපා... මම සිරාවටම ආසයි ඒ ඇඩ් එකට..."
මා නැවතත් දුරස්ථ පාලකය මේසය මතම තැබුවා.
"...ඉතින්..."
මම නැවතත් මුල පිරුවා.
"...මට තේරෙන්නෙ නෑ... මේ ඉල්ලීම ඔබතුමාගෙන් කොහොම කරන්නද කියලා... නමුත් ඔබ තුමාගෙන් ඒකට ධනාත්මක පිළිතුරක් නම් අනිවාර්යයෙන්ම ලැබෙයි කියන අහිංසක තැනයි මම ඉන්නේ..."
"...හරි...හරි...කියමුකො කාරණේ..."
වෘත්තීය ජීවිතයේ විවිධ අත්දැකීම් කන්දරාවකට මුහුණදී ඇති මා මේ පිවිසෙන්නේත් තවත් එබදු අවස්ථාවකටද?
"...ඇත්තටම ඔබතුමාගේ නිහඩතාවය මට මහා ලොකු සහනයක්... මගේ හිතෙන් එළියට පනින්න දගලන ඒ අපබ්රංස ඉල්ලීම ඉල්ලන්න... ඔබතුමා මට නිකුත් කරන නිදහස් කාල පරාසය ඇත්තටම හරි වටින එකක්..."
දහඅට කාමරයේ මනාලයා මේ දොඩවන්නේ රුසියානු නවකතාවක සිංහල පරිවර්තන කොටසක්ද? එසේත් නැතිනම් මොහු පානය කොට ඇත්තේ ඉතා ඉහළ ප්රමිතියක මත් පානයක්ද?
"...කොතනින්ද මම මේක ඔබතුමාට කියන්න පටන් ගන්නේ.. මම මේ කසාද බැන්දේ මගේ ෆස්ට් ලව් එක නෙමෙයි... කමක් නැද්ද බොස්... ඒ හරියෙන් පටන් ගත්තොත්.... ඔබ තුමාට ස්ටෝරිය දිග වැඩිවෙයිද?... අතර මැදදි ඔබ තුමා කෝල්ස් එහෙම ඇවිත් ඒවට ආන්සර් කරන්න වෙලා මට සම්පූර්ණ කතාව කියාගන්න බැරිවෙයිද?..."
දහඅට කාමරයේ මනාලයා, ලිප තැබූ කරි කීපයක් එකවර හැඳි ගානා අරක්කැමියකු මෙන් කලබලයෙන් විමසුවේය.
මම ඔහු දෙස සිනාමුවින් බලා සිටියා මිස පිළිතුරු බැන්දේ නැත.
"...හරි... මම වරුණිව මේ කරන්නට කලින් කෙල්ලෝ කීපදෙනෙක්ම ආශ්රය කරලා තියෙනවා... නමුත් වරුණි ආශ්රය කරලා තියෙන්නේ මම ම විතරයි... මම ඒ බව හොදාකාරව දන්නේ වරුණි මගේ සිරාම යාලූවෙක්ගේ නංගි කෙනෙක් නිසයි..."
කාර්යාල කාමරයේ වායු සමීකරණයෙන් විහිදෙන සියුම් හෝ හඩ විනා මනාලයාගේ ආත්මකථනයට කිසිදු බාධාවක් නැත.
"...අපේ අෆෙයා එක උපරිමෙන්ම යන කාලෙදි...එකමත් එක දවසක කොහේදෝ ගුබ්බෑයම් ගෙස්ට් එකකදි මගේ අතින් වරුණි ව ගෑණියෙක් උනා මැනේජර් මහත්තයා..."
"...කවුරු අතින්..."
"...මගේ අතින් බොස්... මේ මගේ අතින්..."
මනාලයා වික්ෂිප්ත ස්වරයෙන් පිළිතුරු දුන්නා.
"...අයියෝ... ඇයි ඔයාලා ඒතරම් පහළට වැටුණේ... මොන තරම් ගෞරවණීය අවස්ථාවක්ද ඔයාලා ඒ අකාලේ අහිමි කරගෙන තියෙන්නේ..."
මම මනාලයාගේ දෑස දෙස නොබලාම කියා දැම්මා.
"...ශැහ්ඃ... මැනේජර් මහත්තයගේ කමන්ට් එකත් ඒකද?.... මම හිතුවෙ නෑ... ඔබතුමාත් එහෙම කියයි කියලා... එහෙම නම් අපි ඒ කරලා තියෙන්නේ පට්ටම වැරැද්දක් නේද මැනේජර් මහත්තයා..."
මනාලයාගේ හඩ හැගුම් බරය.
"...ඇත්තටම ඔව්නේ... අද කාලෙ තරුණ පරපුරම එතැනට ඇද වැටෙන්නේ සන්නිවේදන තාක්ෂණයේ දියුණුව නිසා.."
මම හරිබරි ගැහෙමින් පිළිතුරු දුන්නා.
"...අද ජංගම දුරකථනයෙන් කරන්න බැරි ලිංගිකව එක්වෙන එක විතරයි... ඒ නිසයි තරුණ පරපුර දෙන්නා මුණ ගැහුණු ලත් අවසරයකින් අඳුරු අහුමුළුවලට රිංගන්න බලන්නේ... එහෙම රිංගලා පතිවත නැති කරගත්තාම බැදපු දවසේ මෙහෙට හනිමූන් ආවට කිසිම නැවුම් බවක් නෑ... කියන්නේ ගතියක් නෑ... "
"...අම්මෝ ඇති ඇති... මං පරාදයි මැනේජර් මහත්තයා... අනික පරාජිතයාටය කියලා ඔහොමමත් ගහන්න එපා දෙයියනේ..."
දහ අට කාමරයේ මනාල තරුණයා පින්සෙන්ඩු වන්නට විය. මෙතෙක් වේලා ඔහුගේ හිසට බමන සුවයක් එක්කළ රහමෙර පානයේ කූඨප්රාප්තිය මගේ නිර්දය වාග් ප්රහාරයෙන් අතුරුදන්ව ගොස් ඇති සේය.
"... හරි හරි අපි ඔබතුමාගේ ආදර කතාවට සවන්දීම පොඩ්ඩකට නතර කරලා... කියන්න මොකද්ද ඔබ තුමා දැන් මාව සොයාගෙන ඔෆිස් එකට ඇවිත් කරන්න හැදුව ඉල්ලීම?..."
මම වහා මාතෘකාව වෙනතකට යොමු කළා.
"...අපෙ අප්පෝ... මතක් කරන්නත් එපා මැනේජර් මහත්තයා... ඒ ඉල්ලීම දැන් ඔබ තුමාගෙන් කොහොමටවත් ඉල්ලන්න බෑ..."
"..නෑ...නෑ... ඒකට කමක් නෑ... ඉටු කරන්න පුළුවනිද බලන්න පොඩ්ඩක් කියන්න එපායෑ..."
මගේ වදන් ප්රතික්ෂේප කරමින් හිස වැනූ මනාලයා කඩිමුඩියේම මගේ කාර්යාල කාමරයෙන් පිටව ගියා.
"...සර්...සර්... මොකද කීවේ දහ අට කාමරේ මනමාල මහත්තයට... පරණ බෙඩ්ෂීට් එකක් දෙන්නම් කීවද?..."
මනාලයා මවෙතින් ඈත් වූ සැනින් මා සොයා ආ වේටර් වරුන් දෙදෙනා විමසන්නේ කුතුහලයෙනි.
"...මොකටද?... එයාට පරණ බෙඩ්ෂීට්..."
"...නෑ සර් ඒ මනමාල මහත්තයා අපෙන් පරණ බෙඩ්ෂීට් එකක් ඉල්ලූවා... ඒක ගෙදර ගෙනිහින් කුකුල් සායම් ටිකක්වත් හලලා මනමාල මහත්තයගේ අම්මට මනමාල නෝනගේ පතිවත පිරිසිදුව තිබුණය කියලා පෙන්වන්න ඕනැය කියලා..."
වේටර් වරුන් දෙපල ආයාසයෙන් කියා සිටියා.
"...මොනවා?... කුකුල් සායම් පතිවතක්...?.."
රන්ජන් ගාමිණි ජයවර්ධන
[email protected]
http://www.divaina.com/2015/10/18/meewitha04.html