කුජ දෝශ තිබිලත් බැන්දපු අය

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
උඹේ කේන්දරෙත් කුජ දෝෂේ තියෙනවනම් අවුලක් නෑ. දෙන්නගෙන් එක්කෙනාට නම් තියෙන්නේ එතන පොඩි කොස්සක් තියෙනවා. එත් කුජ ඉන්න තැන අනුව තමා ඒක තීරණය වෙන්නේ. සාමාන්‍යෙයන් කුජගේ නෛසර්ගික බලපෑම තියෙන්නේවයස 28 දක්වා පමණයි. ඒක පොදු සිද්ධාන්තයක්. බොහොවිට සහකරුගෙන් වෙන්වීම තමා වෙන්නේ. ඒක තීරණය වෙන්නේ කුජ ඉන්න තැන. කුජට යොමු වෙන ග්‍රහ දෘෂ්ටි මත. කේන්දරයක කුජ දෝෂය තිබුණු පමණින්ම ඒක ක්‍රියාත්මක වන අවස්ථා සීමිතයි.

මේ මගේ කුජ එකේ..සනි 07 :sorry::lol:

එකෙක් කිව්වා හෙන famous කේන්දරයක් තියෙන්නේ කියලා..ඇත්තද බන් :P
 

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    YAKO MAGETH KUJA 8 INNE...
    E ASE SHANI MANGALA YOGAYA THIYANWALU..\
    WRUSHCHIKA LAGNE..
    HATHWENI KOTUWE RAVI ,BUDA,GURU SIKURU..
    YALU WENA HAMA KELLAMA PASSE MOAKINMA HARI NAWATHINAWA.. KELLO 10K EKKA WTHR YALU WELA UNNE ..THAMA HARIYATA EKAK NAA BAN..
    MATATH EPA WELA INNE
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    oya kes thiyena aya pm danna welawa upan dinaya ipadunu thana
    mata ida labena widihata help ekk denm
    me dawas wala clAss wala wAda walata hira wela nisa oya patha ta welawa naha..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    YAKO MAGETH KUJA 8 INNE...
    E ASE SHANI MANGALA YOGAYA THIYANWALU..\
    WRUSHCHIKA LAGNE..
    HATHWENI KOTUWE RAVI ,BUDA,GURU SIKURU..
    YALU WENA HAMA KELLAMA PASSE MOAKINMA HARI NAWATHINAWA.. KELLO 10K EKKA WTHR YALU WELA UNNE ..THAMA HARIYATA EKAK NAA BAN..
    MATATH EPA WELA INNE

    ube konde kal da ?
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    කුජ දෝෂය ඔබගේ විවාහයට බලපාන හැටි

    තනිව ඉපදී තනිව මියයන ලෝකයේ ජීවත්වන කාලය සැපදායක කරගැනීමට සහකරුවකු හෝ සහකාරියක ජීවන ගමනට හවුල්කර ගැනීම විවාහය ලෙස හඳුන්වමු. විවාහයට අධිපති අනංගයාය. ඔහුගේ වරම ලැබීමට නම් විවාහ දිවියට ඇතුළත් විය යුතුමය. එහෙත් අද සමාජයේ නීත්‍යානුකූලව විවාහ නොවී අනඟ රැඟුම් පාන අය බොහෝ සිටිති. ජ්‍යෙdතිෂ්‍ය විද්‍යාවේදී එය ගාන්ධර්ව විවාහය නමින් හැඳින්වේ. එනම් දෙදෙනකු හදිසියේ හමුවී රාගයෙන් මත්වී අන් කිසිදු කරුණක්‌ නොතකා රාගයටම මුල්තැන දෙමින් එක්‌වීම සහ එකට ජීවත් වීම ගාන්ධර්ව විවාහයයි.

    සාමාන්‍යයෙන් කේන්ද්‍රයක හත්වැනි කොටුව (7) විවාහය නියෝජනය කරයි. එම ස්‌ථානයේ කුජ සිටීමෙන් සමහර අවස්‌ථාවන්හි විවාහ දිවියේ ගැටලු පැනනැගීමට හැකිය. යුග දිවියේ සතුට සාමය, දියුණුව ආදිය පෙන්වන වෙනත් භාව කීපයක්‌ද ඇත. ඒවා 1,2,4,7,8,12 ලෙස දැක්‌විය හැකි අතර මෙකී භාවයන් තුළ කුජ සිටීම කුජ භෞම දෝෂය ලෙස හැඳින්වේ. මෙම පිහිටීමට බොහෝ දෙනෙක්‌ උවමනාවට වඩා සිතන්නට ගොස්‌ අනවශ්‍ය සිත් තැවුලක්‌ බවට පත්කරගෙන ඇති බව පෙනේ.

    කුජ 7 සිටින තම පුතාට, දුවට විවාහයක්‌ සිදුකර ගැනීමට නොහැකි වේ යෑයි බියෙන් පසුවන සමහර දෙමව්පියෝ මංගල දැන්වීම්වල පවා කුජ හත යෑයි විශේෂයෙන්ම සඳහන් කරයි.

    කුජ හතට එවැනිම කුජ හත කේන්දරයක්‌ ගැලපීම යහපත්ය. එසේ නොමැති වූ විට එම දෝෂ භංග වන ආකාරයට වෙනත් කේන්දර ද ගලපා ගත හැකි අවස්‌ථා ඇත. බුද්ධිමත්ව එය තේරුම්ගෙන අනිසි බියෙන් තොරව පිළිගත හැකි දෛවඥයකුගේ උපදෙස්‌ මත එම කටයුත්ත කරගත හැක. කුජ හතේ ඉන්නා පිරිමි සහ ගැහැනු යුගදිවි අරඹා කුජ දෝෂයේ අයහපත් ප්‍රථිඵල වලින් තොරව කල්ගෙවන අයුරුද දැකගත හැකි අවස්‌ථා ඇති බැවින් පදනම් විරහිතව බියෙන් කල්ගෙවීම අනුවණකමකි.

    ලග්නය සහ සත්වැන්න විවාහය සම්බන්ධයෙන් ඉතා වැදගත් තැනක්‌ ගනී. තම චරිතය සෞඛ්‍ය, සැපත හා සතුට, ගුණ අගුණ එයින් පෙන්වා දේ.

    පාපී ග්‍රහයකු වන්නේ කුජ ග්‍රහයා පමණක්‌ නොවේ. රවි, චන්ද්‍ර, ශනි, රාහු හා කේතු යන ග්‍රහයෝද පාපියෝ වෙති. මෙම භාවවල මොවුන් තැන්පත් වීමෙන් රවි දෝෂය, ශනි දෝෂය, රාහු දෝෂය ඇති වන බව බොහෝ අය නොසිතයි. 3,6,10,11 යන උපචය රාශිවල පාපීන් සිටින විට ශුභ ඵල ගෙන දෙන බැවින් එම භාවවලදී කුජ දෝෂය ඇති නොවේ.

    කුජ ඉතා බලවත්ව යහපත් ලෙස පිහිටියේනම් ජන්ම හිමියා ධෛර්ය, නිර්භීත, ප්‍රගතිශීලී ශරීර සෞඛ්‍යයට හිතකර, පරසතුරන්ගෙන් ජයලබන ඉඩකඩම් භූමි ලාභ ගෙවල් දොරවල් ලබන තත්ත්වයන් උදාකෙරේ. එහෙත් කුජ අශුභ ලෙස පිහිටියේනම් හෝ එම ස්‌ථානවල තැන්පත් වූයේ නම් අහංකාරකම, දාමරික බව, ඇති කරන අතර එකී පුද්ගලයාගේ විනාශය ළඟාකරයි. ගෞරවය ආර්ථිකය සහ තත්ත්වය සුන්කර දමයි. තවද කුජ අශුභ වූ විට අඬදබර, අසමගිය, හදිසි අනතුරු ගිනි බය, ආදිය පමණක්‌ නොව මරණය ද ළඟා විය හැක. එබැවින් විශේෂයෙන්ම ස්‌ත්‍රීන්ට කුජ ශුභදායක ලෙස සිටීම ඉතා වැදගත්ය. 1,2,4,7,8,12 භාවයන්හි වෙනත් පාපයින් සිටියද අශුභ ඵල ඇති කරයි. එහෙත් එම අශුභඵල භංගවන ක්‍රමද දක්‌වා ඇත. විවාහ පරීක්‍ෂා කිරීමේදී කුජ දෝෂය ඵල දෙන්නේ ඉතා කලාතුරකිනි. එම නිසා කුජ පිළිබඳ අනිසි බියක්‌ ඇතිකරගත යුතු නැත.

    කුජ දෝෂය භංගවන්නේ කෙසේද? කුජ ගුරු හා සම්බන්ධවීමෙන් හෝ දෘෂ්ටි ගතවීමෙන් කුජ දෝෂය භංගවේ. කුජ යම් කේන්ද්‍රයක 4,7 භාවවල ස්‌වක්‍ෂේත්‍රව මේෂ වෘශ්චික මකරයේ උච්චයි, කටකයේ නීචයි යන රාශිවල ලග්නයෙන් චන්ද්‍රයාගෙන් සිකුරුගේ 7 වන්නේ කුජ සිටින විට දෝෂය භංගවේ. මේෂ, කටක, තුලා, මකර යන චර රාශියක්‌ වී ලග්න, චන්ද්‍ර ශ්‍රක්‍ර යන තිදෙනාගෙන් 1,2,4,8,12 යන භාවයක්‌ වී නම් එහි කුජ සිටින අවස්‌ථාවලදී භෞම දොaෂ නැත.

    කුජ 1,2,4,7,8,12 භාවවලදී බුධ සමග සංයෝගවී හෝ දෘෂ්ටි ලැබීම නිසාද කුජ දෝෂය මැකේ.

    තමාගේ මිත්‍ර රවි, චන්ද්‍ර, ගුරු යන ග්‍රහයන්ගේ රාශිවලදී ද කුජ දෝෂය නැත. කුජ දෙවැන්නේද බුධගේ රාශියක්‌නම් එවිටද දෝෂ නොමැත. දෙදෙනාගේම කේන්ද්‍රවල කුජ දෝෂය ඇතිවිට කුජ දෝෂය භංගවේ.

    ලේ ධාතුවට අධිපති ලෙස ගැනෙන්නේ කුජය, දෙදෙනකුගේ ලේ ධාතුව සමාන වීම විවාහ කටයුතුවලදී හොඳ ගැලපීමකි.

    කුජ දෝෂය ලග්නයේ චන්ද්‍රයාගේ හෝ සිකුරුගේ යම් කේන්ද්‍රයක නොවේනම් එම කේන්ද්‍රය ගැලපෙන්නේ එවැනිම කුජ දෝෂ සහිත කේන්ද්‍රයක්‌ සමගම පමණි.
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දෙන්නගෙම තියෙනවනම් අවුලක් නෑ බන්.

    මන් අහපු එකට උත්තරයක් දියන්කෝ

    මේ මගේ කුජ එකේ..සනි 07 :sorry::lol:

    එකෙක් කිව්වා හෙන famous කේන්දරයක් තියෙන්නේ කියලා..ඇත්තද බන් :P
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    කුජ දෝෂය භංග කරමු

    ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන

    කුජ හෙවත් අඟහරුගෙන් යෙදෙන දෝෂය හඳුන්වන්නේ "කුජ භෞම" දෝෂය නමිනි. කුජ ග්‍රහයා ලග්නය, දෙවැන්න, හතරවැන්න, හත්වැන්න, අටවැන්න සහ දොළොස්‌වැන්න යන ස්‌ථානයක පිහිටීමෙන් කුජ භෞම දෝෂය යෙදෙන බව ජ්‍යෙdතිෂයේ සඳහන් වේ.

    පොරොන්දම් පරීක්‍ෂණයේදී කුජ භෞම දෝෂ පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම දෛවඥයාගේ ප්‍රධාන යුතුකම වන අතර කුජ භෞම දෝෂයක්‌ දුටු පමණින් ඒ පිළිබඳව ඉක්‌මන් තීරණයන්ට අවතීර්ණ නොවී, දෝෂ භංග වන ආකාරය පිළිබඳව ද සොයා බැලිය යුතුය.

    කේන්දරයක කුජ දෝෂය භංග වන ආකාර රැසක්‌ම ජ්‍යෙdතිෂයේ පෙන්වා දී ඇති අතර විශේෂ දෝෂ භංගවීම් අටක්‌ පිළිබඳව සෘෂිවරු මෙලෙස සඳහන් කර ඇත.

    1. මේෂ ලග්නයෙන් උපත ලබා ලග්නාධිපති කුජ ග්‍රහයා හෙවත් අඟහරු ලග්න භාවයේ සිටීම.

    2. ධනුවෙන් ඉපිද, කුජ ග්‍රහයා දොළොස්‌වැන්න වූ වෘශ්චිකයේ තැන්පත් වීම.

    3. තුලා ලග්නයෙන් ඉපිද කුජ හතරවැන්න වූ මකර රාශිගතවීම.

    4. වෘෂභයෙන් ඉපිද වෘශ්චිකය වූ හත්වැන්නේ කුජ පිහිටීම.

    5. කුම්භ ලග්නය වී කුජ ග්‍රහයා අටේ තැන්පත්වීම.

    6. ගුරු, සිකුරු දෙදෙනා ලග්නයෙන් හෝ කුජගෙන් හතේ සිටීම.

    7. සත්වැන්නාධිපතියා හතේ පිහිටා සිටීම.

    8. කුජ, ගුරු සමග යෝගවීම හෝ ගුරු දැකීම වේ.

    ඕනෑම කේන්දරයක 1, 2, 4, 7, 8 සහ 12 යන ස්‌ථානයන්හි කුජ ග්‍රහයා උපතින් පිහිටා තිබීම හේතුකොටගෙන ඇති වන කුජ භෞම දෝෂයේ පල විපාක පිළිබඳව සෘෂීන් දක්‌වා ඇති අදහස්‌ වලින් බිඳක්‌ අපගේ "නැකත" පාඨක සහෘදයන්ගේ දැන ගැනීම සඳහා පහතින් සටහන් කරන්නෙමි. එමෙන්ම මගේ පරීක්‍ෂණයෙන් ද ඒ බව මනා ලෙස සනාථ වී ඇත.

    ලග්නභාවයේ කුජ තැන්පත්වීම

    මෙම පිහිටීම ප්‍රබල කුජ දෝෂයකි. තම විවාහක සහකරු හෝ සහකාරිය යටත් කර ගැනීමේ බලයක්‌ කුජ ලග්නයේ පිහිටා ඇති ජන්මීන් කෙරෙන් නිබඳව දැකගත හැකි ප්‍රබල ලක්‍ෂණයකි. මොවුන් දැඩි මතධාරීන් මෙන්ම ඒකාධිපතියන් ලෙස කටයුතු කරන අතර එම ක්‍රියාවන් හේතුවෙන් විවාහ සහකාර හෝ සහකාරිය දැඩි මානසික පීඩනයකට ගොදුරු වනු ඇත. විවාහ රසය නීරස කරමින් දැඩි චිත්ත පීඩාවන් ඇති කර යුග දිවිය ව්‍යාකූල කරවීමට තරම් සමත් වන පිහිටීමක්‌ ලෙස ලග්නගත කුජගේ භූමිකාව පෙන්වා දිය හැකිය.

    දෙවැනි භාවගත කුජගේ භූමිකාව

    "දෙවැන්න" යනු කේන්දරයක ධනස්‌ථානයයි. දෙවැන්නේ කුජ පිහිටා තිබීමෙන් සිදුවන්නේ විවාහයෙන් පසුව හිමිවිය යුතු භාග්‍ය හීන කරවීමකි. කුටුම්භ ස්‌ථානය ලෙස සැලකෙන දෙවැන්නේ කුජ තැන්පත් වීම නිසා විවාහ ජීවිතයේ බලාපොරොත්තු නොවූ, පරිවර්තනයන්ට මුහුණපෑමට ජන්මියාට සිදුවන බව සෘෂීන් පවසා තිබේ.

    විවාහ දිවියේ අනාගතය තීරණය කෙරෙන ප්‍රබල සන්ධිස්‌ථානයක්‌ ලෙස දෙවැන්න සැලකිය හැකිය. කුජ තමා සිටින භාවයේ නිසඟ ගතිගුණයට හානි කරන ග්‍රහයකු බව අපි අමතක නොකළ යුතුය. එබැවින් දෙවැන්නෙන් ප්‍රකාශ වන විවාහ දිවියේ අනාගත ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කිරීමට දෙවැන්නේ පිහිටන ලද කුජට හැකි වෙතැයි පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත. ජන්මියාගේ විවාහ දිවියේ භාග්‍ය හීන කරවන කාරණා රැසක්‌ අතරින් සොර සතුරු පීඩා, නඩු හබ වැනි පරිබාහිර කරුණු සම්බන්ධ කරවීමෙන් දෙවැන්නේ වූ කුජ, විවාහය අවුල් ජාලාවක්‌ බවට පත්කරවීමට උත්සාහ කරන බව වැඩිදුරටත් සොයාගෙන තිබේ.

    හතර වැන්නේ සිටින කුජගේ බලපෑම

    "හතරවැන්න" යනු හිත පිළිබඳව කියෑවෙන චෛතිසික ස්‌ථානයයි. එමෙන්ම මාතෘ ස්‌ථානය වන්නේ ද හතරවැන්නයි. මෙහිදී විවාහයෙන් පසු බිඳ වැටෙන ඥති සබඳතා පිළිබඳව කියෑවෙන අතර විශේෂයෙන් හතරේ සිටි කුජ, ජන්මියාගේ ඉවසීම නැති කිරීමට වැඩි දායකත්වයක්‌ සපයනු ඇත. කරුණාව, මෛත්‍රිය නැති කර කුරිරු අදහස්‌ හිත තුළට මෝදු කරවන හතරවැන්නේ පිහිටි කුජ හෙවත් අඟහරු, ජන්මියා තුළ ඊර්ෂ්‍යාව හා කුහකත්වය වර්ධනය කරවන බව සොයාගෙන තිබේ. එහිදී සිදුවන්නේ ජන්මියාගේ ගුණධර්ම විනාශවීම හේතුවෙන් ඥති සබඳතා පළුදුවීමයි. එම තත්ත්වය විවාහ දිවියට කණකොකා හැඬවීමට තරම් සමහර අවස්‌ථාවලදී ප්‍රබල වනු ඇත. නැන්දම්මා හා ලේලිය අතර ගිනි ඇවිලවීමට තරම් හතරේ කුජ සමත් වන බව පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.

    හත්වැන්නේ පිහිටි කුජගේ ක්‍රියාදාමය

    හත්වැන්න මනුෂ්‍යයාගේ විවාහය හා විවාහ සැපත පිළිබඳව හෙළිදරව් කරන ස්‌ථානයයි. තම කලත්‍රයා පිළිබඳව මෙම ස්‌ථානයෙන් බොහෝ කරුණු කාරණා දැනගත හැකි බව සනාථ වී තිබේ. හත්වැන්නේ පිහිටි කුජ දෙදෙනා අතර පැවතිය යුතු කාමයට හා සමගියට බාධා පමුණුවන බව පුරාණ සෘෂීන් සොයාගෙන ඇත්තේ වසර දස දහස්‌ ගණකටත් පෙර සිටය.

    මෙම භාවය ජන්මියාගේ විවාහය පිළිබඳව කියෑවෙන ස්‌ථානය බැවින්, එහිදී කුජ විනාශ කරනුයේ භාවයේ කාරකත්වය වන විවාහ සැපතයි. කුජ තමා සිටින ස්‌ථානයේ නිසඟත්වයට හානි කරන බව අපි මින් පෙරද කතා කර ඇති සේ, මෙහිදී කුජ විනාශ කිරීමට උත්සාහ කරනුයේ විවාහක යුවළකගේ සහකරු හෝ සහකාරියයි. සහකරුට හෝ සහකාරියට අනියම් අන්දමින් මාරක උදාකරවීමට හතේ කුජ බොහෝ විට උත්සාහ කරන බව අත්දැක තිබේ.

    දෙදෙනාගේ සමගියට බාධා පමුණුවන හතේ කුජ, සැකය, නොසන්සුන්තාවය විවාහ ජීවිතය තුළ වපුරුවන අතර මොනයම් ක්‍රමයකින් හෝ දෙදෙනා වෙන් කර තැබීමට උත්සාහ කරන බව හෙළිවී තිබේ. අඩුම තරමින් දෙදෙනාගෙන් එක්‌ අයකු මරා දැමීමට නොහැකි වුවහොත්, දෙමහල්ලන් ස්‌ථාන දෙකකට හෝ රටවල් දෙකකට කොටු කර තැබීම හතේ කුජගේ ස්‌වභාවයයි.

    අටවැන්නේ තැන්පත් කුජ

    අටවැන්න ලිංගික සම්බන්ධතා හා උත්පාදන ශක්‌තිය පිළිබඳව කියෑවෙන ස්‌ථානයයි. මෙහි තැන්පත් කුජ ජන්මියාගේ ලිංගික සම්බන්ධතාවලට අපල උදා කරවන අතර ලිංගේන්ද්‍රීයන් හි දුබලතා ද ඇති කරවන බව සොයාගෙන තිබේ.

    උත්පාදන ශක්‌තිය හීනවීම නිසා දරුඵලවලට ද බාධා පැමිණෙන අතර දෙදෙනා අතර කායික හා මානසික ප්‍රීතියට ද එයින් අවහිරතා ඇතිවේ. අට වැන්නේ කුජ තැන්පත්ව ඇති ජන්මපත්‍ර පුරාණ ඇඳුරන් විසින් විවාහය සඳහා නුදුසුදු බව කියා ඇත්තේ හේතු සාධක ඇතිව බව මෙයින් වැටහේ.

    දොළොස්‌වැන්නේ කුජ

    දොළොස්‌වැන්නේ කුජ නරක යෑයි සම්මතයට ආවේ කුමන හේතුවක්‌ නිසා දැයි අවසන් වශයෙන් සොයා බලමු. දොළොස්‌වැන්න මෝක්‌ෂ ස්‌ථානය හා වැය ස්‌ථානය වශයෙන් හඳුන්වනු ලැබේ. විවාහය මගින් මතු ආත්මය ද සකස්‌ කරගත යුතු යෑයි සෘෂි මතයක්‌ ඇත. විවාහය ලෞකික අංශයෙන් පමණක්‌ නොව, ලෝකෝත්තර වශයෙන් ද ප්‍රබල විය යුතු බව පුරාණාචාර්යවරුන් කියා තිබෙන බැවින් දොළොස්‌වැන්න සෘෂි කුජගෙන් සීමාවීම මෙම භවයට පමණක්‌ නොව මතු භවයට ද අනිටු පල උදාකරවීමකි. සුගතිගාමී ජීවිතයක්‌ ලබාගැනීමට මහත් බාධාවක්‌ ලෙස දොළොස්‌වැන්නේ කුජ පෙන්වා දිය හැක.

    වැය ස්‌ථානය ලෙස ද හැඳින්වෙන දොළහේ කුජ පිහිටා තිබීම විවාහයෙන් පසු ජීවිතයේ ආර්ථිකයට පීඩා ඇති කරවන්නකි. ආදායම හා වියදම පිළිබඳව නිසි ලෙස සොයා නොබලා කටයුතු කිරීමෙන් ණයගැති භාවයට පත්වීම මෙහි ඇති දුඃක්‌ඛදායක තත්ත්වයයි. ස්‌ථිර පදිංචියට ද දොළහේ කුජ හානි කරන බව පරීක්‍ෂණවලින් පෙනී ගොස්‌ ඇත.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,708
    2,501
    113
    Bevery Hills-90210
    මනෙ ප%%ක් වත් නැහැ බන් සල්ලි තියෙනවා නම් බැදපන්.... සල්ලි හොදට හොයාගනින් කොටි ගාණක් ග්‍රහලෝක උබට ඔනේ විදිහට හැදෙනවා.
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ඒක ශනි මංගල දෝෂයක්. ඒක තියෙන අය ජනප්‍රිය වෙනවා කියන පිළිගැනීමක්
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ශනි හතේ ඉන්න එකාට ලැබෙන කෙල්ල කලු කියලා නියමයක් නෑ. ඒක තියෙන කෙනා ජීවිතෙට එන ඕනම කට්ටක් කන්න පුලවන් ශක්තියක් ලැබෙනවා. ඒක විවාහ ජීවිතය සම්බන්ධ ඕනම කට්ටක් කන්න පුලුවන්.
     

    senehasa sss

    Member
    Jan 14, 2013
    96
    8
    0
    ශනි මංගල යෝගය යනු දියුණුවේ රන් දොරටුවකි


    ne5.jpg
    සමහර ජනම පත්‍ර වල දැකිය හැකි ශනි මංගල යෝගය හෙවත් සෙනසුරු හා අඟහරු ගේ එක්‌ වීම ලෙස හදුන්වන්නේ එම ග්‍රහයින් දෙදෙනා යම් ජන්ම පත්‍රයක එකම රාශියක තැන්පත්ව සිටීමය. එය ආකාර කීපයකට සිදුවිය හැකිය. මෙය උදාවන එක්‌ ආකාරයක්‌ නම් ශනි, කුජ එකම කොටුවක සිටීම වන අතර තවත් ආකාරයක්‌ නම් මෙම දෙදෙනා සමසප්තමව සිටීමයි. පහසුවෙන් ඕනෑම ග්‍රහයන් දෙදෙනකු පිළිබඳ සොයා ගත හැකි ආකාරය මෙසේය. ග්‍රහයන් දෙදෙනා (1-7), (2-8), (3-9), (4-10), (5-11), (6-12) ස්‌ථානවල සිටීම සමසප්තම වීම ලෙස හඳුන්වන අතර මෙය එක එල්ලයට සිටීම ලෙස හැඳින්විය හැකිය. මෙය ග්‍රහයන් දෙදෙනකු එකට සිටීමට වඩා බලවත් වේ. සෙනසුරු සිටිනා තැන එක ලෙස ගෙන ඉදිරියට ගැනගෙන යන විට 10 වැනි කොටුවේ කුජ සිටීම තුළින්ද මෙම යෝගය උදාවන අතර ශනි, කුජ දෙදෙනා එක ළඟ රාශි දෙකක පිහිටා දෙදෙනා අතර දුර අඩු නම් එවිටද එම යෝගය උදා වේ.


    සාමාන්‍යයෙන් මෙම යෝගය ජන්ම පත්‍ර වල සුලභව දැක ගත හැකි පිහිටීමකි. මෙය වර්තමාන සමාජයේ විවාහය යන කාරණාවේදී වැඩිපුර කථා බහට ලක්‌ වුවත් එය ප්‍රබල විවාහ දෝෂයක්‌ නොවන බව අපගේ හැඟීමයි. මෙම යෝගය සහිත වූවන්ගේ විවාහ ජීවිත අසාර්ථක වන වා යෑයි පැවසුවද එසේ අසාර්ථක වී නොමැති අතර ඔවුන් බොහෝ විට ඉතාමත් දියුණු තත්වයට පත්ව ඇත. මෙම යෝගය පිළිබඳව සමාජයේ මෙන්ම ජ්‍යෙdතිෂය පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන අය අතර පවා විවිධ වූ මතිමතාන්තර රාශියක්‌ දැක ගත හැකිය. කෙසේ වෙතත් ශනි මංගල යෝගය යනු ද්වි ග්‍රහයෝ. අතරින් එකක්‌ පමණි. මේ පිළිබඳව පැරණි ජොHdතිෂ ග්‍රන්ථ වල හෝ නූතනයේ ලියවුණු පිළිගත් ජ්‍යෙdතිෂ ග්‍රන්ථ වල තොරතුරු එතරම් ඇතුළත්ව නැත. ශනි මංගල යෝගය පිළිබඳ දන්නා බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය ඉතා බලවත් විවාහ දෝෂයක්‌ ලෙස පමණි. නමුත් එය එසේ නොවේ. මෙම යෝගය මතම විවාහ අසාර්ථක වනවා යන නිගමනයට අපට එක එල්ලේම එකඟ විය නොහැක. හඳහනේ ඇඳි අනෙක්‌ ග්‍රහ පිහිටීම් මතද යම් යම් වෙනස්‌ කම් සිදුවේ. ඒ සඳහා ජන්ම පත්‍ර ගැලපීමේදී අනෙක්‌ කේන්ද්‍රයේ ග්‍රහ ගැලපීම් සමග බෝහෝ විට මෙම යෝගයේ දෝෂය භංග වී යන අවස්‌ථා රාශියක්‌ දැක ගත හැකිය. අනෙක්‌ කේන්දරයේද ඉහත දැක්‌වූ ආකාර වලින් එක්‌ ආකාරයකට මෙම යෝගය පිහිටා ඇති විට එම යෝගයේ දෝෂය භංග වී යනු ඇත. එම නිසා ශනි මංගල යෝගය දුටු පමණින් විවාහ සඳහා ජන්ම පත්‍ර පරීක්‌ෂාවේදී ඒවා ප්‍රතික්‌ෂේප කිරීම නුවණට හුරු ක්‍රියාවක්‌ නොවනු ඇත. එය විවාහ වීමට සිටින්නන්හට කරන මහත් වූ අපරාධයක්‌ වනු ඇත.


    නමුත් අප මෙම යෝගය පිහිටා ඇති ජන්ම පත්‍ර හිමියන් පිළිබඳව සොයා බැලීමේදී මෙම ශනි මංගල යෝගය පිහිටා ඇත්තේ බොහෝ දියුණු පුද්ගලයන් තුළ බවද පෙනී යයි. යෝගය පිහිටි ස්‌ථානය හා යෝග කාරක ග්‍රහයන්ගේ බල දුබලතා මත දියුණුවේ සීමා තීරණය වනු ඇත. මෙම යෝගය ඇතිවන ආකාරය දැන සිටීමද වැදගත්ය. මෙම ශනි මංගල යෝගය යනු ශනි සහ කුජ කුමන ආකාරයකට හෝ එක්‌ වීමයි. 3/ 6/ 11 යන ස්‌ථාන මෙම යෝගය සඳහා සුබදායක වනු ඇත. ව්‍යාපාර හෝ රැකී රක්‌ෂා තුළිsන් ඉදිරියට ගිය බොහෝ දියුණු පුද්ගලයන් තුළ මෙම කුජ ශනි යෝගය දැකගත හැකිය. බොහෝ ප්‍රසිද්ධ දියුණු පුද්ලයන් රාශියක මෙම යෝගය දැක ගැනීමේ හැකියාව ඇත.


    මෙම යෝගය ඇති වැඩිදෙනා ඉතා උත්සාහවන්ත පුද්ගලයන් වේ. වෙහෙස නොබලා වැඩ කිරීම, තරමක ආත්මාර්ථකාමී බව, දරදඬු බව මෙම යෝග හිමියන් සතු ප්‍රධාන ලක්‌ෂණ ලෙස හැඳින්විය හැකිය. එක්‌ අතකින් බලන විට ලෞකික දියුණුව සඳහා මෙම ගතිගුණ බොහෝ උපකාර වේ. නමුත් මෙම දියුණුව පසුපස හඹා යන්නන් තුළ අන් අය ගැන සිතා බැලීමට වෙහෙසීමට තරම් සංවේදී සිත් තිබේද යන්න සිතා බැලු විට පිළිතුර ඔබට වැටහෙනු ඇත. ඔබ දියුණුව උදෙසා පමණක්‌ වෙහෙසෙන්නේ නම් ඒ වෙහෙස තුළින් සැප සම්පත් විඳින්නන්ගේ ආදරයවත් නිසියාකාරව ඔබට ආපසු ලැබේද යන්න සැක සහිතය. විවාහ ජීවිතයට මෙම යෝගය අහිතකර වන්නේ මෙම කරුණු නිසාය. නමුත් මෙම යෝගය ඇති දෙදෙනෙකු එක්‌වීම විවාහය සඳහා ඉතා යහපත් ප්‍රතිඵල ලබාදේ. ඒ සඳහා හේතු වන්නේ දෙදෙනා තුළම සෑම දෙයකටම වඩා ආර්ථික දියුණුව වැදගත්ය යන සිතුවිල්ල පිහිටා තිබීමයි.

    එම නිසා විවාහ පරීක්‌ෂාවේදී ශනි මංගල යෝගය සහිත ජන්ම පත්‍රයකට ඉහත දැක්‌වූ ආකාරයට තවත් එවැනිම එම යෝගය ඇති ජන්ම පත්‍රයක්‌ ගැලපීම තුළ ඉතා සාර්ථක විවාහ දිවියක්‌ අපේක්‌ෂා කළ හැකිය. එවැනි ගැලපීමක්‌ සහිත දෙදෙනෙකු එක්‌වීම තුළ එය දියුණුවේ සාර්ථකත්වයට මහඟු පිටු වහලක්‌ වනු ඇත. එසේ නම් ශනි මංගල යෝගය යනු දියුණුවේ රන් දොරටුවකි.
     
    • Like
    Reactions: Barry Allen