මගුලක් ද කරන්නේ??? part 1

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    TANIYA & USHAN
    W E D D I N G PHOTOGRAPHY

    © Janana Yapa | All Rights Reserved
    Photographed By : Janana Yapa Photography

    Call Now 0714 322 360 | 0770 600 400

    https://www.facebook.com/jananayapaphotography/


    DSC_8760-_Edit-2.jpg


    DSC_8776-_Edit-2.jpg


    DSC_8784-_Edit.jpg


    DSC_8786-_Edit.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල වේසියෙ.. :love:
    43+



    තව කල් තියේ ඉතිං අපිට..
    උඹලට වඩා හත් පූරුවක් බාල අත දරුවො අපි.. :yes:
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ]මගුලක් ද කරන්නේ??? part 1

    සල්ලිකාර, ලොකු ඩයල් වලට මේක අදාල නැති වෙයි...:dull:

    මම මේක දාන්න හිතුවෙ අමාරුවෙන් දුක් මහන්සියෙන් හරි හම්බු කරල මගුලක් කන්න හිතාගෙන ඉන්න හිත හොද කොල්ලො වෙනුවෙන්..:yes::yes:

    බදින්න ඉන්න උන්ට මෙන්න වැදගත් වෙයි කියල හිතෙන ටිකක් විස්තර ටිකක්..
    උඹලගෙ දැන් පවුල් පන්සල් වෙන්න කාලෙ හරි ඇති නේද? :growl::no::yes:

    මෙහෙමයි සීන් එක...

    මුලින්ම
    උඹල බදිනවනන් මුලින්ම හොද දිනයක් සහ සුබ නැකත් ටිකක් හදාගන්න පළපුරුද ජොතිෂ්‍යඥයෙක්ට කියල.
    අඩුම තරමේ මාස 7,8 ක් එහායින් දිනයක් ගනින්..වැඩ ටික ප්ලෑන් කරන්නත් එක්ක..නැකත් හදාගද්දි මුලින්ම බලපන් මගුල් දවසෙ ඡායාරෑප ගන්න එහෙම උදේ කාලෙ වෙලාවන් ඉතුරු කරගෙන සුදුසු විදිහට බැලන්ස් කරල නැකත් ගන්න.. ඒකෙදි මනමාලියට අන්දවන්න සැලුන් එකකට යනවද ? අන්දන කෙනා ගෙදරට ඇවිත් අන්දල යනවද කියලත් බලන්න.. ගෙදරට ඇවිත් අන්දවද්දි සාමාන්‍යෙයන් රු. 10,000 පමණ වැඩිපුර මුදලක් සහ ප්‍රවාහන පහසුකම් දෙන්න වෙනවා ගොඩක් තැන් වල. අනිත් එක ගෙදරට ඇවිත් අන්දවද්දි හරිම අවුට්පුට් එකක් ගන්න බැහැ ගෙවල් වල තියෙන ලයිටින් සහ වටපිටාවත් එක්ක.. මගුල් දවසට නෑදෑයෝ ගෙදර පිරිල ඉන්න නිසා නිදහසේ අන්දවන්න කොහොමත් බැරි වෙනවා.ඒක නිසා සැලුන් එකකින් අන්දවන්න පුලුවන්නම් එල... එතනදි මනමාලි සැලුන් එකෙන් අන්දවගෙන වෙඩින් එක තියෙන ගෙදරට හෝ ශාලාවට පිටත් වන නිසා පිටත් වීමේ නැකත ඒ කාලය අනුව සකසා ගන්න. කොහොමත් මනමාලියෙක්ට අන්දවල ඉවර කරන්න පැය 3,4 ක් යනවා සාමාන්‍යෙයන්.. ඒක නිසා ඒ කාල වේලා බලල නැකත් හදා ගන්න..

    දෙවනුව තීරණය කරගත් දිනයට මගුල ගැනීම ස‍දහා උත්සව ශාලාවක් තෝරා ගැනීම.
    ඒක කරද්දි උඹේ අතේ තියෙන සල්ලි ගාන බලපන්.. උඹට වියදම් කරන්න පුලුවන් ගාන බලපන්..
    උඹල දෙන්න (මනමාලි සහ මනමාලයා) එකතු වෙලා කතාබහ කරල වියදම් කරන්න පුලුවන් ගාන බලන්න.. සාමාන්‍යෙයන් මගුලට යන වියදමින් 35% පමණ උත්සව ශාලාවට වෙන් කරන්න...
    අපි හිතමු උඹල දෙන්නට ලක්ෂ 10 ක් (උදාහරණයක් හැටියට) වියදම් කරන්න පුලුවන් කියල..එතකොට උඹල දෙන්න උත්සවය දවසේ උත්සව ශාලාවට වියදම් කරන පුලුවන් ගාන වෙන්නේ 350,000..එතකොට උඹල බලපන් මගුලට ආරාධනා කරන අමුත්තන් ගාන.උදාරහන විදිහට 200 ක් එනව කියල හිතන්න. එතකොට අපිට අර 350,000 දෙසීයෙන් බෙදල එන ගාන තමයි මගුල් ගෙදර ගන්න හෝටලේ තීරණය කරන්න පුලුවන් වෙන්නේ... අපිට යන්න පුලුවන් මෙනූ එක තීරනය වෙන්නෙ....
    අපි තීන්දු කරගත් දිනය සුබ දවසක් වන නිසා ඒ දිනයට තවත් මගුල් ගොඩක් තියෙන්න පුලුවන්. ඒක නිසා බොහෝ උත්සව ශාලා, හොටෙල් ඒ හේතුව නිසා බුක් කරල තියෙන්න පුලුවන්..ඒක නිසා උඹල ඉක්මන් වෙලා මුලින්ම උත්සව ශාලාව බුක් කරගන්න සුළු ගානක් දීලා. . කොහොමත් පොඩ්ඩක් කට්ට කාලා හෙව්වොත් රුපියල් 700 ඉදල වගේ ප්ලේට්ස් තියෙන තැන් තියෙනව ලස්සන ලොකේෂන් එක්කම..තම තමන්ට ගැලපෙන විදිහට තෝරගන්න.. වැඩියම අඩු එකකට යන්නත් එපා..මොකද එදාට එන අය හොයන්නෙම වැරදි..එක්කො මනමාලිගෙ ඇදයක්..නැත්නම් කෑම වල අඩුපාඩු..කොච්චර කරත් හොදක් අහගන්නම අමාරුයි.. ඒක නිසා සාමාන්‍ය මට්ටමේ එකක් තෝර ගනින්...පුලුවන්නම් කෑම ටිකක් කාල බලලම තීරණය කරපන්

    විශේෂ දෙයක් මෙන්න.. සාමාන්‍යෙයන් ඉස්සර ඉදල කරන විදිහට වෙඩින් එකයි, හෝම් කමින් එකයි දෙකක් කරනව වෙනුවට පුලුවන්නම් දෙපැත්තේ වැඩිහිටියො එක්ක කතා කරල දෙපැත්තෙම නෑදෑයො එක දවසක එකතු කරගෙන එක දවසකින් වැඩේ ඉවර කරන්න තීරණය කරන්න. දැන් වැඩිපුරම එහෙම තමයි වෙන්නෙ. ]වන් ඩේ ෆන්ෂන් එකක් විදිහට.. අර දෙකකට වියදම් කරන සල්ලි වලින් ජෝඩුව තමන්ට ඕනි බඩු මුට්ටුවක් හරි එකතු කරගන්න පුලුවන්. නැත්නම් රෝද හතරක් හරි... දෙවෙනි දවසෙ රතු සාරිය අදින්න ඕනිමනන් වෙඩින් එක දවසෙම ගොයින්-අවේ එක විදිහට අර රතු සාරිය අදින්න පුලුවන්.... මගුල ගෙදර වියදමින් බාගෙට බාගෙයක් ඉතුරුයි මෙහෙම දෙකම එක දවසෙ කරන්න පුලුවන්නම්.. දෙමව්පියන්ට තේරුම් කරල දුන්නොත් තේරුම් ගනියි..

    පස්සෙ පුලුවන් උඹල ගන්න මෙනූ එකයි, අනිත් සේවා ටිකයි තීන්දු කරගන්න.
    සමහර හොටෙල් වලින් පෝරුව, පොල්තෙල් පහන, සෙට්ය, වගේ දේවල් නොමිලේ දෙනවා...අපිට ඒවා ගන්න පුලුවන්නම් අපිට මල් සැරසිලි අයට දෙන සල්ලි ටිකක් විතර ඉතුරු කර ගන්න පුලුවන්...
    නැත්නම් සම්පූර්ණ මල් සැරසිලි වලට අවම රුපියල් 50,000 ඉදල මිලියන ගණන් වෙනකල් එක එක මෝස්තර වලින් සැරසිලි තියෙනවා. අතේ තියෙන හැටියට තෝරගනින්.

    වෙඩින් එකට ගැලපෙන තීම් එකක් (තේමාවක්) තෝරගන්න.. තීම් කලර් එකක් පාවිච්චි කරන්න..ඒක දිගටම හැම තැනදිම පාවිච්චි කරන්න. මල් වල ඉදල, දෙවෙනි මලමාලියන්ගෙ ඇදුම් වල පාට ඉදල, ආරධනා පත්‍ර, වෙඩින් කේක් පෙට්ටි, ටේබල් ඩෙකරේෂන්, ලයිට්ස් හැම දේම උඹලගේ තීම් කලර් එකට මැච් කරල කරන්න.. තීම් එක දිගටම කරගෙන යන්න. උදාහරණයක් විදිහට උඹල ආරාධන පත්‍රයට හංස පූට්ටුව දැම්ම කියල හිතහන්කො..ඒ පෙරහර තීම් එකම පෝරුවට සෙටිබැක් එකට ටේබල් ඩෙකරේෂන් වලට, කේක් පෙට්ටි වලට පාවිච්චි කරන්න පුලුවන් විදිහට.. එතකොට ගැලපීමක් තියෙනව හැම තැනම..අච්චාරුවක් නොවී ලස්සනක් තියෙයි..

    මෙන්න කොළඹ අවට තියෙන හෝටල් සහ ඒවාගෙ විස්තර ටිකක්....
    Code:
    Hotel Details
    ...........................................................................
    
    RAN MAL HOLIDAY RESORT (PVT) LTD
    13th Mile Post (21 Km Post), South of Colombo.
    346/5, Galle Road (Main Highway), Gorakana, Moratuwa, Sri Lanka.
    Tel :(94) 11 38-2298921- 5 Fax: (94) 11 38-2298926
    E- mail: [email protected]
    web : www.ranmalholidayresort.com
    ...........................................................................
    
    Randiya Hotels (pvt) Ltd.
    No. 389, Koralawella, Moratuwa. Sri Lanka.
    Telephone     
    +94 11 2658442
    Tele / Fax     
    +94 11 4211001
    Web Site : www.randiyahotels.com
    ...........................................................................
    
    Opulent Caterers
    No:-166,Koswatta, Nawala , Rajagiriya, Sri Lanka
    Tel:-   +94 112865994         +94 115338182
    Mob:- +94 777632858 Fax:- +94 115338184 
    
    http://opulentriver.com/index.php
    www.opulentcaterers.com
    www.opulentriver.com
    ...........................................................................
    
    PRINCE Hotel Kesbewa, Sri Lanka.
    192/7,Dawatagahawatta,
    Kesbewa,
    Sri Lanka
    T.P. 0112702856
    Hotline : 0722140410
    
    ...........................................................................
    
    The Arch
    http://www.wedding.lk/fingara-club-sri-lanka.php
    Metro Central Rooftop
    No: 26, Athurugiriya Road
    Malabe.
    Tel +94-11-5667557      
    
    ...........................................................................
    
    http://www.wedding.lk/amalya-reach-sri-lanka.php
    
    ...........................................................................
    
    Eco Bird Park - Rajagiriya
    http://www.manaali.com/eco_bird.php
    Mr Ruwan Liyanage
    Hotline : 0714-736652
    Email : [email protected]
    No. 166, Buthgamuwa Rd,
    Rajagiriya
    
    ...........................................................................
    
    imalka reception
    Ranmuthugala Hama Vihara Mawatha,
    Suriyapaluwa, Kadawatha.
    Tel : 033 4901154
    Email : [email protected]
    
    http://imalkareception.com/contactus.html
    
    ...........................................................................
     
    
    http://www.manaali.com/rockhouse.php
    
    ...........................................................................
    
    watervilla - Pannipitiya
    http://www.manaali.com/watervilla.php
    Address :No : 196/26,
    Isuru Uyana,
    Depanama,
    Pannipitiya.
    Telephone : +94 0112 839 446
                +94 0755 393 2658 
    
    ...........................................................................
    
    Asiri Hotel
    http://www.manaali.com/asiri.php
    264, Old Galle Road, Gorakana,
    Moratuwa
    Tel : 038-2298645,0602385855
    Fax : 011-2713980
    
    ...........................................................................
    
    willuda_inn
    http://www.manaali.com/willuda_inn.php
    No. 55/A, Compayahena Road,
    Godagama, Panagoda.
    Tel : 0114 – 334577 , 077- 3460500
    [email protected]
    www.willudainn.com
    
    ...........................................................................    
    
    SANORA RESTAURANT & RECEPTION HALL,
    668, Pannipitiya Rd., Thalawathugoda, Sri Lanka.
    Tel: (+94-11) 441 1135
            (+94-11) 277 4751
    Fax: (+94-11) 277 4045    
    
    ...........................................................................
     
    Hotel Janaki
    43 Fife Road, Havelock Town Colombo 05
    Telephone + 94 11 2502169
    
    ...........................................................................    
     
    Athula Caterers (Pvt) Ltd
    52/7 Jayasinghe Mw Ragama Road, Kadawata
    Telephone + 94 11 2925455      
    
    ...........................................................................    
      
    Chamalie Reception Hall
    280,HighLevelRoad,Colombo 6
    Telephone + 94 11  2810817      
    
    ...........................................................................    
      
    Holiday Inn-Colombo
    30 Sir Mohamed Marcan Marker Mw Colombo 03
    Telephone + 94 11 2422001      
    
    ...........................................................................    
     
    Marine Grand
    41, Station Avenue, Marine Drive Colombo 06
    Telephone + 94 11 4443833, Fax 4443834
    
    ...........................................................................    
     
     
    Sea Face Banquet Hall
    2777 New Galle Road,Egodauyana,Moratuwa
    Telephone + 94 11 4214946      
     
    ...........................................................................    
    
    Solis Banquet Hall
    536 Kotte Road, Pitakotte
    Telephone + 94 11 2886535      
     
    ...........................................................................    
    
    Sripalee Banquet Hall
    277/1 Galle Road, Idama Moratuwa
    Telephone + 94 11 2646839      
    
    ...........................................................................    
     
    Wanapetha Hall
    1/129 Horana Road, Kesbewa Piliyandala
    Telephone + 94 11 2613258      
    
    ...........................................................................    
    
    
    
    
    
    
    
    
    Dampe Village Bolgoda Lake Resort
    222 Dampe Madapatha Piliyandala
    Phone:   94112707516 
    
    ...........................................................................    
    
    Fieldview Holiday Resorts
    17 Annasiwatta Rd Athurugiriya
    Phone:   94112770381


    ආරාධනා කරන්න ඕනි අය ලිස්ට් එකක් හදපන්.

    ඊළගට මගුලට ඕනි කරන ලිස්ට් එකක් හදපන්,

    රත්තරන් බඩු ගන්න යන්න කාලෙ හරි..
    ඒක පොඩ්ඩක් රත්තරන් වල ගණන් බලල අඩු වෙච්ච දවසකට දුවල ගිහින් ඇඩ්වාන්ස් කරල වරෙන්.මෙන්න මේකෙන් රත්තරන් වල ගණන් දවසෙන් දවස වෙනස් වෙනව බලන්න පුලුවන්.
    HTML:
    http://www.goldpricerate.com/english/gold-price-in-sri_lanka.php
    මේකෙ තියෙන Gram Karat 22 කියන එක 8 වැඩි කරල ගනින්... එතකොට අද මිල එනවා.. ඔය තියෙන්න ග්රෑම් එකක ගාන..
    සාමාන්‍යෙයන් මුදු හදද්දි පිරිමි මුද්දක් හදන්න [SIZE="4"[COLOR="DarkRed"]අවම
    [/SIZE] පවුමක් විතර යනවා... කෙල්ලගෙ මුද්ද හදන්න අවම පවුම් තුන්කාලයක් විතර යනවා. උපරිමය උඹලගෙ ගාන අනුව තීරණය කර ගනින්... කර මාලයක් හදන්න අවම පවුම් 2 ක් විතර යනවා.. නෙට් එකේ රත්තරන් බඩු වල ගණන් තියෙන සයිට් නැති තරම්..ඒත් මෙන්න මේකෙන් අද දවසේ (අප්ඩේටඩ්) මිළ බලාගන්න පුලුවන් රත්තරන් බඩු වල ඩිසයින් එකයි සයිස් එකයි එක්කම. මෙන්න ලින්කුව
    HTML:
    http://www.nithyakalyanijewellery.com/index.php?p=default&id=1

    උඹෙ මගුල සම්බන්ධව තීරණය ගන්න අය ඉතාම අඩු වෙනවනන් තමයි ඇගට ගුණ.. පුලුවන්නම් උඹය කෙල්ලයි විතරක් අදාල තීරණ ගන්න පුලුවන් මට්ටමේ ඉන්නවනන් වඩාත් හොදයි. අනිත් අයගේ උපදෙස් ගන්න එපා කියන එක නෙමෙයි කියන්නෙ. උපදෙස් ගනින්. ඒත් උඹල දෙන්නට ඕනි විදිහට මගුල කරගන්න බලපන්. මොකද මගුල උඹල දෙන්නගෙ නිසා.. එක එක අය එක එක ප්ලෑන් දෙයි මෙහෙම කරන්න අරහෙම කරන්න කියල.. ඒත් උඹල දෙන්න තීරණය කරල හරි දේ විතරක් කරපන්.. නැත්නන් වෙන්නෙ රෑකඩ වගේ දෙපැත්තට පැද්දි පැද්දි ඉන්න.. රූකඩ වෙන්නෙ නැතුව උඹල දෙන්න තනියෙන් තීරණය කරපන් කරන විදිහ ගැන. අද කාලෙ ඉන්නෙ රුපියල් 100 ක් දීලා ලක්ෂෙක බණ දෙසන අය.. ඒක නිසා පුලුවන් තරම් මගුලෙ වියදම් තමන් දෙන්න විසින් තනියෙන්[/COLOR]ම දරන්න පුලුවන්නම් මැක්සා. එතකොට පුලුවන් උඹල කැමති විදිහෙ උඹලට පුලුවන් විදිහෙ පස්සේ පසුතැවිලි නොවන මගුලක් ගන්න..


    දැන් උඹල තීරණය කරපන් වෙඩින් එක කරන්නෙ මොන විදිහටද කියල, අදින්නෙ මොනවද කියල..
    අපේ රටට නම් වැඩිපුරම ගැලපෙන්නේ උඩරට විදිහට අදින ඇදුම් තමයි. නිලමෙ ඇදුම ඇදල කොහොමද තේජාන්විත විදිහට පෝරුවට නගිද්දි ෆිට් එක.. අත්දැකීමෙන් කියන්නෙ මාර ගති..
    නිලමෙ ඇදුම් ගන්නවනන් ආභරණ මන්දිරය සහ පී.වී.එස් ජයසිංහ එකෙන් තමයි හොද විදිහට ඇදුම් ගන්න තියෙන්නෙ..සාමාන්‍යෙයන් මනමාලයගේ නිලමෙ ඇදුමක් රුපියල් 5,000 ඉදල රුපියල් 15,000 අතර ගණන් වලට තියෙනවා... දෙවෙනි මනමාලයෙක්ගේ නිලමෙ ඇදුමක් රුපියල් 3,500 ඉදල තියෙනවා. (ඇන්දවීමටත් සමගම)

    මනමාලියන්ට අන්දවන අය දැන් වැහිවැහැල. ඒත් ගානනම් අඩුවක් නැහැ. උඹල එක පාරක් විතරක් බදින නිසාත් ආයිත් ජීවිතේටම නොබදින නිසාත් හරියට අන්දන කෙනෙක් කොහොම හරි හොයාගන්න.
    කවුරුවත් කියන නිසා කාවවත් විශ්වාස කරල වෙන් කරගන්න එපා.. උඹලම ගිහින් එයා කරල තියෙන වැඩ තියෙන ඇල්බම් බලපන්..එයාගෙ වැඩ ගැන , ගාන ගැන සැටිස් නම් බුක් කරපන්..
    සාමාන්‍යෙයන් මනමාලියෙක්ට අන්දවන්න පළපුරුදු නම ගිය කෙනෙක් රුපියල් 25,000 ඉහළ ගානක් ගන්නවා.. ගොඩක් තැන් වල නොමිලේ ෆේෂල් එකක් දෙනව වෙඩින් එකට කලින්..දෙවෙනි මනමාලියෙක්ට රු. 5,000 ඉදල අන්දවනවා.. හෝම් කමින් එකකට රුපියල් 15,000 ක වගේ ඉදල අන්දවනවා... කොහොමත් අන්දවන වැඩේට බර ගානක් යනවා දෙවෙනි මනමාලියො ගානත් එක්ක.. සමහර අයගෙ ලක්ෂ 3,4 යන ඒවත් තියෙනවා.. පුලුවන් තරම් අඩුවට කරගනින්.. ප්‍රසිද්ධ නමක් නොවුනට කමක් නැහැ වැඩ එල නම් ගාන ෂේප් නම් වැඩේ බාර දීපන්... මල් කළඹ බොහෝ විට අන්දවන කෙනාම කරල දෙනවා.. කොහොමත් මල් කළඹක් රුපියල් 5,000 වගේ ඉදල තියෙනවා.. උඩරට ආභරණ ගන්නවනන් අපිට පට්ට ගානක් යනවා..ගන්නත් අමාරුයි..ඒක නිසා ඒවා හයර් කරන තැනකින් ගනින්.. කොළඹ පැත්තේ තියෙන්නෙ ඉතින් මාළඹේ ආභරණ මන්දිරේ තමයි. ඒ ආභරණ රුපියල් 5,000 ඉදල රුපියල් 20,000 දක්වා තියෙනවා..කැමති එකක් තෝරල ගන්න පුලුවන්... ආභරණ මන්දිරයේ අයිති නිරෝෂා පෙරේරා අක්කා (සැලෝන් මනාලි) මනාලියන්ට අන්දවන්න පළපුරුදු දක්ෂ කෙනෙක්..ඒ අක්කගෙන් අන්දව ගන්නවනන් අර ආභරණ නොමිලේ ගන්න පුලුවන්... හැබැයි අන්දවන්න 25,000 / 5,000 ගණන් ම තමයි.... මාස 3,4 කලින් මනමාලිව අන්දන කෙනාට යොමු කරන්න..

    සාරි ගනිද්දි මනමාලිට අන්දවන කෙනාගෙ උපදෙස් ගන්න..මනමාලිගේ පාට අනුව ගන්න ඕනි සාරියෙ පාට වෙනස් වෙනවා.. සාරියෙ ඩිසයින් එකත් එක්ක ගාන වෙනස් වෙනවා.. සාමාන්‍යෙයන් වෙඩින් සාරි රැපියල් 8,000 ඉදල වගේ තියෙනවා. හැබැයි වැඩ අඩුයි. රුපියල් ලක්ෂ ගණන් වලටත් සාරි තියෙනවා.ඒවා අපිට අදාල නැහැ.. පිටකොටුවෙ සාරි කඩ ගොඩක් තියෙනවා.
    රාම් බ්‍රදර්ස්, ගනේෂ්, සරිටා..ඊට අමතරව අස්ලම් මාකර්ට් එකෙත් කඩ ගොඩක් තියෙනවා.
    ඒව වලින් තමන්ට ගැලපෙන සාරියක් හොයල අඩු කරල ගන්න.. දන්න කෙනෙක් එක්ක යන්න.. අන්දවන කෙනා එක්ක ගියොත් සමහර තැන් වලින් අපිට ගාන අඩු කරන්නෙ නැහැ.. මොකද අන්දවන කෙනාට ගානක් දෙනව අපි ගන්න සාරියෙන්..ඒක නිසා අන්දවන කෙනා හලල පුලුවන්නන් ගිහින් ගන්න..එතකොට දෙන ඩිස්කවුන්ට් එක අපිටම ගන්න පුලුවන්..
    අස්ලම් මාකට් එකේ තියෙන සාරි වල කියන ගානෙන් බාගෙට බාගයක් අඩු කරල ගන්න පුලුවන්..උදා.. 50 ක සාරියක් කිවුවොත් 25 කට විතර මර්සියක් දාලා ගන්න පුලුවන්..
    උන් කියන්නෙත් එකකට එකක් වැඩියෙන් කොහොමත්..:lol:

    තව සීන් එකක්..ලොකු ඩිසයින් එකක් තියෙන සාරියක් ගන්න ආසයි නම්, ඒත් ගන්න සල්ලි නැත්නම්, ගොඩක් තැන් වල තියෙනව වෙඩින් සාරි රෙන්ට් කරන්න. රුපියල් 50 - 60,000 වගේ සාරියක් රුපියල් 5,000 කට වගේ ගන්න පුලුවන් ඇදල දෙන්න.. හැබැයි මමනන් කියන්නේ සුලුවට හරි තමන්ටම කියල අලුත් සාරියක් ගන්න තමයි කෙල්ලො කැමති..

    වෙඩින් එකට ගන්න දෙවෙනි මනමාලියො, දෙවෙනි මනමාලයො තීරණය කරන්න.
    කොච්චර ප්‍රමාණයක් ගන්නවද කියල.
    සාමාන්‍යෙයන් මුලු ගෘෘප් එකේම එකතුව ඔත්තේ සංඛ්‍යාවක් නොවිය යුතුයි. ඒ කියන්නේ එක්කො 2,4,6,8,10 ඒ වගේ වෙන්න ඕනි..

    මනමාල ජෝඩුවට වඩා උස මහත අය ගන්න එපා..
    වාත අය ගන්නත් එපා.. මල් කුමාරයො මල් කුමාරියෝ ගද්දි පොඩි බබාලා ගන්නත් එපා..උඹලට පස්සේ නලව නලව ඉන්න වෙයි..

    මාස 4,5 කට කලින් ආරාධන පත්‍ර ලෑස්ති කරගන්න..අඩුවට ගන්න යන්න කොටුවෙ මැලිබන් වීදියෙ..කැමති ඩිසයින් එකක් ගන්න තමන්ගෙ තීම් එකට ගැලපෙන විදිහට..ආරාධනා කරන පවුල් ගණන අනුව කාඩ් ගණන තීරණය කරන්න.. නෑදෑයන්ට පුලුවන් තරම් බුලත් දෙන්න..කාඩ් දුන්නම ටිකක් විතර දුරස් බව්ක් තියෙනවා...

    අපි හදාගත් නැකතට අනුව මුලින්ම බුලත් දීලා ආරාධනා කරන කෙනාව තෝරාගන්න.. සාම්ප්‍රදායිකව අපේ නෑ කෙනෙක්ට ආරාධනා කරත්, ඊට වඩා හිත හොද මනුස්සයෙක් ළගින් ඉන්නවනන් එයාට මුලින්ම බුලත් දෙන්න..හැමදේම කරන්නෙ හිතේ සන්තෝසෙ වෙනුවෙන් නිසා....තවත් සමහර නෑයො ඈයො සහ වේයො වගේ නිසා නැකත් වෙලාවන් නොකිය ඉන්න තරමටම හොදයි..

    ඒ එක්කම වෙඩින් කේක් හදන්න දෙන්න.. සාමාන්‍යෙයන් ආරාධිත පිරිස 200ක් නම් කේක් කෑලි 350-400 ක් විතර හදවගන්න..
    ගොඩක් දුරට එක කේක් කෑල්ලක් අරගෙන නවතින පොඩි උන් හොයාගන්න අමාරුයි..තව වෙඩින් එකට නොයෙන අයටත් එක්ක වැඩිපුර හදන එක එලකිරි.
    කේක් කෑල්ලක් සාමාන්‍යෙයන් රුපියල් 35-40 අතර ගානක් වගේ තමයි වැටෙන්නෙ...
    දැන් වෙඩින් කේක් දාන්න පෙට්ටි ඔනි වෙනව නේද? ඒකටත් පෙට්ටි 300 ක් විතර ගන්න..
    කොටුවෙ මැලිබන් වීදියෙ පොඩ්ඩක් අඩුවට එක එක මෝස්තර වල ඩිසයින් වලින් පෙට්ටි ගන්න පුලුවන්..
    සාමාන්‍යෙයන් රුපියල් 10 ඉදල වගේ තියෙනව පෙට්ටි.. කැමති ඩිසයින් එක විස්තර එක්ක දුන්නම ඒ පෙට්ටි වල අපේ විස්තර දාලා ප්‍රින්ට් කරවගන්න පුලුවන්..අපේ කලින් තීරණය කරපු තීම් එකට ගැලපෙන එකක් ගන්න පුලුවන්නම් ගොඩම තමයි. ප්‍රින්ට් එකට පොඩි ගානක් ගන්නවා..

    පුලුවන් තරම් ලස්සනට වැඩ ටික කරගන්න බලන්න..වැඩිය මුදල් වියදම් නොකර ලස්සනට කරන්න වැඩ ගොඩක් තියෙනවා.
    පුලුවන් තරම් කලින් කරල තියෙන වෙඩින් බලන්න..
    ෆේස්බුක් එකේ වෙඩින් ෆොටෝග්‍රැපර්ස්ලගේ වෙඩින් ඇල්බම් ටිකක් බලන්න..ඒවා වල ඇදුම්, ආභරණ, සෙරෙප්පු සපත්තු, මොස්තර වගේ දේවල් වල හරි වැරදි අඩු පාඩු පාඩමකට ගන්න..
    යු ටියුබ් එකේ වෙඩින් වීඩියෝ ටිකක් බලන්න.. ආදර්ශෙට ගන්න හරි දේවල්..
    බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ තියෙන වෙඩින් ප්‍රදර්ශන වලට යන්න... ඒව වල දෙන ඩිස්කවුන්ට් ගැන බලන්න..





    ටැග් ටික දැක්කම දෙයක් කියන්න හිතුනා...
    අවුරුදු ගානක් හම්බුකරල ලක්ෂ ගානක් පැය 4,5 කින් වියදම් කරද්දි හිතට ගොඩක් අප්සෙට් වගේ හිතෙනව වෙඩින් එක ප්ලෑන් කරද්දි...අතේ රැපියල් 1,090 ක් තියෙනවනන් නීත්‍යානුකූල විදිහට කසාද බදින්න පුලුවන් රටේ ලක්ෂ 10-12 වියදම් කරන එක සමහර විට පිස්සුවක් වගේ හිතෙයි මුලදි. හැබැයි කොහොම හරි අමාරුවෙන් වැඩ ටික කරගත්තට පස්සේ හිතට සැනසීමක් ලැබෙයි. වියදම් කරපු සල්ලි අපරාදේ කියන සිතුවිල්ල අයින් වෙයි. මොකද හොරෙන් පැනල ගිහින් හරි, ප්‍රසිද්ධියෙ ගිහින් හරි රෙජිස්ටර් කරල යනවට වඩා මේ ලෝකෙ හැම කෙල්ලෙක්ම කැමති මනමාලියක් වගේ ඇදල හැමෝම ඉස්සරහ කසාද බදින්න.. තීරණය උඹලගෙ අතේ රුපියල් 1,090 ද නැත්නන් ලක්ෂ ගණන් පැය 4,5 කින් වියදම් කරනවද කියල:shocked:

    වියදම් අඩු කරන්න මෙන්න තවත් එලකිරි අයිඩියා එකක්...උඹලගේ මගුල් ගෙදර -උඹලගෙ දවස බාර් එකක් කරගන්න එපා... වලි පොට් එකක් කරගන්න එපා..කොටින්ම කිව්වොත් බොන්න දෙන්න එපා..
    ඒකෙන් ඇගට දැනෙන ලොකු ගානක් ඉතුරු වෙනව වගේම හිතට දැනෙන සැනසීමක් ලැබෙනවා. පොඩ්ඩක් හිතපන්.. කවුරු හරි කාලකන්නි ඩයල් එකක් බීර කොර වෙලා මොකක් හරි සීන් එකක් දැම්මොත් උඹ වියදම් කරල අමාරුවෙන් ලස්සනට කරගෙන යන පාර්ටි එක කෙලවෙනව නේද? බිව්වම සමහරුන්ට උතුර දකුන මාරු වෙනවා. නැති අඩුපාඩු පේනවා. ගොඩක් වෙලාවට කාලෙකට පස්සේ නෑදෑයෝ සෙට් වෙන නිසා නොගැලපීම් තියෙන්න පුලුවන්.. බිව්වට පස්සේ අයියල චන්ඩි වෙනවා. එහෙම අවස්ථාවක පොඩ්ඩක් හරි වචනයක් එහෙ මෙහෙ වුනොත් උඹේ මගුල අවමගුලක් වගේ වෙයි. මම කියන්නෙ බොන්න දෙන්න එපා.... ලස්සනට කරගෙන යන වැඩේ චා කරන්න කොහෙවත් ඉන්න එවුන්ට ඉඩ දෙන්න එපා


    විශේෂම දෙයක්..මගුල උඹල දෙන්නගෙ නිසා කා මත්තෙවත් යැපෙන්න ඉන්න එපා..කාවවත් 100% විශ්වාස කරන්නත් එපා. හැම දේම වගකීමෙන් උඹල දෙන්නම හොයල බලල කරපන්.. උඹලට අරව කරල දෙන්නන්, මෙච්චර දෙන්නන්, මගේ ගානේ මේවා කරන්නන් කියල කියන අය අන්තිමේදී හොයාගන්නත් බැරි වෙයි..ඒක නිසා ඒ වගේ වෙලාවකට නන්නත්තාර නොවෙන්න වගබලාගන්න ඕනි. හැම දේම වගකීමෙන් උඹල දෙන්නම හොයල බලල කරපන්.. පොඩි මිස්ටේක් එකක් ඇති මුලු වෙඩින් එකම චා වෙන්න... උත්සහ කරපන් උඹල දෙන්නගේ වෙඩින් එක 100% සාර්ථක කරගන්න. වැරදි අඩුපාඩු කිසිම දෙයක් නොවෙන්න වගබලාගන්න. උඹල එහෙම උත්සහ කරොත් අඩුම ගානෙ 90% සාර්ථක වෙයි.. පොඩි පොඩි මිස්ටේක් වෙන එක නවත්වන්නම බැරි දෙයක්...

    මේ මාතෘකාව චා ද දන්නෙ නැහැ..ඒක නිසා තවත් ටයිප් නොකර පොඩ්ඩක් බලන්නන්.. වැදගත් කියල පෙනුනොත් ඉතුරු ඒවාත් හරියට කරන විදිහ ගැන දාන්නන්... මගුලක් කාලා ඒකෙ කට්ට කාලා ඉන්න නිසා උඹලටත් ඒ කට්ට කන්න වෙයි කියල හිතල එහෙම නොවෙන්න තමයි මෙහෙම දාන්න හිතුනෙ..:shocked::shocked:


    TFS Bro....