කුඩා_මිනිසා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
කුඩා මිනිසා

jarrit2.jpg



ගර්භණීව සති දහසයේදී පමණ අපරිණත කළළය සමග වැදෑමහ ප්‍රසූත කල කාන්තාවගේ රුධිර වහනය නැවැත්වීම සඳහා මම සින්ටෝ ඒකක විස්සක් සේලයින් ද්‍රාවණයක මුසු කොට දුන්නෙමි. ඒ සමගම ඇයගේ රුධිර වහනය අඩුවී ගියේය​. ගර්භාශය සංකෝචනයත් සමග ඉතිරිව තිබූ කළළ සහ වැදෑමහ පටකයන් ද ඉවත් විය​.


මම ඇයට ප්‍රතිජීවකද ලබා දුන්නෙමි. එහෙත් මේ අනපේක්‍ෂිත ගබ්සා වීම නිසා ඇය තැවෙන්නීය​. සති දහසයක් වූ ඇයගේ භ්‍රෑණය ගර්භාශයෙන් පිටත ජීවත් නොවේ. මම එය ඇයට පහදා දුන්නෙමි. දියුණු රට වල සති 23 දී ප්‍රසූත කල කළළයන් බේරාගෙන තිබේ. එහෙත් සති දහසයක කලලයක් බේරාගත් අවස්ථාවක් මම අසා නැත​.


කාන්තාවගේ ගර්භාශයෙන් පිට කල කළළය සහ වැදෑමහ කිඩ්නි ට්‍රේ එකක තිබේ. සිස්ටර් හෙට්ටිආරච්චි එය උපස්ථායිකාවකට ගෙන ගොස් පටක සහ රුධිරය ඉවතලන කුණු බක්කියට දමන ලෙස කීවාය​. මම උපස්ථායිකාවට මොහොතක් නතර වන ලෙස පවසා කළළය අළුත් කිඩ්නි ට්‍රේ එකකට ගත්තෙමි.


මා අත සති දහසයක් වයසැති මිනිස් කළළයකි. කළළයේ ලිංගිකත්වය නිර්නය කල හැකිය​. හේ පුරුෂයෙකි. එයට තවමත් පණ තිබේ. එහෙත් මේ මිනිස් කළළය ජීවත් කරවීමට තවමත් අප සතු උපකරණ නොමැත​.


මම කළළය සහිත කිඩ්නි ට්‍රේ එක සේලයින් දියරයෙන් සෝදා දැමුවෙමි. මිනිස් කළළය හෙවත් පොඩි මිනිසා මුඛය අරියි. මම ග්ලූකෝස් බිංදු කීපයක් පොඩි මිනිසා ගේ මුඛයට දැමුවෙමි. හෙතෙම ඇම්නියොටික ද්‍රව ගිලින්නාක් මෙන් එය ගිල්ලේය​. කළළයේ චුෂණ ප්‍රතීකයන් දැකිය හැකිය​. කළළයේ ඇස් හාවී තිබේ. එහෙත් එය ආලෝකයට ප්‍රතිචාර දක්වන්නක් මෙන් හිස මඳක් එහා මෙහා කලේය​. එසේම අතපය සෙමෙන් සෙලවූයේය​.


මොහු කුඩා මිනිසෙකි. අලිගැටපේර ගෙඩියක් තරම් වූ ඔහු සංවේදනයෙන් යුක්තය​. වේදනාව දැනේ. ඔහුගේ හෘධය ස්පන්ධනය වේ . එහෙත් වැදෑමහ සහ පෙකනි වැළ නොමැතිව ඔහුට ආහාර සහ ඔක්සිජන් නොලැබේ. කළළයේ පෙණහළු මෝරා නැත​. එම නිසා එයට හුස්ම ගත නොහැකිය​. මිනිසෙකු වතුර ඇතුල සිටින විට හුස්ම ගැනීමට බලවත් පරිශ්‍රමයේ යෙදෙන්නාක් මෙන් කළළය වායුගෝලීය ඔක්සිජන් පෙණහළු වලට ලබා ගැනීමේ නොහැකියාව නිසාදෝ ශරීරය සෙලවූයේය​.


සති 16ක් වයසැති කළළයට මවගේ කටහඞ ශ්‍රවණය කල හැකි බව පරියේශකයෝ කියති. මේ කළළයට මගේ කටහඞ ඇසේද ? මම සෙමෙන් ඔහුට කතා කලෙමි.



මෙම කුඩා මිනිසාව මම ග්ලූකෝස් ද්‍රාවණයක බහා මගේ මේසය අසලින් තබා ගෙන වරින් වර ඔහුව නිරීක්‍ෂණය කරමින් ඩිස්චාර්ජ් කාඩ් ලිව්වෙමි. සිස්ටර් හෙට්ටිආරච්චි කුතුහලයෙන් යුතුව මගේ මේසය දෙස වරක් දෙකක් බැළුවාය​. එහෙත් ඇය කිසිවක් කීවේ නැත​.


තව පැයක් පමණ යන විට කුඩා මිනිසා ගේ චලනය අඩුවී ගොස් හෙතෙම නිසල විය​. මට ඔහුගේ හෘධ ස්පන්ධනය දැනෙන්නේද නැත​. ඔහු මේ ලෝකය හැර ගොසිනි.


රෝගියෙකුගේ මරණයකදී දැනෙන හැඟීම මේ කුඩා මිනිසාගේ මරණයේදී මට දැනුනේය​. සියළු ජීවිත මරණයෙන් අවසන් වේ.


මම කළළ මෘත ශරීරය අඩංගු කිඩ්නි ට්‍රේ එක රැගෙන ගොස් එය පටක සහ රුධිරය ඉවතලන කුණු බක්කියට හැලුවෙමි.


( මෙය 1994 වසරේදී මාතලේ රෝහලේ නාරිවේදය - Gynecology වාට්ටුවේ සිදුවූ සත්‍ය සිදුවීමකි )




වෛද්‍ය රුවන් එම් ජයතුංග
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ජීවිතයේ ස්වභාවය කෙබඳුද යන්න අවබෝධ කරගැනීමට ඉතා අගනා උදාහරණයක්.
 

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඔහු ජිවත් උනේ නම් අද වයස 22 ක තරුණයෙක්.

මම දන්නා එක්තරා ස්ථානයක් තියනවා බම්බලපිටියේ ඩුප්ලිකේෂන් පාරේ එනම් හරියටම විශාකා පාර පටන් ගන්න ස්ථානයේම ගබ්සා මධ්‍යස්ථානයක්. හරියටම කියනවානම් පරණ හවුස් ඔෆ් ෆැෂන් බිල්ඩින් එක ආසන්නයේම.

මම 2003 - 2004 කාලේ IDM එකට ගියා. ඔය දවස් වල ඔය ගබ්සා කරන මධ්‍යස්ථානය තිබ්බේ අපේ අධ්‍යාපනය ආයතනය ඉස්සරහමයි. උදේ ඉඳල හවස් වෙනකම් ඒ මධ්‍යස්ථානයේ සෙනග උතුරන්න ඉන්නවා. පැමිණෙන සියලු දෙනාම වැඩ අවුල් කරගත්තු උදවිය. එතන නේවාසික වාට්ටු පවා තියනවා. මේ වෛද්‍යවරයා තට්ටු පිට තට්ටු බිල්ඩින් ගහලා තියෙන්නේ. පදින්නේ තියන සුපිරිම ලොකු වාහන. මේකෙන් ඔහුට ලොකු අදායමක් උපදිනවා. කිසිම දිනක පොලිසියෙන් පනින්නේ ද නැත.

අපි එතන ලග කඩේට යනවා තේ බොන්න. ඔය ගිය වෙලාවක එක ජෝඩුවක් ඇවිත් හිටියා අම්ම කෙනෙකුත් එක්ක. ජෝඩුවට වයස 26 වගේ ඇති. අම්මට වයස 60 වගේ ඇති. ජෝඩුව තවම බැදලා නැතිලු. හදිසි ගැබ් ගැනීමක් සිද්ද වෙලා මාස 4 පමණ වෙනවලු. ඒ මාස 4 පමණ වයසැති ගබසවත් සිද්ද කරලා එතන. එක අහපුවම මට ඇතිවුයේ තදබල කම්පනයක්. අදටත් ඒ වයසක කාන්තාව කියපු දේ තවමත් දෝංකාර දෙනවා වගේ.

මේ දිනපතා දකින සිද්දි නිසා මට ඇතිවුයේ මහත්වූ කම්පනයකි.