කුඩු කන්ටේනරය මුදාගන්න අගමැති ලිපි දීලා!

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
කුඩු කන්ටේනරය මුදාගන්න අගමැති ලිපි දීලා!

D-M-Jayaratne.jpg



ග්‍රීස් ටින් තුළ සඟවා පාකිස්තානයේ සිට මෙරටට ගෙන එන ලද හෙරොයින් කිලෝ 261 අඩංගුව තිබුණු කන්ටේනරය නිසි පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් නිදහස් කරගන්නට අගමැති දී.මු. ජයරත්න මහතා මාර්ගයෙන් මත්කුඩු ජාවාරම්කරුවන් දැඩි උත්සාහයක නිරතව සිට ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

ජාවාරම්කරුවන් අගමැතිවරයාගේ  පුතා මගින් කන්ටේනරය කොළඹ වරායෙන් මුදාගැනීමට ලේකම්වරු මගින් ලිපි ශීර්ෂවලින්ම ශ්‍රී ලංකා රේගුවට නියෝග පවා නිකුත් කර තිබි ඇත.

ඒ එක් නියෝගයක් ලබාදී ඇතැයි අනාවරණය වන්නේ ග්‍රීස් කන්ටේනරයට සියයට 15කින් වැට් බද්ද අඩුකරන ලෙසය. දෙවැනි නියෝගය එම කන්ටේනරය ඉක්මනින් මුදාහරින්නට කටයුතු කරන ලෙසය.

එම නියෝග දෙකම ලිපි දෙකක් වශයෙන් යොමුකර තිබෙන අතර, එම ග්‍රීස් සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසටද ඛනිජ තෙල් සංස්ථාවට ද තවත් නියෝගයක් අගමැතිවරයාගේ  ලිපි ශීර්ෂයෙන් ඉදිරිපත් කර තිබේ.

එම ලිපිවල මුල්පිටපත් මෙන්ම ඡායාපිටපත්ද හෙරොයින් කන්ටේනරය ගැන පරීක්ෂණ පවත්වන ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සහ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය තුළ මේ වන විට තිබෙන බව ආරංචි මාර්ග අනාවරණය කළේය.

ග්‍රීස්, සෙරමික් භාණ්ඩ සහ ප්ලාස්ටික් භාණ්ඩ ලෙස සඳහන් කරමින් පාකිස්තානයේ කරච්චි වරායෙන් ඉකුත් ජූනි 17 වෙනිදා නැව්ගත කරන ලද එම කන්ටේනරය කොළඹ වරායට ගොඩබා තිබුණේ ජුනි 22 දාය.

එම කන්ටේනරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කාර්යංශයේ නිලධාරීන්ට කල්තියා ලද තොරතුරකට අනුව ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් කන්ටේනරය මුදාහරින විට ඊට පෙර එය පරීක්ෂා කිරීමේ ඉල්ලීමක් ශ්‍රී ලංකා රේගුවට ඉදිරිපත් කර තිබිණි. ඒ අතර, ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය කාර්යංශයට ලද තොරතුරකට අනුව එම කන්ටේනරය මුදාහැරීම ප්‍රමාදකර රේගු විමර්ශනයක් ආරම්භ කර තිබි ඇත.

මත්කුඩු ජාවාරම්කරුවන් කන්ටේනරය මුදාගැනීමට දේශපාලනඥයන්  ශ්‍රී ලංකා රේගුවට බලපෑම් කර ඇතැයි පැවැසෙන්නේ ඒ කාලය තුළදීය.

එම හෙරොයින් කන්ටේනරය සමග අත්අඩංගුවට ගත් මාලිගාවත්ත දුම්රිය නිවාසවල පදිංචිව සිටි මෙරට නියෝජිතයා වන මොහොමඩ් කාමීල් සහ පාකිස්තානු ජාතික ජාවාරම්කරු වන අබ්දුල් ජමාල් කාසීන් යන දෙදෙනා කාලයක් කුවේට් රටේ සේවයේ නිරතව සිට ඇත. එහිදී ඔවුන් කුවේට් රටට පැමිණ සිටි ඒජන්සිකාරියක් සමග හිතවත්කම් පවත්වා ඇත.

එම කාන්තාවගේ සැමියා අගමැතිවරයාගේ පුතා සමග දැඩි හිතවත්කමක් තිබෙන බවත් මත්කුඩු කන්ටේනරය මුදාගැනීමට අගමැතිවරයාගේ  සහය ජාවාරම්කරුවන් ලබාගෙන ඇතැයි පැවැසෙන්නේ එකී සම්බන්ධකම මතය.

අගමැතිවරයා  හෝ ඔහුගේ පුතා හෝ මෙම මත්කුඩු ජාවාරම ගැන කිසිවක් දැන සිට නැති බවත් ජාවාරම්කරුවන් ඔවුන්වද රවටා ඇති බව මෙතෙක්  කර ඇති විමර්ශනවලින් පෙනීයන බව විමර්ශන ආරංචිමාර්ග අනාවරණය කළේය.

එය එසේ වුවත් පාකිස්තානු මත්කුඩු ජාවාරම්කරුවන් අගමැතිවරයා  සමග ඔහුගේ පුතා හවුල්කරගෙන තේ අපනයනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම්කර තිබෙන බවද සඳහන්ය. මෙරට ව්‍යාපාරික සගයා ලෙස පාකිස්තානු ජාතික ජාවාරම්කරු යොදාගන්නට සැලසුම්කරගෙන සිට ඇත්තේ අගමැතිවරයාගේ  පුත්‍රයාවය.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' අගමැතිවරයාගේ ලේකම්වරයකු ගෙන් කල විමසීමේදී, එසේ ලිපි නිකුත්කර ඇති බව පිළිගත් අතර, එය අත්වැරදීමකින් සිදුවී ඇතැයි ද පැවසිය. අගමැතිවරයා මේ දිනවල මැතිවරණ කටයුතු වල නිරතවන බැවින් කාර්ය බහුලව සිටින බවත්, එම තත්වය හමුවේ පාක්ෂික හිතවතුන් දෙන ලිපි වලට අත්සන් කර ඇති බවත් පැවසු එම නිලධාරියා, එම කාර්ය බහුලත්වයෙන් කිසියම් පිරිසක් අයුතු ප්‍රයෝජන ගෙන ඇතයි සඳහන් කළේය.

එසේම, අගමැතිවරයා හෝ ඔහුගේ පුතා මෙම මත්කුඩු කන්ටේනරය ගැන කිසිවක් නොදන්නා බවද ඔහු අවධාරණය කළේය.

මෙම සිද්ධියෙන් පසු අත්‍යවශ්‍යම ලිපි ලේඛන හැර අනෙකුත් පිලිවලට අත්සන් කිරීම අගමැතිවරයා විසින් නැවත දමා ඇති බවද අගමැති කාර්යාලයේ නිලධාරියා වැඩිදුරටත් පැවසිය.

කෙසේවුවද, පාකිස්තානු ජාවාරම්කරුවන් මෙම මත්කුඩු කන්ටේනරය නිදහස් කර ගැනීමට මිලියන ගණන් මුදල් විවිධ පාර්ශ්ව වෙත ලබාදී ඇති බවට ඇති තොරතුරක් ගැනද විමර්ශන කණ්ඩායම්වල අවධානය යොමුවී ඇතැයි 'ලක්බිම' පුවත්පත අනාවරණය කර තිබේ.

මත්කුඩු කන්ටේනරය නිදහස් කරගැනීමට මෙරටට පැමිණ මරදාන සල්මාර් හෝටලයේ නවාතැන්ගෙන සිටි පාකිස්තානුවා මුදල් පුරවන ලද බෑගයක් තබාගෙන සිටි බවට තොරතුරක් ඇති බවත් එම මුදල් ඔහු ළඟ තබාගෙන සිටියේ කන්ටේනරය නිදහස් කර ගැනීමට විවිධ පුද්ගලයන්ට බෙදා හැරීමට දැයි සොයා බලන බවත් විමර්ශන අංශ ප්‍රධානියෙක් සඳහන් කල බවත් 'ලක්බිම' පවසයි.

මේ අතර පාකිස්තානයේ සිට ග්‍රීස් ටින් තුළ සඟවා මෙරටට ගෙන එන ලද හෙරොයින් තොගය සම්බන්ධයෙන් යම් සොයා බැලීමකට ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජු අධීක්ෂණයෙන් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නීති පරිපාලනයේ විශේෂ කණ්ඩායමක් මෙරටට පැමිණ ඇතැයි ආරංචිමාර්ග අනාවරණය කළේය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ප්‍රබලතම ඒකකයක් වන එම ඒකකය මගින් පසුගිය කාලයේ ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් පුහුණු සැසි පවත්වා තිබේ. මෙම ඒකකයෙන් පැමිණි නිලධාරීන් ග්‍රීස් ටින් සාම්පල් සහ එහි සටහන්ව ඇති ඇඟිලි සලකුණු ලබාගෙන ඇතැයි ආරංචිමාර්ගවලින් දැනගන්නට තිබේ.

එම නිලධාරීන් ‍පොලිස් මූලස්ථානයට ගොස් එහි උසස් ‍පොලිස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා රේගු බලධාරීන්ව මුණගැසී ඇත.
පාකිස්තාන මත්ද්‍රව්‍ය පාලන අංශය, මෙන්ම ඉන්දියාවේ ප්‍රබලතම විමර්ශන අංශයක් වන ‘කිව් ශාඛාවේ’ නිලධාරීන්ද ඉදිරියේදී ලංකාවට පැමිණෙතැයි අපේක්ෂා කරන බව උසස් ‍පොලිස් නිලධාරියෙක් “ලක්බිම” කළ විමසුමකදී පවසා ඇත.

මුලාශය - ලක්බිම (ගයාන් කුමාර වීරසිංහ)
 

Toy Boy

Member
Aug 25, 2013
1,371
43
0
meka loka hora muge lekamta mamath jarawa dila thiyenwa wedak karagana .jarawa illanne lejja nethuwa :angry:
 

Nash_Node

Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' අගමැතිවරයාගේ ලේකම්වරයකු ගෙන් කල විමසීමේදී, එසේ ලිපි නිකුත්කර ඇති බව පිළිගත් අතර, එය අත්වැරදීමකින් සිදුවී ඇතැයි ද පැවසිය. අගමැතිවරයා මේ දිනවල මැතිවරණ කටයුතු වල නිරතවන බැවින් කාර්ය බහුලව සිටින බවත්, එම තත්වය හමුවේ පාක්ෂික හිතවතුන් දෙන ලිපි වලට අත්සන් කර ඇති බවත් පැවසු එම නිලධාරියා, එම කාර්ය බහුලත්වයෙන් කිසියම් පිරිසක් අයුතු ප්‍රයෝජන ගෙන ඇතයි සඳහන් කළේය.


    AND this is our Prime Ministers excuse ???

    yeah.. sure.. next week we will see this article

    Prime minister write off Sri Lanka to China - excuse - sorry., I was busy and didn't realize it

    FUCKING MORONS !
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    katu gedara kadu case ekata amathiyek bella thibba wage
    rathupaswala case ekata nanasara bella thibba wage
    mu kudu walata bella thiyala wage mata penne
     

    Gothic

    Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    "අගමැති දි.මු බුද්ධ ශාසන අමාත්‍යාංශයට කඩා පනී
    April 5, 2013 at 11:53 am | lanka C news
    අගමැති දි.මු ජයරත්න මහතා පසුගිය දිනෙක සවස හදිසියේ බුද්ධශාසන අමාත්‍යංශයට කඩා වැදී ඇත.
    මේ අවස්ථාවේ විධිමත් ලෙස නිවාඩු නො ගෙන කාර්යාලයේ සේවය නො පැමිණ සිටි සියලූ දෙනාට එරෙහි ව කටයුතු කරන ලෙස අගමැතිවරයා බලධාරීන්ට උපදෙස් දී තිබේ.

    අගමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් හෝ නොමැතිව මෙසේ අගමැතිවරයා අමාත්‍යංශයට පැමිණ ඇති අතර ඒ වනවිට අමාත්‍යංශ ලේකම්වරයා අතිරේක ලේකම්වරයා ඇතුළු මාණ්ඩලික ශ්‍රේණියේ සහ ලිපිකාර ශ්‍රේණියේ නිලධාරීන් රැසක් කාර්යාලයේ නො සිටි බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඔවුන් කිසිවකුත් නිවාඩු නො ගෙන මෙසේ කාර්යාලයේ නො සිටි බව අනාවරණය වී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය."
    (
    ඔන්න
    ඕකගේ අමාත්‍යාංශයේ හැටි. කොඳුනාරටිය හරියටම තියෙන්න ඕන තැනක තත්වය.)

    Source
    Code:
    http://lankacnews[I][SIZE=3].[/SIZE][/I]com/sinhala/news/92743/




    "මම දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නේ නෑ – අගමැති

    January 19, 2013 at 2:14 pm | lanka C news
    තමන් සක‍්‍රිය දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සූදානමක් නැතැයි අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ ගම්පොල දොළුව ප්‍රාදේශීය සභා කමිටු රැස්වීමට අද පෙරවරුවේ සහභාගී වූ අවස්ථාවේය. දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට සුදානම් වන බවට මාධ්‍ය වල පලවී ඇති වාර්තා සම්බන්ධයෙන් ගම්පොළ ආසනයේ ශ්‍රීලනිප ක්‍රියාකාරිකයකු කල විමසීමකදී ඔහු එසේ කියා ඇත.
    එම කට කතාව පතුරුවා හරින්නේ ඌව පළාතේ ඇමතිවරයකු විසින් බව එහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු සඳහන් කර තිබේ.
    දැනට 82 වැනි වියේ පසුවන අග‍්‍රාමාත්‍යවරයා පසුගිය කාලයේ පාර්ලිමේන්තුවෙන්ද නිවාඩු ලබා නේවාසික වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුවේ අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙනි."
    (කොහොම හරි ඔය වයසෙදිත් ඔතන එල්ලිලා ඉන්න ලොකු හේතුවක් ඇති.)

    Source
    Code:
    http://lankacnews[I][SIZE=3].[/SIZE][/I]com/sinhala/news/88854/


    හම්බයන් බොදුබලසේනාවට විරුද්ද වෙන ඊලඟ ප්‍රදාන කාරණාව.




    යූ ටියුබ් ටයිම් ලයින් එකේ 14:50~15:32 කොටස බැළුවම තේරෙයි මේගෝතයා රටට කරලා තියෙන විනාසය.
    මේවායින් කියාපානවා මූ හම්බයන් එක්ක ලොකු ගේම්කරමින් ඉන්නවා කියලා.