පාතාල කල්ලි නායකයෙකු ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා" විසින් මත්ද්‍රව්‍ය බෙදාහැරීමට යොදාගත් බවට සැකකෙරෙන උකුස්සෙකු අතුරුගිරිය පොලීසිය විසින් අද (30) සොයාගනු ලැබීය.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මීගොඩ, නාවලමුල්ල, කනත්තපාර ප්‍රදේශයේ දී එම උකුස්සා සොයාගෙන තිබේ.
මෙහිදී අංගොඩ ලොක්කාගේ සමීපතමයන් දෙදෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
"කුස ඇලි මුහුදු උකුස්සා" නමින් හඳුන්වන මෙම උකුසු විශේෂයට කිලෝග්‍රෑම් 15ක පමණ බරක් ඔසවාගෙන යාමට හැකියාව ඇතැයි සැළකේ.
-ada derana
naththm ohoma athe tygnna ba.