කුඩු හා පොලිස්
මේ රටේ හොද වැඩක් කරන්න දෙන්නේම නැහැ
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව, පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට මාරු කර ඇත. රංගජීව වූ කලී මේ රටේ වැඩිම ප්‍රමාණයක් කුඩු වැටලීම් කළ නිලධාරියාය. ඔහු කළ වැටලීම් ගණන හැටකි. ඒ වැටලීම් හැම එකකදීම බඩු හසුවිය. එමතුදු නොව කුඩු ජාවාරම්කාරයෝ ද හසුවූහ. ඒ අනුව ඔහු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින කුඩු නඩු හැටක් උසාවිය ඉදිරිපිට ඇත. වතාවක් ඔහු මුහුදු සැතපුම් දෙසීයක් මහ සයුර තරණය කර කුඩු නැවක් අල්ලා ගත්තේය. මෙයට කලකට පෙර අත්අඩංගුවට ගන්නා ලද කුඩු සහිත අර්තාපල් පිරවූ කන්ටේනරය ඔහුගේ වැටලීමකි. ඔහු කුඩුකාරයන් වෙතින් වෙඩි කා ඇති බව ද සටහන් කරමු. මෙයට අමතරව තවත් වැඩිමනත් යමක් සඳහන් කරනු ලැබේ. මෙයට වසර හත අටකට පූර්වයෙහි ඔහු කුඩු වැටලීම් දිගින් දිගටම කරන කල ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ස්වකීය කුණු න්‍යාය පත්‍රයට අනුව නීච වැඩක් කළේය. එනම් ඔවුහු කුඩු ජාවාරම්කාරයන් බහුලව සිටින ප්‍රදේශයක පිහිටි කබල් පොලිසියකට ඔහු මාරු කළේය. එකල රංගජීව හැමදාම වැඩට ගියේ එකී ජාවාරම්කාරයන්ගේ ගෙවල් අස්සෙනි. ඒ ඔහු වැඩ කරන පොලිසියට යන පාර ඒ ගෙවල් අස්සෙන් වැටී තිබුණු නිසාය. ඒ කුඩු ජාවාරම්කාරයෝ වැඩි දෙනෙක් ඔහු පැවරූ කුඩු නඩුවල විත්තිකාරයෝ වූහ. පොලිසිය එදා කළේ රංගජීව මරණයට මුදා හැරීමකි. කුඩු වික්කද ඒ ජාවාරම්කාරයන් යහපත් මිනිසුන් වූ නිසා රංගජීව පණ බේරාගත් බව අපි උපකල්පනය කරමු. මෙවර රංගජීව මාරු කර ඇත්තේ සී.අයි.ඩියේ ෆයිල් නැතිවන නිසාලූ. මෙවැනි චෝදනාවකදී කළ යුත්තේ රංගජීවගේ වැඩ තහනම් කර ඔහු රිමාන්ඞ් කර චෝදනා විභාග කිරීමය. පොලිසිය එසේ නොකර හිඟන වැඩ කරන්නේ ඇයි?