~කුණු බක්කියට ගිය ඔබේ මනුස්සකම~

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ~කුණු බක්කියට ගිය ඔබේ මනුස්සකම~

    කුණු බක්කියට ගිය ඔබේ මනුස්සකම


    විපතක් වුනාම අපි හැමෝම පුදුම විදියට සංවේදී වෙනව. කලබල වෙනව. විපතට පත් වූවන් වෙනුවෙන් නැගී සිටිනව. ඉදිරිපත් වෙනව.
    අපේ ඒ සංවේදී කම සමහර වෙලාවල් වලට අපතෙ යන්නෙ මෙන්න මේ වගේ.



    මේ කුණු ට්‍රැක්ටර් වල පුරවං යන්නෙ අරණායකට ගිය ඔබේ සංවේදී කම. මේ විසිකරන්නෙ අරණායකට හැම දේම හම්බ වුනු නිසා නෙවී. නිසි කළමණාකරණයක් නැතිව මේව පිරෙව්ව නිසා.


    අවතැන් වුණු අයට, විපතට පත් වූ අයට සැබැවින්ම උදව් කරන්න ඔබ ඉදිරිපත් වෙනවා නම්, පැහැදිළිවම මුලින්ම එය සහන සලසන ඉතාම විශ්වාසනීය කණ්ඩායමකගේ උදව්වෙන් අනුදැනුමෙන් සිදු කරන්න. හොඳ සම්බන්ධීකරණයක් ඇතිව කරන්න.



    මුහුණු පොතේ සහෘදයින් සිය ගණනක් මේ කටයුතුවල නිරතවෙලා ඉදිර්යෙන්ම සිටිනවා. ඔවුන් සම්බන්ධ කර ගන්න. පොළීසිය, ආරක්ෂක හමුදා, විහාරස්ථාන සම්බන්ධ කර ගන්න.


    රජයේ නිළධාරීන් වැඩ කරන්නෙ එයාල හදාගත්ත ප්‍රතිපත්ති රාමුවක ඉඳන්. වැඩට වඩා නීති රෙගුලාසි තමා එයාල ලඟ තියෙන්නෙ. ඒක නිසා ප්‍රැක්ටිකල් මිනිස්සු එක්ක එකතු වෙන්න. එහෙම එවුන් ඉන්නෙ මහ පාරෙ. මූණු පොතේ. විශ්වාසවන්ත පපු හොයා ගන්න ඕනි වුනොත් කියන්න ඒ සම්බන්ධීකරණය එක මොහොතින් කර දෙන්නම්.
    එතෙක් කියන්න තියෙන්නෙ ඔබේ සෙනෙහස මේ විදියට අපතේ යන්න ඉඩ තියන්න එපා කියල.




    සුදේශ් කරුණාතිලක.



    DUykWDW.jpg




    DUykWDW.jpg



    GHN6Q3m.jpg



    W3twL2H.jpg