කුමක් කියන්නද?

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කුමක් කියන්නද?

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    elitedaily_cryingwoman3-485x323.jpg

    සැඳෑ කලුවර…
    සිතේ දුක් පොදි
    නුඹට දුන්නේ සිතින් නම් නොව
    සමා වුව මැන කල්ප ගණනක්…
    නැවත නොයෙනෙමි ඔබේ දිවියට
    සසර පවතින තුරාවට…..

    ලොකු පුතු පාසල් ගියාද උදේම
    පොඩි දූ ආවෙත් නැහැ නොවැ සොදුරිය
    කිමෙක්ද ඔබ කල පව මේ බවයේ
    වැලපෙන්නටවත් නැත මා ලදුනේ…

    හිරු මල පසුනේ තරු මතුවන්නෙ
    බඹරිදු සැමදා නැත රොන් ගන්නෙ
    එබැවින් සොදුරිය මේ අහ ගන්නෙ
    කුමක් කියන්නද නැත වැටහෙන්නෙ

    දැන් ඇති හැඩුවා මා ප්‍රිය ලදුනේ….
    මා හැර යනු මැන ගොම්මන් අදුරේ
    අවසන් නැත මා ජීවන ගමනේ…
    සොහොන් කොතේ මා ඇයිද සොයන්නෙ




    ඉහත කවිය ලියන්න මට පාදක වෙච්ච සිදුවීම

    අපේ අම්මගෙ යාලුවෙක්ගෙ පුතෙක් හිටිය මට වඩා අවුරුදු 10 විතර වැඩිමල්.අහින්සක හොද බ්‍රයිට් කේස් එකක්.මැත්ස් කරල මොරටු ගියා පරිගනක පාඨමාලාව හදාරන්න.කෝස් එක ඉවර කරල හොද ජොබක් සෙට් වුනා.ලස්සන අක්ක කෙනෙක් මැරි කලා.පලවෙනි බබා ලැබුනා.ජීවිතේ ලස්සනට ගලාගෙන ගියා.දෙවෙනි බබාත් ලැබෙන්න ආව.ජීවිතේ කොච්චර සුන්දරද.ඒත් එක දවසක් අයියට ලේ වමනෙ ගියා.කලබල වෙච්ච ගෙදර අය ඉස්පිරිතාලෙට එක්ක ගෙන ගියා.ගොඩක් පරීක්ශන වලින් පස්සෙ හොයා ගත්ත අයියට මොලේ පිළිකාවක් කියල.මාස 3 ජීවත් වෙන්න තියෙන්නෙ.හොද කරන්න බැරි විදියට පිළිකාව පැතිරිලා.එතකොට බබාට මාස 6.අයියගෙ එකම ප්‍රාර්ථනාව වෙලා තිබ්බෙ මැරෙන්න කලින් දුවගෙ මූන බලන්න.ඒත් බැරි වුනා.බබා ලැබෙන්න දවස් 5 කලින් අයියා අපි හැමෝම දාල ගියා.මැරෙන්න ටිකකට කලිනුත් අයිය කිව්වෙ මැරෙන්න බය නෑ.කලින් දන්නවනම් ඔයාට(වයිෆ්ට) දුකක් දෙන්න මැරි කරන්නෙ නෑ කියල.තව දුව බලන්න නැතුව මට මැරෙන්න බෑ කියලා අම්මට කිව්ව අනේ දුව ලැබෙනකන් මාව බේරගන්න කියලා.ඔන්න ජීවිතේ හැටි
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    දුක හිතෙන සීන් ඒක. :( ඒත් ලස්සනට ලියල තියෙනවා