කුමක් යදිනුද නුඹ ?
කුමක් යදිනුද නුඹ ?
නොලැබෙනා පෙමකට
යළිත් ලොබ නොබැඳ මම
ඉකි ගසා නොහඬාම
යන්න යමි නුඹෙන් මම
වචනයකුදු නොදොඩන
දිනෙන් දින දුක තනන
ඔය නිහඬ බව නිතින
කුමක් යදිනුද මගෙන
රැවටුණේ හිතටයි තරාතිරමට නොවේ
ගැවසුණේ පෙමටයි හිරිහැරට නම් නොවේ
ඇමතුවේ සුවඳටයි කුණු කයට නම් නොවේ
හිනැහුණේ ලබන්නයි සල්ලාලයකු නම් නොවේ
- මාලන් විදානපතිරණ
කුමක් යදිනුද නුඹ ?
නොලැබෙනා පෙමකට
යළිත් ලොබ නොබැඳ මම
ඉකි ගසා නොහඬාම
යන්න යමි නුඹෙන් මම
වචනයකුදු නොදොඩන
දිනෙන් දින දුක තනන
ඔය නිහඬ බව නිතින
කුමක් යදිනුද මගෙන
රැවටුණේ හිතටයි තරාතිරමට නොවේ
ගැවසුණේ පෙමටයි හිරිහැරට නම් නොවේ
ඇමතුවේ සුවඳටයි කුණු කයට නම් නොවේ
හිනැහුණේ ලබන්නයි සල්ලාලයකු නම් නොවේ
- මාලන් විදානපතිරණ